තැන්පතු වංචා කළැයි පවරා ඇති නඩු 245 කට උත්තර දීම සඳහා සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ අධ්‍යක්ෂවරුන් පස්දෙනාට ලබන 17 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද නොතීසී නිකුත් කළේය.
ලක්ෂමන් රූපසිංහ,ගාමිණි කරුණාතිලක,ඩග්ලස් ජයතිලක,අසිත සමරසිංහ හා ප්‍රේමසිරි විතානපතිරණ එම අධ්‍යක්ෂකවරු වෙති.
15% කට වැඩි පොලියක් බලාපොරොත්තුවෙන් තමන් මුදල් තැන්පත් කළ බවත් එහෙත් පොරොන්දු වු පරිදි පොලී නොගෙවු බවත් පැමිණිලිකරුවෝ උසාවියට කියා සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශ්වාස කරන්න බැරි පොලී දෙන පව කියන විටම දැනගන්න ඕනේ බොරුකාරයෝ බව.(නදී)
ඔය පල් හොරුන්ට උපරිම දඩුවම් ලබා දෙන්න කියල අපි අදිකරණයෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. (නදී)
අපේ හම්බ කරපු සල්ලි.එයාලට හොදක් වෙන්න එපා.(නදී)
නය පොලි අනුපාතයත් 16%-17% දෙනකොට තැන්පතුවලට 15% දෙන්න බැරිබව හිතන්න ඕන. මුල්‍ය ආයතන වලින් තම පොලී අනුපාත ප්‍රකාශ කරන විට මහබැංකුවට, ඒ සඳහා මුදල් උපයන ආකාරය පෙන්වා, අනුමැතිය ලබාගත යුතු ලෙස නීතියක් පැනවුවොත් හොඳයි වගේ. එසේ නැතිව හිතුන හිතුන වැඩි පොලී පෙන්නලා මිනිසුන්ව ආකර්ෂණය කරගන්න ඉඩ නොතබා. (නදී)
වග කියන්න ඕනේ බළධාරීන් මහා බැංකුව ගැන කිසි විශ්වාසයක් කරන්න එපා. බබාලා දන්නේ උත්දමන වාර්තා දෙන්න විතරයි.(අ)