(මුදිතා දයානන්ද)
විධායක ජනාධිපති ධූරය අහෝසි කිරිමේ ව්‍යවස්ථා සංශෝධනයක් පෞද්ගලික මන්ත‍්‍රී යෝජනාවක් ලෙස තම පක්ෂය විසින් ඉදිරියේදි පාර්ලිමේන්තුවට ගෙන එන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මහතා අද (19) පැවසීය.
දිසානායක මහතා මෙසේ පැවසූයේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණු ප‍්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමින් වන අතර තවදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේද පැවසීය.
දැන් රටේ යම් ව්‍යාකූල තත්වයක් අස්ථාවර බවක් නිර්මාණය වී තිබෙනවා. ඉතිහාසයේ මතුවු මෙවැනි අවස්ථාවල ඒ තත්ත්වය ප‍්‍රයෝජනයට ගනිමින් රටට ජනතාවට ජයග‍්‍රහණ ලබාදෙන්න අපිට හැකිවී තිබෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ වෙලාවේ පක්ෂ විපක්ෂ භේදයකින් තොරව හැම පක්ෂයක්ම අතීතයේදි අහෝසි කළ යුතුයි කියලා පොරොන්දුවි තිබෙන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරිම සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් අපේ මන්ත‍්‍රීවරයෙක්ගේ පෞද්ගලික යෝජනාවක් ලෙස ගෙන එන්න.
විධායක ජනාධිපති ධූරය අහෝසි කළ පසු පළාත් සභාවල බලය පවත්වාගෙන යාමට ජනාධිපතිගේ බලතලක අනුව පිහිටුවා තිබෙන ආණ්ඩුකාරවරයා සම්බන්ධයෙන් ගැටළුවක් ඇති විය හැකියි. එය බෙදුම්වාදින්ට වාසි සහගත ලෙස යොදාගන්නට හැකියාව ලැබෙන්න පුළුවන්.
ඒ වගේම පවතින මැතිවරණ ක‍්‍රමය තුළ යම් අස්ථාවර ආණ්ඩුවක් යටතේ පාලනය පවත්වාගෙන යන අවස්ථාවක එය ශක්තිමත් කරන්නේ විධායක ජනාධිපතිවරයාගේ බලතල වලින් නිසා මැතිවරණ ක‍්‍රමය මෙලෙසම පවත්වාගෙන යමින් විධායක බලතල විතරක් අහෝසි කිරිම සුදුසු නොවන බවට මතයක්ද පවතිනවා. ඒ නිසා මේ දෙකම සැළකිල්ලට ගනිමින් මේ කෙටුම්පත සකස් කිරිමට අප අදහස් කරන අතර අනෙක් පක්ෂවලට ඊට යෝජනා ඉදිරිපත් කිරිමටද හැකියාව තිබෙනවා.
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව
අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
‘ විධායක ජනපති ක්‍රමය අහෝසි කරන්න ව්‍යවස්ථා සංශෝධනයක් ගේනවා‘ -ජවිපෙ කියයි
NAK Monday, 19 March 2018 11:30 AM
එජාප කරුවන් විරුද්ධ වුනත්, රතු අලි පැටව් රනිල්ට විරුද්ධව යන්නේ නැහැ...
ධනුෂ්කMonday, 19 March 2018 02:52 PM
මහත්තයෝ, ඔබතුමන්ලා වේදිකාවේ කියන බයිලා. එකපයින්ම පිළිගත්තට දේශපාලනයේ යථාර්තය තේරුම්ගෙන නෑ. එ්කයි මේ.... පැවති අාණ්ඩුවට තදබල ලෙස පහරදෙන නිසානේ ඔබතුමාලා ඔහොම කියන්නේ... අමතක වුණාද පැවති පාලකයන් බලයට ගේන්න දරදිය අැද්දේ කවුද කියලා...? දැනගන්න දේශපාලනයේ සදාකාලික මිතුරන් හෝ සතුරන් නෑ. වෙලාවකට සතුරාගේ සතුරා හොඳම මිතුරා කරගන්න වෙනවා. හැබැයි අවස්ථාව එනතුරු... දැන ගන්න දේශපානය තුළ සිල් රකින්නවත් මනුදම් පුරන්නවත් බෑ. ජ.වි.පෙ කියන්නෙත් බලය අප්ක්ෂා කරන පක්ෂයක්. ජ.වි.පෙ අවස්ථානුකූලව තීන්දු නොගත්තා නම්. අද කොටි තාමත් රජයනවා. (2015 මහින්ද බලයට ගෙන එ්ම) අනික් පැත්තෙන්.... ජ.වි.පෙ නැත්නම් මහින්ද අද තාමත් බලයේ. රට වෙනුවෙන් අදාල තීරණය අරගෙන තියනවා. මේ අාණ්ඩුවට කරන දේ බලමු ඉදිරියේදී...
surath Monday, 19 March 2018 12:19 PM
රතු අලියට රිදිලා වගේ හිටපු ගමන් ව්‍යවස්ථා සංශෝධන මතක් වෙලා...
Chandra Monday, 19 March 2018 06:55 PM
දැන් 2015 ප්‍රදාන මාර්තුකාව මේක නේද ? එකතු වුනේ පක්ෂ පාට නොබලා ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න නේද.? දැන්ද ඇහැරුනේ අවරුදු 3 කට පස්සේ. හොරු අල්ලලත් නැහැ , ජනාධිපති ක්‍රමය අහෝසි කරලත් නැහැ. රටේ ජනතාවගේ කාලේ කාපු එක විතරඊ. දැන් තෝරපු නායකයා හොරුන් සමග වාසේ .