ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තය නියෝජනය කරන හරිත පක්ෂයේ ලී රිහැනන් සෙනට් මන්ත්‍රිනිය ශ්‍රී ලංකාවේ කළ සංචාරය නීති විරෝධී හා කොටි ත්‍රස්ත සංවිධානය පිම්බීමට කරන උත්සාහයක් බව පවසා ස්පර් සංවිධානයේ රංජිත් සොයිසා ලී මහත්මියට ලිපියක් යවා ඇත.
සෙනට් සභිකවරිය ඕස්ට්‍රේලියාවට පාතැබූ තැන සිට ඉවක් බවක් නොමැතිව ශ්‍රී ලංකා රජය හා හමුදාව දැඩි දෝෂ දර්ශනයට ලක් කරමින් පුවත් මවන්නියක් බවට අද පත්වී අතැයි ඔහු කියයි.
උතුරේ සංචාරය කළ ඇය ඕස්ට්‍රේලියාව බලා ගියාය.
සාමාන්‍ය වැසියන් මිනිස් පළිහක් ලෙස කොටි සංවිධානය යොදා ගත් බව පිළිගැනීමට පවා හරිත පක්ෂ සාමාජිකයෝ කැමැති නොවෙති.
මේ අතර දෙමළ ජාතික සංධානයේ මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ රජය මෙම අවස්ථාවේ බටහිර රටවලට සම්බන්ධ විදේශිකයන් ලංකාවට ඇතුලුවීම පිළිබදව අස්ථාන බියකින් පසුවන බවයි.
ලී රීහැනන්ගේ එකම උත්සාහය බවට පත් වී තිබෙන්නේ අවසන් මොහොතේ හෝ ඕස්ට්‍රේලියා අගමැති පොදු රාජ්‍ය මණ්ඩලයේ සමුළුවට සහභාගී වීම වැලැක්වීම බව එම පක්ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක අර අහවල් පෝරාවේ කුමන්ත්‍රණයක්. (ස)
මේ වගේ අයට ලංකාවට එන්න දෙන්න හොඳ නෑ. (ස)
දේශාපාලනය කියන්නේ ඕවට තමයි. සේරටම මුල සල්ලි තමයි. ලෝකේ කෙහෙත් ඔහොම තමයි.(නදී)
ඩොලර් වලට සහ ඡන්ද වලට ඔවුන් කතා කරන්නෙ. නැතුව මෙය ද්‍රවිඩ ජනයාට තියෙන විශේෂ කැක්කුමකින් කතා කරනවා එහෙම නෙවෙයි කියල සමහර අය තේරුම් ගත්තොත් හොඳයි. (ස)
වංශවත් ද්‍රවිඩයෝ සැප විදිනවා.අහිංසක අයව පලිහක් කරගෙන "බිස්නස්" එක කරගෙන යනවා.,,අපේ හමුදාවට පින් සිද්ධ වෙන්න කරදයක් නැතුව, ජිවත් වෙන්න වාසනාව තියෙනවා මේ අයට, බලමු මොකද වෙන්නේ කියලා. (ස)
අවුරුදු තිස් ගණනක් යුද්ධ කරලා දියුණුවේ මගට ඇවිත් ඉන්න රටකට අනිත් රටවලින් උදවු කරන්න ඕනේ. මේගොල්ලෝ කරන්නේ ආයෙමත් රට ගිල්ලවන්න හදන එක. රටේ දියුණු වෙන ලක්ෂණ බලල නය ගෙවන්නවත් උපකාර කරන්න ඕනේ නේද? වැටුන කෙනෙකුට අත දෙන එක යහපත් ගුණයක්.(නදී)
දැන් හොඳටම පෙනෙනවා ..උතුරේ ඡන්දෙ දිනපු අයටත් උවමන වෙලා තියන දේ ..අපේ පොලිසියයි හමුදාවයි උතුරෙන් අයින් කර ගන්න කියල මේ මිනිසුන් කිසිම හිරිකිතක් නැතිව කියනා ලස්සන .?.ඇයි රටේ ඔවුන්ව දැනුවත් කරන්න හරි ..ඒ උඩ ගෙඩි දෙන අයට උත්තරයට තවත් පොලීසියෙන් 5000 ක් විතර ස්ථාන ගතකරන්න බැරි ..?අනාගතේ අපිට නම් දැන්ම කියන්න පුළුවන් ..යුද්ධය ඉවර නැහැ දැනුයි පටන් ගත්තේ කියල ...? (ස)
මේ හරිත පක්ෂය සමග එකතු වීමට ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන පක්ෂ දෙකම මේ වර ඡන්දයේදී අකමැති වුණා. (නි)
සුදු හම නිසා ඔවුන් සිතනවා ලොව සිටිනා උතුම් ජාතිය ඒ ගොල්ලෝ කියලා. ඒක නිසා කළු ජාතින්, දුඹුරු ජාතින් ඔවුන් කියන විදියට ඔවුන්ගේ වහලුන් හැටියට ඉන්න ඕනෑ කියලා හිතනවා. අපෙත් ගොඩක් අය සිතන්නේ සුද්දන් සර්වබලධාරී කියා. ඒකයි ඔවුන්ට බොහෝ දෙනෙක් ආවඩන්නේ (නි)
මේ "හරිත" කියාගෙන එන්නේ කවුද කියලා කවුරු කවුරුත් දැන්වත් තේරුම් ගත්තොත් හොඳයි. මෙවැනි කණ්ඩායම් ගැන අවබෝධයක් නැතුව දුවන්නන් වාලේ දුවමින් මේවට බැඳෙන අපේ මිනිස්සු සිටිනවා. (නි)
මේක අපේ රටේ නීතිය. සුදු හමේ හයිය පෙන්නන්නට කරන මේ කතා වල ලංකාවේ අපට නම් හොඳක් නොපෙනේ (නි)
නැවතත් චිත්‍රපටියක් හදයිද දන්නෙ නැහැ අපිට විරුද්ධව (නි)
වෙදමහත්තයා, ඔබ 100% ක් ම නිවැරදියි. ඔය ආකල්පයෙන් තමයි සුද්දෝ තමන් ගැනම හිතාගෙන ඉන්නේ. ලෝකය පාලනය කරන්න දෙවියෝ ඒ ගොල්ලන්ට බාරදීලා වගෙයි හැසිරෙන්නේ. අපේ මිනිස්සුත් වැඳ වැටෙන්න බලාගෙනමයි ඉන්නේ. යුද්දේ වෙලාවේ අපේ ජනාධිපතිතුමා ඔවුන්ට යට නොවීමෙන් ඔවුන්ගේ අහංකාරකමට වැදුනු පහර දරාගන්න බැරුවයි ඉන්නේ. ඩයස්පෝරාවේ සල්ලිත් එකතුවුණා නම් ඔවුන් ඕවා තමයි කරන්නේ. (නි)
මොකට මේ වගේ මිනිසුන්ට අපේ රටේ වීසා දෙනවද මන්දා එන්න. අපි අනෙක් රටවල තියෙන කුණු හොයන්න යනවද ? අපි මේ ලබාගත් නිදහස රටේ හැමෝටම හොදයි. අපේ රටවල් නිදහසේ දියුණු වෙනවාට උදවු කරනවා වෙනුවට කරන්නේ අරියාදු (නි)
ඔවුන් ඡන්දෙ කරන්නේ කාගේ සල්ලි වලින්ද යන්න පැහැදිලියි (නි)