IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ළඟ තබා ගන්න පාස්පෝට් ඉල්ලන්න එපා

(යොහාන් භාසුර)

හිස් විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණය සීමිත වීම නිසා විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සීමා කර ඇති බවත් ඒ හේතුවෙන් අත්‍යවශ්‍යම හේතුවක් මත පමණක් විදේශ ගමන් බලපත්‍ර සඳහා අයදුම් කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා නිවේදනයක් නිකුත් කරමින් අද (26) පැවසීය.

නව ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමට රජය පියවර ගෙන ගෙන ජාත්‍යන්තර මිල ගණන් කැඳවා විදේශ සමාගමකින් ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලපත්‍ර ඇනවුම් කර ඇති බවත් විදේශ ගමන් බලපත්‍ර හිඟය පිළිබඳව අවදානය යොමු කර සාමාන්‍ය හිස් විදේශ ගමන් බලපත්‍ර 750,000 ක් එම සමාගමෙන් ගැනීමට කටයුතු කර ඇති බවත් එම නිවේදනයේ සඳහන් වේ.

එම විදේශ ගමන් බලපත්‍ර තොගය ඔක්තෝබර් මස අවසානයේ හෝ ඊට පෙර ලැබෙනු ඇතැයි එම නිවේදනයේ සඳහන් වේ.

එම දෙපාර්තමේන්තුව පසුගිය වසරේ නිකුත් කළ විදේශ ගමන් බලපත්‍රවලින් සියයට 23 ක් පමණක් විදේශගත ඇති බව කියන ආගමන විගමන පාලක ජනරාල්වරයා ඇනවුම් කර ඇති විදේශ ගමන් බලපත්‍ර තොගය ලැබෙන තෙක් අත්‍යවශ්‍යම හේතුවකට හැර ගමන් බලපත්‍ර අයදුම් නොකරන ලෙස ඉල්ලා සිටින බව ද සඳහන් කරයි.

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී වන ප්‍රමාදය හේතුවෙන් ජනතාවට වන අපහසුතාව පිළිබඳව ආගමන විගමන දෙපාර්තමේන්තුව කණගාටුව පළ කරන බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

 



අදහස් (21)

ළඟ තබා ගන්න පාස්පෝට් ඉල්ලන්න එපා

CHANDIMA Tuesday, 27 August 2024 04:45 AM

ඇත්ත වශයෙන්ම කියන්නේ විසා ලැබුණ ගමන් යන්න තමයි පාස්පෝට් ගන්නේ

:       0       0

kumara Tuesday, 27 August 2024 05:15 AM

සමාවෙන් වැඩක් නැ. කරගන්න බැරි නම් පුටුවෙන් අයින් වන්න. රටේ විගමන පාලකයාට පඩි ගෙවන්නේ කාර්ය මන්ඩලයක් ලබාදීලා තියෙන්නේ රටෙ මිනිස්සුන්ට අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේ ලබාගන්න. මේ වගේ දෙයක්වත් සැලසුම් කරගන්න බැහැ කියන්නේ... මේ වගේ මනුස්සයෙක් ඔය පුටුවට ආවේ කොහොමද කියලා...!

:       0       0

Saman Dissanayake Tuesday, 27 August 2024 05:55 AM

ළඟ තියාගන්නේ නිකන් අරන් නොවේනේ. රට ගැන පාලකයින් ගැන විශ්වාසය නැති නිසයි ඕවා අරගන්නේ...! සල්ලි වලටවත් ගමන් බලපත්‍රයක් දෙන්න බැරි රටේ පාලකයෝ. ඕක දුන්නා නම් හරි පොඩි ළමයෙකුට...!

:       0       0

Chandima Tuesday, 27 August 2024 06:27 AM

එහෙනම් බැංකුවේ ලොකර් එකේ තියන්නද?

:       2       15

Suranga Tuesday, 27 August 2024 06:53 AM

ඇත්තටම සමහරක් තරුණයෝ කිසිම වැඩක් කරන්න නොහැකිව කිසිම පුහුණුවක් නොලබා අනාගතයේ අර පුහුණුව ගන්නවා මේ පුහුණුව ගන්නවා ඊට පස්සෙ රට යනවා කියලා මුලින්ම කරන්නෙ ගමන් බලපත්‍රය සකසා ගැනීම තමයි. ඒක මම දැක්කා .ඒ නිසා ඔහොම කියලා මදි .ගමන් බලපත්‍රය ඉල්ලුම් කිරීමේදී අවශ්‍යතාව කුමක්ද කියලා අවශ්‍ය වෙන්නෙ කවදාටද කියලා දිවුරුම් ප්‍රකාශයක් අරගන්න. එහෙම කලොත් විනෝදාශ්වාදය සදහා ගමන් බලපත්‍ර ගැනීම අඩුවේවි.ඊළඟට එහෙම අරගෙන කල් ඉකුත්වීමේදී නැවතත් අලුත්වැඩියා කරන්න ආවොත් එතෙක් විදෙස් ගතවීමක් වෙලා නැත්නම් දෙගුණයකින් ගාස්තු අරගෙන අලුත් කිරීම කරන්න

:       40       9

Dayan Tuesday, 27 August 2024 06:54 AM

ගාස්තු ගෙවා තම පුරවැසියාට විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කළ නොහැකි රජයක්. ලැජ්ජයි ඉලුක්පිටිය.

:       5       47

janahanda Tuesday, 27 August 2024 08:54 AM

චන්දයට පෙර අන්තිම මොහොතේ කරන උපයා ගැනීම් ගහපල්ලා තව දින 24 ජනතාව කියනවා

:       2       25

Jayasekara Tuesday, 27 August 2024 09:25 AM

පුද්ගලීකරණය කලයුතු තවත් එක් රජයේ කාලකන්නි සේවයක්

:       4       32

Bunny Preena Tuesday, 27 August 2024 09:45 AM

පිස්සු ඩබල් වෙලා

:       0       23

M. SAMAN PERERA Tuesday, 27 August 2024 10:33 AM

පාස්පෝට් එකක් හදාගෙන තියාගන්න එක ජනතා අයිතියක්... පුදුම රජයක්...

:       0       0

Manju Tuesday, 27 August 2024 10:48 AM

ඔයා බමුණූආරච්චිගේ යාලුවෙක්ද?

:       0       0

Saman Dissanayake Tuesday, 27 August 2024 10:49 AM

ළඟ තියාගන්නේ නිකන් අරන් නොවෙනේ. රට ගැන පාලකයෝ ගැන විශ්වාස නැති නිසි ඔවා අර ගන්නේ. සල්ලි වලටවත් ගමන් බලපත්‍රයක් දෙන්න බැරි රටේ පාලකයෝ. ඕක දුන්න නම් හරි පොඩි ළමයෙකුට.

:       0       1

Senarath Tuesday, 27 August 2024 11:37 AM

කලුකඩෙන් ළඟදිම රජයේ ගානට වඩා අඩුවෙන්ම ඔරිජ්නල් එක ගන්න පුලුවං වේවි එහෙනං.....

:       0       1

ජයනාත් Tuesday, 27 August 2024 11:54 AM

දැන් මහ එකාම කියනව සුබයි කියල . කොහෙද සුබ වෙලා තියෙන්නේ . තව දීපල්ල .

:       2       11

විජිත් Tuesday, 27 August 2024 05:24 PM

ඔය ඔක්තෝබර්වල දෙනවයි කියන අලුත් ඉලෙක්ට්‍රොනික් - පරිගණක චිප් එකක් සහිත පාස්පෝර්ට් එක නිසා රටට රුපියල් කෝටි ගණනක අලාභයක් වෙලා තියෙනවලු. මිලගණන් කැඳවීමේදී ගිවිසුමේ සඳහන් නොකළ දෙයක් නිසා මේ විශාල අලාභය වෙලා තියෙන්නේ. මේකට සම්බන්ධ " නූගත් පට්ට මෝඩයින් එහෙම නැත්නම් පට්ට හොරු " නිසයි මෙය වෙලා තියෙන්නේ. පාස්පෝර්ට් එකට ඇතුල්කරන පරිගණක චිප් එකට "දත්ත" ඇතුල් කරන "ලැන්ග්වේජ් පැක්" එක අනිවාර්යයෙන්ම වෙනම මිලදී ගන්න වෙලාලු. අපේ රටේ දැනට භාවිතා කරන ලැන්ග්වේජ් පැක් එක මගින් මේ චිප් එකට දත්ත ඇතුල් කරන්න බැහැයිලු. ගිවිසුමට සම්බන්ධ අයගේ "නූගත්" බව වටහාගත් පාස්පෝර්ට් හදන කොම්පැනිය හිතාමතාම ලැන්ග්වේජ් පැක් එක ගැන ගිවිසුමේ සඳහන් නොකළා කියලාත් හිතන්න පුළුවන්. මේ ගනුදෙණුවට සම්බන්ධ අපේ රටේ " නූගත් මෝඩයෝ එහෙමත් නැතිනම් හොරු " විසින් මේ සිද්ධිය යටගහන්න හදනවලු. ඔය ගොල්ලොත් හොයලා බලන්න.

:       0       0

Rohana Tuesday, 27 August 2024 10:11 PM

ගමන්බලපත්‍රය පාවිච්චිකලත් නොකලත් ගමන් බලපත්‍රයක් ඉල්ලනවානම් එය ලබාදීම රජයක වගකීමක්.ගමන්බලපත්‍ර ලබාදීමේ සැක සංකා මතුවනවිට හැමෝම එකවර ගමන්බලපත්‍ර ගැනීමට පෙලඹෙනවා. ඒ නිසා මේ ආකාරයේ අනවශ්‍ය තදබදයක් නිර්මානය වී ඇත.

:       0       1

Wasantha Wednesday, 28 August 2024 02:57 AM

හිස් විදේශ ගමන් බලපත්‍ර නැහැ කියන්නේ නියමිත කාලයේ ඇණවුම් නොකිරීමේ වරදක් තමයි. ඒකට දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා සම්පූර්ණයෙන්ම වගකිව යුතුයි... ඇමැතිවරයා කියන්නේ පැමිණෙන පිළිවෙලට දෙනවා කියලා නම් පෝලිමේ අරක්ගෙන සිටින බහිරවයින්ට (ඉන්නවා නම් පමණයි) ආදායම් මාර්ගයක් වෙන්න පුළුවන් වේවි... ඇත්තටම ඔන්ලයින් අයැදුම්පත් කැඳවා දිනයක්, වෙලාවක් දුන්නොත් හොරකම්, මැරකම්, වංචා, දූෂණ අඩුකර පිළිවෙලට වැඩකරන්න පුළුවන් ගමන් බලපත්‍ර නිකුත්කිරීම රජයේ ආදායම් මාර්ගයක් කියලා අමතක කරන්න එපා. එහෙම වෙනවා නම් ආයතන සංග්‍රහයේ පළමු උපලේඛනයේ (9) හා (10) වගන්ති යටතේ විනයානුකූලව දඬුවම් කරන්න පුළුවන් වේවි...!

:       0       1

sam Wednesday, 28 August 2024 06:09 AM

ආණ්ඩුවේ නොහැකියාව වහගන්න නොයෙක් කතා කියනවා.

:       0       1

de silva berlin Wednesday, 28 August 2024 07:27 AM

පාස්පෝර්ට් එකක් යනු පුරවැසියෙකුගේ මූලික අයිතියක්... ආගමන විගමන පාලක බැඳී සිටිනවා. නීත්‍යානුකූල ලියකියැවිලි ඉදිරිපත් කර, පාස්පෝර්ට් එකක් ඉල්ලන සියලු දෙනාටම නොපමාව එම පාස්පෝර්ට් එක ලබාදෙන්න. කල්වේලා ඇතිව අවශ්‍ය ලිපිද්‍රව්‍ය සැපයුම් කරුවන්ගෙන් ඇණවුම් කරන එක ඔහුගේ වගකීමක්... ඔහුට ජනතා මුදලින්... වැටුප්, දීමනා, වාහන සහ ගොඩනැගිලි පහසුකම්, පුහුණු වැනි මෙකී නොකී සියලු වරප්‍රසාද ලබාදීලා තිබෙනවා... මෙම සිද්ධියේදී ඔහු බරපතල ලෙස තම වගකීම් පැහැර හැරීම නිසා පුරවැසියන් දහස් ගණනකගේ මූලික ඓතිවාසිකම් කඩවෙලා..., වහාම මොහුගේ වැඩ තහනම් කර මේ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කරන එක විෂයබාර ඇමැතිගේ සහ ජනාධිපතිගේ වගකීමක්... එසේ නොකළොත් ඉදිරි සති කිහිපය තුළ අගතියට පත් ජනතාවගෙන් විශාල පීඩනයක් රජයට එල්ල වන එක වළක්වන්න බැහැ...!

:       0       1

R.T. sarath Wednesday, 28 August 2024 07:36 AM

නිකරුනේ අනුන්ගේ සහ තමන්ගේ කාලය කන මිනිසුන්ට සිංහලෙන් කියන්නේ කාලකන්නි කියලා, දන්නේ නැද්ද ගමන් බලපත්‍රයක් යනු රටක පුරවැසියෙකුගේ මූලික අයිතිවාසිකමක් කියලා? ඒක කලට වේලාවට ලබාදෙන්න බැරි නම්, අස්වෙලා ගෙදර යන්න...

:       0       1

Ruwan De Silva Wednesday, 28 August 2024 07:47 AM

ඕස්ට්‍රේලියාවේ පුරවැසියන් 50-60%කට විදේශ ගමන් බලපත්‍ර තියෙනවා, එහෙම කියලා රජය අඬනවාද? ලංකාවේ විතරක් නෙමෙයි ගොඩක් යුරෝපයේ රටවල්වල රියදුරු බලපත්‍රය වගේම අත්‍යාවශ්‍ය දෙයක් තමයි විදේශ ගමන් බලපත. මේවා තනිකරම රජයේ සුදු අලි ව්‍යාපෘති තමයි, රුපියල් 500-100ක් යන වැඩේ රුපියල් 10,000-20,000 යනවා නේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 2090 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2198 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2756 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5792 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1891 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6530 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18452 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 279 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site