
(උපාලි රණවීර)
ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ 26 වැනි වියෙහි පසු වූ ගිහාන් යන්දිල් රාජපක්ෂ ඔහුගේ බිරිය වූ 21 වැනි වියේ පසු වූ නදීසා තේජා නමැති තරුණ යුවළකි.
මොවුන් සිය රැකියා ස්ථානය කරා යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදි අද පෙරවරු 7.00 පමණ මෙම අනතුර සිදු තිබේ.
කිරිඳිවැල ඩිපෝවට අයත් බව කියන ලංගම බස් රථය ගම්පහ දෙස සිට කිරිඳිවැල දෙසට ධාවනය කර ඇති අතර යතුරු පැදිය ගම්පහ දෙසට ධාවනය කර ඇතැයි පොලිසිය කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාමදානයේ සැතපේවා
මේක මාර කරුමයක්නේ. යුද්ධ කාලේ වගේ. මිනිහෙක් එළියට බැස්සම එනකන් විස්වාස නෑ. මේ අලුතෙන්ම පටන් ගත්ත ජිවිත. මොන තරම් බලාපොරොත්තු තියෙන්න ඇත්ද. ඉතාම දැඩිව මාර්ග විනය පිළිබඳව කටයුතු කළේ නැත්තන් මේක පාලනයෙන් ගිලිහි යාවි. දැනටමත් එහෙම වෙලා නැත්තන්.
නිවන් සුව පතමි.
මේවා තමයි රටේ සැබෑ ඛේදවාචක. තරුණ ජීවිත මහමග පරළ වෙන එක නැවතීමට රටක් ලෙස අපි වෙනස් විය යුතුයි.