වසර කිහිපයකට පෙර අම්පාරේ සිට කොළඹට ආ කතක තවත් කතකගේ හැදුනුම්පත ඉදිරිපත් කර ගමන් බලපත්‍රයක් ලබා එතෙර ගොස් තෙවසරකට පසු අත්අඩංගුවට ගත් බව පොලීසීය කියයි.
ඇය නතර වී සිටි ගෙදර කතට ගමන් බලපත්‍රයක් ගැනීමට අවශ්‍ය විය.
ආගම විගමන දෙපාර්තමේන්තුව ඇයට පවසා ඇත්තේ ඇය ගමන් බලපත්‍රයක් ලබාගෙන ඇති බවයි.ඒ අනුව සිදු කළ පරීක්ෂණ වලදී ඇය අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද ලංකාවේ වෙන දේවල් හැටියට මේක පොඩි අත් වැරද්දක් .ලොකු හොරු එළියේ පොඩි හොරු ඇතුලේ. (නදී)
මේක නිකම්ම වංචාවකට වඩා බරපතලයි. වංචාව කරන ගමන් තමන්ට නවාතැන් දුන් කාන්තාවගේ හිමිකමුත් නැතිකරලා ද්‍රෝහී කමකුත් කරලා. (නදී)
ඒ කියන්නේ තවමත් අනුන්ගේ හැදුනුම් පතක් ගෙන ගොස් ගමන් බල පත්‍ර ගැනිමට පුළුවන්. හැදුනුම් පතේ චායරුපය සහ රැගෙන එන කෙනාගේ රුපය සමාන ද බැලිමක් වත් නැතිද? (නදී)
එතකොට එයා රට විරුවෙක් නෙවෙයි. සල්ලි එවනකොට රට විරුවෙක්. අනේ හැබෑටම මෙහෙමත් නාටක.(නදී)
ඔය සම්බන්දව වැඩ වලට අරි ප්‍රසිද්දයි කාන්තාවන් ඒජන්සි වලට සපයය සබ් ඒජන්සිකාරයෝ.(නදී)
කෙසෙල් කැන් කපන අය අවරුදු ගානකට හිරේ යවා කුඩු විකුණන අයව නිදහස් කරන ශ්‍රී ලංකාවේ මේක පොඩි හොරකමක්.(නදී)
මෙහි සිරස්තලය එතරම් හරි නැහැ.(නදී)
එතකොට ඔය කියන කාලෙ පාස්පෝර්ට් දුන්නේ හැදුනුම් පත විතරක් බලලද උප්පැන්න සහතිකේ බැලුවේ නැතිද ?(නදී)
අනේ මන්දා...මටනම් මොකක්දෝ වගේ.(නදී)
ඔය වගේම ඒ කාන්තාව විදේශ රටක වැඩ කරලා ලංකාවට එවපු සල්ලිත් "හොරට රට ගිය හෙර තුන්වසරක් එවූ හොර විදේශවිනිමය" කියල ආපසු යවනවානම් කොයිතරම් හොඳද? (අ)
දැන් ටිකක් අමාරුයි වැඩේ,කොහෙන් හරි හොරකම අහුවෙනවා.මොකද හැම දෙයක්ම පරිගණකගත කර ඇති නිසා. (නි)
මිටි තැනින්ම තමයි ජලයත් ගලන්නේ (නි)
අබේ සහ අශෝක දෙදෙනාටම මගේ ප්‍රණාමය!! අපේම සහෝදරියක් කෙසේ හෝ දූ දරුවන් ගොඩ ගැනීමට අන්ත දිළිඳුභාවය නිසා කළ දෙයක් මෙසේ පරිභවයට ලක් කිරීම හොඳ නැත. (නි)
මෙතන ලියන බහුතරය තමන් නොදන්නා දෙයක් ගැන නන් දොඩවනවා. ගමන් බලපත්‍රයක් ඕනැම කෙනෙකුට මුදල් ගෙවා ලබා ගත හැකියි. යමෙක් අන් අයකුගේ නමින් එය ලබා ගන්නවා නම් ඊට ආසන්නතම හේතුව ඇය මින් පෙර තම ගමන් බලපත්‍රයෙන් නීතිවිරෝධී ලෙස වෙනත් රටක රැදී සිට පිටුවහල් කළ නිසා විය නොහැකිද? නැත්නම් යම් අපරාධයක් කොට රටින් පනින්නට වුණාද? මැය ඔය කියන ලෙස දුප්පත් අහිංසක සහෝදරියක් විය නොහැකි බවයි මට සිතෙන්නේ. (නි)
ධම්ම, ඔබ කතා කරන දේ වැරදියි. සයිප්‍රස් රටේ වසර කීයක් හෝ රැකියාව කර වීසා අවලංගු කර නැවත නොයන බලාපොරොත්තුවෙන් ලංකාවට ඇවිත්, වසරකින් දෙකකින් හෝ ආපහු යන්න හිතුනොත් ඒ පාස්පෝර්ට් එකෙන් නැවත යන්න බැහැ. කිසිම නීති විරෝධී දෙයක් කල නිසා නොවෙයි, මේ ඒ රටේ නීතිය. මේ වගේ වෙලාවක තමයි වෙන නමකින් පාස්පෝර්ට් එකක් හදාගෙන යන්නේ. සයිප්‍රස් ඉන්න භාගයක් දෙනා මෙහෙම පොත් දෙක තුන හදාගෙන ආපු අය (මාත් ඇතුළුව) මෙහෙම වැරද්දක් කරන්නේ හඳ අල්ලන්න නෙවෙයි, දරුවන්ට උගන්නගන්න රැකියාවට එන්න ඕන නිසා. (ස)