හොරිවිල පාරම්පරික කැඩුම් බිදුම් වෙදගෙදර හා උතුරු මැද පළාත් සභාව එක්ව නව ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කළ ‘හොරිවිල ගම ගෙදර‘ පාරම්පරික සංචාරක හෝටලය සහ දේශිය වෛද්‍ය මධ්‍යස්ථානය අද (11) විවෘත විය.
පාරම්පරික හොරිවිල වෙදදුරු ශාන්ත සෙනවිරත්න මහතා ඊට මුල්විය.
දේශිය ආයුර්වේද පංච කර්ම නේවාසික ප්‍රතිකාර සංචාරකයන්ට පැරැණි ගම්මානයක ජීවත් වන පරිසරයක නිවාඩුවක් ගත් කිරීමට ආදී ගැමි කෙම් ක්‍රම හේන් ගොවිතැන් ,පැල් රැකීම් , ආදී දෑ අත්දැකීම් ලබා දීමටද‘හොරිවිල ගම ගෙදර‘ අරමුණ වන බව සෙනවිරත්න මහතා කියයි.
මෙහි ඇති කාමර පැරැණි පොල්අතු මැටි ගෙවල් ක්‍රමයට තනා ඇති අතර දිය නෑම සදහා ගස්වලින් ජලය එන ක්‍රමයට සකසා ඇත.
හොරිවිල වැව ඉස්මත්තේ හේන් ගොවිතැන් පිහිටි ස්ථානයක මෙය පිහිටීමද විශේෂත්වයකි.
හබරණ අනුරාධපුර මාර්ගයේ පලුගස්වැව හොරිවිල දුම්රියපොළ මාර්ගයේ හොරිවිල වැව අසල මෙම මධ්‍යස්ථානය පිහිටා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙදකම දෙවෙනි තැනට වැටෙයිද කියල බයත් හිතෙනව මටනම්. තත්තා කල උතුම් සේවය දිගටම කරගෙන ගියානම් නේද හොඳ. (නදී)
නියම වැඩක්. ඇත්තටම ගොඩක් සතුටුයි (නි)
මේවා ඇත්තටම ගොඩක් හොද වැඩ (නි)
ඇත්ටටම මේක ගොඩාක් හොද වැඩක්.ගමේ රටේ යහපත වෙනුවෙන් වැඩක් වෙනවා වගේම,ගමට හානියක් නොවෙන ව්දිහට රටට යහපටක් වනවා නම් මම ගොඩාක් සනතෝෂයි.මොකද හොරිවිල කියන්න මගෙ ගම.හොද නම්බුවක් තිබෙන පාරම්පරික ගමක් (නි)
ඇයි, චන්දි අක්කේ අවසාන කාලයට විතරක්? දැන් ආශාවක් නැද්ද? මැද පෙරදිග දුක් විඳින්න අවශ්‍ය නැහැනේ? (නි)
හොරිවිල වෙදකම් ඉතාම හොදයි.හෝටල් ක්‍රමයට ඕනෑ නැහැ. වෙදගෙදර පහසුකම් ඇතිකළා නම් හොදටෝම ඇති. මැරුණු වෙද මහතා සල්ලි බලාගෙන නෙමෙයි වෙදකම් කළේ (නි)
රකිත් මල්ලි, මං ලස්සන ගෙයක් හදලා තියෙන්නේ. තව ගේක වැඩ භාගයක් කරලා , මොකද පුතාලා දෙන්නෙක්නෙ ඉන්නේ.ඒ වුණාට මල්ලි මේ වගේ ගේක ඉන්න ආසයි, හරිම සීදේවි ගෙවල් ටික (නි)
මෙහෙම හොඳ වැඩක් තියෙද්දී ශිරානි වගේ අයගේ අසුබ අදහස් කිමද ? එයාගේ ඇඳේ පැදුරේ මකුණෝ හිටියට මේවයේ එහෙම නෑ. යන්න පුළුවන් අයට හොඳ අවස්ථාවක්. (ස)
හැබැයි ගියාට කමක් නැහැ. පොලිතින්, අරක්කු බෝතල් හෙම ගෙනියන්න එපා හොඳේ. (ස)
මනාපයක් නැතුවාම නෙමෙයි චන්දි, මම මනාපයි! සිය දහස් වාරයක්! ඒත් මට තියෙන ගැටලුව ජීවිතේ අවසානේ කාලේ මොකටද? දැන් නැතුව! (ස)
මැටි ගෙයක ඉන්න ලංකාවටම එන්න ඕන නැහැ.ඔය නෝනලා මහත්වරු ඉන්න රටවලම මැටි ගෙවල් හදාගන්න පුළුවන්නෙ.අන්තිම කාලේ ලංකාවෙ ඉන්නවට වඩා ඔය රටවලම ඉන්න එක හොඳයි මම දන්න විදියට.ඔය රට වල මහලු පුරවැසියන් බලා කියා ගැනීමට හොඳ වැඩපිළිවෙලවල් තියෙනවා.මෙහේ නම් කොයි වෙලාවේ මහපාරට වැටෙයිද කියලා විශ්වාස නැහැ.දරුවො බැලුවේ නැත්නම් අතේ සල්ලි නැත්නම් බඩගින්නෙ මැරෙන්න තමයි වෙන්නෙ. (ස)
නියමයි (නි)
අන්න කුමාරිට තේරුනා.., මං කීවෙත් ඒ කාලේ තමා (දරුවෝ බැලුවේ නැත්නම්) මොකද පුතාලම දෙන්නෙක් ඉන්න මට මොනවා වෙයිද කියල දන්නේ නැති නිසා .., රත්නායක මහත්තයටත් වැටහෙන්න ඇති මයේ හිතේ තියෙන දේ ,එහෙම නේද මහත්තයෝ.....? (ස)
මේ ගෙවල් අවට තියෙන්නේ කොහොඹ, කරපිංචා වගේ බෙහෙත් ගස් වගේ. අනේ වාසනාවන්. මමත් ආසම පරිසරයක්. පොල් අතු වහලයි, මැටි බිත්තියි නිසා පුදුම සනීපයක් ඇති. (ස)
මං ඉන්න රටේ නම් මැටි ගෙවල් නැහැ, තට්ටු 10,12 තියෙන බිල්ඩින් තමයි තියෙන්නේ. මේ පින්තුර ටික දැකල මෙයාලට හරි සතුටුයි. හරිම ලස්සනයිලු....!! (ස)
චන්දි, ඔයාගේ හිතේ තියෙන දෙය මට හොඳටම වැටහෙනවා. ඒක නිසාම තමයි මම කිව්වේ ජීවිතේ අවසානේ කාලේ මොකටද? දැන් නැතුව! (ස)
ඔබට ගොඩාක් පින් (දී)
මගේ ජිවිතේ පටන් ගත්තෙත් මෙවැනි පැලකින්,ජිවිතේ අවසන් ටිකත් මේ වගේ ලස්සන පුංචි පැලකින් අවසන් වේ නම් කොච්චර හොදද.....?බිමට ටයිල් අල්ලලා., වහලට ෂිට් දාල තියෙන ගෙවල් වලට වඩා මෙවැනි ගෙවල් සිදේවියි...!! (දී)
එහි මුල් වෙද මහතා හේරත් හාමි නොයෙක් අමාරු රෝග හොද කළ කෙනෙක්.මේවාට ප්‍රසිද්ධියක් නොලැබෙන නිසා මේ වෙදකම් පිළිබඳ ලෝකයා දන්නේ නැහැ. (නි)
අපේ හේරත් ගොයියත් ,ආ අතක් නැහැනේ ...!!ඇත්තටම මොකද වුනේ, මුකුත් කරදරයක් නම් නොවේවා ''කියා පතනවා (අ)
මට ශාන්ත සෙනවිරත්න මහතාගෙ ලිපිනය හරි දුරකතන අංකය හරි දන්න කෙනෙක් ඉන්නව නම් එවන්න පුලුවන්ද (දිල්)
මේවා දකිනකොට අපට හරිම සතුටුයි. කරුණාකර මට දුරකතන අංකය පළකරන්න (නි)
දැන් තිබෙන තට්ටු ගෙවල් වලට වැඩිය කොච්චර හොදද? මටත් 1ක් හදා ගන්න හිතුනා. (නි)
හොරිවිල මුල් වෙද මහතාගෙන් ඉටුවන සේවය අගය කළ දිවංගත ආර්.ප්‍රේමදාස මැතිතුමා,දිවයිනේ සතර දිග් භාගයෙන් ප්‍රතිකාර ගැනීමට එන රෝගීන්ගේ සුව පහසුව තකා හොරිවිල ගමට දුම්රිය පලක් ලබා දුන්නා. පසුව කුරුණෑගල - හොරිවිල දක්වා බස් සේවයක්ද ලබා දුන්නා. කොළඹ පළාතේ උදවියට ප්‍රතිකාර ගන්න වෙද ගමින් අවස්ථාව ලබා දුන්නා. වෙද පුතාගේ අලංකාර නවීකරණ වැඩ පිළිවෙලට ඉත සිතින් ශුභ පතමි (නි)
බොහෝ විදේශික සංචාරකයින් අපේ රටේදි බලාපොරොත්තු වෙන්නෙ මෙවැනි දේවල් නිසා කාලෝචිත වැඩක්. කොහොමත් හොරිවිල වෙද පරම්පරාව හොඳ නමක් තැබූ වෙද පරම්පරාවක් (නි)
මෙහි කාමර මිල ගණන් සහ කාමර ලබා ගන්නා ක්‍රමය පැවසීමට පුළුවන්ද? (නි)
මමත් 1981දී විතර බේත් අරගෙන තිබෙනවා. මගේ අත කෑලි 9 කට කැඩුනා. එහෙත් මගේ තාත්තා මාව හොරිවිල එක්කාගෙන ගිහින් බේත් කළා. මාසකෙට පස්සේ හොදටම හොද වුණා. හරිම උතුම් වෙද මහතෙක්. ඔබලාට පින් සිද්ධ වේවා! මතු ආත්ම වලදී කිසිම ලෙඩක් දුකක් නොවේවා! (නි)
කුමාරි,මටත් 1ක් හදා ගන්න හිතුනා.හරිම ලස්සනයි. (නි)
ගම්බද ප්‍රදේශයක ඔය වගේ පැල් කොටයක් අටවාගෙන මටත් යන්න හිතුනා. සත්තකින්ම හරිම ලස්සනයි. (නි)
මට ආසයි ලංකාවට අාවම මෙහි ගොසින් නිවාඩුවක් ගත කරන්න. කොහොමද මම කාමරයක් බුක් කරගන්නේ. කරුණාකර උදව් කරන්න විස්තර ඇත් නම්. (නි)
අනේ ඉතින් නිකම් පිටරට ඉන්නවා කියලා පෙන්නන්නේ නැතුව නිකම් බූක් කරන විදිය ඇහුවා නම් ඉවරනේ (නි)
ගම ගෙවල්වල තිබුණේ ඇද මකුනෝ ඉන්න පැදුරු නේද? (නි)
මගේ එකම ආශාව,මෙවැනි මැටි ගෙයක මගේ ජිවිතේ අවසන් කාලය ගෙවීමටයි.පිදුරු සෙවිකළ පැල් පතේ ඇති සාමේ නැත මහා මන්දිරේ... ටිකිරි හසරැලි, බොළද සිතුවිලි මෙහි තිබේ හොද ආදරේ..// කැළෑ මල්වල සුවද දීගෙන , හමන මදනල වාසනාවන්.., දුරින් ඉද එන කුරුළු ගී හඩ නැති කරයි හද වේදනාවන්...,!!! (නි)
මේ වේද මහත්තයාට නිදුක් නිරෝගී වේවා (දී)
පලමු කොමෙන්ටුව දාපු ශිරානි නෝනා......... මතකතියාගන්න, ගම ගෙවල්වල තිබුනෙනෑ ඇද මකුනෝ ඉන්න පැදුරු...... ඒව තිබුනෙ ඔයාල වගෙ පර සුද්දියො ඉන්න, බංකොලොත් මාලිගාවල. හොරිවිල මුල් වෙද මහතා, හරිම උතුම් වෙද මහතෙක්. ඔබලාට පින් සිද්ධ වේවා! මතු ආත්ම වලදී කිසිම ලෙඩක් දුකක් නොවේවා......! (දී)
ශිරාණි වගේ ගමට ගරහන එඋන්ට මකුනොම කවන්න ඕනේ හොඳ දේවල් දකින නැති අය මකුනෙක්ම වෙලා ඉපදේවා (දී)
ගමේ දුවිලි සුවද වැදුනත් අපිට නම් සැපයි .....!! මේ වේද මහතුන් ගැන නම් මා නොදනිමි....!!(දිල්)
ශිරාණිගේ ඔලුවේ උකුණෝ ඒකයි කෑගහන්නේ(දිල්)
ඇත්තටම හරිම නිස් කලංක පළාතක්. මටත් ආසා හිතුනා ඒ ගෙවල් ටිකට (නි)
චන්දි 2013-11-11 20:13:15 මගේ එකම ආශාව,මෙවැනි මැටි ගෙයක මගේ ජිවිතේ අවසන් කාලය ගෙවීමටයි.පිදුරු සෙවිකළ පැල් පතේ ඇති සාමේ නැත මහා මන්දිරේ... ටිකිරි හසරැලි, බොළද සිතුවිලි මෙහි තිබේ හොද ආදරේ..// කැළෑ මල්වල සුවද දීගෙන , හමන මදනල වාසනාවන්.., දුරින් ඉද එන කුරුළු ගී හඩ නැති කරයි හද වේදනාවන්.(දිල්)
රත්නායක මහත්තයා මගේ අදහසට මනාප නැතුවද?එහෙම නැත්නම් මනාපද? (නි)