IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


හෙළ උරුමෙයි මුස්ලිම් කොංග්‍රසෙයි කැසිනෝ පනතට විරුද්ධයි

ආණ්ඩු පක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යන කැසිනෝ සූදු පාලන පනත් කෙටුම්පතට එරෙහිව ඡන්දය පාවිච්චි කිරීමට රජයේ කොටස්කරුවන් වන හෙළඋරුමය හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තීරණය කරයි.

තම පක්ෂයේ උත්තරීතර මණ්ඩලය මෙම තීරණයට එළැඹි බව මුස්ලිම් කොනංග්‍රසයේ හසන් අලී මහතා කියයි. මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අට දෙනාට මේ තීරණය දැනුම් දී ඇති බව ද ඔහු පවසයි.

හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා කියනුයේ ඡන්දය ප්‍රකාශ නොකිරීමට තම පක්ෂය ද තීරණය කළ බවයි. ජාතික හෙළ උරුමයට පාර්ලිමේන්තුවේ ආසන දෙකක් හිමිය.

 



අදහස් (0)

හෙළ උරුමෙයි මුස්ලිම් කොංග්‍රසෙයි කැසිනෝ පනතට විරුද්ධයි

නන්ද Monday, 21 October 2013 11:11 PM

අනේ අපේ අහවල් ඇමතිතුමා කොච්චර අකමැත්තෙන්ද ඇමතිකම දරාගෙන ඉන්නේ කියලා අපට හිතාගන්න පුළුවන් (නි)

:       0       0

ඔකිත Tuesday, 22 October 2013 10:17 AM

සෙනරත් , කැසිනෝ කියන්නේ තම බිරිඳ විකුණා හරි සුදු කෙලින එකට. (ස)

:       0       0

ශ්‍රී ලාංකිකයා Monday, 21 October 2013 11:53 PM

පොඩ්ඩක් මේක හරියට කියවන්න. මුස්ලිම් කොංග්‍රසය විරුද්ධව ඡන්දය දෙනවලු.එතකොට අපේ හාමුදුරුවරු? (නි)

:       0       0

අනුර Tuesday, 22 October 2013 10:45 AM

මේ කවුරු කෑගැහුවත් තරු 5 හෝටල් දෙක අරිනවා කැසිනෝ සමඟ! ජේමෙස් පැකෙර් වැඩේට අත ගහලා ඉවරයි. 2500 ට රැකියා තියනවා රජය අවසර දීල තියෙන්නේ. අලි ගියාම නැටි අල්ලනවා වගේ වැඩක් මේ සෙට්ටෙක කරන්නේ. (ස)

:       0       0

සුනෙත් Monday, 21 October 2013 06:55 PM

කාවද මේ රවටන්නේ? (නි)

:       0       0

දිනූෂා Tuesday, 22 October 2013 11:15 AM

ජය වේවා! (නි)

:       0       0

මොහමඩ් රිෆ්කි Tuesday, 22 October 2013 11:22 AM

අජිත් ගේ කතාව හරියටම හරි, මේ දෙගොල්ලන්ම කරන්න යන්නේ ජාමේ බේරා ගැනීමක් විතරයි ,... කිසි ප්‍රශ්නයක් නැතිව කැසිනෝ පටන් ගනීවි .. ඊට පස්සේ කියයි අපි නම් විරුද්ධ වුනා කියලා.. (ස)

:       0       0

ඩබ්ලිව්.ඩී. Monday, 21 October 2013 07:10 PM

මේ විවාදය සජීවීව රුපවාහිනී නාලිකා ඔස්සේ ප්‍රචාර කරන්න. අපේ සහයෝගය කැසිනො ඇතුලු විනෝදාංශ සඳහායි (නි)

:       0       0

මාලා Tuesday, 22 October 2013 03:42 AM

කැමති නම් පක්ෂව ඡන්දය දෙන්න. විරුද්ධ නම් විරුද්ධව ඡන්දය දෙන්න. (නි)

:       0       0

ගජ මෑන් Monday, 21 October 2013 07:20 PM

අපි නම් කැමතියි. අපට අඩුව තියෙන්නේ ඔච්චරයි. ප්‍රතිගාමියෝ,අන්තවාදියෝ, අධිරාජ්‍යවාදියෝ. කුමන්ත්‍රණකාරයෝ,පැසිස්ට්වාදියෝ, සංශෝධනවාදියෝ, ත්‍රස්තවාදියෝ,අපබ්‍රංශවාදියෝ ඇතුළු මෙකී නොකී සියලුමවාදියෝ තමයි දුප්පතා වෙනුවෙන් ගෙනෙන පනත් වලට විරුද්ධ වෙන්නේ. (නි)

:       0       0

චමින්ද Tuesday, 22 October 2013 11:36 AM

කැසිනො වලට වහ වහ පනත් ගේන්න දඟලනවා. හැබැයි අහිංසක පුංචි දරැවෝ දුෂණය කරන වෙනත් අපරාධවලට නීති සම්මත කරන්න තවම බැහැ. (ස)

:       0       0

සුමන Monday, 21 October 2013 07:34 PM

මුස්ලිම් කොන්ග්‍රසය රටගැන හිතා ගත් තිරනයට ජයවෙවා. (අ)

:       0       0

මොහාන් Tuesday, 22 October 2013 11:46 AM

ඔකිත, ඔයා ඉතින් දන්න තරම. මේක ලංකාවට එන ලොකුම ආයෝජනයක්, කැසිනෝ ගහන්න ලංකාවේ ඉන්නේ බූරුවා ගහන සෙට් එක එන්නේ නෑ. එන්නේ ලෝකෙම ලොකුම සල්ලි කාරයෝ.. (ස)

:       0       0

අසන්ක Monday, 21 October 2013 08:10 PM

කැසිනෝ ගහන අයට ගහන්න පුළුවන්. නොගහන අයට නොගහා ඉන්න පුළුවන්. මේකේ කිසි වරදක් නැහැ. (නි)

:       0       0

ලංකා Monday, 21 October 2013 08:17 PM

මෙහෙම කෙළින් වැඩ කරනවා නම් කොච්චර ලොකු දෙයක්ද? දෙයියන්ගේ පිහිටයි (නි)

:       0       0

උඩුමලගල ගමගේ Tuesday, 22 October 2013 12:15 PM

ලංකාවේ ආර්ථිකය දියුණු කරන්න තියෙන හොදම අංශය තමයි සංචාරක ව්‍යාපාරය. එහෙත් ලංකාවට එන්නේ ගොඩාක් සල්ලි තියෙන විදේශිකයින් නොවෙයි. මේ දවස් වල ලංකාවට එන්නේ ත්‍රීවීල් වල ගිගින් කොත්තුවක් කාලා ඉන්න අය විතරයි. අපි කැමති වුණත් අකමැති වුණත් විදේශීය ධන කුවේරයින් මෙරටට ගෙන්වා ගැනීමට නම් කැසිනෝ වගේ දේවල් ස්ථාපිත කළ යුතුයි. (නි)

:       0       0

දර්ශන Monday, 21 October 2013 08:34 PM

අර පංචායුදේ තවම නිහඩ මොකද ? (අ)

:       0       0

ඉම්රාන් Tuesday, 22 October 2013 12:32 PM

ලෙහෙසියෙන්ම මේක නවත්වන්න පුළුවන්කම තිබුණත් අර කතාව දෝලාවෙන් ගමන පයින් නේ. අපේ අය කවදාවත් හැදෙන්නේ නැහැ. හරි දේට හරි කියන්නයි වැරදි දේට වැරදි කියන්නයි අපි තාම ලැහැස්ති නැහැ. (ස)

:       0       0

අජිත් Tuesday, 22 October 2013 07:53 AM

මේ පනතට මේ දෙගොල්ලන්ම විරුද්ධව ඡන්දය දුන්න කියලා පරදින්නේ නැති බව ඒගොල්ලොත් දන්නවා. ආණ්ඩුවත් දන්නවා. අන්තිමේ රැවටෙන්නෙ අපි.බලමු! බලමු! (නි)

:       0       0

සිල්වා Monday, 21 October 2013 09:31 PM

අනිවයේම ජේම්ස් පැකෙර්ගේ පස් වැනි හෝටෙල්ස් දෙක හදන්න අවසර දීල ඉවරයි මොනවද මේ කතා කරන්නේ එකේ කසිනොත් තියනවා මොකක්ද වරද ? මේ බොරු පක්ෂ වලින් කරන්නේ ජනතාව මුලකරනවා. ඔය දේවල් සමන්‍යයි අද ලෝකේ සාලි තියන මිනිසා ලෝකේ කොහේ ගහිල්ල හරි කැසිනෝ ගහනවා.(දිල්)

:       0       0

විරාජ් කාලිංග Monday, 21 October 2013 09:54 PM

හෙළ උරුමයත් ජාමේ බේරාගෙන විතරයි(දිල්)

:       0       0

සුරන් Monday, 21 October 2013 09:55 PM

හෙල උරුමෙ විතරක් නෙවේ විතරක් නෙවෙ අපිත් ඕකට විරුද්ධයි(දිල්)

:       0       0

රන්ජනී Tuesday, 22 October 2013 01:17 PM

මොහාන්, මේ මිනිස්සුන්ට මේවා කීවට වැඩක් නැහැ.කැසිනෝ ගැන දන්නේ නැහැ.මම අවුරුදු 15ක් එංගලන්තේ කැසිනෝ එකක වැඩ.සල්ලි කාරයෝ දිනන්නම නෙවේ එන්නේ විනොදෙට.ලංකාවේ බුරුවා ගහනවා වගේ නෙවේ, සාමකාමීව සෙල්ලම් කරලා වැදගත් විදියට යනවා.නමුත් ලංකාවේ කොහොම වේවිද කියන්න තමා අමාරු. (ස)

:       0       0

පෙරේරා Tuesday, 22 October 2013 01:24 PM

එතකොට දැන් ඔය ගමක් ගමක් ගානේ තියන බූකි සූදු නෙමේද?පොඩි මිනිහට යන්න පුළුවන් ඒවා තමා තහනම් කරන්න ඕන. (ස)

:       0       0

සමන් Monday, 21 October 2013 10:12 PM

ලංකාවේ ගණිකාවෝ 47000 ඉන්නවා තරු 5 හේ හෝටල සමග කැසිනෝ අවාම මොකද වෙන්නේ ? ඔය පක්ෂ වලින් කරන්නේ ජනතාව මුලාකරනව අපි මාසේ පඩිය අරගෙන කොමද කැසිනෝ ගහන්නේ !! සල්ලි තියන කට්ටියට ඕක පොදු දෙයක් ජනතාව මේ දේ තේරුම් ගන්න ඕනි බුද්දීමත්ව රට ඉදිරියට යන්න ඕනි හැම දෙකින්ම.(නදී)

:       0       0

සෙන්තිල්නාතන් Monday, 21 October 2013 10:17 PM

හෙළ උරුමය විරුද්ධවුනාට,හොරෙන් යන්න හදයි.(නදී)

:       0       0

මිනිපෙ Tuesday, 22 October 2013 09:43 AM

සෙනරත්, කැසිනෝ යන්නෝ කියන්නේ තමන්ගේ අතේ තියෙන සොච්චම ඩබල් කරගන්න මාන බලන කාණ්ඩෙකට. (ස)

:       0       0

නන්දන Monday, 21 October 2013 05:22 PM

ඇති තේරුණා. ජය වේවා! (නි)

:       0       0

අස්මිත් Tuesday, 22 October 2013 01:59 PM

සුබ පැතුම්!නමුත් බලපෑම් එන්න පුළුවන්. සමහරුන්ට කැසිනෝ අවශ්‍යයි.ඒක එයාලා කොහොමහරි කරගනියි (නි)

:       0       0

මාටින් Monday, 21 October 2013 05:31 PM

ඔබගේ තීරණය අපි ජාති, කුල ආගම් බේදයෙන් තොරව අගය කරනවා  (නදී)

:       0       0

අසංග Tuesday, 22 October 2013 09:54 AM

මුස්ලිම් කොන්ග්‍රසය කැසිනෝ වලටනම් විරුද්ධව වෙයි...ඇබයි රටට මත් ද්‍රව්‍ය ( කුඩු ) ගෙනෙනවටනම් විරුද්ධව වෙන එකක් නැහැ.(නදී)

:       0       0

අසංග Tuesday, 22 October 2013 09:54 AM

මුස්ලිම් කොන්ග්‍රසය කැසිනෝ වලටනම් විරුද්ධව වෙයි...ඇබයි රටට මත් ද්‍රව්‍ය ( කුඩු ) ගෙනෙනවටනම් විරුද්ධව වෙන එකක නැ.(නදී)

:       0       0

කුමුදු ද වාස් ගුණසේකර Tuesday, 22 October 2013 09:55 AM

අසංක හා සිල්වා සමග 100% එකග වෙමි.(නදී)

:       0       0

සෙනරත් Monday, 21 October 2013 05:38 PM

කැසිනෝ සුදුව ගැන දන්නා නමුත් මෙම කෙටුම්පතින් කියන්නට යන්නේ කුමක්ද කියා හරියට නොදන්නා බැවින් කිසිවක් ලිවිය නොහැකිය. දන්නා කෙනෙක් සිටියි නම් කරුණාකර පැහැදිලි කරන ලෙස ඉල්ලමි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 965 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 1331 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5486 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1309 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 5459 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 4935 9

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 17453 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 87 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 271 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 141 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site