පාසලේ තීන්ත ගෑමට මුදල් සෙවීම සඳහා පොල් අහුලන්නට ගොස් හොරණ දැරියකට උසාවි යන්නට වූ සිද්ධිය ගැන පරීක්ෂණයක් පවත්වන ලෙස මහින්ද රාජපක්ෂ ජනපති අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන මහතාට අද උපදෙස් දුන්නේය.
පාසල් නඩත්තු කටයුතු වෙනුවෙන් මුදල් ගැනීම ගැන සොයා බලීම මේ පරීක්ෂනයේ එක් අරමුණකි.
එවැනි දේ සඳහා මුදල් එකතු කිරීම චක්‍රලේඛ මගින් තහනම් කර ඇත. යළිත් සියලු පාසල්වලට චක්‍රලේඛයක් නිකුත් කරන ලෙස ද ජනපතිට කියා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩි දරුවෙක්ට සමාවදෙන්න බැරි පොල් අයිතිකාරයෙක්. මේක සමථ මණ්ඩලයට දාන්න පුලුවන්නේ. ඔයිට වැඩිය වැරදි කරපු ඕනෑතරම් නිදොස් කොට නිදහස් කරලා ඇති. (නි)
අහංසක දුප්පත් දරුවට සාධාරණයක් ඉෂ්ඨවේවා ! (ස)
හැබැයි හොරකම ඇල්ලූ නිලධාරීන්ට වීර විභූෂණ පදක්කම් දෙන්න වටිනවා (ස)
සරසවි උයන ගැනත් සොයාබලන්න.(නදී)
ජනාධිපතිතුමනි! මේ තරම් අමාරුද සාමාන්‍ය ජනතාවට ජීවත්වෙන්න. හැම ගින්නටම වඩා බඩගින්න ලොකුයි කියලා කතාවක් තියෙනවා. රට සංවර්ධනය වෙනවත් එක්ක මිනිස්සු බඩගින්නට දරන අරගලයට විසදුමක් නැත්නමි ඒකෙන් බලාපොරොත්තු වෙන පුයෝජනයක් නැහැ. (නදී)
වහගෙන හිටපු ගොඩක් දේවල් එලියට පනින සිද්ධියක් මේක ලංකාවේ නිදහස් අධ්‍යාපනය තියෙන්නේ ඔය නිකම් දෙන පෙලපොත් ටිකට විතරයි අනේක් පැත්ත ගත්තාම හැම දෙයක්ම මුදලට යෙට වඩා පාසල් වල සිදුවීම් තියෙනවා නමුත් එක එක්කෙනා තමන්ගේ නම්බුව ගැන හිතලා නිහඩව ඉන්නවා ජනාධිපතිතුමනි මෙන්න කරනවා නවම් වැඩක් හොඳ උගත් අපක්ෂපාති කමිටුවක් පත්කරලා සමස්ත අධ්‍යාපනය ගැන සොයන්න ගොඩක් දේවල් එලියට එයි (ස)
රටේ මහ හොරුන්ට වරෙන්තු තිබිබත් අල්ලන්නේ නැති අවස්ථා තියෙනවා. අසරන කමට පාරේ බතල වැලක් ගැලෙව්ව්ත් නීතිය අකුරට ක්‍රියාත්මක කරනවා.(නදී)
කාර් රේස් තියලා රට දියුණු කරන්න හදන එකේ, රටේ ඉරණම මොකක්ද කියලා අපිට තේරෙන්නෙ නැහැ. (නි)
ආණ්ඩුව පාසල් වලට මුදල් එවුවට ඒවා වෙන වැඩවලට යොදාගෙන ළමයින්ගෙන් ආයිත් සල්ලි ගන්නවා. මම ඒක වගකීමෙන් කියනවා. (නි)
ගාල්ලේ පැත්තෙත් මේකම වෙනවා. (නි)
වැඩෙ හොදයි.මගෙ පුතත් මෙවර 1 වසරට භාරදුන්නේ.හොද ගානක් ගියා. ඕන නමි විස්තර දෙන්නමි. ඉස්සරයට වෙන්නේ ළමයි හදලා ගෙදර තියාගන්න තමා .රටකට ගිය කලක්. (ස)
මෙම දැරිය වෙනුවෙන් ඉදිරි නඩු වාර සදහා නොමිලේ පෙනී සිට හැකි ඉක්මණින් නඩුව අවසන් කර දීමට කාරුණික වන මෙන් හොරණ අධිකරණයේ සිත් ඇති නීතිඥවරුන්ගෙන් ඉල්ලා සිටිමු. මෙවැනි දිළිදු පවුල් වල ළමුන්ගෙන් මුදල් ඉල්ලන උගත් (සිතක් නැති) බුද්ධිමතුන්ට මෙය පාඩමක් වේ යැයි සිතමි. (නි)
සල්ලි ගන්න එපා කියලා චක්‍රලේකන විතරක් තිබුණට මදි. ඒවා ක්‍රියාත්මක වෙන්නත් ඕනෑ. (නි)
එක ළමයකුගෙන් 800 බැගින් ළමයි පනහකනේ 40,000.00 නමුත් ලීටර හතරේ තීන්ත එකක් කීය ද රුපියල් 2000.00 යි. අනිත් සල්ලි වලට මොනවද වෙන්නේ. ? (ස)
කව්ද දන්නේ ඒ දරුවටත් ලැම්බෝගිනියක් ගන්නවත් හිතිලා පොල් හොරකමි කලාද කියලා.(නදී)
රටේ බලධාරීන් ලැජ්ජාවිය යුතු කරුණක් (ස)
ජනාධිපතිතුමා, අධ්‍යාපන ඇමතිතුමා මේ ප්‍රශ්න ගැන දැනුවත් වෙලා ඉන්නම ඕනෑ. (නි)
මේක ඉතාම සාමාන්‍ය දෙයක් වෙලා. ඇත්තම තත්වය පාසැල්වල තීන්ත ගාන්න කියලා රජයෙන් සල්ලි දෙන්නේ නැහැ. ඒක නිසා ළමයින්ගෙන් එකතු කරනවා. මගේ දරුවා යන පාසැලෙත් රුපියල් අටසීයක් එකතු කලා. අමතරව හැම මාසෙම රුපියල් හැටක් එකතු කරනවා. තවත් රුපියල් පන්සීයක් වසරකට එකතු කරනවා අතුගානවට කියලා. අපි මේවා දෙන්නේ අපේ ලඹයි යන තැන පිරිසිදුව තියාගන්න උවමනා නිසා. මේකයි යතා තත්වය. මේ පාසැලේ එක වසර පන්ති පහක් තියෙනවා. එක වසර සිට එකොලහ වසර දක්වා හැම ළමයෙක්ගෙන්ම මෙය එකතු කරනවා. දෙන්න පරක්කු වුනොත් ලියුම් එවනවා. අධ්‍යාපන ඇමතිගේ ගෙදර ඉදලා කිලෝමීටර 10 යි මේ පාසැලට තියෙන්නේ.(නදී)
ජනාධිපතිතුමාට ස්තුතියි.වගකිවයුතු නිලධාරින් ඔක්කොම ගෙදර යවන්න (ස)
"බන්දුල 2013-02-07 21:19:55 මේ කුඩා දරුවාගේ අනාගතය ගැන හිතලා පැමිණිල්ල අස් කරගත්තොත් ලොකු පිනක්. (නි)" හරි සතුටුයි .නඩුව අස් කරගැනීමට මා කල ඉල්ලීම ඉටු උනා .මේ ඉල්ලීම ඉටු උනේ ලංකාදීප පුවත් පත නිසා .ලංකාදීපයට ජය වේවා !
ඇමතිතුමා වුණත් කමක් නැහැ, තමන්ගේ කාර්යය නිවැරදිව ඉටු කරලා නැත්නම් ඔහුට වුණත් දඩුවම් දියයුතුයි. (නි)
කෑගහන කවුරුත් පාසල් නඩත්තුවට කීයක් වාර්ෂිකව ඒකතු ෙවනවද කියල දන්නව ද? තඹයක් වත් නෑ කිව්ෙවාත් විස්වාස ෙකෙරනව ද? ෙමච්චර ලස්සනට පාසල් තිෙයන්ෙන ෙදමාපියන්ෙග් මුදල් විල්න නඩත්තු ෙවලා ඒක තමයි අැත්ත.......... ඔන්න කිව්වා..(ස)
ධර්මපුරයේ ඇසෙන කතා. කොස්වලටයි, පොල්වලටයි උසාවි යන කාලයක් නේද මේ?(නදී)
එතකොට ඒ සල්ලි ගේන්න කිවිව අයට මොකද කරන්නේ.(නදී)
අනේ මන්දා (ස)
ජනාධිතිතුමත් තාත්ත කෙනෙක්. ඒ වුනාට ප්‍රශ්නේ තියෙන්නේ ලොකු අයගේ ළමයි යන්නේ කොළඹ තියෙන ලොකු ලොකු පාසල් වලට එහෙමත් නැත්නම් පිට රටින් දාපු පුද්ගලික පාසැලක. ඒක නිසා එයාලට ගමේ දරුවන්ගේ තියෙන අසරනකම තේරෙන්නේ නැහැ. අනික පුද්ගලික පන්ති ගුරුවරයෙක් වෙචිච අධ්‍යාපන ඇමතිතුමාට පාසල් කළමනාකරණය ගැන දැනුමක් තියෙනවා කියලා හිතන්න අමාරුයි. මෙයට සම්බන්ද වූ සියළු දෙනා මේ සිද්ධිය ගැන ලැජ්ජා විය යුතුයි.(නදී)
මීලගට වෙන්නේ ගුරුපරපුරෙන් මේ දරුවගෙන් පලිගන්න එක. මමත් පොඩි කාලේ මේ වගේ දේකට මුහුණ දුන්නා. (නදී)
ජනාධිපතිතුමනි, තීන්ත ගාන්න විතරක් නෙමෙයි, ආරක්ෂක සේවක වැටුප්, සෞඛ්‍ය සේවක වැටුප්, පාසැල් අරමුදල, සන්වර්ධන සමිති ගාස්තු, පහසුකමි ගාස්තු, ඉදල්, කොසු, සදහා මුදල්, ටයි එකට, බැජ් එකට, නවක සිසු දරුවන් පිලිගැනීමේ උත්සවයට වියදම්. මේ ඔක්කොටම අමතරව පන්ති කවයට සල්ලි, පයිල් කවර, පොටෝකොපි කඩදාසි මෙන්න මේවත් හොයන්න කියන්න.(නදී)
මට අහන්න තියෙන්නෙ මෙච්චරයි..අවුරුදු 13ක පොඩි ළමයෙක් හොරකමක් කළා නම් ඒ ළමයට අවවාද කරලා අවශ්‍යනම් ළමයගෙ දෙමව්පියන්වත් දැනුවත් කරල අවවාද කරලා යවන්නෙ නැතුව ළමයට විරුද්ධව නඩු දාලා ළමයව උසාවි යැව්වේ කවුද ? ළමයි ඉන්න කෙනෙක්ද එයා ? (ස)
ලෝකයේ ලොකුම ඇමති මන්ඩලය ඉන්න රටේ ඕනම පුංචි ප්‍රශ්නයක් විසදන්න ජනාධිපතිතුමා නැතුව බැහැ වගේ. ඒ ගැන කනගාටුයි. ඒකේ ඇත්ත කතාව තේරුම් ගන්න.(නදී)
සෞදියට බනිනවා රිසනා මැරුව කියලා.ලංකාවේ නිති මාර සාධාරණයි නේද? ඒ දැරිය වහ කාලා මැරෙයි ලෝකයට මුහුණ දෙන්න බැරිව.රටකට ගිය කලක්. (ස)
බාල වයස්කාර දැරියක් සම්බන්ධයෙන් මීට වැඩිය යුත්කිය ඉටුවිය යුතුයි. පොලිසියට මේක සමතයකට පත්කරන්න තිබුනා. මේ පොල්වත්ත අයිතිකාරයා මහ පවිකාරයෙක
ඉස්සර තිබුණු නිදහස් අධ්‍යාපන ක්‍රමය දැන් කොහෙද ? (ස)
ජනාධිපති තුමනි, ස්තූතියි. (ස)
රට තුල යම් ගැටලුවක් ඇතිබව තේරුම් යාමට අහිංසකයකු එම ගැටලුවේ බිල්ලක් වෙන තුරු ගැටලුවක් ඇතිබව නොදන්නා කම රාජ්‍ය කලමනාකාරීත්වයේ දුර්වල කමයි. මොවුන් ද බහිරවයන් වැනිය. බිල්ලක් නොලැබුනොත් දෑස් නොඇරේ. (නි)
හැමදේටම දේශපාලනය ගාවගන්න එපා. (නි)
අයයෝ රුපියල් 800/= මොකක්ද? රුපියල් 1000/= ක් ගන්නවා සාමාන්‍යයෙන්. අධ්‍යාපන ඇමති දන්නේ නැතුවට මේක මේ රටේ ළමයි ඉස්කෝලේ යවන කව්රුත් දන්නවා. තිලක් කිව්වා වගේ ළමයව වෙන පාසැලකට දාලා දෙන්න. නැත්නම් ඒ දරුවගේ මුළු අනාගතයම ඉවරයි.(නදී)
අතිගරු ජනාධිපතිතුමනි. ඒ දරුවට ජනාධිපති සමාව දෙන්න. ඔබට පින්. නැතිනම් අනාගය අදුරු වෙයි.(නදී)
ළමයා තමන්ට මුදල් නැති නිසා මේ වගේ දේකට පෙළඹුනේ, අනික් ළමයින් ඉදිරියේ තමන්ගේ ආත්ම ගෞරවය රැක ගන්න.ඒ ළමයා හොරෙක් නොවේ. නමුත් ළමයින්ගේ තත්ත්වය ගුරුවරු තේරුම් ගෙන කටයුතු නොකළ නිසයි අහිංසක ළමයි මේ තත්ත්වයට පත් වුණේ. අනික උසාවියටද මේ තත්වය බොහොම පැහැදිලියිනේ. එහෙම තිබියදීත් මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් මානුෂික මුහුණුවරකින් උසාවියටද කටයුතු කරන්න තිබුණා. එහෙම ගත්තු නඩු තීන්දු මීට පෙර නැතුවා නොවේනේ. මගේ පුද්ගලික මතේ හැටියට මේ දරුවට හැම අතින්ම බරපතල ලෙස අසාධාරණකමක් සිදු වෙලා තියෙනවා. අතිගරු ජනාධිපතිගේ විශේෂ අවධානය මේ කෙරෙහි යොමු වි සාධාරණයක් විය යුතුමයි.
ඔබ තුමා මේවා හොයලා බලන්න. හැමතැනම ඔහොම තමයි. ඇත්තෝ කති බොති. නැත්තෝ හිගා කති.(නදී)
ළමය කැමති වෙන පාසලක් ලබා දුන්නොත් හැම අතින්ම හොඳයි නේද? (ත)
රජයේ පාසල් වලට කොච්චර මුදල් ගන්නවාද කියලා දන්නේ දෙමාපියන් විතරයි. (නි)
ඇයි ධර්මපාල හිමි එහෙම කියන්නේ? ජනාධිපතිතුමා කියලා තියෙන්නේ හොද දෙයක්. අපි යහපත් දෙයක් කරනවිට ඒ පුද්ගලයාගේ තරාතිරම නොබලා ධාර්මිකව ධර්මිෂ්ඨව සුභවාධී ආකල්පයෙන් බලන්න පුරුදු පුහුණු වෙන්නට ඕනෑ. (නි)
ජනාධිපතිතුමා කෙළින් වැඩකළත් වටේ ඉන්න අය මඩේ හිටවපු ඉනි වගෙයි. (නි)
පාසලෙන් මුදල් අනිවාර්ය කලා නම් එක වැරදි (දී)
මේ කුඩා දරුවාගේ අනාගතය ගැන හිතලා පැමිණිල්ල අස් කරගත්තොත් ලොකු පිනක්. (නි)
ලංකාවේ නිදහස් අධ්‍යාපනය ඇත්තේ නමට පමණි. පාසල් වලට අපගේ සීමිත සම්පත් බෙදීමේදී පවතින අසමබරතාවය මෙවන් සිද්ධි වලින් මනාව පැහැදිලි වේ.වර්තමානයේ පවතින රටාවට අනුව ගමේ හෝ නගරයේ ඇති ඌන සංවර්ධිත පාසල්වල අධ්‍යාපනය ලබන්නේ සමාජයේ නැති බැරි , කිසිම "ප්‍රභූත්වයක්" හෝ බලපෑමක් කළ නොහැකි දෙමව්පියන්ගේ දරුවන් පමණි. ගමේ පදිංචි පොහොසත් මුදලාලිගේ දරුවෝ නගරයේ සුපිරියැයි කියන පාසල්වලට යයි. ගමේ උගත් රජයේ හෝ පුද්ගලික අංශයේ උසස් නිලතල දරණ අයගේ දරුවන්ද අධ්‍යාපනය ලබන්නේ නගරබද සුපිරි පාසල් වලය. ගම නියෝජනය කරන, සමහරවිට ගමේම ගෙයක් පවා හිමි දේශපාලකයන්ගේ දරුවන්ද ගමේ පාසලට නොයයි. මෙවන් තත්වයක් තුළ ගමේ පාසලට කුඩම්මාගේ සැළකිලි ලැබීම ගැන අප විමතියට පත්විය යුතු නැත. (නි)
ඇතැම් විදුහල්පතිවරු ජනාධිපතිටත් වැඩිය ලොක්කෝ වගේ.(නදී)
අතිගරු ජනාධිපතිතුමනි ඔබතුමා නොදන්නවට රටේ බහුතරයක් පාසල්වල ඔයවිදිහට මුදල් අයකරනවා.මේගැන ඔබතුමාගේ කාරුණික අවධානය යොමුවීම රටේ අහිංසක දුවාදරුවන්ගේ වාසනාවක්.ඔබතුමාට තෙරුවන් සරණයි.(නදී)
ජනාධිපතිතුමනි, අශ්වයා යන්නට පෙර ස්ථාලය වහන්නේ ඡන්දෙ ලග නිසාද.?(නදී)
අන්න හරි ඕක හැම පාසලකම කෙරෙන දෙයක්. අනිවාර්යෙන්ම නවත්තන්න ඕන.(නදී)
නියමයි! තීන්තවලට මුදල් ගේන්න කියපු අයට දැන් පොල්කඩන්න වෙයි.(නදී)
ධර්මපාල හිමි කියන කෙනා මානුෂික හැගීමක් හදුනන්නෙ නැද්ද? (නි)
අනිත් වැරදි වලටත් ඉහලින් ඔය වගේ ඉන්නකෝ.(නදී)
කරුණාකර අර දැරිය සම්බන්ධ කරගන්න විස්තර එවන්න.(නදී)
ඇමතිතුමා ලේකම් ගෙන් අහයි. එයා අධ්‍යක්ෂකගෙන් අහයි. ඊලගට විදුහල්පතිගෙන් අහයි, එයා නෝනාගෙන් අහලා යස උත්තරයක් දේවි හැමෝගෙම කට වැහෙන්න.(නදී)
ජනාධිපතිතුමනි, ඔබට පින්. කොන්ද කෙලින් තිබෙන ජනාධිපති කෙනෙක් අප රටට ලැබීම ගැන ආඩම්බරයි. නමුත් ඔබතුමා නොදන්නවාට පාසැල් වල විදුහල්පතිතුමන්ලාගේ වත්කමුත් , ශ්‍රී ලංකා රේගු නිළධාරින්ගෙ වත්කම් ප්‍රකාශනත් වර්ෂයක් පාසා ප්‍රකාශනයක් ගන්නේ නම් මැනවි. එය ඔබෙත් මගෙත් රටේ යහ පාලනයට මැනවි. (නි)
ධර්මපාල හිමි ප්‍රින්සිපල් කෙනෙක්වද්ද? (නි)
දැන්වත් එහෙම වුණ එක හොදයි. (නි)
ජනාධිපතිතුමනි, අපිට හරිම සතුටුයි. (නි)
අතිගරු ජනාධිපතිතුමනි, අධ්‍යාපන ඇමතිතුමනි, ඒ දරුවා ගැනත් ඔබතුමන්ලාගේ කාරුණික අවධානය යොමු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. (නි)
බොහොම හොද වැඩක්.(නදී)
ලංකාවේ නගරබද සෑම පාසලකින් වගේම මුදල් එකතු කරනවා. (නි)
ධර්මපාල හිමියනි , ඔබ දේශපාලන වපර භාවයකින් පෙළෙන්නේද? ගැටලුව ඔය ලෙඩේට වෛද්‍ය ප්‍රතිකාර නොමැති එකයි (නි)
ජනපතිතුමනි මේ නඩුව අවලංගු කරවන්න. පාසැල මේ මුදල් ඉල්ලලා තියෙන්නෙ නීති විරෝධීවයි. (නි)
අති ගරු ජනාධිපතිතුමනි, විදේශයක සිට මම ඔබට ආචාර කරමි. (නි)
ධර්මපාල හිමියනි, "හිමි" යන වචනයට අගෞරව කරන්න එපා. (නි)
අහිංසක ළමයින්ට සාධාරණයක් කරන්න ඕනේ. (දී)
පොල්ගහවෙල පාසලකත් මේ ප්‍රශ්නය තියෙනවා. කරුණාකර සොයා බලන්න. (නි)