යුද්ධය අවසන් වී ඇති නිසා උතුරේ හෝ දකුණේ අධි ආරක්ෂිත කලාප හෝ හමුදා පිරිස් අඩු විය යුතු යැයි හිටපු යුද හමුදාපති ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා උතුරේදී ප්‍රකාශ කළේය.
ඔහු දෙදිනක් උතුරේ සිය පාක්ෂිකයන් හමුවී ළඟ එන මැතිවරණයට අපේක්ෂකයන් ඉදිරිපත් කිරීම ගැන සාකච්ඡා කළේය.
‘දැන් යුද්ධය අවසානයි. යුද්ධය අවසන් වී වසර හතරක් ගතවී ගිහින්. එවැනි තත්ත්වයක් යටතේ අධි ආරක්ෂිත කලාප ගැනත්, බළසේනා තැන තැන රැඳවීම ගැනත් සළකා බැලිය යුතුයි. යුද්ධයක් නැති බව මහජනයාට ඒත්තු යන පරිසරයක් රටේ තිබිය යුතුයි. ‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෆොන්සේකා මහත්තයත් අනාගන්න වගෙයි හදන්නේ,
ජෙනරල්තුමනි ,ඔබත් දැන් බලය වෙනුවෙන් සිංහලකම පාවාදෙන අයෙකු වීමටද ඔය හදන්නේ. ඔය පළාතෙන් ඡන්ද 100 යක් ගන්නකොට මේ පැත්තෙන් 1000 කට වඩා නැති වේ. මදක් සිතා බලන්න (නි)
දේශපාලන කෝණයකින් තොරව ප්‍රායෝගික හා කාලෝචිත වැඩේ තමයි හමුදාව අඩු කරලා බුද්ධි අංශ වැඩි කරන එක.(නදී)
ඉතින් ඔබතුමාමනේ කිවුවේ යුද්දෙන් පස්සේ හමුදාව ලක්ෂ 4 දක්වා වැඩි කරන්න ඕනෑ කියලා (නි)
එක අතකට මෙතුමට ජනාධිපතිවරණයේදී උදවු කරපු කට්ටිය ගැන හිතුවම මෙතුමා උතුරින්ම හමුදා අයින් කරන්න ඕනෑ කියලා කිව්වේ නැති එකයි පුදුමේ.. (නි)
මොනවා කරන්නද මොනවා කරනවද මොනවා වේවිද කියලා හිතා ගන්න බැහැ නේද? (නි)
ටෙනිසන් කියන්නේ විහිළු කාරයෙක් නේ. මේයානම් එයා නෙමේ එයා පොලවේ පය ගහපු කෙනෙක් නේ මෙයා තණකොළ කන කෙනෙක්, අනේ පව් (අ)
සලකා බැලිය යුතුයි කියලා නේද කියන්නේ? (නි)
මෙයට තවමත් මොලේ පැදිල නැතිව වගෙයි පේන්නේ (අ)
අනේ මෙතුමාගේ කතා.....! (නි)
මහත්තයෝ , හොද සිහියෛන්ද මේ කතා කරන්නේ? (නි)
නමුත් අළු යට ගිනි පුපුරු තියෙන්න පුළුවන් (නි)
ඔබතුමා ආවොත් ඕවා කරනවා නේද? (නි)
කවුරු මොනවා කිවුවත් මේ කතාව ඇත්ත.දැන් හමුදාව අඩු කරලා බුද්ධි අංශ වැඩි කරන්න ඕනෑ. එතකොට තමා ලෝකෙට පෙනෙන්නේ දැන් නිදහස් රටක් කියලා (නි)
මිනි මරන්න පුළුවන් ඕනේ කෙනෙකුට.. රනිලුත් කිව්වේ ? එත් මෙයාට මොලේ නැහැ. මිනිස්සු මෙච්චර මෝඩද මෙයා එක්ක එකතු වෙන්නේ? (අ)
මේයා රට බරගතා නම් අපිට පස් තමයි කන්න වෙන්නේ (අ)
චන්දය කාලෙට දේශපාලනය කරන අය දෙන පොරොන්දු විහිළුවක්. ගංගාවක් නැති තැනක වුනත් පාලමක් දාලා දෙන්න පොරොන්දු වෙනවා. (නි)
හිටපු හමුදා ප්‍රධානියා හැටියට ඔය වගේ ප්‍රකාශ කිරීම වැරදියි නේද? යුද්ධය ඉවරවුනාට කොටි අවතාර තාම තියනවා. (නි)
ජෙනරාල්තුමනි, ජයවේවා! (නි)
කොහේ ගියත් ඔයාට සුළු ජන්ද ටිකක් ලැබේවි.(නදී)
ඔබතුමාට ඔය පැත්තෙන් නම් වැඩක් වෙන එකක් නැහැ මම හිතන්නේ (නි)
මේ දේශපාලකයෝ කවද නිවැරදි තීරණ ගනීවිද දන්නේ නැහැ. ගොඩ බිම හමුදා බලය අඩුකළත් නාවික බලය සියයට පන්සීයකින්වත් වැඩිකරන්න ඕනෑ. නැත්නම් කොටි අවතාර නැවත මතුවෙයි. (නි)
මොනවා කියවනවද මන්දා? (නි)
ගිය සැරෙත් අවොත් කරන්න තම අර හෝටලේක හමුදාවෙන් පැනල ගිය අය හත්සීයක් තියාගෙන හිටියේ (අ)