බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රොහලේ හෘද සැත්කම් සඳහා පොරොත්තු ලැයිස්තුවේ සිටින දරුවන් වෙනුවෙන් රෝහල් වාට්ටු තුළම පුංචි පාසලක් අරම්භ කළේය
රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රත්නසිරි හේවගේ මහතාගේ උපදෙස් පරිදි පවත්වන මෙම පාසලේ දැනට රෝහලේ නේවාසිකව සිටින දරුවන් 45 දෙනකු පමණ අධ්‍යාපයන ලබන අතර එම දරුවන් වෙනුවෙන් කොල්ලුපිටිය මහානාම විද්‍යාලයෙන් ගුරුවරියන් සිව්දෙනකුද අනුයුක්ත කැර ඇත
මෙතෙක් රෝහල් ඇඳන් මතම පවත්වාගෙන ගිය පාසලට පොත් පත්ද ඩෙස් පුටු ද ඉගැනුම් ආධාරක ද පරිත්‍යාගයක් සිංහ සමාජයේ දිස්ත්‍රික් 306 ඒ 2 සාමාජිකාවන් විසින් අද සිදු කළේය
ව්‍යාපෘති නිලධාරීනි රසාදරී පිරිස් මුනසිංහ මහත්මියගේ සහ සිංහ කාන්තා කමිටු සාමාජිකාවන්ගේ සංවිධානයෙන් රෝහල් පරිශ්‍රයේදී පැවති චාම් උත්සවයකින් පන්ති කාමරය විවෘත කළ අතර පෙර සිංහාධිපති දුමින්ද මුණසිංහ බහු මණ්ඩල සභාපති පද්මසිරි රණවක හෘද රෝග ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය දුමින්ද සමරසිංහ යන මහත්වරුන් අතුළු රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයෝ ද විශාල පිරිසක්ද මේ සඳහා එක්වූහ
.jpg)
.jpg)
.jpg)
.jpg)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා අගනා කටයුත්තක්.. (ස)
මල් වගේ පොඩි දරුවන්ගේ සිතට සතුටක් ඇති කරන්න කරන ලද උත්සහයට ගොඩක් පිං සිදු වෙනවා (නි)
හදවත උපන් කදුලින් ලියන වග නම්...!!! සෑම හදවත් රෝගී දරුවෙකුටම ඉක්මන් සුවයත්, සැත්කම් සාර්ථකව කර ගැනීමට දෙවියන් වැනි උතුම් වූ දොස්තරවරුන්ට සවි ශක්තිය හා ධෛර්යත් නොඅඩුවම ලැබේවා! මෙවැනි උතුම් වැඩ සදහා සහභාගි වූ සැමටම මෙපින් බලෙන් ජිවිත සතුටු සාගරයක්ම වේවා! (නි)
සහය වූ සැමට උතුම් නිරෝගී සම්පත්තිය ලැබේවා!!!!! (නි)
එය ඉතා වටිනා ක්‍රියාවක්. ස්තුතියි දොස්තර මහතුන් හට, රැකියාවට හා රාජකාරියට වඩා යම් දෙයක් කළ එකට (නි)
සිංහ සමාජයෙන් හොද වැඩක් කරලා. මම අහලා තියෙන්නේ සිංහ සමාජ ගැන මීට වෙනස් විදියට (නි)
සහය වූ සැමට නිරෝගී සැප ලැබේවා !!!! (නි)
මේවට තමයි උතුම් මනුෂ්‍යකම් කියන්නේ. (නි)
මම නම් පතන්නේ පොරොත්තු ලේඛනයේ රැදී සිටින්නේ නැතුව ඉක්මනින් සැත්කමට මුහුණ දී ගෙදර යාමට ලැබේවා කියලයි. (නි)
බොහොම හොඳ වැඩක් ජය වේවා. (ස)
ඉතා අගනා කටයුත්තක්! සැමට ප්‍රණාමය (නි)
මෙම සත්කාරයට හැමෝම හැකි උපකාරයක් කරන්න. (ස)
ඔබ අප සැම කර ඇත්තාවූ සකල කුශල සම්පත්තීන්ගේ ශක්තියෙන්ද,අසුහාරදහසක් වූ ධර්මස්කන්ධයන්ගේ ආනුභාවයෙන්ද , තිස්තුන් කෝටියක් වූ දෙවි දේවතාවන්ගේ ආශිර්වාදයෙන් ද, අපට නොපෙනන්නාවූ විශ්ව ශක්තියේ බලයෙන්ද, ජීවකතුමන්ලා ඇතුළු කාර්ය මණ්ඩලයේ දෑත්වල ශක්තියෙන් සහ සිත්තුළ හටගන්නාවූ දැඩි අධිෂ්ඨාන බලයෙන්ද මේ දුප්පත් අහිංසක දුවා දරුවන්ගේ සැත්කම් සාර්ථක වී සුවපත් වේවා! සුවපත්වේවා !! සුවපත්වේවා!!! (නි)
සැමට පින් සිදුවේවා! (නි)
අගනා වැඩක් (නි)
සෙන්තිල්, මමත් බැලුවේ නිකන් මොනවදෝ වෙනසක්. ඔබ හරි (නි)
අනේ! දේශපාලකයෝ නම් ගාවා ගන්න එපා (නි)
අගය කළ යුතු ඉතාම අගනා ක්‍රියාවක්.දායක වූ සැමට පින් සිදුවේවා.! (නි)
දායක වූ සැමට පින් සිදුවේවා! (නි)
එය ඉතා වටිනා ක්‍රියාවක්.හැමෝටම බොහොම පින්! (නි)
මේ කටයුතු කළ සැමටම ගොඩක් පින්.ඒ වගේම ගුරුවරු අපගේ දෙවිවරු...... (නි)
අදහස් ලබාදුන් සැමට ස්තුතියි. ඔබගේ අදහස් අපව තවත් ශක්තිමත් කරනවා. (නි)
සහය වූ සැමට උතුම් නිරෝගී සම්පත්තිය ලැබේවා!!!!! (ස)
මට ඇතිවූ සතුටට ඇස් දෙකට කදුළු (අ)
හොද සත්කාරක ක්‍රියාවක් අපගේ උත්තමාචාරය... (දී)
වරුණ, ඔයාටත් හොඳයි මේකට ඇතුළු වුණා නම්! (නි)
ඉතා හොද දෙයක් (නි)
අගය කළ යුතු හොද වැඩක් (නි)
මෙන්න අපේ අයගේ වැඩ... ගමෙන් ආ හොඳ මනුස්සයෙක් ! (නි)
හරිම සතුටයි !! අපි හැමෝම අනුන් ගැන සිතනවා නම් (නි)
ඇයි මේකට සිංහලුන් විතරක් ගත්තේ?මුස්ලිම්,දෙමල කාන්තාවන්වත් මේ වැඩේට ගත්තොත් එහෙම නරකද? (නි)
පෙරුම් පුරන බෝසත්වරු .. (නි)
මෙය සංවිධානය කරන සහ මෙයට සහයෝගය දෙන හැමෝටම පින් !!! (නි)
ගොඩක් හොද වැඩක් (නි)
සාදු සාදු සාදු ! මේවා තමා පින්. ළමයින්ට දයාව කරුණාව තරම් ප්‍රතිකාරයක් මෙලොව නැත. සියලුම දෙනාට නිරෝගී සුවය ලැබේවා! (නි)
ඉතා අගනා කටයුත්තක්. හැමෝටම බොහොම පින් (නි)
ඇස් වලට කඳුලු එන දර්ශනයක්. ඔබලාට බොහොම පින්. (නි)
තෙරුවන් සරණින් මේ කුරුළු පැටවුන්ගේ සැත්කම් සාර්ථක වේවා !!!!සාර්ථක වේවා !!!!සාර්ථක වේවා !!!! (නි)
ලංකාවේ ඉහවහා ගිය මනුස්සකම තවමත් ඉතිරිවෙලා තියෙන බව දැකලා නෙතට කදුලක් ආවා!! (නි)
සෙන්තිල්, මේ අරගෙන නෙමෙයි. ඉදිරිපත් වෙලා.. (නි)
ඔබ සියලු දෙනාටම බුදුසරණයි. නියම කුසල් කියන්නේ මේවාට තමා. සියලුම දරුවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි. අපේ රටගැන ආඩම්බර වෙන්න පුළුවන් හොද නිදසුනක්. ඔබතුමන්ලාටට කවදාවත් වරදින්නේ නැහැ.මගේ හෘදයාංගම සුබපැතුම්. (නි)
දායක වූ සැමට පින් සිදුවේවා. දු දරුවන් සියලු දෙනාට තෙරුවන් සරණයි. (නි)
අනේ පින් ඔබ සැමට !! (නි)
සෙන්තිල්, අනිත් මිනිස්සුන්ගේ දුක දැකලා ඉදිරිපත් වෙලා ඉන්නේ සිංහල අය විතරක් වෙන්න ඇති. ඒකට ඒගොල්ලෝ මොනවා කරන්නද? (නි)
ඇත්තටම ලංකාවේ බොහෝ ගුරුවරියන් ජීවමාන දෙවියන් තමා . සැමට ප්‍රණාමය (නි)
අගය කළ යුතු ඉතාම අගනා ක්‍රියාවක්. දායක වූ සැමට පින් සිදු වේවා !!! (නි)
ළමයි බයවෙයිද දන්නෙ නැහැ, අපේ කට්ටිය දැක්කහම (නි)
මාත් අනිවාර්යෙන්ම හැකි උපරිමයෙන් උදව් කරනවා (නි)
මෙම සද්කාර්යයට මූලික වුණ උපකාර කරන සැමට පින්! (නි)