IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


හොරණ දැරියගේ ප්‍රශ්නය දුර දිග යයි

පාසලේ තීන්ත ගෑමට මුදල් සෙවීම සඳහා පොල් අහුලන්නට ගොස් හොරණ දැරියකට උසාවි යන්නට වූ සිද්ධිය ගැන පරීක්ෂණයක් පවත්වන ලෙස මහින්ද රාජපක්ෂ ජනපති අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන මහතාට අද උපදෙස් දුන්නේය.

පාසල්  නඩත්තු කටයුතු වෙනුවෙන් මුදල් ගැනීම ගැන සොයා බලීම මේ පරීක්ෂනයේ එක් අරමුණකි.

එවැනි දේ සඳහා මුදල් එකතු කිරීම චක්‍රලේඛ මගින් තහනම් කර ඇත. යළිත් සියලු පාසල්වලට චක්‍රලේඛයක් නිකුත් කරන ලෙස ද ජනපතිට කියා ඇත.

 



අදහස් (0)

හොරණ දැරියගේ ප්‍රශ්නය දුර දිග යයි

අමල් Friday, 08 February 2013 01:00 AM

ධර්මපාල හිමියනි , ඔබ දේශපාලන වපර භාවයකින් පෙළෙන්නේද? ගැටලුව ඔය ලෙඩේට වෛද්‍ය ප්‍රතිකාර නොමැති එකයි (නි)

:       0       0

ෂිරාන් Saturday, 09 February 2013 12:35 AM

ඇමතිතුමා වුණත් කමක් නැහැ, තමන්ගේ කාර්යය නිවැරදිව ඉටු කරලා නැත්නම් ඔහුට වුණත් දඩුවම් දියයුතුයි. (නි)

:       0       0

මහින්ද Friday, 08 February 2013 01:32 AM

ලංකාවේ නගරබද සෑම පාසලකින් වගේම මුදල් එකතු කරනවා. (නි)

:       0       0

රනිල් Friday, 08 February 2013 01:43 AM

ධර්මපාල හිමි කියන කෙනා මානුෂික හැගීමක් හදුනන්නෙ නැද්ද? (නි)

:       0       0

ඇතීනා Friday, 08 February 2013 02:22 AM

අතිගරු ජනාධිපතිතුමනි, අධ්‍යාපන ඇමතිතුමනි, ඒ දරුවා ගැනත් ඔබතුමන්ලාගේ කාරුණික අවධානය යොමු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. (නි)

:       0       0

පත්මසිරි Friday, 08 February 2013 01:36 PM

ජනාධිපතිතුමාට ස්තුතියි.වගකිවයුතු නිලධාරින් ඔක්කොම ගෙදර යවන්න (ස)

:       0       0

සිසිර Friday, 08 February 2013 01:42 PM

මීලගට වෙන්නේ ගුරුපරපුරෙන් මේ දරුවගෙන් පලිගන්න එක. මමත් පොඩි කාලේ මේ වගේ දේකට මුහුණ දුන්නා. (නදී)

:       0       0

ධම්මාරාම හිමි-ස්කොටිලන්තයේ සිට Friday, 08 February 2013 01:56 PM

ජනාධිතිතුමත් තාත්ත කෙනෙක්. ඒ වුනාට ප්‍රශ්නේ තියෙන්නේ ලොකු අයගේ ළමයි යන්නේ කොළඹ තියෙන ලොකු ලොකු පාසල් වලට එහෙමත් නැත්නම් පිට රටින් දාපු පුද්ගලික පාසැලක. ඒක නිසා එයාලට ගමේ දරුවන්ගේ තියෙන අසරනකම තේරෙන්නේ නැහැ. අනික පුද්ගලික පන්ති ගුරුවරයෙක් වෙචිච අධ්‍යාපන ඇමතිතුමාට පාසල් කළමනාකරණය ගැන දැනුමක් තියෙනවා කියලා හිතන්න අමාරුයි. මෙයට සම්බන්ද වූ සියළු දෙනා මේ සිද්ධිය ගැන ලැජ්ජා විය යුතුයි.(නදී)

:       0       0

චන්ද්‍රා Friday, 08 February 2013 04:38 AM

ජනාධිපතිතුමනි, අපිට හරිම සතුටුයි. (නි)

:       0       0

නිමල් Friday, 08 February 2013 04:39 AM

දැන්වත් එහෙම වුණ එක හොදයි. (නි)

:       0       0

චන්ද්‍රා Friday, 08 February 2013 04:40 AM

ධර්මපාල හිමි ප්‍රින්සිපල් කෙනෙක්වද්ද? (නි)

:       0       0

ජෝයි ඩයස් ,ඉතාලිය Friday, 08 February 2013 04:54 AM

ජනාධිපතිතුමනි, ඔබට පින්. කොන්ද කෙලින් තිබෙන ජනාධිපති කෙනෙක් අප රටට ලැබීම ගැන ආඩම්බරයි. නමුත් ඔබතුමා නොදන්නවාට පාසැල් වල විදුහල්පතිතුමන්ලාගේ වත්කමුත් , ශ්‍රී ලංකා රේගු නිළධාරින්ගෙ වත්කම් ප්‍රකාශනත් වර්ෂයක් පාසා ප්‍රකාශනයක් ගන්නේ නම් මැනවි. එය ඔබෙත් මගෙත් රටේ යහ පාලනයට මැනවි. (නි)

:       0       0

සිල්වා Friday, 08 February 2013 05:27 AM

ඇමතිතුමා ලේකම් ගෙන් අහයි. එයා අධ්‍යක්ෂකගෙන් අහයි. ඊලගට විදුහල්පතිගෙන් අහයි, එයා නෝනාගෙන් අහලා යස උත්තරයක් දේවි හැමෝගෙම කට වැහෙන්න.(නදී)

:       0       0

කුමාර Friday, 08 February 2013 02:25 PM

අනේ මන්දා (ස)

:       0       0

චමී Friday, 08 February 2013 02:26 PM

එතකොට ඒ සල්ලි ගේන්න කිවිව අයට මොකද කරන්නේ.(නදී)

:       0       0

ජගත් වෙත්තසිංහ-ඕස්ට්‍රේලියාව Friday, 08 February 2013 05:59 AM

කරුණාකර අර දැරිය සම්බන්ධ කරගන්න විස්තර එවන්න.(නදී)

:       0       0

ප්‍රීති Friday, 08 February 2013 06:07 AM

අනිත් වැරදි වලටත් ඉහලින් ඔය වගේ ඉන්නකෝ.(නදී)

:       0       0

අජිත් Friday, 08 February 2013 06:39 AM

ජනාධිපතිතුමනි, තීන්ත ගාන්න විතරක් නෙමෙයි, ආරක්ෂක සේවක වැටුප්, සෞඛ්‍ය සේවක වැටුප්, පාසැල් අරමුදල, සන්වර්ධන සමිති ගාස්තු, පහසුකමි ගාස්තු, ඉදල්, කොසු, සදහා මුදල්, ටයි එකට, බැජ් එකට, නවක සිසු දරුවන් පිලිගැනීමේ උත්සවයට වියදම්. මේ ඔක්කොටම අමතරව පන්ති කවයට සල්ලි, පයිල් කවර, පොටෝකොපි කඩදාසි මෙන්න මේවත් හොයන්න කියන්න.(නදී)

:       0       0

බුද්ධික Friday, 08 February 2013 07:09 AM

මේක ඉතාම සාමාන්‍ය දෙයක් වෙලා. ඇත්තම තත්වය පාසැල්වල තීන්ත ගාන්න කියලා රජයෙන් සල්ලි දෙන්නේ නැහැ. ඒක නිසා ළමයින්ගෙන් එකතු කරනවා. මගේ දරුවා යන පාසැලෙත් රුපියල් අටසීයක් එකතු කලා. අමතරව හැම මාසෙම රුපියල් හැටක් එකතු කරනවා. තවත් රුපියල් පන්සීයක් වසරකට එකතු කරනවා අතුගානවට කියලා. අපි මේවා දෙන්නේ අපේ ලඹයි යන තැන පිරිසිදුව තියාගන්න උවමනා නිසා. මේකයි යතා තත්වය. මේ පාසැලේ එක වසර පන්ති පහක් තියෙනවා. එක වසර සිට එකොලහ වසර දක්වා හැම ළමයෙක්ගෙන්ම මෙය එකතු කරනවා. දෙන්න පරක්කු වුනොත් ලියුම් එවනවා. අධ්‍යාපන ඇමතිගේ ගෙදර ඉදලා කිලෝමීටර 10 යි මේ පාසැලට තියෙන්නේ.(නදී)

:       0       0

සමන් Friday, 08 February 2013 07:25 AM

ජනාධිපතිතුමා, අධ්‍යාපන ඇමතිතුමා මේ ප්‍රශ්න ගැන දැනුවත් වෙලා ඉන්නම ඕනෑ. (නි)

:       0       0

කීර්ති Friday, 08 February 2013 07:53 AM

රටේ බලධාරීන් ලැජ්ජාවිය යුතු කරුණක් (ස)

:       0       0

ටිකිරි Friday, 08 February 2013 07:54 AM

කව්ද දන්නේ ඒ දරුවටත් ලැම්බෝගිනියක් ගන්නවත් හිතිලා පොල් හොරකමි කලාද කියලා.(නදී)

:       0       0

බුද්ධික Friday, 08 February 2013 08:04 AM

එක ළමයකුගෙන් 800 බැගින් ළමයි පනහකනේ 40,000.00 නමුත් ලීටර හතරේ තීන්ත එකක් කීය ද රුපියල් 2000.00 යි. අනිත් සල්ලි වලට මොනවද වෙන්නේ. ? (ස)

:       0       0

ධර්මපාල Friday, 08 February 2013 03:44 PM

ධර්මපුරයේ ඇසෙන කතා. කොස්වලටයි, පොල්වලටයි උසාවි යන කාලයක් නේද මේ?(නදී)

:       0       0

ලියනගම Friday, 08 February 2013 08:30 AM

සල්ලි ගන්න එපා කියලා චක්‍රලේකන විතරක් තිබුණට මදි. ඒවා ක්‍රියාත්මක වෙන්නත් ඕනෑ. (නි)

:       0       0

බන්දුල Monday, 11 February 2013 10:02 PM

"බන්දුල 2013-02-07 21:19:55 මේ කුඩා දරුවාගේ අනාගතය ගැන හිතලා පැමිණිල්ල අස් කරගත්තොත් ලොකු පිනක්. (නි)" හරි සතුටුයි .නඩුව අස් කරගැනීමට මා කල ඉල්ලීම ඉටු උනා .මේ ඉල්ලීම ඉටු උනේ ලංකාදීප පුවත් පත නිසා .ලංකාදීපයට ජය වේවා !

:       0       0

මොහොමඩ් - බේරුවල Friday, 08 February 2013 08:36 AM

මෙම දැරිය වෙනුවෙන් ඉදිරි නඩු වාර සදහා නොමිලේ පෙනී සිට හැකි ඉක්මණින් නඩුව අවසන් කර දීමට කාරුණික වන මෙන් හොරණ අධිකරණයේ සිත් ඇති නීතිඥවරුන්ගෙන් ඉල්ලා සිටිමු. මෙවැනි දිළිදු පවුල් වල ළමුන්ගෙන් මුදල් ඉල්ලන උගත් (සිතක් නැති) බුද්ධිමතුන්ට මෙය පාඩමක් වේ යැයි සිතමි. (නි)

:       0       0

දේශපිය Friday, 08 February 2013 08:45 AM

වැඩෙ හොදයි.මගෙ පුතත් මෙවර 1 වසරට භාරදුන්නේ.හොද ගානක් ගියා. ඕන නමි විස්තර දෙන්නමි. ඉස්සරය‍ට වෙන්නේ ළමයි හදලා ගෙදර තියාගන්න තමා .ර‍ටකට ගිය කලක්. (ස)

:       0       0

දේශපිය Friday, 08 February 2013 08:55 AM

පොඩි දරුවෙක්ට සමාවදෙන්න බැරි පොල් අයිතිකාරයෙක්. මේක සමථ මණ්ඩලයට දාන්න පුලුවන්නේ. ඔයිට වැඩිය වැරදි කරපු ඕනෑතරම් නිදොස් කොට නිදහස් කරලා ඇති. (නි)

:       0       0

ඉන්දික Friday, 08 February 2013 09:01 AM

ආණ්ඩුව පාසල් වලට මුදල් එවුවට ඒවා වෙන වැඩවලට යොදාගෙන ළමයින්ගෙන් ආයිත් සල්ලි ගන්නවා. මම ඒක වගකීමෙන් කියනවා. (නි)

:       0       0

වරුණ Friday, 08 February 2013 09:11 AM

කාර් රේස් තියලා රට දියුණු කරන්න හදන එකේ, රටේ ඉරණම මොකක්ද කියලා අපිට තේරෙන්නෙ නැහැ. (නි)

:       0       0

වරුණ Friday, 08 February 2013 09:15 AM

රටේ මහ හොරුන්ට වරෙන්තු තිබිබත් අල්ලන්නේ නැති අවස්ථා තියෙනවා. අසරන කමට පාරේ බතල වැලක් ගැලෙව්ව්ත් නීතිය අකුරට ක්‍රියාත්මක කරනවා.(නදී)

:       0       0

සංජීව Friday, 08 February 2013 09:37 AM

වහගෙන හිටපු ගොඩක් දේවල් එලියට පනින සිද්ධියක් මේක ලංකාවේ නිදහස් අධ්‍යාපනය තියෙන්නේ ඔය නිකම් දෙන පෙලපොත් ටිකට විතරයි අනේක් පැත්ත ගත්තාම හැම දෙයක්ම මුදලට යෙට වඩා පාසල් වල සිදුවීම් තියෙනවා නමුත් එක එක්කෙනා තමන්ගේ නම්බුව ගැන හිතලා නිහඩව ඉන්නවා ජනාධිපතිතුමනි මෙන්න කරනවා නවම් වැඩක් හොඳ උගත් අපක්ෂපාති කමිටුවක් පත්කරලා සමස්ත අධ්‍යාපනය ගැන සොයන්න ගොඩක් දේවල් එලියට එයි (ස)

:       0       0

නිරාන් Friday, 08 February 2013 10:02 AM

ජනාධිපතිතුමනි! මේ තරම් අමාරුද සාමාන්‍ය ජනතාවට ජීවත්වෙන්න. හැම ගින්නටම වඩා බඩගින්න ලොකුයි කියලා කතාවක් තියෙනවා. රට සංවර්ධනය වෙනවත් එක්ක මිනිස්සු බඩගින්නට දරන අරගලයට විසදුමක් නැත්නමි ඒකෙන් බලාපොරොත්තු වෙන පුයෝජනයක් නැහැ. (නදී)

:       0       0

මෙන්ඩිස් Friday, 08 February 2013 10:03 AM

සරසවි උයන ගැනත් සොයාබලන්න.(නදී)

:       0       0

නිශාඩ් Friday, 08 February 2013 10:04 AM

හැබැයි හොරකම ඇල්ලූ නිලධාරීන්ට වීර විභූෂණ පදක්කම් දෙන්න වටිනවා (ස)

:       0       0

සිසිර Thursday, 07 February 2013 07:38 PM

බොහොම හොද වැඩක්.(නදී)

:       0       0

පෙරේරා Friday, 08 February 2013 10:37 AM

අහංසක දුප්පත් දරුවට සාධාරණයක් ඉෂ්ඨවේවා ! (ස)

:       0       0

සංජීව Friday, 08 February 2013 08:58 PM

කෑගහන කවුරුත් පාසල් නඩත්තුවට කීයක් වාර්ෂිකව ඒකතු ෙවනවද කියල දන්නව ද? තඹයක් වත් නෑ කිව්ෙවාත් විස්වාස ෙකෙරනව ද? ෙමච්චර ලස්සනට පාසල් තිෙයන්ෙන ෙදමාපියන්ෙග් මුදල් විල්න නඩත්තු ෙවලා ඒක තමයි අැත්ත.......... ඔන්න කිව්වා..(ස)

:       0       0

ගාමිණී Thursday, 07 February 2013 07:45 PM

නියමයි! තීන්තවලට මුදල් ගේන්න කියපු අයට දැන් පොල්කඩන්න වෙයි.(නදී)

:       0       0

ශාන්ත Friday, 08 February 2013 10:47 AM

ගාල්ලේ පැත්තෙත් මේකම වෙනවා. (නි)

:       0       0

මහින්ද Thursday, 07 February 2013 07:50 PM

අන්න හරි ඕක හැම පාසලකම කෙරෙන දෙයක්. අනිවාර්යෙන්ම නවත්තන්න ඕන.(නදී)

:       0       0

ධර්මපාල හිමි Thursday, 07 February 2013 08:03 PM

ජනාධිපතිතුමනි, අශ්වයා යන්නට පෙර ස්ථාලය වහන්නේ ඡන්දෙ ලග නිසාද.?(නදී)

:       0       0

රවිනාත් Friday, 08 February 2013 11:05 AM

රට තුල යම් ගැටලුවක් ඇතිබව තේරුම් යාමට අහිංසකයකු එම ගැටලුවේ බිල්ලක් වෙන තුරු ගැටලුවක් ඇතිබව නොදන්නා කම රාජ්‍ය කලමනාකාරීත්වයේ දුර්වල කමයි. මොවුන් ද බහිරවයන් වැනිය. බිල්ලක් නොලැබුනොත් දෑස් නොඇරේ. (නි)

:       0       0

දේශිකා Thursday, 07 February 2013 08:39 PM

අතිගරු ජනාධිපතිතුමනි ඔබතුමා නොදන්නවට රටේ බහුතරයක් පාසල්වල ඔයවිදිහට මුදල් අයකරනවා.මේගැන ඔබතුමාගේ කාරුණික අවධානය යොමුවීම රටේ අහිංසක දුවාදරුවන්ගේ වාසනාවක්.ඔබතුමාට තෙරුවන් සරණයි.(නදී)

:       0       0

රවිනාත් Friday, 08 February 2013 11:06 AM

ජනාධිපති තුමනි, ස්තූතියි. (ස)

:       0       0

කුරුවිට Friday, 08 February 2013 11:08 AM

ඉස්සර තිබුණු නිදහස් අධ්‍යාපන ක්‍රමය දැන් කොහෙද ? (ස)

:       0       0

සදුනි Thursday, 07 February 2013 08:54 PM

ඇතැම් විදුහල්පතිවරු ජනාධිපතිටත් වැඩිය ලොක්කෝ වගේ.(නදී)

:       0       0

බණ්ඩාර Thursday, 07 February 2013 09:18 PM

ලංකාවේ නිදහස් අධ්‍යාපනය ඇත්තේ නමට පමණි. පාසල් වලට අපගේ සීමිත සම්පත් බෙදීමේදී පවතින අසමබරතාවය මෙවන් සිද්ධි වලින් මනාව පැහැදිලි වේ.වර්තමානයේ පවතින රටාවට අනුව ගමේ හෝ නගරයේ ඇති ඌන සංවර්ධිත පාසල්වල අධ්‍යාපනය ලබන්නේ සමාජයේ නැති බැරි , කිසිම "ප්‍රභූත්වයක්" හෝ බලපෑමක් කළ නොහැකි දෙමව්පියන්ගේ දරුවන් පමණි. ගමේ පදිංචි පොහොසත් මුදලාලිගේ දරුවෝ නගරයේ සුපිරියැයි කියන පාසල්වලට යයි. ගමේ උගත් රජයේ හෝ පුද්ගලික අංශයේ උසස් නිලතල දරණ අයගේ දරුවන්ද අධ්‍යාපනය ලබන්නේ නගරබද සුපිරි පාසල් වලය. ගම නියෝජනය කරන, සමහරවිට ගමේම ගෙයක් පවා හිමි දේශපාලකයන්ගේ දරුවන්ද ගමේ පාසලට නොයයි. මෙවන් තත්වයක් තුළ ගමේ පාසලට කුඩම්මාගේ සැළකිලි ලැබීම ගැන අප විමතියට පත්විය යුතු නැත. (නි)

:       0       0

බන්දුල Thursday, 07 February 2013 09:19 PM

මේ කුඩා දරුවාගේ අනාගතය ගැන හිතලා පැමිණිල්ල අස් කරගත්තොත් ලොකු පිනක්. (නි)

:       0       0

තිලකගේ Thursday, 07 February 2013 09:23 PM

හැමදේටම දේශපාලනය ගාවගන්න එපා. (නි)

:       0       0

කුරුවිට Thursday, 07 February 2013 09:30 PM

ජනාධිපතිතුමා කෙළින් වැඩකළත් වටේ ඉන්න අය මඩේ හිටවපු ඉනි වගෙයි. (නි)

:       0       0

මුතුකුඩ Thursday, 07 February 2013 09:35 PM

ඇයි ධර්මපාල හිමි එහෙම කියන්නේ? ජනාධිපතිතුමා කියලා තියෙන්නේ හොද දෙයක්. අපි යහපත් දෙයක් කරනවිට ඒ පුද්ගලයාගේ තරාතිරම නොබලා ධාර්මිකව ධර්මිෂ්ඨව සුභවාධී ආකල්පයෙන් බලන්න පුරුදු පුහුණු වෙන්නට ඕනෑ. (නි)

:       0       0

දර්ශන Thursday, 07 February 2013 09:35 PM

රජයේ පාසල් වලට කොච්චර මුදල් ගන්නවාද කියලා දන්නේ දෙමාපියන් විතරයි. (නි)

:       0       0

තිලකගේ Thursday, 07 February 2013 09:37 PM

ළමය කැමති වෙන පාසලක් ලබා දුන්නොත් හැම අතින්ම හොඳයි නේද? (ත)

:       0       0

ඉසුරන්දි Thursday, 07 February 2013 10:02 PM

ඔබ තුමා මේවා හොයලා බලන්න. හැමතැනම ඔහොම තමයි. ඇත්තෝ කති බොති. නැත්තෝ හිගා කති.(නදී)

:       0       0

ජයා Thursday, 07 February 2013 10:02 PM

ළමයා තමන්ට මුදල් නැති නිසා මේ වගේ දේකට පෙළඹුනේ, අනික් ළමයින් ඉදිරියේ තමන්ගේ ආත්ම ගෞරවය රැක ගන්න.ඒ ළමයා හොරෙක් නොවේ. නමුත් ළමයින්ගේ තත්ත්වය ගුරුවරු තේරුම් ගෙන කටයුතු නොකළ නිසයි අහිංසක ළමයි මේ තත්ත්වයට පත් වුණේ. අනික උසාවියටද මේ තත්වය බොහොම පැහැදිලියිනේ. එහෙම තිබියදීත් මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් මානුෂික මුහුණුවරකින් උසාවියටද කටයුතු කරන්න තිබුණා. එහෙම ගත්තු නඩු තීන්දු මීට පෙර නැතුවා නොවේනේ. මගේ පුද්ගලික මතේ හැටියට මේ දරුවට හැම අතින්ම බරපතල ලෙස අසාධාරණකමක් සිදු වෙලා තියෙනවා. අතිගරු ජනාධිපතිගේ විශේෂ අවධානය මේ කෙරෙහි යොමු වි සාධාරණයක් විය යුතුමයි.

:       0       0

සාලිය Thursday, 07 February 2013 10:04 PM

අතිගරු ජනාධිපතිතුමනි. ඒ දරුවට ජනාධිපති සමාව දෙන්න. ඔබට පින්. නැතිනම් අනාගය අදුරු වෙයි.(නදී)

:       0       0

අරැණ Thursday, 07 February 2013 10:05 PM

අයයෝ රුපියල් 800/= මොකක්ද? රුපියල් 1000/= ක් ගන්නවා සාමාන්‍යයෙන්. අධ්‍යාපන ඇමති දන්නේ නැතුවට මේක මේ රටේ ළමයි ඉස්කෝලේ යවන කව්රුත් දන්නවා. තිලක් කිව්වා වගේ ළමයව වෙන පාසැලකට දාලා දෙන්න. නැත්නම් ඒ දරුවගේ මුළු අනාගතයම ඉවරයි.(නදී)

:       0       0

සමිපත් Friday, 08 February 2013 12:17 PM

බාල වයස්කාර දැරියක් සම්බන්ධයෙන් මීට වැඩිය යුත්කිය ඉටුවිය යුතුයි. පොලිසියට මේක සමතයකට පත්කරන්න තිබුනා. මේ පොල්වත්ත අයිතිකාරයා මහ පවිකාරයෙක

:       0       0

සරත් Thursday, 07 February 2013 10:22 PM

පාසලෙන් මුදල් අනිවාර්ය කලා නම් එක වැරදි (දී)

:       0       0

නසාර් Thursday, 07 February 2013 10:50 PM

පොල්ගහවෙල පාසලකත් මේ ප්‍රශ්නය තියෙනවා. කරුණාකර සොයා බලන්න. (නි)

:       0       0

රොහාන් Friday, 08 February 2013 12:36 PM

සෞදියට බනිනවා රිසනා මැරුව කියලා.ලංකාවේ නිති මාර‍ සාධාරණයි නේද? ඒ දැරිය වහ කාලා මැරෙයි ලෝකයට මුහුණ දෙන්න බැරිව.ර‍ටකට ගිය කලක්. (ස)

:       0       0

රමේෂ් Thursday, 07 February 2013 11:24 PM

අහිංසක ළමයින්ට සාධාරණයක් කරන්න ඕනේ. (දී)

:       0       0

ජයසිරි Thursday, 07 February 2013 11:48 PM

ධර්මපාල හිමියනි, "හිමි" යන වචනයට අගෞරව කරන්න එපා. (නි)

:       0       0

සමන් Friday, 08 February 2013 12:43 PM

ලෝකයේ ලොකුම ඇමති මන්ඩලය ඉන්න රටේ ඕනම පුංචි ප්‍රශ්නයක් විසදන්න ජනාධිපතිතුමා නැතුව බැහැ වගේ. ඒ ගැන කනගාටුයි. ඒකේ ඇත්ත කතාව තේරුම් ගන්න.(නදී)

:       0       0

චන්ද්‍රා Friday, 08 February 2013 12:07 AM

අති ගරු ජනාධිපතිතුමනි, විදේශයක සිට මම ඔබට ආචාර කරමි. (නි)

:       0       0

සනත්123 Friday, 08 February 2013 12:50 AM

ජනපතිතුමනි මේ නඩුව අවලංගු කරවන්න. පාසැල මේ මුදල් ඉල්ලලා තියෙන්නෙ නීති විරෝධීවයි. (නි)

:       0       0

මංජුල ඩී.කේ. Friday, 08 February 2013 12:55 PM

මට අහන්න තියෙන්නෙ මෙච්චරයි..අවුරුදු 13ක පොඩි ළමයෙක් හොරකමක් කළා නම් ඒ ළමයට අවවාද කරලා අවශ්‍යනම් ළමයගෙ දෙමව්පියන්වත් දැනුවත් කරල අවවාද කරලා යවන්නෙ නැතුව ළමයට විරුද්ධව නඩු දාලා ළමයව උසාවි යැව්වේ කවුද ? ළමයි ඉන්න කෙනෙක්ද එයා ? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 710 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 534 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 1615 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 299 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 497 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 1362 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38920 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25519 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 305 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site