IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ෆොන්සේකාගේ හිටපු ලේකම්ට වරෙන්තු

හමුදාවෙන් පැන ගිය සෙබලුනට රැකවරණය දී ඔවුන් රාජ්‍ය විරෝධි ක්‍රියා සඳහා යොදා ගත්තැයි හිටපු යුද හමුදාපති සරත්  ෆොන්සේකාට හා ඔහුගේ පෞද්ගලික සහාකර සේනක හරිප්‍රියද සිල්වාට එරෙහිව කොළඹ මහාධිකරණයේ විභාගය වන නඩුවට අද නොපැමිණි සේනක හරිප්‍රිය ද සිල්වා අත්අඩංගුවට ගන්නැයි මහාධිකරණ විනිසුරු රෝහිනී වල්ගම මහත්මිය අද වරෙන්තු නිකුත් කළාය.

ෆොන්සේකා මහතාගේ නීතීඥ සාලිය පිරීස් මහතා අසනීප තත්ත්වයෙන් පසුවන බව අධිකරණයට දැන්වූයෙන් නඩුව සැප්තැම්බර 04 වැනි දාට කල් තැබිණි.



අදහස් (0)

ෆොන්සේකාගේ හිටපු ලේකම්ට වරෙන්තු

බන්දුල පෙරේරා Wednesday, 20 August 2014 11:28 AM

කට්ටිය පලි ගැනීමක් ගැන කියනවා..කට්ටියට පලි ගන්නේ කොහොමද පලි ගැනීම කියන්නේ මොකක්ද කියල හරියට අත් විදින්න දැන ගන්න තිබුන මේ කියන චරිතයට බලයක් අතට ආවනම්..අදටත් මේ චරිතය ඉන්නේ වෛරයෙන් පුපුරා පුපුරා..කරන කතාවක කරන ක්‍රියාවක විසිරෙන්නේ ව‍ෛරය.ඉරිසියාව.කුහක කම.එයිට වඩා දෙයක් මෙයා දන්නේ නැහැ..මේ චරිතයෙන් ප්‍රජාතන්ත්‍රවාදය පතන්න තරම් අද බාලයින් මේ රටේ ඉන්නවා කියල හිතුවම ඇත්තටම පුදුමයි...එක අතකට පුදුම වෙන්න දෙයක් නැහැ..මෙයාව අදහන සියල්ලන් මෙයාගෙන් පතන්නෙත් පලිගැනීම විනාශය මිස කවදාවත් ප්‍රජතන්ත්‍රරවාදයක් නෙමෙයි..(අ)

:       0       0

සමීර සාලින්ද Thursday, 21 August 2014 03:58 AM

බන්දුලට මොකද ආණ්ඩුවේ වැරදි පෙන්නන්න බැරි? (නි)

:       0       0

චින්තක Wednesday, 20 August 2014 11:52 AM

සෙනරත් ආනන්ද මිලානෝ, ඉස්සෙල්ලම ඔයාල පාට කන්නාඩි දාගන විපක්ෂයට කඩේ යාම නවත්වන්න. ඔයාලවගේ ටික දෙනෙක් හිතුවට රට බේරාගත්තේ එයා විතරයි කියල, රටම දන්නවා ඒක සාමුහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක් කියලා. ආරක්ෂක ලේකම් සහ අනිත් හමුදාපතිවරු නිදන් හිටියේ නැහැ, පෙරමුණේ හිටියේ ශවීන්ද්‍ර වගේ නියම විරුවෝ. රටේ ජනතාවත් ඒක ඔප්පුකරල කීප වතාවක්ම චන්දෙන් පෙන්නුවා. ඔච්චර රටට ආදරේ මනුස්සය ගාව ඒකාලේ මොන තරම් නම් ඩොලර් තොගයක් තිබිල අහුවුනාද? කෝ තාම ඒවා ලැබුන විදිහ ගැන උත්තර නැහැ. අනික, අන්තිම සටන දවස්වල මෙයා හිටියේ චීනේ. තනිකරම යුද්ධය දිනුවේ ගෝඨාබය මහත්මයාගේ උපායමාර්ගික ක්‍රියාමාර්ගය නිසයි. පොඩ්ඩක් ඒ කාලේ පලවෙච්ච ලංකාදීප පත්තර ටිකක් අරන් කියවල බලන්න. (අ)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 21 August 2014 04:07 AM

අපේ ජාතික වීරයෙක් වන ජෙනරල් සරත් ෆොන්සේකා ගැන කියද්දී බන්දුල පෙරේරා ගැරඩියගේ ඇ‍ඟේ භූමිතෙල් ගෑවුනා වගේ දඟලනවා (නි)

:       0       0

ටිකිරි බණ්ඩාර Thursday, 21 August 2014 04:11 AM

සෙනරත් ආනන්ද මිලානෝ, කුඩු වසංගතයෙන් රට මුදාගන්න විදියක් නැති බව ඔබට නොපෙනෙනවාද? (නි)

:       0       0

ටිකිරි බණ්ඩාර Thursday, 21 August 2014 04:18 AM

රටේ නීතිය මොකක්ද කියලා අපිට හොඳින් තේරෙනවා (නි)

:       0       0

නිශාන්ත Thursday, 21 August 2014 04:33 AM

සෙනරත් ආවඩන්නේ කාටද කියලා තේරෙන්නෙ නැහැ (නි)

:       0       0

සාරංග Wednesday, 20 August 2014 12:28 PM

ලකී වගේ අය නිසා තමයි රට විනාශයට යන්නේ... (නි)

:       0       0

තබු Wednesday, 20 August 2014 05:14 AM

පලි ගැනීම තවම ඉවරයක් නැද්ද ? (නදී)

:       0       0

ලුම්බිණි Wednesday, 20 August 2014 05:26 AM

අපරාධ සහ කුඩු වලින් රටේ හැමතැනම විනාශ වෙන අතරේ මේවට දිගටම නඩු. (නදී)

:       0       0

නදීරා Wednesday, 20 August 2014 01:03 PM

තරාතිරම කුමක් වුවත් වරදක් කර ඇත්නම් දඩුවම් විඳිය යුතුයි (නි)

:       0       0

ශාන්ත Wednesday, 20 August 2014 01:06 PM

බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 20 August 2014 01:11 PM

අපි අදින් පස්සේ මේ බන්දුල පෙරේරාට අනුකම්පා කරමු, හො‍ඳේ. (නි)

:       0       0

මංගල Wednesday, 20 August 2014 06:21 AM

පලිගැනීම ඉවරවෙන්න ඉතින් මෙයාට තියෙන බය ඉවරවෙන්න ඕනනේ. බය තියෙන කම් හිරිහැරම තමයි. (ස)

:       0       0

මිලානො ජයන්ත Wednesday, 20 August 2014 06:21 AM

දැන් බයක් සැකක් නැතුව පාරක බැහැල යන්න පුලුවන්නෙ. සියලුම රට වැසියන්ට ජීවිත අවදානමකින් තොරව ජීවත්වීමේ අයිතිය ලබාදුන් උපකාරයට ප්‍රතිඋපකාර දක්වන්නත් ඕනනේ. ප්‍රභාකරන් කියපු කතාව අැත්ත, සිංහලයට මතක තියෙන්නෙ දවස් පහයි කියල. (ස)

:       0       0

උදය Thursday, 21 August 2014 06:25 AM

ඔයාට කවදාහරි ඇත්ත තේරෙයි තිලක් මහත්තයෝ. (නි)

:       0       0

බුද්ධික Wednesday, 20 August 2014 06:30 AM

පලිගැනීම ඉවර නෑ. එත් ඒවා කරන මහා මිනිස්සු නම් සතියක් ගානේ දළදා මාලිගාවට,අනුරාධපුරයට යනවා.එ්ක වංකව කරන දෙයක්ද. මල් වට්ටි පූජා කලාට පන්සල් ගියාට මදි. පලිගැනීම් අවසන් කල යුතු කාලය පහුවෙලා. තමන්ගේ හැකියාවෙන් යනවා මිසක් අනිත් අය මර්දනය කරලා යතාර්ථය ජය ගන්න පුලුවන්ද? (ස)

:       0       0

කුමාර Wednesday, 20 August 2014 06:31 AM

මේවා ද්වේශ සහගත බොරු චෝදනා, (ස)

:       0       0

හැරල්ඩ් Wednesday, 20 August 2014 01:32 PM

වරදක් කර ඇත්නම් උපරිම දඩුවම් දෙන්න (නි)

:       0       0

බණ්ඩා Wednesday, 20 August 2014 06:36 AM

චන්දයක් ලං වෙනකොට ඕවා මතු වෙනවා. (ස)

:       0       0

ටිකිරි බණ්ඩා Thursday, 21 August 2014 06:36 AM

කම්හලේ කටු කකා ජීවත් වෙන බල්ලට හෙන පිට හෙන ගැහැව්වත් ගානක් නැහැ. දැනෙත්නෙත් නැහැ වගේ තමයි (නදී)

:       0       0

දිමුතු Wednesday, 20 August 2014 06:46 AM

තව පළි ගම්මු. මෙය සොබා දහමට අදාලයි. (නදී)

:       0       0

රංජිත් Wednesday, 20 August 2014 06:55 AM

කල හොඳ පස්සෙන් එලවයි (නදී)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 20 August 2014 07:00 AM

මේක බරපතල චෝදනාවක්. සාමාන්‍ය මිනිස්සු මේක තවත් පලිගැනීමක් ලෙස හිතුවට හමුදා සේවයේ යෙදෙන්නන් දන්නවා මේ චෝදනාවේ බරපතල කම. මේ ක්‍රියාව පැහැදිලිවම සිදු වුනු දෙයක්..මන් හිතන්නේ නැහැ මේ චෝදනාවට නිවැරදි කරුවන් වෙන්න මෙයාලට හැකියාවක් ලැබේවි කියල..(නදී)

:       0       0

නිශාන්ත ඩබ්ලිව්.ජි Wednesday, 20 August 2014 07:01 AM

යුද්දෙ තිබුන කාලයේ යුද්දෙට බැන බැන හිටපු ප්‍රභාකරන් මැරුවා කිව්වම මූණ දෙක වෙලා හිටපු ගොඩාක් මිනිස්සු ජන්දෙදි ඒ මහත්තයා එක්ක එකතු වෙලා ඉන්නවා අපි දැක්කා. පැරදුනාට පස්සේ ඒ අය එතන නැහැ. පෞද්ගලික සහකාර මහත්තය තවමත් එතන ඉන්නවා නම් ඒකත් ලොකු දෙයක්. (නදී)

:       0       0

මධුභාෂිනී Wednesday, 20 August 2014 07:04 AM

මේ නඩුව අහන්නේ නැතුව ඉවර කරලා වෙන්න ඇති කියලයි මම හිතුවේ. නිතිය දන්නා කට්ටිය වෙලත් උසාවියට එන්නේ නැතිකොට වරෙන්තු නිකුත් කරන එක සාමාන්‍ය දෙයක් නේ. අපි වගේ පොඩි මිනිස්සු නම් උසාවියට බයයි. ඒ නිසාම නඩු දිනේට උසාවි යනවා. රාජ්‍ය බලය ලබාගන්ට යන උදවියට අපි වගේ බයවෙන්ට දෙයක් නැහැ කියලා හිතුවා වන්ටත් පුළුවන් නේ.(නදී)

:       0       0

සදුනි Wednesday, 20 August 2014 07:17 AM

තබුක් එතුමා බලයට පත් වුනා නම් කොහොම පලි ගනීවිද? (නධී)

:       0       0

නිමල් Wednesday, 20 August 2014 07:27 AM

අද රට තියෙන තැන අනුව පාලනය දිය යුතු නියම කෙනා මෙතුමා. (නදී)

:       0       0

අජිත් Wednesday, 20 August 2014 02:33 PM

බන්දුල පෙරේරා, ඔබ හරියට හරි. මමත් ඔබ සමඟ එකඟයි. (නි)

:       0       0

නිහාල් Wednesday, 20 August 2014 07:31 AM

පලිගැනීමක්ද,නැද්ද කියල තීරණය වෙන්නේ අධිකරණයේ තීන්දුව මතයි. (ස)

:       0       0

අසංග Wednesday, 20 August 2014 07:42 AM

මේක පලි ගැනීමක් නෙමෙයි. වැරදි කලා නම් දඬුවම් විඳින්න ඕනා. අනික මේක උසාවියේ තීන්දුවක්. (නදී)

:       0       0

රොශාන් Wednesday, 20 August 2014 08:08 AM

ඡන්දයක් එනකොටම මෙහෙම නඩුවක් තාම තියෙනව කියලා එක කට්ටියකට මතක් වෙලා... නහී වේරේන වේරානී කියලයි කියන්නේ ඒ උනාට(අ)

:       0       0

නිමල්ලලිත Wednesday, 20 August 2014 08:11 AM

එදා ගරු බණ්ඩාරනායක මැතිනියට ජේ.අාර්.ජනපති කළදෙය මැතිවරණය ආසන්න වෙද්දී අදත් සිදු වෙනවා.(අ)

:       0       0

මාලා Wednesday, 20 August 2014 08:14 AM

නයි පොලොන් වෛරය මේ විශ්වය තිබෙන තුරු පවතින වග ඔබ අසා නැතිද ? (අ)

:       0       0

ලකී දොඩන්ගොඩ Wednesday, 20 August 2014 08:46 AM

තබූ මහතෝ මේවා පලිගේනීම් නෙවේ , රටේ ආරක්ෂාවට රටේ පැවැත්මට කරන ඒවා , රජයට විරුද්ද අදහස් දරන විට පෙනෙන්නේ ඔය විදියට , රජයට හෝ විරුද්ද පක්ෂ වලට කඩේ නොගොස් මධ්‍යස්තව සිතන්න පුරුදු වන්න. ගැතී කමෙන් සාදාරණය නොවැටහේ (නදී)

:       0       0

චින්තක Wednesday, 20 August 2014 08:49 AM

අපි කැමති කෙනෙකුට විරුද්ධව නිතිය ක්‍රියාත්මක කරොත් "පලිගැනීමක්, අදිකරණය ස්වාදීන නැහැ". අපි අකමැති කෙනෙකුට විරුද්ධව නිතිය ක්‍රියාත්මක කරොත් "ඔන්න ස්වාදීන අදිකරණය, නීතියේ ස්වාදිපත්ය". අනේ මන්ද මේ මිනිස්සු කවද ඔළුගෙඩි සුද්ධ කර ගනියිද කියල. (නදී)

:       0       0

රාවන් Wednesday, 20 August 2014 05:07 PM

මමත් යමක් කියමි. බන්දුල පෙරේරාගේ නොයෙක් සටහන් අනෙක් ඒවා වගේම මම නිතර කියවමි. බන්දුල ලියන්නේ හිතට එකඟව කියා මම සිතමි. ඔහු නිවැරදි දෙය දැක නිවැරදි ගමනක යන්නෙකු බව මෙහි ඇති ඔහුගේ සටහන් වලින් පෙනේ. (නි)

:       0       0

නලින් යහම්පත් Wednesday, 20 August 2014 05:13 PM

සමහරු මෙතන ප්‍රතිචාර දමන්නේ වලිගය පාගාගෙන වගෙයි. සිත් රිදුනා නම් සමාවන්න (නි)

:       0       0

පුෂ්පසිරි අල්විස් Wednesday, 20 August 2014 05:21 PM

ෆොන්සේකා මහතා ගැන, ඔහුගේ නියම චරිතය ගැන දන්නා අය හොඳින් දන්නවා (නි)

:       0       0

සුනිල් විතානගේ Wednesday, 20 August 2014 09:02 AM

දැන් කට්ටය අඩන්න පටන් ගනියි අරක නැහැ මේක නැහැ කියා (නදී)

:       0       0

සෑම් Wednesday, 20 August 2014 09:15 AM

චින්තක, මෙතන තියෙන්නේ කැමැත්තේ අකමැත්තේ ප්‍රශ්නයක් නොවෙයි. පොඩි ළමයෙකුට උනත් මේ දේවල් තේරෙනවා. සරත් පොන්සේකා මහතාගේ බෑනාගේ ආච්චිව හිටන් රිමාන්ඩ් කලේ ඇයි? (නදී)

:       0       0

අශාන්ත Wednesday, 20 August 2014 06:44 PM

සමහර අයගේ අදහස් පුදුමසහගතයි (නි)

:       0       0

හිරු Wednesday, 20 August 2014 09:17 AM

චින්තක මහත්තය හිටපු එල්ටිටි නායකයින්ට නීතිය ක්‍රියාත්මක නොවන එකයි ප්‍රශ්ණෙ. එතකොට අලි හොරු වගේ අයටත් නීතිය ක්‍රියාත්මක වෙන්න අවශ්‍යයි. නීතියට ක්‍රියාත්මක වෙන්න අප‍ේ කැමැත්ත අකමැත්ත වැදගත් නෑ. (නදී)

:       0       0

ටිකිරි බණ්ඩාර Wednesday, 20 August 2014 06:48 PM

සෙනරත් ආනන්ද මිලානෝ, ඕනෑම කෙනෙකු දන්නවා රට ත්‍රස්තවාදයෙන් නිදහස් කරගත්තේ කව්ද කියලා (නි)

:       0       0

ටිකිරි බණ්ඩාර Wednesday, 20 August 2014 06:48 PM

හැමදාම බඹර වැල්ලේ කැරකෙන්නේ නැහැ. කරන ඕනෑම ක්‍රියාවලියක ප්‍රතික්‍රියාවලියකුත් තියෙනවා කියලා මතක තියාගත්තොත් හොඳයි (නි)

:       0       0

අතුල Wednesday, 20 August 2014 07:01 PM

මේක නම් අපිට බොහොම අලුත් ආරංචියක් (නි)

:       0       0

ඇසළ Wednesday, 20 August 2014 09:22 AM

ඔය පොන්සේකා මහත්තයාගේ බැනට මොකද උනේ කියලා කවුරු හරි කියනවද. (නදී)

:       0       0

හරිත් Wednesday, 20 August 2014 07:00 PM

ඉවසීමෙන් බලාසිටිමුකෝ වෙන්නේ මොකක්ද කියලා (නි)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 20 August 2014 07:07 PM

ලෝක පාලක දෙවි කෙනෙක් කියලා කෙනෙක් ඉන්නවා. හැමදාම අයුක්තියෙන් අසාධාරණයෙන් ජීවත්වෙන්න පුළුවන් කියලා හිතන අයට එදාට තේරුම් ගන්න පුළුවන් වේවි . (නි)

:       0       0

උදිත බස්නායක Wednesday, 20 August 2014 09:24 AM

ලකී ගේ කීමට මාත් එකග වෙනවා. අසුබ වාදීව යමක් දිහා බලන්න එපා. (නදී)

:       0       0

මිලානො ජයන්ත Wednesday, 20 August 2014 09:31 AM

ලකී,චින්‍තක මහත්වරුන්ට දැනුම තිබුනට සාමාන්‍ය දැනිම නෑ වගේ. (ස)

:       0       0

නිශාන්ත Wednesday, 20 August 2014 09:38 AM

ඔය කියන පෞද්ගලික සහකාරවත් ෆොන්සේකා මහත්තයා එක්ක දැන් ඉන්නවද? එතුමා එක්ක එකතු වුනේ වැඩිහරියක් යුද්දෙ කාලයේ බැන බැන හිටපු අයනෙ. එයාලා පැරදුනාම දාලා ගියා. (නදී)

:       0       0

රොහාන් සෞදි Wednesday, 20 August 2014 09:51 AM

ඇත්ත සිදුවීම හරියට නොදැන මෙතැන කියවල වැඩක් නැහැ කවුරු කොහොම මොනවා ලිව්වත් රට බේරගත්තු නියම විරයා මෙතුමා එතුමාට අපේ ප්‍රණාමය. (නදී)

:       0       0

සෙනරත් ආනන්ද මිලානෝ Wednesday, 20 August 2014 10:08 AM

බන්දුල පෙරේරා, ඔය වගේ අදහස් දරන මිනිසුන් ඉන්නකල් අපේ රටේ සාධාරණ සමාජයක්, රටේ දියුණුවක් පලපොරොත්තු වෙන්න බැහැ. අසධාරණය, පළිගැනීම කියල දැන්වත් පිළිගන්න බන්දුල මහත්තයෝ, මේක හරියට කිරි එළදෙනගෙන් කිරිටික බිල, වැඩටික අරගෙන මස්කඩේට බාරදෙනවා වගේ, බන්දුල මහත්තයෝ ඔයාල මේ අසාධාරණය නොදකින්නේ නිතරම ආණ්ඩුවට මල්ලත් අරන් නිතරම කඩේ යන නිසා.(අ)

:       0       0

සත්‍යපාල Wednesday, 20 August 2014 10:12 AM

මගේ ප්‍රතිචාරය කෝ ?(අ)

:       0       0

සෙනරත් ආනන්ද මිලානෝ Wednesday, 20 August 2014 10:15 AM

බන්දුල පෙරේරා, ලකී, චින්තක,මේක තනිකරම පලිගැනීමක්, දැන්වත් කරුණාකරලා කඩේ යන එක නවත්තගන්ඩ, මොකද මේ වගේ මිනිසුන් ඉන්නකම් රටේ විනාශය මිසක් දියුණුවක් නෑ.(අ)

:       0       0

සමීර Wednesday, 20 August 2014 10:26 AM

බන්දුල පෙරේරාට කුඩු අවුලක් නෑ වගේ නේද? (ස)

:       0       0

කරුණාදාස Thursday, 21 August 2014 02:25 AM

නීතිය තදින්ම ක්‍රියාත්මක කරන්න (නි)

:       0       0

ගිහාන් Thursday, 21 August 2014 02:39 AM

තිලක් -ඩුබායි . ලෝක පාලක දෙවිකෙනෙකු නොව දෙවිවරුන් ඉන්නවා. (නි)

:       0       0

අමිල Wednesday, 20 August 2014 11:16 AM

ඇසළ, එයාට මුකුත් වෙන එකක් නැහැ. ඔයා බයවෙන්න එපා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 118 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 320 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වලස්මුල්ලට හැමූ සුළඟකින් ප්‍රදේශයට හානි
2024 සැප්තැම්බර් මස 28 155 0

ප්‍රදේශයට පැවති වර්ෂාවත් සමග අද සවස හැමූ සුළඟකින් වලස්මුල්ල හා ඕකවෙල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල ගම්මාන රැසක ගස් කඩා වැටීම් රැසක් සිදුව ඇති බව ආපදා


හිස්බුල්ලා නායකයා මරා දැමේ: මහ යුද්ධයක් අත ළඟ
2024 සැප්තැම්බර් මස 28 4065 1

ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.


මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 536 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 2130 8

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37922 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25000 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 234 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 772 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 274 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site