(සුජිත් හේවාජුලිගේ )

අධිකරණ හිටපු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත්‍ර නීතිඥ රඛිත රාජපක්ෂ මහතාගේ බැංකු ගිණුම් ඇතුළු දේපළ කිහිපයක් අත්හිටුවා ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

ඔහු සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයට අදාලව මෙම දේපළ තහනම කළ බව කොමිසමේ නිලධාරියෙක් පැවසීය.

ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන "හරක් කටා" නමැත්තාට නීතිමය සහන සලසා දෙන බව පවසා ඔහුගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12 ක (මිලියන 120 ක) අල්ලසක් ගත් බවට එල්ල වී ඇති චෝදනා විමර්ශනයට අදාළව මෙම පියවර ගෙන අැත.

අපරාධයකින් උපයාගත් ලාභ සහ දේපළ සම්බන්ධ නෛතික ප්‍රතිපාදන යටතේ මෙම ගිණුම් අත්හිටුවා ඇති අතර, අල්ලස් කොමිසමේ නිලධාරීන් කණ්ඩායමක් ඒ පිළිබඳ නිල දැනුම්දීම සිදුකිරීම සඳහා ඔහුගේ නාවල ප්‍රදේශයේ නිවසට පෙරේදා(28) ගොස් ඇත.