IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


ළමා රෝහලේ ආධාරයට සංගීත සැඳෑවක්

විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට ප‍්‍රතිකාර ලබාදීම සඳහා අවශ්‍ය උපකරණ ලබාගැනීමට ආධාර පිණිස රිජ්වේ ආර්යා ළමා රෝහලේ මිතුරෝ සංගමය සංවිධානය කරන  නිම්නද යාත‍්‍රා  සංගීත ප‍්‍රසංගය ජූලි 16 වැනි දා සවස 6.30 ට නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වීමට නියමිතය.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, නියෝජ්‍ය සෞඛ්‍ය ඇමැති ෆයිසාල් කාසිම් සහ සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් පාලිත මහීපාල හේරත් යන මහත්වරු ඇරියුම් ලබා සිටිති.

70 දශකයේ ජනප‍්‍රියත්වයට පත්වූ ගායක ගායිකාවන් වන වෝල්ටර් ප‍්‍රනාන්දු, ක‍්‍රිස්ටෝපර් පෝල්, උපාලි කන්නන්ගර, පෝල් ප‍්‍රනාන්දු, අනිල් භාරතී, ඉන්ද්‍රාණි පෙරේරා, මරියසෙල් ගුණතිලක එදින ගීතයෙන් රසවත් කරන අතර 70 දශකයේ සංගීතයෙන් පෙරැළි කළ සුපර් ස්ටාර්ස් කණ්ඩායම සමඟ ශ්‍රී ලංකන්ස් වාදන කණ්ඩායම් එදින සංගීතයෙන් රසවත් කිරීමට නියමිතය.

විශේෂ අවශ්‍යතා ඇති දරුවන් වුවද ඔවුනුත් මල් වැනි පුංචි දරුවන්ය. අනෙක් දරුවන් දුව පැන ඇවිදිනවා සේම මේ දරුවෝද දුව පැන ඇවිදින්නට බලාපොරොත්තු වෙති. ඔවුන්ගේ අනාගතය හැඩ ගන්වන්න ඔබට ලැබෙන අවස්ථාවකි.

බොරැල්ල රිජ්වේ ළමා රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය කුමාර වික‍්‍රමසිංහ මහතා :

භෞත චිකිත්සක, වෘත්තීය චිකිත්සක, කැඩුම් බිඳිම්, ලේසර් තෙරපි, මැග්නටික් තෙරපි, භාෂා හා කථන චිකිත්සකවරුන්ගේ මෙන්ම ස්නායු විශේෂඥවරුන්ට අවශ්‍ය නවීන උපකරණ මිලට ගැනීමට අපි බලාපොරොත්තු වෙන් සිටිනවා. එම උපකරණ වලින් දරුවන්ට ලබාදෙන ප‍්‍රතිකාරවල ගුණාත්මභාවය වැඩිකරගන්න හැකියාව තියෙනවා. දරුවන්ගේ ස්නායු උත්තේජනය කිරීම, තදවී ඇති සන්ධි බුරුල් කිරීම,පේශීවල තදගතිය අඩුකිරීම, මෘදු පටකවල දිග නියමිත ප‍්‍රමාණයට තබාගැනීම, මාංශපේශී ශක්තිමත් කිරීම, රුධිර ගමනාගමනය පහසු කිරීම, කථනය පහසුකිරීම සහ සන්ධිවල චලන පරාසය වැඩිකිරීම වැනි පහසුකම් එම උපකරණ වලින් දරුවන්ට ලබාදෙන්න පුළුවන්. ඒ අනුව අප රෝහල තුළින් සිදුකරන කාර්යයභාරය පිළිබවඳව සමාජයට ලොකු පණිවුඩයක් ලබාදීමටත් මෙමගින් හැකිවෙනවා. මම හිතනවා දානපතියන් මෙම කාර්ය සඳහා දායකත්වය ලබාදෙයි කියලා.

නුගේගොඩ සරසවි පොත්හල, බොරැල්ල සදීපා පොත්හල සහ බොරැල්ල ලේඩිජේ යන ආයතන වලින් ටිකට්පත් රුපියල් 1000 සිට 5000 දක්වා මිලදී ගන්න පුළුවන්.  අප මිතුරෝ සංගමය සතු 8364019 ලංකා බැංකු සුපර් ගේ‍්‍රඩ් ගිණුමට ආධාර වශයෙන් ලබාදෙන මුදල් බැර කරන්න පුළුවන්. එම ලැබෙන මුදල් වලින් මිලදී ගන්නා උපකරණ අපි සියලූම අනුග‍්‍රාහකයන් ඉදිරියේදී ඔවුන්ගේ අතින්ම අදාල අංශවෙත බාරදෙන්නත් කටයුතු කරන්න සූදානමින් සිටිනවා. එවැනි ක‍්‍රියාමාර්ගයකින් ජනතාවගේ විශ්වාසය රැකගැනීම අපට වැදගත් වෙනවා. ප‍්‍රසංගයේ වැඩි විස්තර 0718152031 ප්‍රධාන භෞතික චිකිත්සක ජාලිය උඩුවැල්ල මහතා ගෙන් ලබාගත හැකියි.''

DSC02223

( ළමා  රෝහලේ අධ්‍යක්ෂ වෙෙද්‍ය කුමාර  වික්‍රමසිංහ )

1_919507950053247383_o 13071811_1081671411



අදහස් (0)

ළමා රෝහලේ ආධාරයට සංගීත සැඳෑවක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලින්ට බයේ මුළු පවුලම ගහක් උඩ
2024 ඔක්තෝබර් මස 04 17 0

නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන


ලංකාවට කොරියා එක්සීම් බැංකුවත් සහය දෙයි
2024 ඔක්තෝබර් මස 04 35 0

ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.


ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 940 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


දිනේෂුත් ගෑස් සිලින්ඩරයෙන් එයි
2024 ඔක්තෝබර් මස 03 1374 0

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට


බදු බරට සහන දෙන බව ජනපති මූල්‍ය අරමුදලට කියයි
2024 ඔක්තෝබර් මස 03 2059 0

ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න


අනුරට එජා මහලේකම් සුබ පතයි
2024 ඔක්තෝබර් මස 03 509 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38800 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25480 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1002 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site