IMG-LOGO

2025 අප්‍රේල් මස 26 වන සෙනසුරාදා


හෙරොයින් කිලෝ 300 ක් ගිනි අවි, උණ්ඩ සමඟ 6 ක් කේරලයේදී අල්ලයි

(යොහාන් භාසුර)

ඉන්දියාවේ කේරළයේ විජින්ජම් වෙරළ තීරයේදී හෙරොයින් කිලෝ 300 ක්, ගිනිඅවි සහ පතරොම් තොගයක් සමඟ ශ්‍රී ලංකා ධීවර යාත‍්‍රාවක් ශ්‍රී ලාංකිකයන් හය දෙනකු සමඟ ඉන්දීය වෙරළාආරක්‍ෂක බලකාය අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම යාත‍්‍රාවේ තිබී ඒ.කේ. 47 රයිෆල් 5 ක් සහ මිලිමීටර නවය පතොරම් 1000 ක් ද අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මත්ද්‍රව්‍ය කාර්යංශය පවසයි.

හෙරොයින් තොගය පැකට් 301 ක් ලෙස යාත‍්‍රාවේ ජල ටැංකියේ සඟවා තිබියදී සොයාගෙන ඇති අතර එම සෑම හෙරොයින් පැකට්ටුවකම පියාසර කරන අශ්වයකුගේ රූපයක් සටහන්ව ඇති බව මාධ්‍ය වාර්තා කරයි. මෙම හෙරොයින් සහ ආයුධ තොගය ඉරානයේ චබාහාර් වරායෙන් ගෙනවිත් ලක්ෂීවීප් අසළ මුහුදුදේදී ‘රවිහංසි’ නැමැති බහුදින ධීවර යාත‍්‍රාවට මාරුකර ඇති බවත් යාත‍්‍රාව චෙන්නායි වෙරළාආරක්‍ෂක බලකාය බාරයට ගෙන ඇති බවත් ඉන්දීය මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කරයි.

අත්අඩංගුවට පත් ශ්‍රී ලාංකිකයන් හය දෙනා අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඞ් බාරයට පත්කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ මෙම අත්අඩංගුවට ගැනීම පිළිබ`දව මේ දක්වා ශ්‍රී ලංකා පොලිසිය දැනුවත් කර නොමැති බවයි.


(යොහාන් භාසුර)

ඉන්දියාවේ කේරළයේදී හෙරොයින් කිලෝ 300 ක් සහ ගිනිඅවි තොගයක් සමඟ ශ්‍රී ලංකා ධීවර යාත්‍රාවක් සහ පුද්ගලයින් හය දෙනකු අත්අඩංගුවට ගත් බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.

මෙම යාත්‍රාවේ තිබී ඒ.කේ. රයිෆල් වර්ගයේ ගිනිඅවි සහ පතොරම් විශාල සංඛ්‍යාවක් ද අත්අඩංගුවට ගෙන ඇති බව විදේශ මාධ්‍ය වැඩි දුරටත් කියයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ මෙම අත්අඩංගුවට ගැනීම පිළිබඳව මේ දක්වා ශ්‍රී ලංකා පොලිසිය දැනුවත් කර නොමැති බවයි.



අදහස් (8)

හෙරොයින් කිලෝ 300 ක් ගිනි අවි, උණ්ඩ සමඟ 6 ක් කේරලයේදී අල්ලයි

chathura Wednesday, 31 March 2021 07:27 AM

හැමෝම දන්නවා මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට මුහුද පාවිච්චි කරනවා කියලා. නමුත් ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගන්නේ නැහැ. බෝට්ටු ඕනෑම වෙලවක නියාමනයක් නැතිව මුහුදට යනවා, එනවා. ඇවිත් ඕනෑම තැනක නතර කරන්න පුළුවන්... ගිය ආණ්ඩුවෙන් GPS උපකරණ සවිකරන්න යෙදුණා. ලොකු මුදලාලිලා එකතුවෙලා කඩාකප්පල් කරා. ඉතින් කොහොමද පාලනය කරන්නේ...?

:       0       3

සනත් ඉතාලිය Wednesday, 31 March 2021 07:33 AM

තව ටිකකින් කතාව ගොතලා මාධ්‍ය සාකඡාවක් තියයි. කට උල්කරලා ලස්සන වචන දාලා...

:       8       4

බද්රානි Wednesday, 31 March 2021 07:33 AM

මුළු ඉන්දියන් සාගරයටම පිළිලයක් වී ඇති ආයුධ සන්නද්ධ ලාංකික මුහුදු ආරක්ෂක මාෆියා කල්ලිය මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බව රහසක් නොවෙයි. ඔය සොයාගත් ආයුධ ගැන නිසි විමර්ශනයක් කළ යුතුයි. ඉන්දියාවේම නඩු අසා මහා මොලකරුවන්ව සොයා ගැනීම තමයි කළයුත්තේ. ශ්‍රී ලංකා පොලිසිය දැනුවත් කිරීමෙන් කිසිම ඵලක් නැහැ. බැරි වෙලාවත් ඔය ජාවාරම් කරුවන්ව ලංකාවට එව්වොත්, නිදොස් කොට නිදහස් කිරීමට අපේ රටේ ගරු අධිකරණයට මහා දවසක් යන්නෙත් නැහැ.

:       1       14

rathgamaWednesday, 31 March 2021 09:59 AM

එහෙම බැහැනේ... එතකොට ඉන්දියාවෙන් ඇවිත් අපේ අමුඩේ ගලවගෙන යනවනේ...

:       0       3

සනත් ඉතාලිය Wednesday, 31 March 2021 07:36 AM

පොඩ්ඩක් ඉවසන්න. තාම කතාව ලියනවා. නාටකය පිටපත් කරලා නළු නිළියන් හොයලා ගානට මාධ්‍ය සාකච්ඡාව තියයි. නිෂ්පාදක අධ්‍යක්ෂක බේරලා තේ අදින කොල්ලාව වැරදි කාරයා කරලා...

:       6       6

fairoos Wednesday, 31 March 2021 07:50 AM

දැන් ලංකාවේ ජාත්‍යන්තරව ප්‍රසිද්ධයිනේ... කුඩු ව්‍යාපාරයෙන්...

:       2       5

rathgamaWednesday, 31 March 2021 10:04 AM

ජර්මනිය, ස්විට්සර්ලන්තය, ප්‍රංශය මේ ආණ්ඩුව බලයට ආපු ගමන් කිව්වේ... ලංකාවේ කුඩුකාරයෝ බලයට ඇවිල්ලා. තරුණ තරුණයෝ රැකගනිව් කියලා. ඇත්තක් නැත්තෙත් නැහැ නේද? 

:       3       3

පිටරැටියා Wednesday, 31 March 2021 12:56 PM

කුඩු ජාවාරම් කාරයින්ගේ පිහිටෙන් ඡන්දෙ කෙරුවා. නම් පටබැඳුනේ නිකම් නෙවෙයි නේ.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

’හරක් කටා’ ළඟ දුරකථනයක්
2025 අප්‍රේල් මස 26 124 0

තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල අපරාධකරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා සන්තකයේ තිබී ජංගම දුරකථනයක් සොයා ගෙන ඇතැයි බන්ධන


කෝටි 80 ක මත්කුඩු කොටිකාවත්තෙන් අල්ලයි
2025 අප්‍රේල් මස 26 309 0

රුපියල් කෝටි 80කට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් ‍‍‍‍කොටිකාවත්ත නාගහ මුල්ල ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගත් බව මාලඹේ පොලිසිය කියයි


රජයේ බෙහෙත් තොගයක් තේ වත්තකින් හමුවෙයි
2025 අප්‍රේල් මස 26 166 0

රජයේ රෝහල්වල හාවිතා කරනු ලබන බෙහෙත් තොගයක් හැටන් පුටිහිල් තේ වත්තට බැහැර කර ඇති බව වතු පාලන අධිකාරි හැටන් පොලීසිය වෙත දැනුම් දී ඇත.


චීන පටස් හපන්න ගිය දන්ත වෛද්‍යවරිය රෝහලේ
2025 අප්‍රේල් මස 26 954 0

අවුරුද්දට පුතා ගෙනා චීන පටස් එකක් දත්වලින් හැපීමට ගිය මවක බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බව පානදුර පොලිසිය


උතුරට අහිමි වූ හැම දෙයක්ම ආපහු දෙනවා
2025 අප්‍රේල් මස 26 245 0

යුද්ධය නිසා උතුරේ ජනතාවට අහිමි වූ නැවත ලබා දිය හැකි සෑම දෙයක්ම ජනතාවට ලබා දීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වේ
2025 අප්‍රේල් මස 26 581 0

2024 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව මීට සුළු වේලාවකට පෙර නිකුත් කළේය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 875 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 392 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 547 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site