ලක්ෂ්මන් හිල්මි වේදිකා සංගීතයට නැතුව බැරි ගායකයෙක්. ගායකයෙක් මෙන්ම ගීත නිර්මාපකයෙකු වන ඔහුගේ නවතම ගීතයක් එළිදැක්වීමට සූදානමෙන් සිටිනවා. ඒ පිළිබඳව "සාරවිට" අපත් සමග මේසේ පැවසුවා.
"මගේ අලුතින් ගීතය තමයි "දුක සේදෙන්න වැහැපන් වළාවේ" කියන ගීතය. ඒ ගීතය සික්ස් එයිට් රිදම් එකේ ගීතයක්. දැන් ඇහෙන ඒකාකාරී සංගීතයත් එක්ක බලපුවහාම ඒ ගීතයේ ලොකු වෙනසක් තියෙනවා. මම ඒ සිංදුවේ සෑහෙන ලොකු වෙනසක් කළා. ඒකේ තනුව මම නිර්මාණය කරලා හැදුවේ. ඒක තමයි මේ දවස්වල අලුත්ම ගීතය. ඊට අමතරව කිංස්ලි පීරිස්ට, එඩ්වඩ් ජයකොඩි වැනි අයට ගීත කිහිපයක් කළා. සංගීත ප්‍රසංග සඳහාත් දායක වෙනවා. ස්ටූඩියෝ එකේ වැඩ කටයුතු කරගෙන යනවා.
"මගේ ගීත මුල්කාලයේදී කැසට්පට සහ සීඩී හරහා ඇවිල්ලා 2001 වසරේදී වගේ දිගටම වගේ ඇසුණා. ඉතිං තාම ඒ ගීත ප්‍රදර්ශනය වෙනවා. අලුත් සිංදු මම කළාට ඉස්සර වගේ ගුවන් විදුලියේ එහෙම අහන්න ලැබෙන්නේ නැහැ. ඒ පිළිබඳව මම හිතන්නෙත් නැහැ. මං ගාව මගේ ජනප්‍රිය ගීත ගොඩක් තියෙනවා. ඉතිං අලුත් ගීත මම ප්‍රසංග වේදිකාවේ ගායනා කරනවා. ප්‍රංසග වේදිකාව තුළින් ඒවා වීඩියෝ වෙලා ගිහිල්ල අනෙක් අයටත් අහන්න ලැබෙනවා. මේ දවස්වල "නිල් නෙතු", "සින්නක්කර පෙම්පත" වැනි ගීත ඇවිල්ලා තියෙන්න වේදිකාවෙන්. බොහෝ නිර්මාණ කළත් ගොඩක් එළියට ආවේ නැහැ. මොකද ගීත සඳහා මම වීඩියෝ නිර්මාණය කරන්නේ නැති නිසා. මට හැමදාම හිටපු ගුවන්විදුලි නාළිකා අදටත් ආදරෙන් සලකනවා. ඉතිං ඒ තුළ අදටත් ජීවත්වෙනවා."
ඩිලාන් ක්‍රිෂාන්ත
ලිට්රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස චන්න ගුණවර්ධන මහතා පත් කර තිබේ.
මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද( 1) අඹේපුස්ස කීනදෙනිය දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී සොයා ගත් බව මීරිගම පොලිසිය කියයි .
අක් මුදල් නිදහස් කිරීම සඳහා පවතින සීමාවන් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත .
ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලන්ගමුව මහතාත් ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ඒ. ඒ. ජේ. ප්‍රනාන්දු ම
කරුවලගස්වැව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල ප්‍රදේශයට අයත් මූණමල්ගස්වැව ශ්රී සුබෝධාරාම විහාරස්ථානයේ අභිනව විහාරමන්දිරය ඉදිකිරීමට ආධාර පිණිස සංවිධානය
කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට, ජපානයේ පාලක ලිබරල් පක්ෂයයේ නව නායකයා මෙන්ම, නව අග්‍රාමාත්‍යවරයා ද වන 67 හැවිරිදි ෂිගුරු ඉෂිබා තීරණය කර ඇත.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හිල්මිගේ 'දුක සේදෙන්න වැහැපන් වළාවේ'