IMG-LOGO

2025 අප්‍රේල් මස 30 වන බදාදා


හීලෑ චීටා ප‍්‍රහාරයට හේතු සොයයි ”මද කිපුණු චීටා දෙනක ළඟ ඉඳලා”

ස්කොට්ලන්තයේ ඇබර්ඞීන්හි වයලට් ඞී. මෙලෝ සිය හැට වැනි උපන් දිනය සැමරීමට සිය සැමියා වන ආර්චි (64) සමග දකුණු අප‍්‍රිකාවේ ක්රාගා කම්මා සතුන්වත්තට ගියාය. එය සැමියාගේ උපන් දින තෑග්ගයි. එහි හීලෑ චීටාවකු සමග පින්තූරයක් ගන්නට ගිය වයලට් දුටුවේ චීටාවකු අට හැවිරිදි දැරියකට පහර දෙන බවයි. ඇය බේරා ගැනීමට ඉදිරිපත් වූ වයලට් වෙත තවත් චීටාවෙක් කඩා පැන්නේය. ඇය බිම පෙරළාගෙන සපන්නට හූරන්නට විය. ඒ වන විට ඇගේ සැමියා සිටියේ සතුන් සිටි කූඩුවෙන් එළියේය. ඔහුට කළ හැකි එකම දේ වූයේ බිරියට පහර දෙන චීටාගේ පින්තූර ගැනීම පමණි. ලේ ගලමින් සිටි දරුවා බේරාගන්නට යද්දී ඇගේ ඇඟට චීටාවකු පනිද්දී ඇය ක්‍ෂණික තීරණයක් ගත්තාය. ඒ අනුව මළ කඳක් සේ ඇය සිටියාය. ”දඟලන්න එපා. දඟලන්න එපා. මියගිය විදියට ඉන්න” යනුවෙන් මා මටම කියා ගත්තා” ඒ අනුව රඟපෑවා යැයි ඇය පසුව කීවාය. උද්‍යාන සේවකයෝ වහා එහි අවුත් වයලට් බේරාගෙන රෝහල්ගත කළ අතර ඇගේ හිසට මැහුම් කිහිපයක් ද දැමිණි. හොඳටම හීලෑ සතුන් වන චීටාවුන්ගේ මේ හැසිරීමට හේතුව පැහැදිලි නැතත්, මඳකිපුණු චීටා දෙනක යා බද කූඩුවේ සිටීම එක් හේතුවක් විය හැකි යැයි කියති.



අදහස් (0)

හීලෑ චීටා ප‍්‍රහාරයට හේතු සොයයි ”මද කිපුණු චීටා දෙනක ළඟ ඉඳලා”

ෆාරු Wednesday, 09 May 2012 11:19 AM

අහුන්ගල්ල වගේ තහනම් කරයිද දන්නේ නෑ.

:       0       0

ආර්.ඒ.සිසිල් රාජපක්ෂ, බහරේන් සිට Wednesday, 09 May 2012 11:41 AM

පිස්සු හැදෙන සද

:       0       0

රොෂාන් කොඩිකාර Wednesday, 09 May 2012 02:06 PM

අහුංගල්ලේ හිටියේ හීලෑ කරපු සතුන් නෙවෙයි. මත් ද්‍රව්‍ය දීලා මත් වෙලා හිටපු සත්තු හිටියේ.

:       0       0

මාධව Wednesday, 09 May 2012 07:56 PM

වෙලාවකට හරිම හීලැයි.වෙලාවකට හිතා ගන්නත් බෑ කරන දේවල්. හරියට අහවල් දිහෑ මෙම්බර් මහත්වරු වගේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

හෙට විශේෂ ආරක්ෂාවක්
2025 අප්‍රේල් මස 30 29 0

ලෝක කම්කරු දිනයනිමිත්තෙන් හෙට (1) විශේෂ පොලිස් ආරක්ෂාවක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසයි.


අද සිට ජන්ද කාඩ් ළගම තැපැල් කාර්යාලයෙන්
2025 අප්‍රේල් මස 30 39 0

තැපැල් මගින් නිල ජන්ද දැන්වීම් පත්‍රිකාවක් මෙතෙක් නොලැබුණු ජන්දදායකයින්ට අද (30) සිට තමන්ට ලිපි බෙදීම සිදුකරන තැපැල් කාර්යාලයෙන් හෝ උප තැපැල් කාර්යාලය


තැනින් තැනට සවස් කාලයේදී වැසි
2025 අප්‍රේල් මස 30 40 0

දිවයිනේ බොහෝප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මහජන සෞඛ්‍ය පරීක්ෂඛ අල්ලස් දැලේ
2025 අප්‍රේල් මස 30 576 0

රුපියල් 6000/= ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගත් බව බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් ස


ක්ලෝරින් කාන්දු වී පස්සර රෝහල වැසෙයි
2025 අප්‍රේල් මස 30 385 0

පස්සර නගරයේ ජල පිරිපහදුව සදහා භාවිතා කළ ක්ලෝරීන් සිලින්ඩරයක හදිසියේ ඇතිවූ කාන්දුවකින් සිව්දෙනකු රෝගී වූ බවත් එම රෝහලේ නේවාසික රෝගින් සියලුම දෙනා රෝ


හිටපු ජනපතිවරු හතරක් වැඩි වාහන බාර දෙති
2025 අප්‍රේල් මස 30 1946 0

හිටපු ජනාධිපතිවරුන් පස්දෙනාගෙන් සිව් දෙනකු ඔවුන් පාවිච්චි කළ වැඩිපුර වාහනය මේ වන විට ජනාධිපති කාර්යාලයට බාරදී ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳ


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 151 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 39 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1074 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site