හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ මූලස්ථානය ඉදිරිපිට උපවාසයක නිරත වූ එම පක්ෂයේ කුණ්ඩසාලයේ ආසන සංවිධායක හේරත් බණ්ඩා මහතාගේ පක්ෂ සාමාජිකත්වය සහ ආසන සංවිධිධායක ධුරය තාවකාලිකව ඉවත් කිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර ඇතැයි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මාධ්‍ය ලේකම් සංජීව සමරසිංහ මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමා කොහොමත් කලවැද්දන්ට කැමති නැහැ, ප්‍රශ්නය දැන්ද හදුනා ගත්තේ ?(නදී)
ෆොන්සේකා කියන්නේ බුද්දීමතෙක් බන්දුල මහා මහා මෝඩ අදහස් දන්නේ
උද්ගෝෂණ කිරීම සෙල්ලමක් වෙලා (දී)
ඒ මනුස්සයට පාඩුවේ ඉන්න දෙන්න (නි)
ප්‍රශ්නයක් තියනවනම් කතා බහ කරලා විසදගන්න ඕනේ. උපවාස කරන එක වර්ජනය කරන එක මේ රටේ මිනිස්සුන්න විලාසිතාවක් වෙලා තියෙන්නේ. ඒ නිසා ෆොන්සේකා මහත්තයෝ එකතමා කරන්න ඕනේ හොදම දේ. (දී)
ෆොන්සේකාට ජයවේවා (දී)
සමහරුන්ට ෆොන්සේකා වීරයෙක් උනාට මේ රටේ බහුතර ජනතාව ඔහුව අනුමත කරන්නේ නැහැ. පළමුවෙන් එය තේරුම් ගන්න. අද දෙසපලකෝ යෝ නෙවි උගත් බුද්දිමත් කියන ඇති බහුතරයක් තමන්ගේ ප්‍රතිලාභ සදහා වැරදි වැඩ කරනවා. අනික යුද්දය ජය ගත්තේ ෆොන්සේකා මහතා පමණක් නෙවි මධ්‍යස්තව හිතන්න පුරුදු වෙන්න (දී)
මේ වගේ පක්ෂයක් හදන්න,එක්කෙනෙකට වැඩිම කාලය අවුරුදු 5 යි. පඩිය හැර වෙනත් අයථා මාර්ග වලින් ධනය ඉපයීම සම්පුර්ණයෙන් තහනම්. පක්ෂ මාරු කළොත් මන්ත්‍රීධූරය අහෝසියි. වත්කම් අවුරුද්දකට වරක් පත්තරවල ප්‍රකාශ කළ යුතුයි. දුෂණ, වංචා, පගා, වලට අහුවුණොත් හිරේ දැමිය යුතුයි. (නි)
මිශ්‍ර අදහස් පල කිරීමේ වැරැද්දක් නැහැ. නමුත් අදහස් ගලා එන්නේ කටින් පමණක් නම් එය වාචාලකමක්. බන්දුල පෙරේරා වැන්නන් කිසිම සදාචාරයක් නැතුව වීරවරයට අවමන් කරද්දී දහසක් දෙනා ඒ වීරයාව අගය කරමින් කතා කරනවා. ඒ කටින් නොව හදවතින් හා මොලයෙන් කතා කරන නිසා. (නි)
ඔබ තුමා හරි
බන්දුල පෙරේරා , යන්නේ කොහෙද මල්ලේ පොල්. (නි)
බන්දුල පෙරේරා යනු කුමනාකාරයේ මිනිහෙක්ද? (නි)
සරත් ෆොන්සේකා මහතා කළ මෙහෙය තමයි අද රටේ ජනතාවට බුක්ති හැමෝම හිතාගෙන එන්නේ යුද්දයක් කරලා රටක් බේරගන්න එක ලේසි දෙයක් කියල ලංකාවේ ගද ගහන දේශපාලනය තුල තවදුරටත් ඔහු වීරයෙක් නොවේ මේ රටේ ආණ්ඩු හදන ජන්දවත් ඔහුට වැටෙන්නේ සරත් ෆොන්සේකා මහතා රටක් කරන්නේ දේශය පාලනය කරන්න දන්නෙක් (දී)
සරත් ෆොන්සේකා මගේ වීරයෙක් (දී)
ඉල්ලන් කාලයි කියලයි මට හිතෙන්නේ (දී)
එතුමාගේ කට්ටිය ජයග්‍රාහී මානසිකත්වයෙන් ඉන්නේ (දී)
මෙහෙම අය අයින් කරන්න (දී)
අනේ කුසුම් දන්නා පොන්සේකාගේ විනය..ළගපාතක ඉදල වචනේ වැරදුනානම් විනය බලන්න තිබුන..සත්තු වත්තම එතන තමය්..දෙහිවල යන්න ඕන වෙන්නේ නැහැ සත්තු බලන්න..(අ)
බන්දුල පෙරේරා කියන්නේ කොහොම කෙනෙක්ද මන්දා? (නි)
ඉතිහාසයේ දුටු ගැමුණු කෙනෙක් ඉන්නවා. දස මහ යෝදයෝ ඉන්නවා. මේ දහ දෙනාම රජවෙන්න ට්‍රයි කළා නම් අපේ සිංහල ජාතිය කෝ? රටකෝ? (නදී)
නිශාන්, ඔබ හරි (නි)
"දඩයක්කරුට වල් උරා අජීර්ණ වේ" කියලා මේකේ ටික දවසකට පෙර දාලා තිබුණූ ප්‍රවෘත්තිය එකපාරටම මතක් වුණා මට (නි)
නිමල් ලලිත් 2, වර්තමාන ජනදිපති තුමාට පෙර සිටි බොහෝ ජනාධිපතිවරුත් මිනිසුන් මරා නායකයා විනාශ කරන්න කියල හිටපු හමුදා පතිවරුන්ට අණදුන්නා. උතුරට යැව්වා. නමුත් නියම දේශපාලන නායකත්වය සහ අවශ්‍ය ආයුද ලැබුනේ දුන්නේ නැහැ. ඒ නිසා වර්තමාන ජනාදිපති තුමාට ,ආරක්ෂක ලේකම් තුමාට සහ ඒ අවස්ථාවේ රජයට කරදර නොකර සිටි ජනතාවටත් ගෞරවය හිමි වෙනවා. මේ මොනවා ලැබුනත් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහත්මාගේ ,දැඩි විනයත්, යුද උපක්‍රමත් ,ඒ ගැන විස්වාසය තබා වීරෝදාර ලෙස සටන් කල නිලදාරීන්ගේ සහ සෙබළුන්ගේ කැපවීමත් නොවන්නට තවමත් ඒ මිනිස් මරුවා ජිවතුන් අතර. රටක් හැදීමට පටන් ගැනීමට ප්‍රථම පක්ෂය තුල විනය පවත්වාගත යුතුයි ,සමහරුන් කියන්නසේ ඡන්දය ගැනීමේ හැකියාව තිබේ නම් ඕනෑම බලුකමක් කිරීමට ඉඩදී සිටිය යුතුය යන න්‍යාය අමතක කර පක්ෂයේ විනය රැකීම සඳහා සරත් ෆොන්සේකා මහත්මා නිසි පියවර ගෙන ඇත. එතුමාගේ ක්‍රියාව නියම නායෙකුගේ ක්‍රියාවකි. නැතිනම් මෙම පක්ෂයටත් දූෂකයන් රිංගා ගැනීමට ඉඩ ඇත.(නදී)
නේටෝ වඩාත් බල සම්පන්න හමුදාව මොන රටේද ? යුද්ධය ඉවර කළේ සරත් පොන්සේකා මහත්තයා. එයාට ඒ ගෞරවය හිමි විය යුතුය. (නදී)
ආ... මේ හීනෙන් දැකපුව තමා බන්දුල පෙරේරා ලියන්නේ. කවුද දන්නේ? අපි ඒවා ඇත්තට කියල හිතනවා. සමාවෙන්න. (නදී)
අම්මප සත්‍යගේ කතාව ඇහුවම මට මතක් උනේ..හීනයක් දැක්ක පොන්සේකා ජනාධිපති තුමා රට පාලනය කරනකොට ඔය රතුපස්වල වතුර ප්‍රශ්නෙට පාරවල් අවහිර කරලා උද්ගෝෂණයක් කරනවා..ඊට පස්සේ දැක්කේ උතුරුමුදෙන් මල මිනී තොග පිටින් ගොඩ ගහනවා..අනේ මන්ද මොන එකකට එහෙම හීන පේනවාද කියල..(අ)
වටිනා මහතාව එජාපෙ සහ ජවිපෙ විසින් විනාස කළා. එතුමට ලංකාවේ චන්ද හැසිරීම නොතේරුන නිසා උගුලට අසු උනා. එකෙන් අද ජවිපෙත් විනාස උනා.
වර්තමාන ජනදිපති තුමාට පෙර සිටි ජනාධිපතිවරුත් මිනිස් මාර නායකයා විනාශ කරන්න කියල හිටපු හමුදා පතිවරුන්ට අණදුන්න.උතුරට යැව්වා.නමුත් නියම දේශපාලන නායකත්වය සහ අවශ්‍ය ආයුද ලැබුනේ දුන්නේ නැහැ. ඒ නිසා වර්තමාන ජනාදිපති තුමාට ,ආරක්ෂක ලේකම් තුමාට සහ එ අවස්ථාවේ රජයට කරදර නොකර සිටි ජනතාවටත් ගෞරවය හිමි වෙනවා. මේ මොනවා ලැබුනත් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහත්මාගේ ,දැඩි විනයත්, යුද උපක්‍රමත් ,ඒ ගැන විස්වාසය තබා වීරෝදාර ලෙස සටන් කල නිලදාරීන්ගේ සහ සෙබළුන්ගේ කැපවීමත් නොවන්නට තවමත් ඒ මිනිස් මාරුව ජිවතුන් අතර.රටක් හැදීමට පටන් ගැනීමට ප්‍රථම පක්ෂය තුල විනය පවත්වාගත යුතුයි ,සමහරුන් කියන්නසේ ඡන්දය ගැනීමේ හැකියාව තිබේ නම් ඕනෑම බලුකමක් කිරීමට ඉඩදී සිටිය යුතුය යන න්‍යාය අමතක් කර පක්ෂයේ විනය රැකීම සඳහා සරත් ෆොන්සේකා මහත්ම නිසි පියවර ගෙන ඇත.එතුමාගේ ක්‍රියාව නියම නයෙකුගේ ක්‍රියාවකි.නැතිනම් මෙම පක්ෂයටත් ධුෂකයන් රිංග ගැනීමට ඉඩ ඇත. (අ)
කුසුමට මල් මිටක් කතාව ඇත්ත හමුදාවේ හිටපු පල් හොරු එලවපු නිසා තමා යුද්දේ දිනුවේ මමත් හමුදාවේ අවුරුදු 12 ක් ක්‍රියාන්විතේ හිටපු නිසා දන්නවා (අ)
කවුරු කෙසේ කිවත් මේ සරත් පොන්සේකාගේ චරිතය කරලියට ගෙනාවේ ගොටාභය සහ මහින්ද රාජපක්ෂ ජනාදිපති . මොවුන් දෙදෙනා නොවන්නට මෙම චරිතය බොහෝ කලකට පෙරම වැලලි ගොස්ය . (අ)
යුධ ජයග්‍රහණයට මුලික එක් හේතුවක් තමයි එදා හමුදාව තුල නිසි විනයක් තිබීම. අද ෆොන්සේකා මහතා එතුමාගේ පක්ෂය තුලින් පෙන්නුම් කරදී තිබෙන්නේත් ඒකම තමයි. විනයක් නැති රටක්, ජාතියක් හරියට ගාල කඩාගත්ත හරක් රැලක් වගේ. ජයග්‍රහණයක් තබා, ඉදිරියට යන්නත් බැහැ. යන්නන් වලේ යනවා අරමුණක් නැහැ. සමහරුන්ට නම් ෆොන්සේකා මහත්තයාගේ නම ඇහෙනකොටත් බයයි වගේ. ඒ ඇයි කියලත් රටේ බුද්ධිමත් ජනතාව නම් දන්නවා.(නදී)
විනයක් නැති අයට පස්ස පැත්තට දෙකක් ඇනලා පලවා හරින්න. පක්ස පරිහානි වෙන්නේ මේ විදිය අමන පුද්ගලයෝ හින්දා.(නදී)
ෆොන්සේකා මහත්තයා සැමදා දිනේවා
ඔය අනිවාර්යෙන්ම මොකක් හරි පක්ෂයකට කඩේ යන මනුස්සයෙක්, කියක් හම්බ උනාද දන්නේ නෙහෙ ඕක කරන්න අද කාලේ සල්ලි වෙනුවෙන් ආත්ම ගරුත්වය විතරක් නෙවි තමන්ගේ පවුලත් විකුණන මිනිස්සු ඉන්නේ (දී)
ජයා මහත්තයෝ,තමන්ට ආදරය කළ ගෞරව කළ වීරයෙක් කියලා හිතපු රටට ජාතියට ආදරය කළ, ජනතාවට පිටුපාලා තමන්ටම අපහාස කළ මේ යුද ජයග්‍රහණයට අපහාස කළ රටට වින කරන්න හැම විටම කැස කවපු නඩ සමග ඉන්න ගත් දවසේ ඉදලා සමහර අයගේ වැදගත්කම බල්ලට ගියා මහත්තයෝ.ඔයාට එහෙම අය වැදගත් වුණාට අපිට නම් නැහැ (නි)
උස් පහත් බේදයක් නැතුව සැමට එකලෙස සළකන ඔබට ජය ශ්‍රී! අපේ සමහර අයට පරම්පරාවටම සළකන්න ඕනෑ නිසා රට බල්ලට ගිහින් තියෙන්නේ. කවදා මේ රට හැදේවිද මන්දා (නි)
සරත් මහතාණනි,, හෝඩියේ පන්තියේ ළමයින්ට වගේ දේශපාලකයන්ට හැසිරෙන්න දෙන්න එපා.වහාම අදාල පුද්ගලයා ඉවත් කරන්න.අනිත් සංවිධායකකම් උගතුන්ට පමණක් දෙන්න.උපාධියක් නැති කිසිවෙකුට සංවිධායකකම් දෙන්න එපා. (නි)
ෆොන්සේකා කියන්නේ ජනාධිපතිටත් ආරක්ෂක ලේකම්ටත් පහළින් හිටි කෙනෙක් (එයා වැඩ කළේ ඉහලින් එන නියෝග වලට)යුද්දේ දිනන්න කලිනුත් ලංකාවේ ජනාධිපති, ආරක්ෂක ලේකම්වරු හිටියා. ඒ අය හරි නියෝග දුන්නේ නැහැ වසර තිහක් යුද්ධය ඔය තරම් ඇදගෙන ගියේ ඒකයි. එතකොට හිතාගන්න පුළුවන් නේද කව්ද යුද්දේ දිනුවේ කියලා. (නි)
ෆොන්සේකා මහතා කළ මෙහෙය තමයි අද රටේ ජනතාවට බුක්ති විදින්නේ.දේශපාලන හේතුමත අද එතුමා කළ සේවයට ගරහනවා.ගුණමකු දේශපාලකයන් බලයට එසේ කළාට,ෆොන්සේකා මහතාගෙන් වුණ සේවය අමතක කළ නොහැකියි.පක්ෂ තහනමක් හෝ විනය පරීක්ෂණයක් කරන්නේ හේතුවක් ඇතුවයි.එහෙම නොකළ හින්දා තමයි වත්මන් රජයේ ක්‍රියාකාරී දේශපාලකයන් අද බලය අතට ගෙන ඩෙගා නටන්නේ. (නි)
බන්දුල පෙරේරාට පිස්සුද? (නි)
හොඳ විනයක් තියාගන්න,මිනිස්සු ප්‍රක්තිෂේප කළ දාට පක්ෂ නායකත්වය ඊළග සුදුස්සාට දෙන්න. ඔබතුමාට ජය වේවා! (නි)
දැන්වත් හැමෝටම තේරෙනවා ඇතිනේ නියම තත්ත්වය (නි)
වසර තිහක යුද්ධය ඔය තරම් ඇදගෙන ගියේ කවුරු නිසාද කියලත් අපි දන්නවා. ඒ වගේම ඒ යුද්ධය අවසන් වුණේ ඒ වගේ අයගෙන් වැඩ ගන්න දක්ෂ මහින්ද ගෝටා වගේ මහත්තුරු නිසා බවත් දැන් තේරෙනවා (නි)
පිටබැද්දර ජයා චමත් , ෆොන්සේකා කියන්නේ ජීවිත පරිත්‍යාගයෙන් වුණත් මේ රට බේරගන්න යුද කරපු වසර 30 යුද්දේ අවසන් කළ අභිත සෙන්පතියෙක්.ඒ නිසා වැදගත්කමට කතා කරන්න. නැත්නම් ඔබගේ වැදගත්කම ගැන අපිට ප්‍රශ්නයක් ඇතිවෙනවා (නි)
අන්ස්ලම්, පොන්සේකා දේශපාලනෙන් ලබාගත් දෙයක් තිබෙනවද ? ඔයවගේ හැමෝම තමුන්ගේ සැප ගැන හිතුවොත් රටට යන කල මොකක්ද ?? (නි)
පිටබැද්දේ ජයා,කව්රුත් යුද්ධ කළේ ජීවිත පරිත්‍යාගයෙන් තමයි. විශේෂයෙන් දුප්පත් සොල්දාදුවෝ, ඔවුන්ට කරදරයක් වුණොත් ගෙදර කටවල් කීයක් බඩගින්නේද ? (නි)
මේ තීරණයේ වැරැද්දක් නැහැ. පක්ෂය විශාල ජයග්‍රහණයක් ලබා තිබෙන මොහොතේ කරුණු හරිහැටි නොසොයා ඔහු පක්ෂයට ගෙන ආවේ විශාල අපකීර්තියක්. තමාට අසාධාරණයක් වුනා නම් එය පළමුව පක්ෂය තුල සාමකාමීව විසඳාගත යුතුයි. එසේ නොමැතිව අවධානය දිනාගැනීමට උපවාස කිරීමෙන් සිදුවුනේ ජයග්‍රහණය හෑල්ලුවට ලක්වීමයි. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ නිවටකමට නෙමෙයි. (නි)
චමත් , ෆොන්සේකා කියන්නේ ජීවිත පරිත්‍යාගයෙන් වුණත් මේ රට බේරගන්න යුද කරපු වසර 30 යුද්දේ අවසන් කළ අභිත සෙන්පතියෙක්.ඒ නිසා වැදගත්කමට කතා කරන්න. නැත්නම් ඔබගේ වැදගත්කම ගැන අපිට ප්‍රශ්නයක් ඇතිවෙනවා (නි)
වීරයා වගේ ඉන්න තිබුනා පොන්සේකා මහත්තයට යුද්දේ දිනලා විශ්‍රාම ගියා නම් මේ එක එක පක්ෂවල කියන ඒවා අහන්න ගිහින් කරගත්තු දෙයක් ..එහෙනම් අද උතුරේ ආණ්ඩුකාරයා වෙන්න තිබුනා. ඔහු තරම් සුදුසු කෙනෙක් එතනට ඉන්නවද?? (ස)
ගනන් ගන්න එපා.(නදී)
ඔය පටන්ගත්තා විතරයි.(නදී)
ෆොන්සේකාත් ඒකාධිපතියෙක් වෙන්න හදනවද ? (නදී)
අස්මිත්, ෆොන්සේකා මහතා කළ මෙහෙය තමයි අද රටේ ජනතාවට බුක්ති විදින්නේ.දේශපාලන හේතුමත අද එතුමා කළ සේවයට ගරහනවා.ගුණමකු දේශපාලකයන් බලයට එසේ කළාට,ෆොන්සේකා මහතාගෙන් වුණ සේවය අමතක කළ නොහැකියි.පක්ෂ තහනමක් හෝ විනය පරීක්ෂණයක් කරන්නේ හේතුවක් ඇතුවයි. (නි)
හොරුන්ගෙත් හොරු කඹ හොරු කිව්වලු.එහෙම කඹ හොරුන්ගේ ළග දනින් වැටිලා සපත්තු ලෙව කන බන්දුල පෙරේරා වගේ කෙලෙහි ගුණ නොදන්නා අය කියන කතා එච්චර ගණන් ගන්න එපා. (නි)
පොන්සේකා දේශපාලනෙන් ලබාගත් දෙයක් තිබෙනවද ? කෙලෙහිගුණ දන්නා සමස්ත ජනතාවටම මෙතුමා රට නිදහස් කර ගත් ජාතික වීරවරයෙක් කියලා ඉතිහාසයට එක්වෙලා අවසානයි. (නි)
හැබෑටම ෆොන්සේකාගේ බෑණාට මොකද වුණේ? (නි)
ඔව් ඉතින්. ලංකාවේ ඉන්න අය උද්ගෝෂණ වලට හරි කැමතියිනේ. ඉන්න කැමති මහා පාරේ.කිසිම දියුණුවකුත් නැහැ. රටක් ලෝකයක් දැකලා නැහැ. ෆොන්සේකා මහතා, ඔබට ජය! (නි)
"පුදනකොටම කාපී යකා කිව්වලු"පටන්ගත්ත තැනම කචල් සහ වලි...හොද හොද සෙල්ලම් ඉදිරියට බලාගන්න පුළුවන් වේවි. (නි)
ඩුබායි තිලක් දාගෙන ඇතුල්ලුවට ඔය රෙද්දේ කුණු අරින්න බැහැ. ඕක පැත්තකට දාලා ගිනි තියලා දානවා මිසක්. (නි)
එක්සත් ජාතික පක්ෂයට නියම නායකයෙකු බිහිවුණ දවසක පොන්සේකාට ගොඩක් දේවල් මතක්වේවි (නි)
ඕක තමයි ඇත්තම තත්ත්වය. (නි)
බල්ලන් බිරුවාට කන්දක් සෙලවේද? (අ)
පිට බෙද්දර ජායා, ඩුබායි තිලක් මහතාණෙනි ,මම ෆොන්සේකා මහතා කල සේවය ගැන වැරැද්දක් කිවේ නැහැ. මොන වැරැද්දක් තිබුනත් තමන්ගේ පක්ක්‍ෂයෙන් ඡන්දය ඉල්ලපු අපේක්ක්ෂකයාගේ...ප්‍රශ්නය මොකක්ද කියල අහන්නෙවත් නැතිව අයින් කරපු එක ගැන මම කිවේ . එතුමා අනිත් හමුදා පතිවරු ආරක්ෂක ලේකම් ජනාධීපතිටත් ඒ ගෞරවය මගේ හිතේ තියෙනවා.(නදී)
හැමෝම හිතාගෙන එන්නේ යුද්දයක් කරලා රටක් බේරගන්න එක ලේසි දෙයක් කියල කයිවාරුගහන හැමෝටම තමන්ගේ ගෙදර පාලනය කරන්නවත් පණනැති ලොක්කෝ ...නියම නායකයෝ කව්ද කියන්න ලංකා එතිහසය උගන්වන්න ඕනි ..වීර කෙප්පෙටිපොල කිව්ලේගෙදර මොහොට්ටාල පුරන් අප්පු වගේ රණ සුරයෝ ලක්මාතාව ගේ සුජාත දරුවෝ ..ඒ තුමන්ලා ජීවිත පුජකලේ ජාතිය වෙනුවන් මිසක් තමන්ගේ ඥාති පරපුර රැකගන්න නෙවේ කියන මතක්කරගත්තොත් පන තියෙන ලාංකිකයෙක් වේවි (අ)
යුද්දය කරන්නේ සොල්දාදුවෙක්, රටක් කරන්නේ දේශය පාලනය කරන්න දන්නෙක්. (අ)
බන්දුල පෙරේරා මහත ,ඔය දන්නවද කේ,පී ,කරුණ අනෙකුත් කොටි ටික කත් එක්කද දැන් එකට ඉන්නේ කියලා, (අ)
සරත් ෆොන්සේකා මගේ වීරයෙක් වෙලා හිටිය. එතුමා දේශපාලනයට එනවා කිව්වම මන් විශ්වාස කලේ නැහැ. බොරදියේ මාළු බාන්න දක්ෂ අය එතුමාව අමාරුවේ දැම්ම. ෆොන්සේකා දක්ෂ හමුදා නිලදාරියෙක් විතරයි. ලංකාවේ ගද ගහන දේශපාලනය තුල තවදුරටත් ඔහු වීරයෙක් නොවේ. මිනිස්සු ෆොන්සේකාට ජන්දේ දුන්නේ ආණ්ඩුවත් එක්ක තරහින්. ෆොන්සේකා දේශපාලනයේදී ඉතාම බොළදයි. නායකයෙක් වෙන ලක්ෂණ ඔහු තුල නැහැ. මේ රටේ ආණ්ඩු හදන ජන්දවත් වෙනස් කරන ජන්දවත් ඔහුට වැටෙන්නේ නැහැ. වෛරී ජන්ද විතරයි. (අ)