(ශාන්ත චන්ද්‍රසිරි)
හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ අති සංවේදී තෘණ භූමි පාගමින් හානි කිරීමේ චෝදනාවට වරද පිළිගත් සිව්දෙනෙකුට රුපියල් 80,000 ක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද (20) නියෝග කළේය.
එක් අයෙකුට රුපියල් 20,000 බැගින් මෙලෙස දඩ නියමවුයේ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් 4දෙනෙකුටය.
වනෝද්‍යානය තුළ පිහිටි අති සංවේදී තෘණ බිම් වෙත පිවිස ඒවා පාගා ඇවිදිමින්, ඡායාරූප හා විඩියෝ ගත කරමින්, ඊට හානි වෙන ලෙස හැසිරෙමින් සිටි බව අධිකරණයට කරුණු දක්වමින් හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ භාරකරු පී. කේ. පී. එම්. ප්‍රදීප් කුමාර මහතා පැවැසීය.
හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ නියෝජ්‍ය භාරකරු ටී. පී. දයාරත්න, වන සත්ත්ව අඩවි සහකාර පී. එම්. පී. පනාවලගේ යන නිලධාරී මහත්වරුන් විසින් මෙම වැටලීම කර සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ භාරකරු පී. කේ. පී. එම්. ප්‍රදීප් කුමාර මහතා හා සහකාර වනෝද්‍යානය භාරකරු ටී. පී. දයාරත්න යන මහත්වරුන් විසින් මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලදී.
වගා හානි කරන සතුන්ගේ ගහනය පාලනය කිරීමට සහ බෝග හානි වැලැක්වීම සඳහා ක්‍රියාත්මක වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විශේෂ ඒකකයක් පිහිටුවා තිබේ.
ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කෙරෙනු ඇතැයි එම අමාත්‍යාංශයෙහි වැඩ බාර ගනිමින් අමාත්
දස වැනි නව පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම හෙට (21) පෙරවරු 10.00ට ආරම්භ වේ.
මහ පාරට වැටීම ගැන සතුටු වන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද(20)වන දා පැවසීය.
ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.
දසවැනි පාර්ලිමේන්තුවේ, පළමුවැනි සභා වාරයේ පළමුවැනි රැස්වීම පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු පහසු කරවනු පිණිස ඊයේ (19)සහ අද(20) දෙදින පැවති පාර්ලිමේන්තු මන්ත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හෝර්ටන්තැන්නේ අති සංවේදී තෘණ භූමි පාගා දඩ කති
d.upul Thursday, 20 August 2020 03:46 PM
සිංහරාජයට හානි කරද්දී මෙයාලා නිදි...
pradeepa Thursday, 20 August 2020 05:55 PM
කුරුණෑගල සිද්ධියට නම් කමිටුවක් දැම්මා... මේකත් දැම්මොත් නරකද?
indunil Thursday, 20 August 2020 11:14 PM
පාගන්න නම් එපා අනිවා දඩකන්න වෙනවා, හිරේ යන්නත් බැරි නෑ... කෙලින්ම බැකෝ එකක් ගෙනිහිල්ලා පළාතම හෑරුවා නම් ඒ අය වැඳලා කන්න බොන්නත් දීලා ඡන්දෙත් දෙයි ඔයාලට...