IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


සියළු ජනතාවට නිදහසේ හුස්ම ගැනීමට පුළුවන් රටක් දැන් තියෙනවා

(නිමල කොඩිතුවක්කු)

 ජාතික රජය බළයට පත්වී ගතවූ වසර තුනක කාළය තුළ රටේ සියලූම ජනතාවට නිදහසේ හුස්ම  ගත හැකි රටක් නිර්මාණය වී ඇතැයි  ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජේ. සී අලවතුවල මහතා කොළඹදී  පැවසීය.

එම කාළය තුළදී රට සෑම ක්ෂේත‍්‍රයකින්ම ඉදිරියට ගෙන ඒමට වත්මන් රජයට හැකිවූ බවත් ’’ගම් පෙරළිය’’ ආදී වැඩසටහන් මගින් ඉදිරි වසර දෙකක කාළය තුළ රටේ සංවර්ධනයක් තවදුරටත් වේගවත් වනු ඇතැයිද  රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද(15) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසිය.

මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජේ. සී අලවතුවල මහතා වැඩිදුරටත් මෙසේද කීවේය.

     ‘‘ලබන 17 වනදාට යහපාළන රජයට වසර 03ක් සපිරෙනවා. මෙම වසර තුනක කාළය තුළ රටේ සියලූම ජනතාවට නිදහසේ හුස්ම ගන්න පුලූවන් වසර තුනක් නිර්මාණය වෙලා තියෙනවා.  ඒ නිසා අපි මේ වසර තුනට‘‘හුස්ම ගත්ත වසර තුනක්’’ කියලා කියනවා.

2015 ජනවාරි  08 වනදා අපි මේ ආන්ඩුව භාර ගන්න විට රටක් විදියට අපි ඉතාමත් අපහසු තැනක හිටියේ.  ජාත්‍යන්තර වශයෙන්  ගත්තම  ජගත් සංවිධානය  අපි කොන් කරලා හිටියේ.  ජගත් සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලය අපි  ඉතා අසීරු තත්වයකට පත් කරලා තිබුනා.

පසුගිය රාජපක්ෂ පාළන සමයේදදී මාධ්‍ය වේදීන්  ගණනාවක් ඝාතනය කලා.  මාධ්‍යවේදින්, වෘත්තිකයන් මේ රට හැර ගියා. රතුපස්සල  ජනතාව පානීය ජලය ඉල්ලලා උද්ඝෝෂනය  කරද්දි එතනට හමුදාව දාලා ඒ ජනතාව  ඝාතනය කළා. 

කටුනායකදි තරුණයන් ඝාතනය කලා. හලාවතදි ධීවරයන් ඝාතනය කලා. මෙම තත්වයක් තමයි  එදා රටේ තිබුනේ. අද මිනිස්සුන්ට නිදහසේ හුස්ම ගන්න පුලූවන් වාතාවරනයක් අපේ රජය නිර්මාණය කරලා  තියෙනවා

අද යහපාළන  රජය තුළ  ඕන තරම් උද්ගෝෂණය කරන්න,  වර්ජනය කරන්න අවස්තාව ලබා දිලා තියෙනවා. අපි කාටවත් වෙඩි තියලා කාවවත් මරා දාලා නැහැ.  අද ජනතාවගේ අයිතිවාසිකම්, ප‍්‍රජාතනන්ත‍්‍රවාදය අපි සුරක්ෂිත කරලා තියෙනවා.

මෙයට අමතරව අපේ රජය මගින් ජනතාවට  සහන ගණනාවක් ලබා දීලා තියෙනවා. අපේ  රජය පත්වුන වහාම ඉන්ධන මිල  විශාල මුදලකින් පහත දැමිමට  කටයුතු කළා. 



අදහස් (7)

සියළු ජනතාවට නිදහසේ හුස්ම ගැනීමට පුළුවන් රටක් දැන් තියෙනවා

Raveendra Wednesday, 15 August 2018 01:13 PM

අම්මපා.... මේ කොහෙන්ද, කොයි පැත්තෙන්ද කතා කරන්නේ? ඒකාලේ කොහේ හිටියද දන්නේ නැහැ නේද? ඔය කතා කරන පැත්තෙන්ම කියන්නකෝ බලන්න මහ බැංකුව පෙරලුව විදියට ’’ගම් පෙරළිය’’ ගැනත්...

:       0       201

senarath Wednesday, 15 August 2018 02:47 PM

මෙයාගේ මොලේ බලවන්න ඕනේ... ප්‍රභාකරන් ඉන්න කාලේ මෙයා කොහෙට චුතවෙලා හිටියද? 2009 මැයි 19න් පස්සේ තමයි මිනිස්සු හුස්ම ගත්තේ... ඒ කාලේ අැඳන් යට නිදාගනිපු මිනිස්සු සුරංගනා ලෝක මවලා ඡන්දෙ ගත්තට රට මොන කෙන්ගෙඩියක්ද කළේ? සංවර්ධනය 7% සිට 3.5% ට බැස්සුවා, හාල් නැවත පිටරටින් ගේනවා. ඒ විතරක්ද දැන් පොලුත් රටින් ගේනවා. ඔක්කොම කෙරුවාව කටින් විතරක් කරන්න දන්නවා හිටන්... අද ඩොලරය කීයද? රුපියල් 163 ත් පැනලා. මෙයාලගේ කෙරුවාව මිනිස්සු හොඳට දන්නවා දැන්. එ්කනේ පොඩි ඡන්දෙදි හොඳ උත්තරයක් ලැබුනේ. ඩොලර් කුට්ටිවලට කෑ ගහන අමනයින්ට රටට හෙන ගැහුවත් කමක් නැහැ.

:       0       226

Bamunuarachchi Wednesday, 15 August 2018 05:17 PM

ඒකත් හරියට බීරි අලින්ට වීනා ගහන්න වීනාවක් දුන්නා කියනවා වාගේ වැඩක්. මේ අය කරන දේවලට බනින්න උද්ගෝෂණ කරන්න අපට ඉඩ දීලා ඒ අයට ඕනදේ කරනවා.

:       0       16

kalani Thursday, 16 August 2018 06:22 AM

ජනතාවට දේශපාලකයින්ගේ අකාරුණික බව සහ දයානුකම්පා විරහිත බව නිසා විඳින්නට සිදුවූ, සිදුවන පිඩාව, කෙතරම් වෙහෙසකරද ? එහෙත් මෙම සැහැසි ක්‍රියා සිහිපත් වෙත්ම ජනතාවගේ ඉවසීම නම් පුදුම සිතෙන තරම්ය. තමා උපන් දේශයට සේවයක් කර මිය යාම එකම පරමාර්ථය බව පැවසු මහත්මා දේශපාලකයින් නැතුවාම නොවේ. ජනතාවගේ අන්ධ දේශපාලන භක්තිය , වසර 70ක් වැනි දිගු කාලයක් එක දිගටම රැවටීම, ගඳ සුවඳ නො හඳුනන අවිචාරවත් බව මගේ ආදරණිය මාතෘ භූමියට එක් කළ විනාශය හදවත කම්පා කරවන තරම්ය. අපේ දරුවන්ට මානව ධර්මතාවලින් සපිරි රටක් ගොඩනගා ගැනීමට අවශ්‍ය නම් ' නිදහසේ හුස්ම ගැනීමට පුළුවන් රටක් ' යැයි වර්ණවත් කළ සාම්ප්‍රදායික සාහිත්‍යමය වචනවලින් නැවත වරක් මුසපත් නොවී ඔවුන්ගේ අපේක්ෂා මත ජීවත්වීමේ ගොරෝසු පුරුද්ද අත් හල යුතුය. දේශපාලකයින්ගේ චතුර වාග් විලාසවලින් හදවත තුවාල කරගත් මිනිසුන් නැවතත් මෝහනීය වචනවලින් පවන් සැලීමෙන් සහනයක් ලබන්නට තරම් මුග්ධ නොවන්නේය. කතන්දර එක්දහස් එකක් අපි අසා ඇත්තෙමු. දිව්‍ය ලෝකය සහ අපාය හඳුනන්නෙමු.

:       0       45

RaveendraThursday, 16 August 2018 11:19 AM

කළණි වෙත, ඔබගේ අදහස් සමග අපද සැමවිටම ඉන්නෙමු. ලක්මවගේ පුරවැසියන් රටේ තිබෙන පක්ෂවලට ගැතිවී සිටින තාක්කල් අපගේ මාතෘ භූමියට කිසිදු සෙතක් නොවන බව ස්ථිරය.

:       0       7

Adam Thursday, 16 August 2018 08:03 AM

හුස්ම විතරයි ගන්න පුළුවන් වෙන කිසිම දෙයක් බැහැ........... අම්මප අගහරු ලෝකෙන් ඇවිල්ල වගේ බොරු දෙසනවා......

:       0       78

gamage Thursday, 16 August 2018 09:51 AM

කතාවලින් පේනවා එයාලගේ උගත් කමේ තරම

:       0       28

ඔබේ අදහස් එවන්න

දේශපාලන

’’ඩිජිටල් ශ්‍රී ලංකාවක් නිර්මාණය කරනවා’’
2024 නොවැම්බර් මස 11 1663 4

නුදුරු අනාගතයේදී ඩිජිටල් ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගම්පහ දී අද (11) පැවසීය.


වරදාන වරප්‍රසාද නම්බුනාම දේශපානයේ දී සැළකිල්ලට ගන්නේ නෑ
2024 නොවැම්බර් මස 11 4109 3

දේශපාලන දර්ශනය සහ ප්‍රතිපත්ති සිය දේශපාලන දිවියේ ඉදිරියේ ඇති බවත් තනතුරු වරදාන වරප්‍රසාද නිලතල නම්බුනාම සහ මුදල් දේශපාලනයේ දී සැළකිල්ලට ලක් නොකරන බව


රටේ ජනතාව අතරමං වෙලා
2024 නොවැම්බර් මස 06 1871 15

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාප හා ප්‍රකාශ තුළින් රටේ ජනතාව අතරමං වී ඇති මොහොතක තවමත් ජනතාවට ඇති එකම විසදුම සමගි ජන බලවේගය යැයි එහි නා


පෞද්ගලික අංශ සේවකයාටත් ජනපතිගෙන් පොරොන්දුවක්
2024 නොවැම්බර් මස 04 5436 11

ජාතික ජන බලවේගයේ පළමුවැනි අයවැයෙන්ම පඩි වැඩිකරනවා. පෞද්ගලික අංශයත් සමඟ සාකච්ඡා කරලා ඒ අයගෙත් පඩි වැඩිකරන්න කටයුතුකරනවා යැයි වැල්ලවාය නගරයේදී පාර්ලි


‘‘සිස්ටම් වෙනසක් වුණේ ජනතා විමුක්ති පෙරමුණේ පමණයි‘‘
2024 නොවැම්බර් මස 03 3643 10

නිර්ධන පන්තියේ යැයි කියන ජනපති තෙල් මිල සංශෝධනයේ දී ධනපති පන්තියට සහන දී ඇතැයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.


ලයිෂන් නැති අයට පාර්ලිමේන්තුව දුන්නොත් යන තැන හිතාගන්න බෑ
2024 නොවැම්බර් මස 03 3297 22

ලයිෂන් නැති පිරිසකට පාර්ලිමේන්තු බලයත් ලබා දුනහොත් රට කොහේ ගෙනයාවි දැයි සිතා ගන්නට බැරි බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 264 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 585 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1704 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site