ජංගම දුරකතනයක බැටරිය අස්සේ රන් කුටිටියක් අලවාගෙන දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට ශ‍්‍රී ලාංකිකයෙකු ගත් උත්සාහයක් රේගු නිලධාරීහු අද වැලක්වූහ.
පිටකොටුවේ පදිංචි විදුලි උපකරණ ව්‍යාපාර හිමියෙකු බව කියන සැකකරුට රුපියල් පනස් දහසක දඩ නියම කළ රේගුව එම රන් කුට්ටිය රාජසන්තක කළේය.
අත් අඩංගුවට ගනු ලැබු රන් කැබැල්ලේ බර ග‍්‍රෑම් සීයක් වන අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ පහකි.
රේගු මාධ්‍ය ප්‍රතාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේ සැකකරු අත්අඩංගුවට ගන්නා විට ජංගම දුරකතනය ක‍්‍රියා කළ බවත් බැටරිය ගලවා බැලීමේදී එයට යටින් රන් කුට්ටියක් අලවා තිබු බවයි.
මේ පිලිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධයක්ෂක ඒ.කේ.එන් වික‍්‍රමසිංහ මහතාගේ මෙහෙයවීමෙන් රේගු අදිකාරීවරුන් වන මලිත් පෙරේරා, ඉන්ද්‍රා උක්වත්ත සහ සහකාර රේගු අධිකාරීවරුන් වන නුවන් අබේනායක, මංජුල කුමාර, ලලිත් දුෂ්‍යන්ත, සිසිර පෙරේරා, හිමාලි ලොකු බාලසුරිය යන නිලධාරීහු සිදු කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සරත් මහත්තයෝ දැන් නම් ඉන්දියා යන හැමෝම අනිවාර්යෙන්ම විශේෂ සෝදිසියකට යොමු කරන්නම වෙනවා. (නදී)
ගුද මාර්ගය ආදායම් මාර්ගයක් කරන් ඉවර වෙලාද මොබයිල් එකට බැහැලා තියෙන්නේ? (නදී)
දැන් නම් බැටරි බැහැලා ඇති නේද? (නදී)
ලංකාවේ රත්තරන් මෙච්චර ගණන් අඩුද?(නදී)
අපරාදේ මේ වගේ යට සුලු දඩයක් ගහන්නේ රන් වටිනාකම වගේ 10 ගුනයකවත් දඩයක් ගහන්න තමා තිබුනේ.(නදී)
මේ රන්කුට්ටිය ගෙන ගියානම් මෙයාට රුපියල් 60000/ලාභයක් ලැබෙනවලු. කලයුතු හොදම දෙය ලංකාවේ රන්මිල තරමක් ඉහල දැමීමයි.(නදී)
වී අයි පි එක පැත්තෙන් එතෙර යන අය සෝදිසි කළා නම් නේද හොද? (නදී)
අයියෝ ගයන්, ඔයා කියන්නේ දහගුනයක් දඩ ගහන්න ඕනේ කියලද? කෝ සල්ලි (නදී)
විකී, අහන්නත් සතුටුයි. ඔබ ඇතුළු මිතුරු පිරිසට සුබ පැතුම්! රේගුවෙන් දිනපතා අහන්න ලැබෙන පුවත් ඉතාම ප්‍රිය ජනකයි. (නදී)
ඒකත් එහෙනම් අර පැත්තේ ගොඩට වැටුනා. ඉදලා හමාරයි.(නදී)
ගහන්න තියෙන හැම තැනම ගහලා දැන් ජංගම දුරකතනය අස්සේ ගහනවා. දැන් දිනපතාම දකින්නේ ලංකාවෙන් රන් හොරට පිට කරන අයගේ පුවත්. එහෙත් අසු නොවන ප්‍රමාණය කොපමණද ? (නදී)
ඇයි රත්තරන් මෙහෙම වෙන්නේ?(නදී)