ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකාගේ ඡන්ද අයිතිය ලබා දෙන්නැයි දස ලක්ෂයක් අත්සන් එකතු කිරීමේ රිය පෙරහරට නිට්ටඹුවේදී අද (19) මැර ප්‍රහාරයක් එල්ල විය.ෆොන්සේකාගේ ආධාරකරුවකු තුවාල ලැබීය.
පෙරහර පැමිණියේ මහනුවර සිටය.
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකාගේ ඡන්ද අයිතිය ලබා දෙන්නැයි දස ලක්ෂයක් අත්සන් එකතු කිරීමේ රිය පෙරහරට නිට්ටඹුවේදී අද (19) මැර ප්‍රහාරයක් එල්ල විය.ෆොන්සේකාගේ ආධාරකරුවකු තුවාල ලැබීය.
පෙරහර පැමිණියේ මහනුවර සිටය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බන්දුලගේ අදහස් ලංකාදීපයේ පල නොකරන මෙන් ඉල්ලා සිටිමි . (අ)
නිවට වැඩ (ස)
මේ දේවල් නම් අනුමත කරන්න බැහැ (නි)
මම ගොඩක්ම කැමති මහින්ද රාජපක්ෂ ජනපතිතුමාට. ඡන්දෙ දෙන්නෙත් එතුමාට. (නි)
එක් අයෙක් පමණක් මේ යුග පුරුෂයාට එල්ල කළ ප්‍රහාරය වක්‍ර මාර්ගයෙන් සාධාරණීකරණය කර තිබෙනවා. මේවාට වන්දි දවසක පොළියත් සමඟ ගෙවන්න වේවි. (නි)
බෙනට් මහත්මයටයි මේ කියන්නේ. තමන් හඳුන්වා ගන්න නම තමන් විසින්ම කැත කරගත් ඔබ විසින් දමා ඇති සටහනේ තවත් කෙනෙකුගේ නමක් හෙළි කරන්නට බයේ කොටස් වලට කඩා පලකරවන්නේ කොන්ද පන නැති නිසා නොවේද.? (අ)
අපේ ගමේ පොන්සේකා මහත්තයාට තිබුණේ ලොකු ගෞරවයක්. මහින්ද මහත්තයාට තරම් නැති උනාට හොඳ පිළිගැනීමක් තිබුණා. ඒත් එතුමා හැමදාම කියන එකම කතා අහන අපේ මිනිස්සුන්ට, කිසිම වැඩපිළිවෙලක් නැති පළිගැනීම පමණක් හිත දරාගෙන ඉන්න කෙනෙක් බව තේරිලා ඔන්න දැන් ටිකෙන් ටික ජනප්‍රියත්වයත් නැතිවෙලා. (අ)
බොරු පෙරහරවල් නොගොස් ඔය ඉල්ලීම ජනාධිපති තුමාට ඉදිරිපත් කළා නම් එතුමා නොකර ඉන්නේ නැහැ. ඉන්දීය ධීවරයන් නිදහස් කළා නම් මේක නොකරා ඉන්න බැහැ.ජනාධිපති තුමාගේ වෛරීය දේශපාලනයක් නැහැ.(හේ)
ඇමරිකාවේ ජෙනරාල් අයිසන්හෝවර් සෙනවියා දෙවන ලෝක යුද්ධය දිනවලා ඇවිත් එයාගේ ජනාධිපති තුමා එක්ක තරඟයට ගියේ නැහැ.වෙලාව බලල අන්තිමේදී නිසි කල ආවිට ඇමරිකාවේ ජනාධිපති වුණා. .ලංකාවේ මිනිස්සුන්ට හරි ඉක්මනින් කළ හොඳ මතක නැති වෙන බව දැනගෙන ජනරාල් තුමා යුද්ධය දිනවපු උණු උණුවෙම තරඟ කරන්න ගිහින් තමා මේ ඇබැද්දිය වුනේ . මම ලංකාවේ පුර වැසියෙක් නොවුනට ජනරාල් තුමාට ජනාදිපති කම ලැබිය යුතුය කියන මතයේ තමයි තවමත් ඉන්නේ.ලංකාවේ මිනිස්සුන්ගේ අපරාධ මඩින්නට විනයක් ඇති කරන්නට ඔන්න හොඳම මිනිහා!! (අ)
මටනම් පෙන්නේ කට්ටිය රතු මල්ලිලාගේ තියරිය දාල බලල වගේ..නිකන් එන්නන් වාලේ ආවට කවුරුත් ගණන් ගන්නේ නැහැ පත්තර වල වැටෙන්නේ නැහැ මාධ්‍යවල ප්‍රචාරයක් නැහැ ..මන් හිතන්නේ කට්ටිය පොඩි වෙනසක් අත් හදා බලල වගේ..නැත්නම් මෙයාලට ගහන්නේ කවුද? මොකටද? මොනවා ලැබෙනවටද? මොන තර්ජනයක් තියෙනවටද? මේකේ වාසියක් තියෙනවානම් ඉතින් ඒ එයාලටම තමයි. (අ)
මැරයොත් තේරුම් ගන්න ඕන ජනතාවගේ වාරයත් ළඟදීම එන බව. එතකොට තමයි මැරයන්ගේ අතපය කැඩෙන්නේ. ඔය නටපු නැටිලි වල හැටියට හුඟක් මැරයන්ට ජීවිතේ වුනත් අහිමි වෙන්න ඉඩ තිබේ. (අ)
සත්‍ය මහත්තයෝ..යුග පුරුෂයෙක් හිටිය ..නමුත් යුද්දේ අවසානයත් එක්ක ඒ යුග පුරුෂයාගේ ක්‍රියාදාමය අවසන් වුනා..දැන් ඉන්නේ අනුන්ගේ ලනු කාල එන් ජි ඔ් සල්ලි මත පිනල ඔවුන්ගේ පරමාර්ථ ඉටු කර දෙන්න ගිහින් තමන්ට තිබුණු තමන්ට ලැබුණු ජාතියේ ගෞරවයට නින්දා කරපු තුට්ටු දෙකේ මනුස්ස පරානයක් පමණයි..(අ)
මේ ආණ්ඩුවේ අනුග්‍රහය ලබන මැරයින්ගෙන් ගුටි කෑවේ නැත්තේ කවුද? හාමුදුරුවරු, විශ්‍රාමිකයෝ,විශ්ව විද්‍යාල සිසුවෝ, ජනමාධ්‍ය සහෝදරයෝ, ඉතින් මේ ගැන කවර කතාද? (ස)
බන්දුල පෙරේරාගේ අදහසට මම එකඟයි. නමුත් පුංචි සංශෝධනයක් කරන්නම්. යුග පුරුෂයෙක් බවට නිකම්ම පත් වුවේ අතිගරු ජනාධිපති සහ ආරක්ෂක ලේකම් තුමාලා හිටි නිසයි. නැතිනම් ගතිගුණේ එදත් අදත් කිසිම වෙනසක් නැහැ. (අ)
බන්දුල පෙරේරා නමින් මෙහි ආණ්ඩුවට කඩේ යන මහත්මයා ගේ සැබෑ නම මර්වින් සිල්වා විය යුතු යයි අප හට දැන් සැකයක් ඇතිවී තිබෙනවා. ඊට හේතුව සරත් ෆොන්සේකා මහත්මය කැළණි පන්සල වැඳ පුදා ගැනීමට ගිය වෙලාවේ නරියෙක් මෙන් හු කියා ඒ ගැන ගිය සතියෙත් උදම් ඇනු "වීරයයි" මෙයි අතර කිසිම වෙනසක් නැති නිසා.(අ)
සත්‍ය මහත්තය මාව ඝාතනය කරන්න..මගේ නම ඝාතනය කරන්න එපා. ඔබ තුමාගේ මස්තිෂ්කයේ තරම තමයි ඔය..මොනවා කරන්නද..ගොටු කොළ කැඳ ටිකක් උදේ හවස බොන්න..එතකොට ඕක පොඩ්ඩක් වැඩේවි...(අ)
ඔව් සත්‍යයා ඔබ හරි.....මර්වින් සිල්වා කතා කරන නොවටිනා භාෂා ශෛල්‍යයත් ඔය වගෙයි....(බ)
බන්දුල මහත්තය, ඔබ තුමා හොඳ ස්වාදීන රූපවාහිනියට. එතනට ගියානම් ඩිරෙක්ටර් කමක් ලැබෙනවා සිකුරුයි. (අ)
ඕක සරණක් නැති එකෙකුගේ වැඩක්. (අ)
ඕකට තමා ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ (දිල්)
මම හොද ශ්‍රී ලංකා කාරයෙකි.නමුත් මේවා අනුමත නොකරමි. ෆොන්සේකා ජෙනරල්තුමනි ඔබගෙන් සමාව අයදිමි. (අ)
මෝඩයන් වටා බලය ඒකරාශි කිරීමේ වරදට සමස්ත ජනතාවම වන්දි ගෙවිය යුතුයි .(හේ)
නිට්ටඹුව යනු අත්තනගල්ල ආසනයේ තිබෙන නගරයක් . මේ රට පාලනය කරන නායකයාගේ පක්ෂය හදපු ,පක්ෂය දිවිහිමියෙන් රැකදුන් නායක නායිකාවන්ගේ උපන් බිම . මෙවැනි සිදුවීම් අනුමත කළ නොහැක .(දිල්)
කොහොමත් ගොඩක් අය ජෙනරාල්ට බයයි (නි)
නිට්ටඹුවේදී නම් කවුරුවත් සරණ වෙන්නේ නැ.. ගුණ කියන්න ගියොත් අසහනය වර්දනය වෙනවා... මේවා කැත වැඩ ..(අ)
ඕක තමයි ආණ්ඩුවේ තිබෙන නිතිය රට හදන්නේ කොහොමද මැරයෝ හොරු තක්කඩි ඔක්කොම ඉන්නකොට. ඕවට අපි සළකන්නේ නැහැ. (ස)
මේවා නම් කිසිසේත් ම එකඟ විය නොහැකි බත් බැලයන්ගේ නින්දිත, නිවට, තුච්ඡ මෙන්ම අධම ක්‍රියාවන්ය.(අ)
මේවා නම් කිසිසේත් ම එකඟ විය නොහැකි බත් බැලයන්ගේ නින්දිත, නිවට, තුච්ඡ මෙන්ම අධම ක්‍රියාවන්ය.(අ)
ජෙනරල් සරත් ෆොන්සේකා ව ඔය මන්ද බුද්දික වැඩවලින් නවතන්න බැහැ එතුමා ලංකාව යලි ගොඩනගනවා. (අ)
පසුගිය දිනවල අසන්නට ලැබුනේ "මහින්දට බයද?" දැන් ඇසීමට සිදු වන්නේ ෆොන්සේකාට බයද? (අ)
රට බේරාගත් වීරයෙකුට සැළකූ හැටි....... සළකන හැටි? පහනේ තෙල් අවසන්වෙනකොට දැල්ල නටනබව අපි දන්නවා.ලෝකයේ හැටි ඔහොම තමයි (නි)
බාධක මැඩගෙන එන එක තමයි වැදගත්. ඒ නිසා මේවා එච්චර ගණන් ගන්න එපා (නි)
ලංකාවේ ඉන්න අයට කිසිම ගුණයක් නැහැ. එතුමාගේ වීරත්වය පාගන්න හදනවා. (නි)
ජෙනරාල්තුමනි, අපි ඔබ වෙනුවෙන් සැමදා පෙනීසිටිමු! (නි)
සරත් මහත්තයාට නම් නරකම කලදසාවක් තමයි ලබල තියෙන්නේ.(අ)
මේක නම් බොහොම පහත් වැඩක් (නි)
මෙතුමාගේ විශ්‍රාම වැටුප අහිමි කිරීම නම් ඉතාමත් අසාධාරණ ක්‍රියාවකි. (ස)
ත්‍රස්තවාදීන්ගෙන් මේ රට නිදහස් කළ මේ වීරයාට කරන මේ පටු ක්‍රියා, එතුමාට පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාවටම කරන ලොකු අපහාසයක්. එතුමාට මෙහෙ මෙහෙම සැළකුවාට ලෝකයේ අනෙකුත් රටවල නම් සළකන්නේ දෙවියන්ට වගේ. කණගාටු මේ රට යන ගමන ගැනයි. (නි)
ඔය තියෙන්නේ නියම ප්‍රජාතන්ත්‍රවාදය. ජයවේවා!!! (නි)
මේක කාගේ වැඩක්ද කියලා අපිට හිතාගන්න පුලුවන් (නි)
මම ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. එහෙත් මේ සිදුවීම මෙහෙ ප්‍රවෘත්ති වලට පෙන්නුවා. ලැජ්ජාවේ බැහැ. (නි)
මෙතුමා වරක් ගත් තීරණයක් නිසා තාමත් විපාක විදිනවා. අනෙක් අයටත් මේවා හොඳ පාඩම්. (නි)
මෙය ඉදිරිය පිළිබඳ පූර්ව දැනුම්දීමක්ද කියලා හිතෙනවා මට (නි)
කවදා හරි ලංකාව ගොඩගන්නනම් සරත් මහත්තයා වගේ කෙනෙක්ම බලයට එන්න ඕනෑ. එයාට කේන්ති එන්නේ වැරදි දුටුවමයි. ඒක අපේ අයට තේරුම් ගන්න බැරිකම රටේ අවාසනාව. (නි)
බන්දුල, මේ රටේ ඕනෑ කෙනෙකුට තමුන් කැමති පක්ෂයකින් ඕනෑ මැතිවරණයකට තරඟ කිරීමට අයිතිය තිබිය යුතුයි. ඒක වැරැද්දක් විදිහට මම දකින්නේ නැහැ (නි)