ඇමෙරිකාවේ ‘ෆයිසර්’ ඖෂධ නිෂ්පාදන සමාගම ‘කොවිඩ් 19’ ආසාදිතයන් ඉක්මනින් සුවපත් කිරීම සඳහා නිපදවූ ‘පැක්ස්ලොවිඩ්’ ඖෂධය චීනයේ බෙයිජීං අගනුවර කොරෝනා ආසාදිතයන්ට ලබා දීමට චීන රජය සහ සෞඛ්‍ය අමත්‍යාංශය තීරණය කර තිබේ.
මේ වනවිට චීනයේ ඉතා දරුණු අන්දමින් ‘කොවිඩ් 19’ වයිරසය ව්‍යාප්තවීමට පටන්ගෙන තිබේ. චීනයේ පැතිර යමින් තිබෙන්නේ ‘කොවිඩ් 19 ඔමික්‍රෝන් බී.එෆ්.7’ උප ප්‍රභේදයයි.
මේ වනවිට බෙයිජීං අගනුවර රෝහල් ‘කොවිඩ් 19’ ආසාදිතයන්ගෙන් පිරී ගොස් ඇති අතර රෝහල් ඇඳන් නොමැතිව බොහෝ රෝගීන් දැඩි අපහසුතාවයන්ට මුහුණ දෙයි.
චීනයේ මෙසේ ‘කොවිඩ් 19’ දරුණු වූයේ එරට සෞඛ්‍ය අංශ පනවා තිබූ දැඩි සෞඛ්‍ය සීමා ලිහිල් කිරීමට චීන රජය පියවරගත් බැවිනි. චීන කොමියුනිස්ට් පක්ෂ පාලනය එසේ කළේ එම සෞඛ්‍ය සීමා සම්බන්ධයෙන් දැඩි ජනතා විරෝධයක් නිර්මාණය වුණු බැවිනි.
‘කොවිඩ් 19’ සම්බන්ධයෙන් ඇමෙරිකාවේ ‘ෆයිසර්’ සමාගමේ ‘පැක්ස්ලොවිඩ්’ ඔසුව ආනයනය කරමින් එය බෙයිජීං වැසියන්ට ලබා දීමට ඇමෙරිකන් සෞඛ්‍ය අංශ තීරණය කළ පළමු අවස්ථාව වන්නේ මෙයයි.
‘කොවිඩ් 19’ ආරම්භය සිදුවූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙනි. ‘කොවිඩ් 19’ වයිරස ව්‍යාප්තිය පාලනයට චීනය එරට වැසියන්ට ලබා දුන්නේ දේශීය වශයෙන් නිපදවූ ‘සිනොවැක්ස්’ සහ ‘සයිනෝෆාම්’ යන ප්‍රතිශක්තිකරණ එන්නත් වර්ග දෙකය.
මෙම එන්නත් ‘ෆයිසර්’ සමාගම නිපදවූ ‘ෆයිසර්’ ප්‍රතිශක්තිකරණ එන්නත සහ ‘මොඩර්නා’ සමාගමේ ‘මොඩර්නා’ එන්නත තරම් සාර්ථක නැති බව මේ වනවිට තහවුරු වී ඇතැයි ද පැවැසෙයි. චීනය අද දරුණු ලෙස ‘කොවිඩ් 19’ වසංගතයකින් බැට කන්නේ මේ නිසා යැයි බටහිර වෛද්‍ය විශේෂඥයෝ පැහැදිලි කරති.
“බටහිර එන්නත් ප්‍රතික්ෂේප කිරීම චීන ජනාධිපති ෂී ජින්පින්ගේ තීරණයක්. චීන ජනාධිපතිවරයා එවැනි තීරණයක් ගත්තේ බටහිර සමඟ අමනාපයකින් නොවෙයි. දේශීය වශයෙන් නිපදවූ එන්නත් ජනතාවට ලබා දීමට කටයුතු කළේ ආර්ථික වශයෙන් ස්වයං විශ්වාසයක් ඇති කිරීමටයි. විදේශයකින් එන්නත් ආනයනය කරනවාට වඩා දේශීය වශයෙන් නිපදවූ එන්නත් තම ජනතාවට දීමට චීන ජනාධිපතිනරයා වැඩි කැමැත්තක් දැක්වූවා” යැයි චීන ජාත්‍යන්තර කටයුතු පිළිබඳ විශ්ලේෂක ආචාර්ය යූ ජී, බීබිසී පුවත් සේවය සමඟ අදහස් දක්වමින් පවසා තිබේ.
(රොයිටර්)
වරෙන්තු ලබා සිටි ඇපකාරියක අත්අඩංගුවට ගැනීමට ගොස් ඇය නොමැති නිසා ඇගේ වයස අවුරුදු 08 ක බාලවයස්කාර පාසල් දරුවකු අත්අඩංගුවට ගෙන පොලීසියේ රාත්‍රී කාලයේ රඳව
මරදාන සහ කොළඹ කොටුව අතර දුම්රියක් පිලී පැන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ සංගමය සංවිධාන කරන ළමා චිත්‍ර තරඟයට මැයි 10 වැනිදා තෙක් චිත්‍ර බාර ගන්නා බව එම සංගමය පවසයි.
මග නැගුම මාර්ග ඉදි කිරීම් සමාගමට ස්කැවේටර් යන්ත්‍රයකින් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් කඩුවෙල කොරතොට, මයික්වත්ත ප්‍රදේශයේ ඉඩමක කළුගල් ව්‍යා
පාර්ලිමේන්තු පක්ෂ නායකයන්ගේ රැස්වීමක් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අනිද්දා (2) පැවැත්වීමට නියම
කූඨ ලේඛන සකස්කර රුපියල් කෝටි 3 ක් වටිනා දේපොළ අත්පත් කරගත් බව කියන විශ්‍රමික කාන්තා පොලිස් සැරයන්වරියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගු
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ෆයිසර් සමාගමේ ‘කොවිඩ්’ ඔසුව චීනයට
Rohana Tuesday, 27 December 2022 07:58 AM
කොවිඩ් වයිරසය චීනයෙන්ම පාලනය කිරීම වඩා හොඳය. එසේ නොවුවහොත් එය අතීතයේ අත්විඳින ලද පරිදි ලොව පුරා පැතිරෙනු ඇත. වෙනත් රටවල වෛරසය පැතිර ගියහොත් මිනිසුන්ට දුක් විඳීමට හා නිදහස අහිමි වීමට සිදුවේ. නරකම තත්ත්වය වන්නේ COVID මරණ වැඩි වීමයි.
Hemantha Tuesday, 27 December 2022 01:18 PM
චීනයේ තියෙන්නේ අන්තවාදී ප්‍රතිපත්ති .ඇමරිකාවත් එක්ක තරහා නිසයි ඇමරිකන් එන්නත් එපා කිවුවේ.විදේශ වල සිටින චීන්නුත් චීන එන්නත් නොගසන්නේ නම් ඔවුන්ට තමාගේ රටට යන්න බැරි බව චීන්නු කිවුවා