IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ෆෑන් සිනමාපටයේ මා ගැයූ ගීතය මගේ මව්බිම ලද ජයග්‍රහණයක්

20160426-ent-79

දියුණු වන තාක්ෂණයත් සමගසංගීත ක්ෂේත්‍රයට නව පණක් ලබාදුන් ගායකයෙක් ලෙස ඉන්ෆාස් හැඳින්විය හැකිය. "මන්දිර සඳලු තල" යන ගීතයෙන් ප්‍රේක්ෂක ජනාදරය දිනාගත් ඔහුටමේ දිනවල තිරගත වන "ෆෑන්" හින්දි චිත්‍රපටය වෙනුවෙන් සිංහල ගීතය නිර්මාණය කිරීමටද අවස්ථාව හිමි විය. ඒ පිළිබඳව තොරතුරු සහ ඔහුගේ කලාකටයුතු පිළිබඳව දැනගැනීම සඳහා "අද" සමග කතාබහකට අපි ඉන්ෆාස්ව සම්බන්ධ කර ගතිමු.

 

20160426-ent-82සංගීතය පැත්තෙන් අලුත් කටයුතු මොනවද?

සිංහල අලුත් අවුරුද්ද උදාවුණා. හොඳයි මේ පාර. සංගීත වැඩකටයුතු යනවා. ඊට අමතරව ලංකාවේ කලාකරුවෙක් ලෙස කරන්න පුළුවන් ලොකුම දේ කරන්න හැකියාවක් හිමි වුණා.

 

"ෆෑන්" චිත්‍රපටයේ ගීතයට ලංකාවේ "සිංහල වර්ෂන්" එකක් කරන්න අවස්ථාව උදාවුණේ කොහොමද?

ඒදේ මෙහෙමයි වුණේ. ඉන්දියාවේ "යෂ්රාජ්" චිත්‍රපට සමාගමෙන් මාව යෝජනා කළා මේ චිත්‍රපටයේ ලංකාවේ "Official Theme Song' එක ගායනා කරන්න. ඒ අයත් එක්ක සම්බන්ධීකරණ කටයුතුකළේ ලංකාවේ ආයතනයක් වන "පැරමවුන්ට් 360" කියන සමාගමයි. මෙම ආයතනය ලංකාවේ කලාකරුවන් යවලා තියෙනවා එහෙට. ඒ අය මාව තමයි තෝරලා තියෙන්නේ. ඒ අයගෙන් පණිවුඩයක් ඇවිල්ලා ඊට පස්සෙ තමයි මට මේ ගීතය කරන්න කිව්වේ.

ඇත්තටම කිව්වොත් මේ සඳහා අපට කාලය ලැබුණේ උපරිම දවස් දෙකයි. ඒකට හේතුව වුණේ මුළු ලෝකය පුරාම අප්‍රේල් 15 වැනිදා "ෆෑන්" චිත්‍රපටය එළිදැක්වූ නිසයි. මට මේ ගීතය කරන්න අවස්ථාව ලැබුණේ අප්‍රේල් 9වැනිදා. අපි දවස් දෙකක් ඇතුළත ඒ ගීතය කරලා ඒ අයට යැව්වා. ඉන්පසු ඒ අය 12වැනිදා උදේ මේ ගීතය ඒඅයගේ චැනල් එක හරහා එළිදැක්වීම කරනු ලැබුවා."පැරමවුන්ට් 360" එකේ ඉන්නේ මගේ හොඳ යාළුවෙක්. එයත් ලංකාවේ කලාකරුවෙක්. එයා තමයි ක්‍රිෂාන් මහේෂන්. එයා තමයි ලංකාවේ මුලින් දමිළ රැප් කරනු ලැබුවේ. එයාගේ ආයතනය ඔස්සේ තමයි මෙහි සම්බන්ධීකරණ කටයුතු සිදුකළේ. ඇත්තටම කියනවානම් මේ දේ ලංකාවටම ආඩම්බර වෙන්න පුළුවන් දෙයක්. ලංකාවේ කලාකරුවන් බොහෝදෙනෙක් බලන්නේ ජාත්‍යන්තර මට්ටමට කුමන හෝ කාර්යයක් ගෙන යන්න. එහෙම බලනකොට අපිට ලැබිච්ච අවස්ථාව හොඳයි.

මොකද අපි එයාලව හොයන් ගියේ නැහැ. ඒ අය අපිව හොයන් ආපු එකයි මෙහිදී සිද්ධ වුණේ. පළමුවෙනි වතාවට තමයි ජාත්‍යන්තර මට්ටමේ කටයුත්තක් සඳහා අපිව හොයන් ආවේ. මට ආඩම්බර වෙන්න තියෙන ලොකුම කාරණය තමයි මට එයාලගේ රටේ භාෂාවෙන් සිංදුව කියන්න කිව්වෙ නැහැ. අපේ රටේ භාෂාවෙන් තමයි සිංදුව කියන්න කිව්වේ. ඒවගේම ඉන්දියාවේ තියෙන ලොකුම සිනමා ආයතනයට අපේ සිංහල භාෂාවෙන් ගීතයක් එළිදැක්වීමට අවස්ථාව ලැබුණා.

මගේ සංගීත දිවියේ සන්තෝෂ වෙන්න තියෙන කාරණාවක් තමයි,මේ ගීතය එළිදක්වලා පැය 05කට පස්සේ ෂාරුක් ඛාන් විසින් එයාගේ ට්විටර් ගිණුමේ අපේ ගීතය සහ මම පිළිබඳව කියලා මගේ වීඩියෝවත් සමග ට්වීට් කරලා තිබීම. ෂාරුක් ඛාන් වගේ කෙනෙක් මට ට්වීට් කරනවා කියන්නේපෞද්ගලිකව මට ආඩම්බර වෙන්න පුළුවන් කාරණාවක්.

මට තවත් විශේෂ දෙයක් කියන්න තියෙනවා. ෆෑන් චිත්‍රපටය වෙනුවෙන් කරපු සෑම භාෂාවේම ගීතයක් සඳහා නැරඹුම් ප්‍රමාණය මිලියන 10 සිට 20 දක්වා ප්‍රමාණයක පැවතෙනවා. අපිට පුළුවන් නම් ලංකාව වෙනුවෙන් කරපු දේ බලලා මිනිසුන්ට කියලා ඒ දේ ෂෙයාර් කරගෙන මාසයකින් දෙකකින් හරි මිලියනයක ප්‍රමාණයක් සඳහා යන්න. ඒක ගොඩක් හොඳ දෙයක් වේවි. www.facebook.com/infaasmusic සහwww.facebook.com/krishanmusic යන ෆේස්බුක් ඔස්සේ ඇවිත් අපට සහයෝගයක් ලබාදෙන්න කියලා ලංකාවේ හැමෝගෙන්ම ඉල්ලනවා.

 

මෙවැනි ව්‍යාපෘති කරද්දී යම්කිසි සහයෝගයක් මේ රටේ බලධාරීන් විසින් ලබාදෙනවාද? ඊට අමතරව මෙවැනි දේවල් කරද්දී මුහුණ දීමට සිදුවෙන බාධක ගැන කතාකළොත්?

ඇත්තම කියනවා නම් ලංකාව කියන්නේ සුන්දර රටක්. හැබැයි ප්‍රශ්නෙ තියෙන්නේ මෙම ක්ෂේත්‍රය තුළට දේශපාලන පැත්තෙන් කිසිම සහයෝගයක් නැහැ. අද ගායන ක්ෂේත්‍රය තුළ ඉන්න බොහෝ අය හොඳට අධ්‍යාපනය ලබපු අය. මමත් අධ්‍යාපනය පිළිබඳව උපාධි දෙකක් හදාරල ඉන්නේ. තවත් මම ඉදිරියට ඉගෙන ගන්නවා. ඉතිං සංගීතය කියන්නේ මගේ විලාසිතාව නිසා ඒදේ මම කරගෙන යනවා.

මේ ක්ෂේත්‍රය දිහා බලනකොට හරි දුකයි. එක ප්‍රශ්නයක් තමයික්ෂේත්‍රය තුළ කවුරුත්කාටවත් ගරුත්වයක් නැතිකම. කෙනෙක්ට හරියනවට කැමති නැහැ. ඒක මම බොහෝවිට දකින දෙයක්. ඒත් ඒක ඒ අයගේ වැරැද්ද නෙමේ. වැරැද්ද තියෙන්නේ අපේ රටේ පද්ධතියෙයි. ලංකාවේ ඉන්න කලාකරුවෝ මහන්සිවෙලා සිංදු හදනවා, රඟපානවා. ඉතිං එහෙම කළා කියල ඒ අයට පෙන්ෂන් එකක්වත් නැහැ.

ඒ අයට ලෝයලිටි සිස්ටම් එකක් නැහැ. රේඩියෝ ආයතන සහ රූපවාහිනී ආයතන ඒ අයගේ වෙලාව පාවිච්චි කරනවා. රූපවාහිනී ආයතනය එයාර් ටයිම් පුරවගන්න ඒ කලාකරුවන් මහන්සියෙන් කරන දෙයක් නිකන් අරගෙන ප්ලේකරලා අනුග්‍රාහක භවතුන්ගෙන් සල්ලි ගන්නවා. ඒක අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. මම කියන්නේ අපේ රටට, අපේ කලාකරුවන්ට රැකවරණයක් ලබාදෙනවානම් හොඳයි කියලයි. මම දැකලා තියෙනවා සමහර කලාකරුවන් වයසටත් ගිහිල්ලා ඇවිද ගන්නත් අමාරුවෙන් වේදිකාවට නැගලා සිංදු කියලා තමයි තමන්ගේ ගෙදරට කීයක් හරි හම්බකරලා දෙන්නේ. මොකද ඒ අයට එතැනින් එහාට වෙන විදිහක් නැති හින්දා. ඒ වගේ බාධක තියෙනවා කියල කියන්න පුළුවන්.

මම යම්කිසි බලධාරියෙක්ගෙන් ඉල්ලා සිටිනවා ලංකාවේ කලා ක්ෂේත්‍රයට වෙනස් දෙයක් කරලා පෙන්නන්න කියලා. මොකද ලංකාවේ නම එළියට ගෙනියන්න පුළුවන් හොඳම විදිහ වෙන්නේ ක්‍රීඩාව සහ කලාක්ෂේත්‍රය පමණයි. බොලිවුඩ් ක්ෂේත්‍රයට එක්සත් රාජධානියෙන් එන්න හදනවා. මම පෞද්ගලිකව දන්න කාරණාවක් තමයි ගොඩක් විදෙස් කලාකරුවන් ඉන්දියාවේ මාර්කට් එකට එන්න හදනවා. ෂාරුක් ඛාන්ගේ චිත්‍රපටයක් තිබුණේ "රාවන්" කියලා. එහි ගීතයක් සඳහා සහභාගී කරගෙන තිබුණේ ඒකෝන්ව.

ඉතිං පොඩි රටක ඉඳන් බාධක හුඟක් මැද්දේ යන්න ලැබිච්ච එක හොඳ දෙයක්. අපි ගියේ නැහැ අපිව හොයන් ආවා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - ඉසුරු පෙරේරා

ada

 

20160426-ent-81
20160426-ent-80



අදහස් (0)

ෆෑන් සිනමාපටයේ මා ගැයූ ගීතය මගේ මව්බිම ලද ජයග්‍රහණයක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 146 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 1021 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 271 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 164 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


“පක්‍ෂය පාවාදුන් අයට නාමයෝජනා දෙන්නේ නෑ“
2024 සැප්තැම්බර් මස 30 365 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාවාදුන් කිසිවකුට නැවත එම පක්ෂයේ ඉහළ නිලතල හෝ නාම යෝජනා නොදෙන බවත් එම පිරිස සම්බන්ධයෙන් පක්‍ෂය ගත් ස්ථාවරයේ අඛණ්ඩව සිටින බවත


මට ගහන්න කවුරුත් එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 30 925 0

ප්‍රභූ ආරක්‍ෂාවට තමන් කැමැතක් දක්වන පුද්ගලයෙක් නොවන බවත් ප්‍රභූ ආරක්‍ෂාව ඉවත් කළ ද ප්‍රශ්නයක් නොවන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (30)


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38288 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25225 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site