කල් පිරුණු තැන්පතු වෙනුවෙන් සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම තැන්පත් කරුවනට රුපියල් කෝටි 103.1 ද පොලිය වශයෙන් රුපියල් කෝටි 17.9 ගෙවිය යුතුව ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතාට වැඩි දුර වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේය.
ශ්‍රී ලංකා මහ බැංකුවෙන් දුන් උපදෙස් සමාගම විසින් නොපිළිපදින ලදැයිද එම වාර්තාවේ දැක්වේ.
ශ්‍රී ලංකා මහ බැංකුවට එම ෆිනෑන්ස් සමාගමෙන් ව්‍යාජ හා අසම්පුර්ණ තොරතුරු ඉදිරිපත් කැර ඇතැයිද ඔවුන් පෙන්වා ඇති වත්කම් හා බැරකම් වල පරතරයක් ඇතැයිද ශ්‍රී ලංකා මහ බැංකුවේ අධ්‍යක්ෂකවරයකු වන එච් එම් ඒකනායක මහතාගේ එම වාර්තාවේ සහන්වේ.
තැන්පත්කරුවන්ට හා ණය කරුවන්ට අවාසිදායක අන්දමින්, අනිසි හා දුර්වල මුල්‍ය ක්‍රියා මාර්ග අනුගමනය කැර ඇතැයිද ඔහුගේ වාර්තාවේ දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ ආයතන වලට බැංකු ගිණුම් පවත්වන්න බලපත්‍ර දෙන්නේ කවුද? මේ ආයතනය බලපත්ත්‍රලාභී ආයතනයක් කියලා පත්තරේ ඇඩ් දැම්මේ කවුද? ඇයි දැන් මෙහෙම කියන්නේ? (නි)
මහා බැංකුවට ඕක මතක් වුනේ තැන්පත්කරුවෙක් නඩු දාලා අධ්‍යක්ෂක මණ්ඩලය උසාවියට කැදෙව්වම නේද? ඇයි එච්චර කල් බලාගෙන හිටියේ? ෆිනෑන්ස් සමගම විගණනය කළේ කවුද? ඒගොල්ලෝ ඔය කියන වැරදි පෙන්නලා දීලා නැද්ද? මහ බැංකුවේ අධීක්ෂණ ඒකකය මෙපමණ කල් මේවා දැක්කේ නැද්ද? (නි)
ජගත්,දිල්ශානි, ඔය දෙන්නගේ නුවණ හැඳි මිටටත් වඩා කොටයි වගේ.සමහර බැංකු වලට වඩා ස්ථාවර මුල්‍ය සමාගම් ලංකාවේ තියනවා.පොඩ්ඩක් පොත පත කියවන්න අදහස් දාන්න කලින්. (නි)
අර අහවල් මහත්තයා ළඟ හිටපු අයගේ ලෙඩේ දැන් අනිත් ෆීනෑන්ස් සමාගම් වලටත් බෝ වෙගෙන යනවා. අහිංසක මිනිසුන් විස්වාසනීව තැන්පත් කරන මුදල් මෙවැනි අධාර්මිෂ්ට මිනිසුන් හොරකම් කරලා මිනිසුන්ව මුලා කරලා අමාරුවේ දමනවා. මේ මිනිස්සු මොන උගත්කමක් අරගෙන මෙවැනි වැඩ කරනවද දන්නේ නැහැ. (ස)
ෆිනෑන්ස් සමාගම් වල ඇති මුදල් ගෙන හොඳ පුද්ගලික බැංකුවක තැන්පත් කරමු. (නි)
හැමතැනම ඉන්නේ හොරු (නි)
චන්දන, වැඩි තණ්හාව කියන්න එපා. සමාජ ආරක්ෂණ ක්‍රමයක් නැති අපේ රටේ විශ්‍රාමිකයන්ට එකම පිහිට මේ වගේ මුල්‍ය සමාගම් පමණයි. බැංකුවල දෙන පොලියෙන් ජිවත් වෙන්න නම් කෝටි පහක්වත් තැන්පත් කරන්න වෙයි. (නි)
ජගත්, ඔයා කොහොමද කියන්නේ බැංකු සුරක්ෂිතයි කියලා. ප්‍රමුඛ බැංකුව වැටුනේ නැද්ද ? (නි)
මහා බැංකුව දැන් ගැලවෙන්න බලනවා වගේ පෙනෙන්නේ.අපි තවත් බැංකුව විශ්වාස කරමුද. (නි)
ගිනි පොලිය නම් අරහං (නි)
ජෝශප්, ඔයාලා වැඩි තණ්හාවට ගියාම ඔහොම වෙනවා. වැඩි පොළියක් දෙන්නේ කොහොමද කියලා හොයලා බලන්න. (නි)
අපි මුලාවුණා (නි)
ඔවුන් අපිව රැවැට්ටුවා (නි)
දැන් අර කට්ටිය මහ බැංකුවට දොස් පවරයිද දන්නේ නැහැ අපේ ලියවිලි බලලා ඒවායේ වැරදි පෙන්නලා දුන්නේ නැත්තේ ඇයි කියලා. මහ බැංකුවේ වෙනම අංශයක් තියෙනවා නේද මුල්‍ය ආයතන ගැන හොයන්න. ඒ ගොල්ලෝ ෆිනෑන්ස් සමාගම් දෙන ඕනෑම ලියවිල්ලක් ඇස් පියාගෙන බාර ගන්නවද? (නි)
ෆිනාන්සේ සමාගම් වලට සල්ලි දැම්මම තමා වෙන්නේ. බැංකු වල දැම්මම කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. (නි)
දැන් ඉතින් ඕවට කව්ද වග කියන්නේ.මහා බංකුව ඕක අධීක්ෂණය කළා නේද? (නි)
ඕක සුළු වැරැද්දක්, අපේ මිනිස්සු ඕවට සමාව දෙනවා.මේක ශ්‍රී ලංකාවනේ. (නි)
දොස් කියලා අහක බලාගන්න එපා. ඉදිරියේදී මෙවැනි දේවල් නොවෙන්න වැඩ කටයුතු සළසන්න. මහා බැංකුවෙන් අපි බලාපොරොත්තු වෙන්නේ එවැනි දෙයක්. (නි)