(ලහිරු හර්ෂණ)
මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් වදහිංසා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි තිරසර සංවර්ධන වනජීවී හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පැය හතරක කාලයකින් අනතුරුව මීට සුළු මොහොතකට පිටව ගියේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා අද පැමිණෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම් දීමකින් අනතුරුව උදෑසන අමාත්‍යවරයා එහි ගියේය.
සිය පෞද්ගලික ආරක්ෂක නිලධරීන් සමඟ පැමිණ සිටි අමාත්‍යවරයා ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව මීට සුළු වේලාවකට පෙර පිටව ගියේය.
කීත් නොයාර් මහතා පැහැරගෙන ගිය අවධියේ යුද හමුදාපතිවරයා වශයෙන් කටයුතු කළේ සරත් ෆොන්සේකා මහතා වන අතර මේ සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගනු ලැබුයේ දෙවැනි වතාවටය.
(36698)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස
කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය
බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා
වසර හතරකට පසු කර්මාන්ත අමාත්‍යාංශයේ මහජන දිනය අද ඇරැඹිණි.
මීට වසර 31කට පෙර වැසී ගිය කන්තලේ සීනි සමාගම සතුව සක්‍රීය තත්වයේ තිබූ යන්ත්‍ර සූත්‍ර විශාල ප්‍රමාණයක් මේවන වට විනාශ වී දිරාපත්ව ඇති අයුරු එහි ගිය අපට දැක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ෆොන්සේකාගෙන් පැය හතරක් ප්‍රශ්න කරයි
sirimal Tuesday, 25 September 2018 11:07 AM
පැණි වරකා ගහටත් හෙන ගහන්නද යන්නේ නැත්නම් "බැඳුම්කර සීසන් 2" ද?
සතයපාල Tuesday, 25 September 2018 12:55 PM
වැරදි කරලා නැති මිනිස්සූ අඩන්නේ දොඩන්නේ නැතිව අනුන්ට ආඩපාලි කියන්නේ නැතිව නිර්භිතව අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවට යනවා තමන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කරලා පෙන්වන්න.
samankWednesday, 26 September 2018 04:31 AM
නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ, හොරුත් හාමුදුරුවන්ගේ නම් මොන එහෙකට බයවෙන්නද?
erdi Tuesday, 25 September 2018 06:30 PM
යුධ හමුදාවෙන් ලද පන්නරය මොනවට පෙන්නුම් කිරීමක්. යුද්ධයට පමණක් නොව ඕනෑම දෙයකට මුහුණ දීමේ හැකියාව ඇති එතුමාට ජය.
Rasi Tuesday, 25 September 2018 10:44 PM
සතයපාලට වැරදිලා, වැරදි කරපු අය තමයි අද බය නැතුව ඉන්නේ. අපි වගේ වැරදි කරපු නැති අය බයේ ඉන්න ඕන.
KUMARA Wednesday, 26 September 2018 05:23 AM
මෙයාටවත් මතක තිබ්බොත් ගොඩ......