ජෝන් අමරතුංග ඇමතිට වත්තල ඔලියමුල්ල නවලෝක උද්‍යානපුර ඉදිකිරීමට නියමිත දෙමළ මහ විදුහලට මුල් ගල තැබීමට ගිය අවස්ථාවේ හූ කියමින් පළාත් සභා මන්ත්‍රී ජානක සූරිය බණ්ඩාරගේ නාහනයට අලාභ හානි කළ බව කියන තිදෙනෙකු අද (29) මහර උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 30 වැනිදා දක්වා රිමාන්ඩ් කරන ලෙස වත්තල මහේස්ත්‍රාත් නියෝග කළේය.
රිමාන්ඩ් කළ පිරිස අතර කාන්තාවන් දෙදෙනෙක් ද වෙති.
30 වැනිදා මෙම සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට ද නියමිතය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හූ කිවුවට මොකද වෙන්නේ මේ විදිහට ඔබ පත්කරපු ජනතාව හිරේ විලංගුවේ දානවා නම්. හෙට දිනයේ ඔබලාට ගෙදර යන්න වේවි. ජනතාව මට්ටු කරන්න ගියොත් වැඩ වරදී (නි)
මෙන්න නියම යහපාලනේ.. මංතීරු ගලවපු එක්කෙනා තාම නිදැල්ලේ.. නීතිය නවලවත් එයාව අල්ලන්න බැරුව ඇති මගේ හිතේ. අහිංසක මනුස්සයෙක් වැරදි දේකට හුවක් කිව්වම හිරේ. ගහන්න අප්පුඩියක් ආයුබෝවන්ඩ.......... ඔබට සතුටුයි ද දැන් ? (අ)
මංතීරු කඩපුඑකට වඩා ලොකු වරදක් මම හිතන්නේ හූකියල වාහනයට ගහන එක. ජීවිතේ පුරාවටම හිරේ ඉන්න වෙන වරදක් වගේ ? (අ)
හූවට අල්ලුවා. අර බම්බලපිටියේ මිනිහෙක් මරපු උන් ගැන දැනගෙනත් අය අල්ලන්න අපේ උන්ට හයිය නෑ (අ)
හු කියන්න අවසර ගන්න ඕන කාගෙන්ද. හු කියල විතරක් මදි වැදලා කර උඩ තියාගෙන යන්න තිබුනේ. ජනමතයට විරුද්ධව රටේ ප්‍රශ්න හදන්න ඕන ඔය වගේ මිනිස්සුන්ට වෙන මොනවා කරන්නද තියෙන්නේ. ලංකාවේ මින් ඉදිරියට හු කියන්න ඕන කාටද කියල ලැයිස්තුවක් හැදුවොත් හොදයි. (අ)
ලංකාවේ හුගක් දේවල් දැන් ජෝන් බාස්ට ගිහින් වගේ. (අ)
සිංහල ළමුන්ටත් ඉගෙනගන්න ඉඩ නොදෙන සිංහලයෝ ඉන්න රටේ දෙමළ හා මුස්ලිම් ළමයි ඉගෙනගත්තට මොකද වෙන්නේ. ඒ ළමයින්වත් අඩුතරමේ ඉගෙනගෙන මේ රට ගොඩ ගන්න ඕනෑ. (නි)
අතීතයේ ඉඳලා කරපු දේවල් බැලුවම හූ කියලා මදි. (නි)
කැලේ ඉන්න නරිත් ඔය ඕනෑතරම් හූ කියන්නේ (නි)
කොහොමද නීතියෙ නැවිල්ල ? (අ)
මොකක්ද මේ රටට වෙන්නේ? (නි)
දැන් නරි ටික වලිග ගිනිගත්ත හනුමෝ වගේ හූ කියමින් රට වටේ දුවනවා. තව හූ කියන්න. එතකොට තමයි ගතියක් තියෙන්නේ. (නි)
ඉතින් රට ජෝන් බාස්ට ගියාම මොකද වෙන්නේ? අනික නරි හූ නොතියා කුංචනාද කරන්නද? (නි)
60% ශ්‍රී ලාංකික පිරිසක් නිසා ශ්‍රී ලංකාවට යන කල! (නි)
හූ කියපු අය අල්ලාගත්තා කියමුකෝ. ඒ වුණාට රිමාන්ඩ් කරන්න තරම් වරදක්ද මේ? (නි)
මොවුන්ට පාඩමක් උගන්වන්න ලබන පළාත් පාලන මැතිවරණයේදී ජනතාව නියම තීන්දුව ගතයුතුයි. (නි)
මෙවැනි හීනමනයකු ගැන සොයනවාට වඩා වෙන වැඩක් ඇත්තෙම නැද්ද පොලිසියට ???මේක වෙන්න ඇති නීතියේ නැමිල්ල???? (ම)
හූ කියන්න තහනමක් නැහැනේ. (ර)
ලොක්කෝ ඉදිරියේ පොලිසිය වෙවුලනවා සොක්කෝ ඉදරියේ පොලිසිය රජවෙනවා නොකළ වරදටත් දුගියා බැට කනවා මෙන්න ජෝන් අපේ රට දැන් වනසනවා (අ)
පදික මාවතක් කඩපු අයව හොයන්න බේරී පොලියට හූ කියන්න අවසර නිකුට් කරන්නද පොලිසි අරන් ගියේ. දුවන්නත් අවසර ගන්න ඕනිද පොලිස්පති උතුමාණනි.(අ)
යහපාලන සංහිදියාව මෙයයි .(හේ)
ඉල්ලන් කනවා කියන්නේ මේවට තමයි.(හේ)
හෆීල්, ප්‍රියාන්. ඕගොල්ලන්ට තේරෙන්නේ නැද්ද ළමයනේ! ඔය තමයි සන්හිදියාවට යන පිළිවෙත. ඕගොල්ල හදන්නේ අපි අමාරුවෙන් හොයා ගත්ත මේ සංහිදි මාවත විනාශ කරන්නද ? මම නම් මේ උතුමන්ට හරිම කැමති. බලන්නකෝ මෙයාගේ ගාම්භීරකම. (බ)
‘හු‘ කියන්නේ කව්ද? එයා කියනවා රජයේ දේපල වලට හානි කළොත් ඇප දෙන්න බැරි වෙන්න හිර කරනවා කියල..එතකොට මංතීරු ගලවපු තමුන්නාන්සේවනේ ඉස්සල්ලම ඇප නොදී හිර කරන්න ඕනේ..(බ)
මම නම් ඔන්න මේවට විරුද්ධ නැහැ. මොකද අර සන්හිදියාවට මොකක් හරි වුනොත් ඉඳල වැඩක් තියෙනවයැ (බ)
මට දැන් ආරංචි වුණා හූවට විරුද්ධව පනතක් සම්මත කරන්න යනවා කියල. ඒක හොඳම පියවරක් දැන් මේ හූ කියන තරම් බැලුවම. නැද්ද මන් කියන්නේ (බ)
එහමනං ක්‍රීඩා පිට්ටනිවලට ගියානං, දැල් දාල තොග පිටින් අල්ලන්න පුළුවන්. එතකොට අර ජෝන්ගේ වත්තල පදික උද්‍යානය නීතිවිරෝධීව කඩා ඉවත් කළ අය සහ එ්කට අනුබල දුන් අය අත්අඩංගුවට ගැනීමට මේ පොලීසිය ඇයි තවම අසමත්? (බ)
කොහොම හරි මෙයාව ඊළඟ පාරත් ඡන්දෙ දීල පත් කර ගන්න ඕනේ. ජනතාවගේ ඡන්දෙන් ඇවිත් ජනතාවටම තර්ජන කරන නිසා. (බ)
කොහොමද වෙනස ? ලොකු වෙනසක් ! (බ)
හු කියන්න තහනමක් නැහැ නේ.? (ර)
ඇයි දැන් හු කියන්න තහනම් ද ?ලංකාවේ හූව කියන්නේ සන්නිවේදන මාධ්‍යක්. ඉස්සරත් මිනිස්සු හූ කියලා තියෙන්නේ... (ර)
දැන් එතකොට හූ කිවුවත් උසාවි ගෙනියනවද ? (ර)
හූ කියන එක අත්අඩංගුවට ගන්න තරම් අපරාදයක්ද ? (ර)