පාසල් වාරය ඇරැඹිමත් සමඟ පාසල් දරුවෝ යළිත් ආරක්ෂාව පිළිබදව බරපතල ප්‍රශ්නයකට මුහුණ දුන්හ.
දඹුල්ලේ ජාතික පාසලට හා ප්‍රාථමික පාසලට දරුවන් යතුරු පැදිවලින් රැගෙන ආ වැඩිහිටියන් හෙල්මට් පැළද සිටි නමුත් දරුවන් හෙල්මට් පැළද සිටියේ නැත.
පොලිසියද බලා සිටියදීම නීතී කඩන මව්පියන්ට එරෙහිව නීතීය ක්‍රියාත්මක නොවන සැටියකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ පොලිස් නිළධාරිනිය තමන්ගේ රාජකාරිය හරියටම දැනගෙන එම ස්ථානයේ රාජකාරිය කරන කෙනෙක්. එතන රාජකාරිය වාහනවල සහ රියදුරන්ගේ හරි වැරදි බලන එකවත්,හෙල්මටි දාලද නැද්ද බලන එක නෙවෙයි පාර මාරුවෙන ළමයින්ගේ ආරක්ෂාවයි. ඔය කියන හෙල්මට් රාජකාරිය ඔතන කරන්න ගියොත් ළමයි තුන් හතර දෙනෙක් වාහනවලින් යට කරගෙන යයි.(නදී)
මේ නිලධාරීතුමිය නිවැරදිව තමන්ගේ රාජකාරිය කරනවා. නීතිය පුරවැසියාගේ යහපත සදහා භාවිතා කරන අවස්ථාවක්. (නදී)
තිලක්-ඩුබායි, සතුටු වෙනවා ඔබගේ බේරීම ගැන. ඒත් අපේ සමහර අයියල ලොකු කම පෙන්නන්න හෙල්මට් එක අතේ දා ගෙන නේ බයික් එකේ යන්නේ. මීට අවුරුදු එකහමාරකට විතර කලින් දන්නා කියන කෙනෙක් මොරටුවේ අතුරු පාරකදී බයික් එකෙන් වැටිලා මැරුණා දවස් තුනක් දුක් විඳලා. අවුරුදු 26 ක කොල්ලෙක්. රස්සාවට ගිහිල්ල ගතවුනේ මාස කිහිපයයි. අපිට ඒක තාමත් කම්පනයක්. රටේ නීතියක් තියනවද අරවද මේවද හොයන්න ඕනේ නැහැ. තමන්ගේ සහ පවුලේ ආරක්ෂාවට මුල් තැන දෙන්න. (නදී)
පොඩි මිනිහා වරදක් කලාම ඒවා අල්ලන්න ඕන තරම් කට්ටිය ඉන්නවා ලොකු මිනිස්සු වැරදි කලාම (දී)
රටක නීතියට සියල්ලෝම හිස නැමිය යුතු බව මතක තබා ගන්න (දී)
තාත්තා විතරක් බෙරුනාම ඇති (දී)
ඕකනේ කියන්නේ මිනිස්සුන්ව බැහැ කියලා (දී)
මෙතන දාල තියන අදහස්වලින් බොහොමයක් දෙනා පොලිස් නිලදරිනිය විවේචනය කරලා තියෙන්නේ නමුත් එයාල මේ ටිකත් මතකතියගන්නවනම් හොදයි. පාසලක් ළඟ පොලිසියෙන් දාන්නේ පාර මාරුවෙන දරුවන්ගේ ආරක්ෂාවට මිසක් හෙල්මට් අල්ලන්න නෙමෙයි නේද. දෙමවුපියෝ දැනගන්න ඕන දරුවන් ආරක්ෂා කරගන්න. අනික 89, 90 අවුරුදුවල හෙල්මට් තහනම් කරලා තිබුනේ. කාගේ ආරක්ෂාව වෙනුවෙන්ද.(දී)
කවුරු මෙනවා කීවත් පලක් නැත. තමන්ගේ ආරක්ෂාව තමන්ම බලාගන්න වෙනවා.(නදී)
පෙනෙන විදිහට මෙතැන මේ නිලධාරිනියගේ රාජකාරිය පදිකයන් සහ වාහන හැසිරවීමයි. වැරදි අල්ලලා දඩ කොළ නිකුත් කිරීම ඒ මහත්මියට පැවරිලා නැති බව සාමාන්‍ය දැනුමක් ඇති කෙනෙකුට තේරුම් යනවා. හෙල්මට් නැතිව ගමන් කිරීමේ අවදානම, එදිනෙදා හදිසි හා කෙටි ප්‍රවාහන අවශ්‍යතාවයන් සපුරා ගැනීම, ත්‍රී රෝද රථයකට වියදම් කිරීමට තරම් වැඩිපුර මුදලක් නොතිබීම, කුඩා දරුවන්ගේ පළමු පාසල් දිනයේදී හදිසියෙන් පැන නගින ප්‍රශ්න වැනි කාරණා ගැන අප ප්‍රායෝගිකව තේරුම් ගන්න උත්සහ කල යුතුයි.(නදී)
රට වටේ හොරු ටික අල්ල ගන්න බෑරි පොලිසිය හෙල්මට් එකක් ගැන කතා කරල වෑඩක් නෑ. දෙමාපියො දෑන ගන්න ඕන දරුවන්ගෙ ආරක්ෂාව.(නදී)
මේ පෙන්වලා තියෙන්නේ අනාගත පරපුර රැකගන්න කියලා අනවශ්‍ය කතා හදලා දාන්න හොද නැහැනේ.(නදී)
හෙල්මට් පුතාලටත් ගන්න සල්ලි දෙන්න. පොත් බෑග් එක ගත්තෙත් ණය වෙලා.(නදී)
ශාන් හරියටම හරි. (දී)
මේ අහිංසක මිනිස්සු රේස් යන්නේ නැහැ. තමන්ගේ දරුවන්ව පරිස්සමින් ඉස්කෝලෙට අරගෙන යනවා. ඒක මේ ප්‍රදේශයේ පොලිසියේ නෝනා මහත්වරු දන්නවා. දැන් මේක අධ්‍යාපන ඇමති තුමා දැක්කොත් තවත් නිතියක් ගෙනෛයි.(නදී)
ශාන්, අද මම මගේ දරුවා එක්ක යද්දී ස්කූටි පෙප් වලිනුත් ගැහැණු උදවිය මාව ඉස්සර කරගෙන යනවා. ඒත් මගේ ඔලුව තාර පාරේ වැදුන විදිහ මට අමතක නැති නිසා ඉවසන් ඉන්නවා.(නදී)
හැමදාම හැමදේම පොලිසියට බැහැ. තමන්ගේ දරුවෝ තමන් බලාගන්න ඕනේ.(නදී)
කරැණාකරලා, මේ නිළධාරිනියට දොස් කියන්න එපා. එයා එතන ඉන්නෙ වෙන රාජකාරියකට, අනික කොහොමද ඔතනට එන 50කටත් වැඩි බයිසිකල් ගනනකට අවවාදයක්වත් දෙන්නෙ තනියම රාජකාරි කරද්දි. මේ කොමෙන්ට් දාල තියෙන අය නිකම් කථාකරන්නෙ ඒරොප්පෙන් ලංකාවට බැස්ස වගේ. මේ කියන මමත් මගෙ දරුවන්ව හෙල්මට් නැතුව ඉස්කෝලෙ ගෙනිහින් තියෙනවා. ඒත් දැන් මට හිතෙනවා මම කොච්චර වැරදිද කියලා. නමුත් නැතිබැරි කමට තමයි ඔක්කොම. මේ කිසිම දෙමව්පියෙක් තමන්ගෙ දරුවන්ව බයිසිකලේ ගෙනියන්නෙ නැහැ සල්ලි තියෙනවා නම්. වාහනයක යවනවා මිසක්. (නදී)
පොලිසිවලද නීතියට වඩා මනුෂ්‍යත්වයට ගරුකරන පුද්ගලයෝ සිටිති. ඔවුන් ඇතැම් විට යමෙකු හෙල්මට් නැතුව, ආදායම් බලපත්‍ර, රක්ෂණ සහතික හෝ වෙනයම් වරදකට අසුවන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර අවවාදකර පිටත්කර හරින අවස්ථාද ඇත. මෙම නිලධාරිනියද එවැනි කාන්තාවක් විය යුතුය. නමුත් අදින්පසු ඇයඑසේ නොවනු ඇත.(නදී)
විදුහල්පතිවරු, පාසල් සංවර්ධන සමිති, සහ පොලිස් ප්‍රජසේවා අංශය යන මේ ත්‍රිත්වයේ සම්බන්ධීකරණයෙන් දෙමව්පියන් දැනුවත් කිරීමේ වැඩ සටහනක් පහසුවෙන්ම ක්‍රියාත්මක කළ හැකිය. (නදී)
මේ දරුවෝ එන්නේ හැතැප්ම ගනනාවක් දුර ඉදලා නෙවෙයි ලග පාත ඉදලා. දෙමව්පියෝ දරුවා ගේන කොට බොහොම පරිස්සමින් එන්නෙ. මේ පොලිස් නිලදාරිනිය යොදවලා තියෙන්නේ රථ වාහන වැරදි වලට නෙවෙයි. (නදී)
අහන්නත් බලන්නත් අපිට ලැජ්ජයි (දී)
මේවාට එරෙහිව පියවර ගන්නේ නැද්ද (දී)
තාත්තලා බෙරුනාම ඇති (දී)
සම්පත්- බයික් එක්කක් ගන්න සල්ලි තියෙනවා නම් මොකද හෙල්මෙට් එක්කක් ගන්න බැරි (දී)
ඔයාල හැමෝම මෙතනදී පොලිසියටම වැරැද්ද පටවන එක වැරදියි. ඔයාල උනත් ඔයාලගේ ළමයි ගොඩක් දුරට බයිසිකලේ දගෙන යනකොට හෙල්මට් නොදාම නේද එක්කරගෙන යන්නේ.(නදී)
ප්‍රතිචාර දාලා තියෙන වැඩි දෙනෙක් බුද්ධිමත් කියලා මේක කියවනකොට පේනවා. අනුන්ට ඇගිල්ල දික්කරන්න ඉස්සරවෙලා තමන් රටේ නීතිය පිලිපදිනවාද කියලා බලන්න.(නදී)
කට කියන්ඩද මේවා ,,,,,,,,,,,,,,,,අහෝ දුකකි (දී)
දෙයක් වෙන්නම ඕනේ ඒ දේ වලක්වා ගන්න එක අපේ රටේ හැටිනේ ඉතින් (දී)
අනේ කරුණාකරලා පොලිසියට බනින්න එපා.. මේක දෙමවුපියන්ගේ වැරැද්ද. (දිල්)
දරුවන්ට දෙයියන්ගේ පිහිටයි , මේ නිලධාරියට නීතිය ගැන තව පාඨමාලාවක් කරන්ට කියන්න. (නදී)
ඔයාලට කොහොමත් පේන්නේ පොඩි අයගේ වැරදි නේ.(නදී)
මෙම පොලිස් නිලධාරිනියත් සමහර විට මවක් විය හැක. එබැවින් පාසැල ඉදිරියේ දරුවන් සමග පැමිණෙන මව්පියන්ට දඩ ගැසීමට වඩා මෙතන දී මව්පියන් දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව බුද්ධිමත් විය යුතුය.(නදී)
හෙල්මට් දාන්න ඕනේ නීතියෙන් බේරෙන්න නෙවෙයි ආරක්ෂාවට. ආර්ථික තත්වේ අමාරු බව ඇත්ත. ඒත් රුපියල් හත් අටසීයක් ඉතුරු කරගැනීම වෙනුවෙන් තමන්ගේ දරුවන්ගේ ආරක්ෂාව ගැන අවදානමක් ගන්න එපා.(නදී)
පුංචි ළමයින්ට හෙල්මට් නැතිව දඩ ගහපුවමත් බනින්නේ පොලිචියට නැතත් පොලිසියට. වැඩේ වැරදියි තමයි. ඒත් මහ වරදක් නැහැනේ.(නදී)
ආදායම් තත්වය ඉහල ගිහින් නැහැ ඒකයි මේ හෙල්මටයක් ගන්න වත්කමක් නැහැ. නීති නම් ඕන තරම් ලෝකයේ දාන්න පුළුවන්. (නදී0
අනේ ඔන්න ඔහේ නොදැක්කා වගේ ඉන්න පොලිස් නෝනේ.(නදී)
මුළු ලංකාවෙම මෙහෙම තමයි ළමයින් ගෙනෙන තාත්තලා ප්‍රවේසමෙන් ළමයින් රැගෙන එනවා. මාරවිල පැත්තේ පදවන අය පමණයි හෙල්මට් දමන්නේ බොරුනම් ගිහින් බලන්න. (නදී)
යතුරු පැදි වලින් පාසල් පැමිණෙන ළමයින්ට සුදුයි නිලුයි ඉරී දෙකක් ගහලා නෙළුම් මලක් ඇදපු හෙල්මට් බෙදාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ කොරොත් මොකද ? (නදී)
මම මේකේ කිසිහ වැරැද්දක් දකින්නේ නැහැ. මේ පොලිස් නෝනා මාණුෂිකව හිතන අම්මා කෙනෙක්. මේක නිසා මෙයාගේ රැකියාවටත් තට්ටු වෙයිද? (නදී)
ළමයින්ට හෙල්මට් ඕනේ නැහැ. පාසල් යන අයට ඕනේ නැහැ. හෙල්මට් තියාගන්න තියෙන ප්‍රස්නෙයි, පොඩි හෙල්මට් වල ප්‍රමිතියයි ඒකට හේතුව.(නදී)
යම් අනතුරක් සිද්ද උනාම නීති පනවනවා. විරුද්ද පක්ෂත් කෑ ගහන නිසා කොහොමටත් නීතියක් ගෙනාවා. යමක් වෙන්ට කලින් අවදානම සහ අනතුර ගැන දැනුවත් කරලා දින නියමයකින් පසු හෙල්මට් නැතුව ළමුන් ගෙන යාමත් පවුල් පිටින් යතුරු පැදි ධාවනයත් තහනම් කල යුතුමයි. ළමයාගේ ඉල්ලීම මත තාත්තා යනවා නෙවෙයි. තාත්තාගේ උවමනාවට ළමයා ගෙනයාමයි මෙහිදී වෙන්නේ. (නදී)
මෙන්ඩිස් මහතාගේ කතාව තමා මේකට මුලික හේතුව. මේක කොළඹ නෙමේ දඹුල්ලලු. තමන්ගේ වී ටික, එළවලු ටිකට හරි මිලක් ඉල්ලලා අඬන මිනිස්සුන්ගේ දරුවෝ ඔය පාසලට දාගන්නත් ඔය මිනිස්සු ගොඩක් දුක් විඳිනවා. ඒක අපට වඩා මේ නිලදාරිනිය දන්නවා.(නදී)
කාට කියම්ද මේ අවනඩුව.? (නදී)
දරුවා ගැන හිතලා මීට වඩා බුද්ධීමත් විය යුතුයි නේද?(දිල්)
දරුවන්ගේ ආරක්ෂාව ගැන සිතිය යුතුයි (දිල්)
පොලිසයේ අයට මේවා පේන්නේ නැද්ද?දරුවන්ගේ ආරක්ෂාව ගැන මීට වඩා සිතිය යුතුයි (දිල්)
ඇතැම් මව්පියෝ තම දරුවන්ගේ ජීවිත ගැන නොසැලිකිලිමත් බව මේ රුප රාමුවලින් පෙනී යනවා.ඇතැම් පොලිස් නිලධාරීනුත් නීතිය ගැන තැකීමක් නැති බවත් පෙනෙනවා.(දිල්)
දඹුල්ලේ විතරක් නෙමෙයි ලංකාවේ අනෙක් පාසැල් වලත් මෙහෙම වෙනවා.(නදී)
ජෙරාඩ් මිත්‍රයා මම ඔබ සමග සම්පුර්ණයෙන් එකග වෙමි. අමතක කරන්න එපා මේ නිල ඇඳුම තුල සිටින්නේ ලෙයින් මසින් පිරි මනුස්සයෙක් බව. මේ දෙමව්පියෝ මෙයට වඩා තමන්ගේ දරුවෝ ගැන කල්පනා කළ යුතු වෙනවා.(නදී)
කුඩු කන්ටේනර් ගෙන්වනකොට නැති නීතිය හෙල්මට් එකට මොකටද? (නදී)
ලංකාවේ අය හිතන්නේ අනතුරු වෙන්නේ තමන්ට නොවෙයි අනුන්ටයි කියලා. දෙලෝ රත්වෙන්නේ මොකක් හරි උන දවසට.(නදී)
හොඳ නැත්ද පාසලෙන් දරුවන්ට හෙල්මට් අරන් දුන්නොත්? (නදී)
මෙන්ඩිස්, මගේ 250 සී.බී.ආර් යතුරු පැදියේ 120 ට ගිහිල්ලත් මගේ ජීවිතේ බේරුනේ මුහුණ වැසුණු වටිනා හෙල්මට් එකක් පැළද ගෙන හිටිය නිසයි. මහා පාරේ තාර පොලවේ දෙපාරක් ඔලුව වැදුන විදිහට අදටත් මම පුදුම වෙනවා ජීවත් වෙන්න වාසනාව තිබීම ගැන. ඒ වෙන කිසිවක් නිසා නෙමෙයි වටිනා හෙල්මට් එකට සහ දෙවියන්ට පින් සිද්ද වෙන්නයි.(නදී)
අපේ නීති පොතේ තියෙන හැම වගන්තියක්ම ක්‍රියාත්මක කරන්න ගියොත් මිනිසුන්ට මොනවාවත් කරන්න ලැබෙන එකක් නැහැ. ඒ තරමටම නීති. නමුත් මුලිකත්වය දිය යුතු දේ හඳුනාගෙන කටයුතු කරන්න අප හැම දෙනාම බැඳිලා ඉන්නවා. මේ නිලධාරිනියත් ඒ අවබෝධයෙන් සිටිනවා විනා නීතිය නොදැන ඉන්නවා වෙන්න බැහැ. (නදී)
ලොකු ලොකු ලොක්කන් ගේ දරුවන් කහ ඉරි මතදී අහංසකයින් හප්පලා මරා දාපු වාර අනන්තයි. ඒවත් ලියන්න කාටත් දැනගන්න.(නදී)
පළවෙනි රූපයේ ඉන්නෙත් දරු පවුලක් රකින අසරණ අම්ම කෙනෙක් වෙන්න පුළුවන්. (නදී)