ගම්පොළ දැල්පිටිය ප්‍රධාන සමෘද්ධි බැංකුවේ ගිණුම් පොත් වලට අද (11) අලුයම ගිනි තබා වනසා ඇතැයි පොලීසියට පැමිණිළි ලැබී ඇත.පරිගණකයක්ද තවත් ලියැවිලිද ගින්නට හසු වී තිබේ.
රුපියල් කෝටි 5 ක පමණ ණය දී ඇති බැංකුවේ රුපියල් දස ලක්ෂක අයථා මුදල් පරිහරණයක් ගැන සමෘද්ධි අධිකාරිය පරික්ෂණයක් පවත්වද්දී මේ ගිනි තැබීම සිදු විය.
මීට කළින් දෙවතාවක්ම බැංකුව ගිනි තැබීමට උත්සාහා කැර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් නඩු දෙකකට ලෑස්ති වෙලා ඉන්න. (ස)
මීට කලින් දෙපාරක් ගිනි තියන්න හැදුවනම් ආරක්ෂාව දෙන්න තිබුනා... අඩු තරමින් දත්ත වල බැකප්වත් අරන් තියන්න ඕන නේ? (ස)
හොරකමක් වහන්න බැංකුවට ගිනි තියලා? කාගෙන්ද දන්නේ නැහැ ඉගෙන ගත්තේ? (නි)
ලංකාවේ දේශපාලනයේ මුලික සුදුසුකම ඔබ සපුරා ඇත. (නි)
සන්තෝසයි අපේ ගාමී වැඩක් (දී)
හොරකම් වහන්න ඕනෑ වුණහම බැංකු, සමුපකාර ගිනිගන්නවා. රක්ෂණ වන්දි ගන්න ඕනෑ වුණහම ලොකු කර්මාන්තශාලා ගිනිගන්නවා. හොරබඩු වහගන්න ඕනෑ වුණහම වරායේ ගුදම් ගිනිගන්නවා. මහජන මුදල් වංචා කෙරෙනකොට, අපේ බඩ පපුව ගිනිගන්නවා. (නි)