IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


හර්ෂණ - ශෂිකා මහ සම්මාන දිනති

රාජ්‍ය සංගීත සම්මාන උළෙල ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහලේදී පැවැත්වුණු අතර එහිදී වසරේ ප‍්‍රශස්තතම ගායන ශිල්පියා ලෙස හර්ෂණ දිසානායකත්, ප‍්‍රශස්තතම ගායන ශිල්පිනිය ලෙස ශෂිකා නිසංසලාත් රාජ්‍ය සම්මාන ලැබූහ.

හර්ෂණ දිසානායක ගැයූ ‘සරස්වතී දේවී’ හා ශෂිකා නිසංසලා ගැයූ ‘සුනිල නෙත් පොකුණේ’ ගීත  වෙනුවෙන් ඔවුනට එම සම්මානය හිමිවිය.

හොඳම නවක ගායකයා ලෙස ‘සසරේ පතා’ ගීතය ගැයූ ඩී. අසිත් චනුෂ්ක අතපත්තු සම්මාන ලැබූ අතර හොඳම නවක ගායිකාව ලෙස සම්මාන ලැබූයේ ‘තුන්මංසලක’ ගීතය ගැයූ නිලක්‍ෂි ගුණතිලකය.

වසරේ ප‍්‍රශස්තතම ගීත රචනයට හිමි රාජ්‍ය සම්මානය ‘නාගසින්නම් හඬ අහන්නට’ ගීතය රචනා කළ ටී.එම් අසංක රුවන් සාගරට හිමිවූ අතර ප‍්‍රශස්තතම ගී තනු නිර්මාණයට හිමි සම්මානය හිමි වූයේ ‘ඔබ සහ මම’ ගීතයේ තනු නිර්මාණය කළ ඩී.ඒ ශාමින්ද නිරෝෂන් කුමාරටය.

ප‍්‍රශස්තතම ගී සංයුක්ත තැටියට හිමි සම්මානය ‘අහස’ සංයුක්ත තැටිය නිෂ්පාදනය වෙනුවෙන් රවී සිරිවර්ධන දිනා ගත්තේය.

සංගීත අධ්‍යාපන ක්ෂේත‍්‍රය වෙනුවෙන් ඉටුකළ මෙහෙවර අගයා පිරිනැමෙන වින්සන්ට් සෝමපාල අනුස්මරණ සම්මානය මහාචාර්ය සනත් නන්දසිරිට ද, මහගම සේකර අනුස්මරණ සම්මානය සුනිල් සරත් පෙරේරාට ද, සුනිල් සාන්ත අනුස්මරණ සම්මානය සුජාතා අත්තනායකට ද ආදී වශයෙන් සම්මාන රැසක් එහිදී පිරිනැමිණි.

අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී නාවින්න මහතාද මෙම අවස්ථාවට සහභාගී විය.

GLA_7219harshaGLA_7202 sashiGLA_71941a622 6b622 GLA_7016 GLA_7025 GLA_7064 

 



අදහස් (0)

හර්ෂණ - ශෂිකා මහ සම්මාන දිනති

චන්දවිමල හිමි Thursday, 23 June 2016 02:44 AM

හර්ෂණ මෙම සම්මානයෙන් පිදුම් ලැබීමට ඉතා සුදුසුය. මෙය ඔහුගේ සුපසන් සංගීත දිවියට තවත් පිටුවහලක් වේවි. සුභාවිත ගීතය පෝෂණයට දායකවන හර්ෂණ ලංකාවට සම්පතකි. අපි ඔහුව රැකගත යුතුය. (නි)

:       0       0

කේෂලා Thursday, 23 June 2016 02:54 AM

අපෙන් උණුසුම් සුබ පැතුම්...!!!! ඉදිරියට කරගෙන යන කලා ගමන සාර්ථක වේවා...!!!!! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලින්ට බයේ මුළු පවුලම ගහක් උඩ
2024 ඔක්තෝබර් මස 04 6 0

නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන


ලංකාවට කොරියා එක්සීම් බැංකුවත් සහය දෙයි
2024 ඔක්තෝබර් මස 04 25 0

ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.


ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 920 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


දිනේෂුත් ගෑස් සිලින්ඩරයෙන් එයි
2024 ඔක්තෝබර් මස 03 1365 0

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට


බදු බරට සහන දෙන බව ජනපති මූල්‍ය අරමුදලට කියයි
2024 ඔක්තෝබර් මස 03 2038 0

ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න


අනුරට එජා මහලේකම් සුබ පතයි
2024 ඔක්තෝබර් මස 03 504 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38800 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25480 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1002 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site