ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම්වූ සංජීව සමරසිංහ එම තනතුරෙන් ඉවත් කළේ පක්ෂ නායක සරත් ෆොන්සේකාට එරෙහි අපහාස චෝදනා එල්ල කිරීම නිසා බවත්, ඔහුට එරෙහිව නඩුවක් පවරන බවත් එම පක්ෂයේ නියෝජ්‍ය නායක ජයන්ත කැටගොඩ මහතා කියයි.
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම්වූ සංජීව සමරසිංහ එම තනතුරෙන් ඉවත් කළේ පක්ෂ නායක සරත් ෆොන්සේකාට එරෙහි අපහාස චෝදනා එල්ල කිරීම නිසා බවත්, ඔහුට එරෙහිව නඩුවක් පවරන බවත් එම පක්ෂයේ නියෝජ්‍ය නායක ජයන්ත කැටගොඩ මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චන්ද්‍ර- යන්නේ කොහෙද-මල්ලේ පොල් කිව්වලු. හොරුන් තල්ලු කරලා දාන එක ලොකු දෙයක්. දැන් මිනිහ ගිහිල්ල ඇති දෑත් ශක්තිමත් කොරන්න.(නදී)
පොන්සේකා මහතාණෙනි, ඔබේ ජයග්‍රහණය ඉර හද වගේ විශ්වාසයි ,(අ)
පොන්න්සේක මැතිදුනි ඔබ තුමා මහජනයාට සමීප වන්න (අ)
පිල්ලේ මෙයාගේ සුදු කොඩි කතාව වාර්තාවේ දාල තිබුනා. ඒ වගේ රටට නරකක් කරපු කෙනෙක් විස්වාස කරගන පස්සෙන් යන මිනිස්සු ගැන පුදුමයි කියලා.(නදී)
මේ පක්ෂයේ අභ්‍යන්තර ආරවුල් විසන්දනවාට වැඩි යමක් කරන්න මෙයාට බැහැ. ෆොන්සේකා මහතාට හමුදාවේ පාලනය වගේ පක්ෂයක් පාලනය කරන්න බැරි බව තේරෙනවා නම් හොඳයි. (අ)
පිට මිනිහෙක් වගේ නෙමේ. එකට කාපු බීපු කට්ටිය කියන දේවල් ගැන ජනතාවට හිනා යනවා.(නදී)
අපි දැක්ක ඔබතුමාලගේ ප්‍රජතාන්තර වාදයේ තරම.(නධී)
සරත් ෆොන්සේකා සමග සිටි ජ වී පෙ ,යු එන් පී,මංගල ,අර්ජුන ටිරාන් මේ කිසිවෙක් අද ඔහු සමග නැත්තේ ඇයි? (නදී)
හමුදාවයි දේශපාලනයයි දෙකක් බව තේරුම් ගන්න ඕන. හමුදා නිලදරියකුට දේශපාලනය කරන්න පුළුවන් නම් එය කලාතුරකින්. මෙයා එකට ගැලපෙන්නේ නැති බව තේරුම් ගන්න.(නදී)
පොන්සේකා මහත්තයත් දැන් ඇදගෙන නානවා. (නධී)
පොන්සේකා මහත්තයට අහුවෙන්නෙම , කලවැද්දොමනේ.(නදී)
ජේ .වී.පි. එකේ ලනු කන්ඩ තරම් එතුමා මෝඩද .බල තණ්හාව .යුද්දයට ඇති දක්ෂයෙක්. ලෝකේ හොදම යුද හමුදාපති. දේසපාලනයට හොදම නැත. ලොවෙන් එකෙක් එක දෙයකට වෙයි සමත. (නදී)
ඉල්ලා අස් උනාට පස්සෙද තනතුරෙන් අයින්කරන්නේ? (අ)
බළලා මල්ලෙන් එලියට එනවා වගේ ? (නදී)
පක්ෂේ ඉන්නකම් හොඳයි , දැන් නරකයි ,පොන්සේකා මහත්තයෝ දේසපාලනේ නොකර හිටියොත් හොඳ නැද්ද ? (නදී)
සංජීව සමරසිංහ ඉස්සර හිටියේ ලේක් හවුස් එකේ . මෙයා එජාපයත් නැති කරලා ගියේ.(අ)
අනිවාර්යෙන්ම ලොකු කුට්ටියක් ලැබෙන්න ඇති.හරියට මාළු බානවා වගේ මිනිස්සු බා ගන්නේ. (අ)
පක්ෂය අලුත් වුනාට , මණ්ඩලේ කචල් , කොයි කාගේත් කෙරුවාවල් ඔහොම තමා, කතාවනම් රටට ජනතාවට කොරන්නමය , [කාරිය කෙරෙන තුරු කාගේත් රැවටිල්ල ] ඔහොම යන්,......(දී)
මාධ්‍ය සම්බන්ධිකරණ ලේකම්ගේ හරි වැරැද්ද ගැන මට නම් කාරී නැත. නමුත්, "කාපු පතේ පැහැරිම" ගැන හා "ජරාව වැළඳීම" ගැන නම්, අපට ඇතිවන්නේ ඉමහත් පිළිකුලක්. (දී)
ජේවීපී එකේ හා යුඑන්පි එකේ ලනු නොකා හිටිය නම් අද ෆොන්සේකාත් රටේ හොද තැනක ඉන්නවා නේද? අපිට ඇත්තටම දුකයි ඔබතුමා ගැන (දී)
ගැටලුව තියෙන්නේ ෆොන්සේකාත් සමග ආරම්බයේ සිටම අද වෙනතුරු හිටියේ කවුද කියල.(දී)
අපේ අවාසනාවද , ඔබේ අවාසනාවද? කියල අපට නොතෙරෙයි .(දී)
බුදුන් වහන්සේටත් සතුරෝ සිටියා,මුදලට ජරාවට තනතුරුවලට යටවෙන එවුන් ඕනතරම් ඉන්නවා ඒ නිසා තමයි තවම අපි දුක් විදින්නේ සත්‍ය කවදා හෝ ජය ගනී.කවුරු ගියත් අපේ ඉලක්කය ජනතාව ජයග්‍රහනය කිරිමයි!! (අ)