(මහේෂ් කිර්තිරත්න)

ජනතාවට හිරිහැරයක් හෝ පීඩාවක් ඇති වන ආකාරයේ කිසිදු අණපනතක් සම්මත කිරීමට වත්මන් රජය කිසිදු අවස්ථාවක කටයුතු නොකරන බව  නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා පවසයි.

රජය  ගනු ලබන තීරණ සම්බන්ධයෙන් ඇතැම් කුඩා කණ්ඩායම් අසත්‍ය ප්‍රචාර පතුරුවමින් ජනතාව නොමග යැවීමට උත්සාහ කරන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ජනතාවගේ අයිතිවාසිකම් හා සුබසාධනයට හානි වන ආකාරයේ නීති රීති ගෙන ඒම රජයේ අරමුණ නොවන බව පෙන්වා දුන් ඒ මහතා, ජනතාවට අසත්‍ය තොරතුරු මත පදනම්ව නොමග නොයන ලෙස ද අවධාරණය කළේය.