හිර ගෙදරදී බන්ධනාගාර නියාමකවරියන් නොවන අය සැකකාරියන්ගේ ඇඳුම් ගලවා ඔවුන් සෝදිසි කරතියි නීතීඥ ගුණරත්න වන්නිනායක මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඒ එම් සහාබ්දීන් මහතාට පැමිණිලි කළේය.
බම්බලපිටියේ සම්බාහන ආයතනයක ගණිකා වෘත්තියේ යෙදවු බව කියන තායි කතක ඇතුළු කතුන් 14 දෙනෙක් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා පැවසුයේ ඔවුන් එම ආයතනයේ සම්බාහන කණ්ඩායමේ සාමාජිකයින් බවයි.
සිරකාරියන් බාරව සිටි නියාමකවරියන්ගෙන් මහේස්ත්‍රාත් ප්‍රශ්න කළේ හිර ගෙදරදී සිරකාරියන්ගේ ඇදුම් ඉවත් කැර පරීක්ෂා කරන්නේද යන්නයි.
නියාමකවරියක පැවසුයේ රාජකාරියේ යෙදී සිටින හමුදා නිලධාරිනියන් එසේ කරන බවයි.
බම්බලපිටිය පොලීසිය උසාවිය හමුවේ කියා සිටියේ සම්බාහන ආයතන මුවාවෙන් මෙතැන ගණිකා නිවාසයක් පවත්වාගෙන ගොස් ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දන්නා සහ නොදන්නා දහස් ගණන් පිරිමින් ඉදිරියේ මුදලට නිරුවත් උන අයද දැන් ලජ්ජවෙන්නේ..? සමහරවිට පරික්ෂා කරනකොට සල්ලි හම්බ වෙන්නේ නැනේ..එක හින්ද වෙන්න ඇති..(අ)
අනේ මන්දා රට රස්සාව බල්ලට දාලා මටත් සෝදිසිකරන්න එන්න හිතෙනවා (නදී)
පතිරණ මහත්මයා, නීතියෙන් යුද හමුදාවට කාන්තාවකගේ හෝ පිරිමියෙකුගේ ඇඳුම් ගලවා පරීක්ෂා කිරීම බලාත්මකකොට තිබෙනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්තම් අනිවාර්‍යයෙන් ප්‍රශ්නයක්. ඒකයි නීතීඥවරයා ප්‍රශ්න කරන්නෙ. (නි)
දැන් කියන්නේ මේ සෝදිසි කිරීමේ රාජකාරිය අයිති උදවියට අමතරව එවැනි කටයුත්තක් තමන්ගේ රාජකාරි වැඩ වලට අයත් නොවුණ අයත් සෝදිසි කිරීමේ යෙදෙනවා කියන එක නේද? (නි)
ඔය වගේ දේවල් වීඩියෝ කරලා මුළු ලෝකෙටම පෙන්නන්න පුලුවන් නම් හොඳයි. එහෙම කළා නම් සත්‍ය හෙළිවෙනවනේ (නි)
අනේ බටිති, ඔයාගේ මොළෙත් සෝදිසි කරගන්න (නි)
ඒ අනුව මෙම චෝදනාව හරි නේද? බන්ධනාගාර නියාමකවරියන් නොවන්නේ හමුදා නිලධාරිනියන් නොවේද? (නි)
හැබැටම බන්දුල පෙරේරා කියන්නේ කොහොම කෙනෙක්ද? (නි)
ඕවා පලදෙන්න ගියාම තමයි තේරෙන්නේ (නි)
ඔයාලගේ ඇඟ නෙමෙයිනෙ එහෙම කරන්නේ. ඉතින් අදහස් දාන අයට කොහේද තේරෙන්නේ ඒකෙ අපහසුව (නි)
බන්දනාගාරය ඇතුලේ හමුදා නිලදරිනියනට තියන රාජකාරිය කුමක්ද? (නදී)
කවුරුත් නොදන්න සම්භාන නෝනලා.(අ)
අනේ මන්දා (නදී)
සල්ලි වලට ඇඟ ව්කුනන්න හොදයි හිර ගෙදර සෝදිසි කරන කොට ඉන්න බෑ (නදී)
බන්ධනාගාර වල ඇඳුම් ගලවා පරික්ෂා කරන එකේ වරදක් නැහැ. මොකද බන්ධනාගාරය තුලට නිති විරෝධි දේවල් රැගෙන යන විධි තියෙනවා. ඒ පිළිබද පරික්ෂා කරන්න වෙන්නේ ඒ නිසා. ගොඩක් අය දන්නේ නැ. ඒත් දුම්කොළ, හෙරොයින්, දුරකථන, සල්ලි වගේ දේවල් ගුද මාර්ගයේ. ඇදුම් වල සගවාගෙන බන්ධනාගාරය තුලට රැගෙන යන්න උත්සහ කරනවා. ඉතින් ඔය වගේ වැඩ කරන්න හොදයි. පරික්ෂා කරන්න නරකයි. වැරදි කරන්න හොදයි, දඩුවම් ලැබෙන එක වැරදියි(අ)
හිරගෙදරට නීති විරෝධී දේවල් ගෙනියන්නේ හිරකාරයෝ නෙමෙයි. හිර ගෙවල් වල ඇතුළේ ඇත්තටම මොකක්ද වෙන්නේ කියලා ගිහින් ආ කෙනෙක්ගෙන්ම අහලා බලන්න ඕනෑ. (නි)
දේවින්දි, කාටවුණත් ආත්ම ගෞරවයක් තියෙනවා (නි)
සිරබාරයට ගැනීමට අවසර ලැබුණොත්, පරීක්ෂණයක් කර බැලීමේ වරදක් දකින්නට නැහැ. (නි)
හොඳයි. දැන් එතකොට මේ පරීක්ෂා කිරීම කරන්න ඕනෑ කොහොමද? (නි)
කුමාර කියන්න හදන්නේ මොනවාද කියලා මට නම් තේරෙන්නෙ නැහැ (නි)
දේවින්දි, කාන්ති මේ කියන්නෙ රිමාන්ඩ් බන්ධනාගාරය. තාම මොවුන් සැකකාරියන් විතරයි. කොහොමද වැරදිලාවත් ඔය වගේ තැනක් ළඟින් යද්දි ඔබවත් අල්ලාගෙන ගියොත් සැකකාරියක් විදිහට? (නි)
චන්ද්‍ර වීරසිංහ, කුමාරගේ ලිපිය නැවත කියවා බලන්න (නි)
ගණිකා නිවාසයක් පවත්වා ඇත්නම් එයට විරුද්ධව නීති මඟින් කටයුතු කිරීම එක දෙයක්. රෝග ඇද්දැයි බැලීම වෛද්‍යවරුන්ගේ කාර්යයක්. යුද හමුදා සෙබළියන්ට මෙතැනදී සැකකාරියන්ගේ ඇදුම් ගළවා පරික්ෂා කිරීමට නියෝග කළ නිලදරුවා සිතාගෙන ඇත්තේ මෙම සැකකාරියන් චර්ම රෝග වලින් පෙළෙනබවක්වද්ද? (නි)
අමිල, ඇමරිකාව ගල් යුගයකට යනවා කියලද කියන්නෙ? (නි)
හිර ගෙදරට එන්නේ මොකටද මේ වගේ වෙන්ව දන්නවනම් වැරදි නොකර ඉන්න ඕනේ (අ)
රාජකාරියේ යෙදී සිටින හමුදා නිලධාරිනියන් එ්ක කරන්නේ. අනවසරයෙන් නම් එතනට ගියේ කොහොමද? නියාමක වරියන්, සහ බන්ධනාගාර ඉහල නිලධාරීන් ඒ පිළිබඳව කටයුතු නොකරයිද? (නදී)
ඒක තමයි. මේ පරීක්ෂා කිරීම කොහොමද කරන්නේ කියලා අපි දන්නෙ නැහැනේ..... (නි)
දැන් මෙතන මොකක්ද තිබෙන ගැටළුව? අවශ්‍ය දේ ඒ ආකාරයෙන් කිරිමේ වැරැද්දක් තිබේද? (නි)
අනේ මන්දා, මේකේ වැරැද්දක් තියෙනවද කියලා මට නම් තේරෙන්නෙ නැහැ (නි)
කොහොමද මේ පරීක්ෂාකිරීම කරන්නේ? (නි)
මටත් බන්ධනාගාරයේ රැකියාවකට යන්න ඇත්නම් කියලා සිතුණා (නි)
මගේ මොලේ කචල් උනා මේක කියවද්දී.. (දිල්)
වර්තමාන තාක්ෂණික ක්‍රම අනුව හොඳින් බලන්නේ නැතුව යමක් කියන්න බැහැ. සෝදිසි කිරීමේ වරදක් මම දකින්නේ නැහැ. (නි)
මොකක්ද ඔය ක්‍රමයේ ඇති ප්‍රශ්නය? (නි)
ගණිකා සේවයේ යෙදීමත් සේවනයත් වැරදියි නම් ඒක නවත්වන්න පැහැදිලි ක්‍රමවේදයක් ගැන කවුරුත් කතා කරන්නේ නැත්තේ ඇයි? හිර ගෙදරදී පරික්ෂා කරන්න ඕනෑම නම් ඒක කරන්න වෙනවානේ. ඒක කරන්නේ නිලධාරිනියන් නිසා නීතිමය ගැටලුවකුත් නැහැ. (නි)
ප්‍රවෘත්තිය නිවැරදිව කියවන්න, එතකොට තේරෙයි. "බන්ධනාගාර නියාමකවරියන් නොවන අය " කොහොමද සිරකාරියන්ගේ ඇඳුම් ගලවා පරීක්ෂා කරන්නෙ? එහෙම පුළුවන් නම් කැමති ඕනෑම කෙනෙකුට ගොස් ඒ වැඩේ කරන්න පුළුවන්ද? ඕනෑම කෙනෙක් සැකකාරයෙක් / කාරියක් විදිහට අල්ලාගෙන යන්න පුළුවන් කියන එකත් හිතේ තියාගෙනම නැවත කියවලා බලන්න. (නි)
සැකකරුවෝ සහ හිරකරුවෝ කියන්නේ දෙකොටසක් සිරකරුවෝ එමවිදියට පරීක්ෂා කිරීම වැරද්දක් නැතිවුවත් සැකකරුවෙක් එමවිදියට පරීක්ෂා කිරීම අනුමත කිරීමට බෑ. (දිල්)
සැබවින්ම ඇදුම් ගැලෙව්වහම ගණිකාවක්ද කියලා හොයා ගන්න පුළුවන් අපි නොදන්නා, ක්‍රමවේදයක් හමුදා නිලධාරිනියන් දන්නවද දන්නේ නැහැනේ. (නදී)
හිරගෙවල් ඇතුළේ වෙන දේවල් හරියටම දැනගන්න ක්‍රමයක් අපිට නැහැනේ. (නි)
බන්ධනාගාර සේවයට හමුදා නිලධාරිනියන් අන්යුක්ත කරලා තිබෙන්නේ දැඩි විමර්ශනයට. එහෙත් හයිකාර රැඳවියන්ට මොබයිල්, ප්‍රනීත ආහාර , බොන දේවල් ලබා ගන්නා ක්‍රම හා විධි හදාගන්නවා. (නදී)
බන්දුල පෙරේරාට ඔබින රස්සාවක්. (නදී)
ගල් යුගයට යන ශ්‍රී ලංකාව. මොනවද මේ රටේ වෙන්නේ. කොහොමද රටක් හැටියට ලෝකෙට පෙනී සිටින්නේ. වල් වැදුණු නීතියයි ජනතාවගේ අසහනකාරී හැසිරීම් කවුද මේවට වගකියන්නේ ? (නදී)
රොෂාන් මහත්මයා, මෙතන වෙලා තියෙන්නේ යුද හමුදාව කැඳවලා තියෙන එක. යුද හමුදාව රාජකාරි කරන්නේ ඒ අයගේ ක්‍රමයට.(නදී)
මානව හිමිකම් ගැන කවරනම් කතාද ? (නදී)
බෞද්ධයන් හැටියට ලැජ්ජා විය යුතුයි රටේ පිරිහීම ගැන (නදී)
ගණිකා සේවයේ යෙදෙන දුප්පත් කාන්තාවන් අල්ලනවා වාගේම ඔවුන්ගේ පහස ලබන රටේ ඉහල පෙලේ අයවත් අල්ලනවානම් සාදාරනයි. බොහෝ විට මේවයේ පහස ලබන්නේ රටේ වැදගත් ඉහල නිලදාරීන් මැති ඇමති වරුන් (නදී)
නියම වැඩේ තමයි ඒකත්... (නි)
මේවා සාමාන්‍ය දේවල්. මේ ළඟදී ඇමරිකාවේ බන්දනාගාර නිලදාරීන් ඉන්දියානු තානාපති නිලදාරිනියක් මීටත් වැඩිය නරක විදිහත් පරීක්ෂා කරලා තිබුනා. මේ ගැන ඉන්දියාවට ඇමෙරිකාව කීවේ එ්ක එයාලාගේ බන්දනාගාර ක්‍රමවේදය කියලා. අපේ කට්ටිය සම්බාහන සේවිකාවන්ගේ පත්වෘත්තාව රකින්න යනවා. (නදී)
හිරේදී විතරක් නෙමේ, කොල්ලුපිටියේ තිබුන සම්භාහන මධ්‍යස්ථානයක සිටි කාන්තාවන් විශේෂ පරික්ෂාවකට ලක්කරන්න අපේ ඇමති වරයෙකුත් ගිහින් තිබුනා. එ්ත්, එතුමා ඒක කලේ රාජකාරි සෙල්ලමට නිසා "වච්චිල් " කියල එදා බේරුනා. (නදී)
මෙතන ඉන්න අය ඒක වැරදි විදිහට තේරුම් අරගෙන. බන්ධනාගාරගතවෙන් හැමෝවම මෙවගේ පරික්ෂා කරනවා. ඇමරිකාවෙත් එහෙමයි. මතකනේ තානාපති නිලධාරිනියක් වත් පරික්ෂා කරලා තිබුනා (නදී)