ලෝක ළමා දිනය නිමිත්තෙන් අද දිවයින පුරා විවිධ ළමා ඇගයුම් වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන අතර කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේද එවැනි ළමා දින උත්සවයක් ජනපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ප්‍රතිකාර ගැනීමට දිවයිනේ විවිධ දුෂ්කර ප්‍රදේශ වල සිට පැමිණ කුඩා දරුවනට අමතර ඉගැන්වීම්ද සමඟින් සතුටු වීමට විශේෂ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක්ද මෙහිදී විවෘත විය.
රෝහලේ ප්‍රතිකාර ලබන දු දරුවන් විසින් ඔවුන්ගේ කලා කුසලතා ද ඉදිරිපත් කළ අතර එහිදී සංගීත නැටුමක් ඉදිරිපත් කළ රාජගිරිය සිරි පැරකුම්බා විද්‍යාලයයේ ඉගෙනුම ලබන දුලීෂා දුල්නි පෙරේරා සිඟිති දැරිය ජනපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මිය තම උකුලේ තබාගෙන සුරතල් කළාය.
මෙම දැරිය අස්ථි බිඳී යාමේ දුර්ලභ රෝගයෙන් පීඩා විදින අතර රිජ්වේ ආර්යා රෝහලෙන් ප්‍රතිකාර ගනු ලබයි.සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන,සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල , රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය රත්නසිරි හේවගේ මහත්වරුද එහි වුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් ලස්සන දර්ශනයක් . වටිනා මෙහෙයක්. (ස)
අද දින මෙවන් උතුම් වැඩ සටහන් පැවැත්වීම උදාරයි! අගයමි! එසේම, බිලිදුන් වැසිකිලිවල වල් වල හෝ පාරේ දමායන කාන්තාවන්ටත් යමක් කරන්න.මින් මතු එවන් අපරාධ සිදු නොවීමට! (ස)
ළමා අපරාධ වහා වලකන්න පිලියම් යොදන්න අද දවසේ අධිෂ්ටාන කර ගන්න. (ස)
මේ අහිංසක කිරි පැටවුන්ගේ ජීවිත වාසනාවන්ත වේවා! නිදුක් නිරෝගී සුවය අත්වේවා! (නි)
මේ වගේ ළමා නිවාස වල ගොඩක් වෙලාවට ළමා අපචාර වෙන්නේ. මේවටත් පිළියම් යොදනවා නම් ඉතා හොඳයි (නි)
බෝඩ් ලෑලි විවෘත කිරීමෙන් නම් ලෝකයේ පළවෙනි තැන ලංකාවට දියයුතුයි. (නි)
ළමයි නම් හරිම කෙට්ටුයි නේද? (නි)
පින්තූර ටික නම් ලස්සනයි. පින්තූර වාගේම වැඩටිකත් වගකීමෙන් ඉටුකරනවා නම් හොදයි. (නි)
ඇත්තටම මේක ක්‍රියාත්මක කරනවා නම් හොඳ දෙයක්.දුර ඉඳන් බෙහෙත් ගන්න එන ළමයි ගොඩක් දුක් විදිනවා.ඒ අයට මෙහෙම වැඩ පිළිවෙලක් කරපු එක හොඳ දෙයක්. (ස)