ෆේස්බුක් සමාජ ශාලා වෙබ් අඩවියේ ව්‍යාජ ගිණුම් පවත්නාගෙන යමින් විවිධ පුද්ගලයින් අපහසුතාවට පත් කිරීමේ පැමිණිළි තුන්දහසක් පමණ ලැබී ඇතැයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා කියයි.
මෙම පැමිණිලි අතරින් බහුතරයක් ලැබී ඇත්තේ පාසල් සිසුන් හා කලා ක්ෂේත්‍රයන්ට සම්බන්ධ අයගෙන් බවත් ඔහු පවසයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොතක් පතක් නොකියවා ඔය පොතේම ඉන්න ගියොත් ඔහොම වෙනවා. නව පරපුර ගැන මටනම් දුකේ බෑ.(නදී)
තහනම් කරන එක නම් හොදයි ඒත් පාසල් නිල ඇදුම් වලින් වැඩිපුර ඉන්නේ හොඳ අය නොවෙයි (අ)
ඕනම දෙයක් හොඳට හෝ නරකට පාවිච්චි කරන්න පුලුවන් මම හිතන්නේ. ගොඩක් ඈත් වෙලා හිටපු යාලු මිත්‍රෙයා් පේස් බුක් නිසා නැවත එකතු වී තිබෙනවා.(නදී)
අනන්‍යතාවය තහවුරු කරගන්න පුළුවන් විදිහක් තියනවා. හැබැයි 18 වැඩි අයට තමා පේස්බුක් එන්න වෙන්නේ. අයි.ඩී කොපිය ගත්තානම් හරි එකවුන්ට් හදනකොට.(නදී)
ගිනුම අයිති අයගේ පින්තූර තියෙනවද බලන්න. එක පින්තූරයක් තියෙනවා නම් ව්‍යාජ ගිනුමක්.(නධී)
බිමලි කියපු දේවල්මයි ,මට ෆේස් බුක් එක ගැන කියන්න තියෙන්නෙත්. (අ)
මම නම් ෆේස් බුක් එකට ඇතුලත් කර ගන්නේ මගේ ඉතා සමීප නෑදෑයන් සහ මිතුරන් පමණි. මගේ ෆෝටෝස් බලන්න පුළුවන් ඒ උදවියට පමණි. අනෙක නාදුනන අයගෙන් එන ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් මම බ්ලොක් කරනවා. ෆේස් බුක් පාවිච්චි කරන්නේ සති 2/3 වරක් ඉඩක් ලැබුන විටදී පමණි. මම පිටරට ඉන්න නිසා මගේ නෑදෑයන් සහ සමීප මිතුරියන් ආශ්‍රය ට තියන එකම ක්‍රමය මෙය නිසා මම එය ඉතා පරිස්සමෙන් භාවිතා කරන්නේ.(නදී)
ව්‍යාජ ෆේස් බුක් ගිණුමක් දැන ගන්න එක ක්‍රමයක් තමයි ප්‍රොෆයිල් ෆොටෝ එක. එහි ෆොටෝ එක ඉතාම පැහැදිලි උසස් ප්‍රමිතියකින් තියනවා නම් මේ අදාළ කෙනාම ද කියල සොයා බලන්න. සාමාන්‍යයෙන් කෙනෙක් තමන්ගේ කැමරාවෙන් ගත්ත ෆොටෝ එකක් හුඟක් පැහැදිලි නැහැ. ෆේස් බුක් ප්රෝෆිලේ එකේ වැටෙන කොට කොලිටිය අඩු වෙනවා. වෙනත් කෙනෙකුගේ ෆෝටෝ එකක් දාල නම් ඉතා පැහැදිලි නම් ඒකෙන් යම් තරමකට ව්‍යාජ ගිණුම් හඳුනා ගත හැකියි.(නදී)
පේස් බුක් හරි විදියට පාව්ච්චි කරනවා නම් ඒකේ වරදක් නැහැ.(නදී)
චීනය ෆේස් බුක් තහනම් කරලා තියෙන්නේ තමන්ගේ රට වැසියන් නොමගට යයි කියලා බයට නෙවෙයි. තමුන්ගේ රාජ්‍ය රහස් විදේශීය පරිගණක බලවේගයන් ගෙන් ආරක්ෂා කර ගැනීම සදහායි. (නදී)
මුහුණ කැතයි කියල නහය කපා ගන්න එකා මෝඩයෙක්. (නදී)
ලංකාවේ අයට පේස් බුක් අජීර්නයක් හැදිලා.(නදී)
දේශපාලකයෝ වැරදි කරන නිසා දේශපාලනය තහනම් කල යුතුයි (අ)
පේස් බුක් නැති කරන්න.(නදී)
හොඳ දේ කරනවා කියල ඡන්දෙ අරගෙන වැරදි කරන 'මුහුණු වෙනස්' කිරීම් පේස් බුක් එකට වඩා භයානකයි.(නදී)
මෙයලා හදන්නෙ ෆෙස්බුක් වහන්න.(දිල්)
ඇත්තටම ෆේසේ බූක් එකේ තමන්ගේ ගිණුම් වල අනන්‍යතාවය තහවුරු කරගන්න ක්‍රමයක් හොයාගන්න කෝ .(දිල්)
පේස් බුන් පාවිච්චි කරන්නා හොඳට පාවිච්චි කරාට මදි. කොච්චර හොඳ කෙනෙක්ව උනත් විනාස කරන්න පුළුවන් පේස් බුක් එකෙන්. ඒ නිසා තමයි ඕක තහනම් කරන්න ඕනේ. චිනේ නම් පේස් බුක් තහනම්.(නදී)
පුලුවන්නම් දැනට තියෙන ගිනුම් වල අනන්‍යතාවය තහවුරු කරගන්නා විදිහක් කියන්න.(නදී)
මට තියන ප්‍රශ්නේ කවුද අනේ මේ නදී කියන්නේ? එතකොට දිල්?