ඉකුත්දා විදර්ශන පොත් ප්‍රකාශන ආයතනයේ හිමිකරු විසින් " පාඨක රසිකත්වය තුළ මේ සිදුවෙමින් පවතින භයානක වෙනස කුමක්ද...?" යනුවෙන් පෝස්ට් එකක් දාල තිබ්බා. 

ඔහු ඒ පෝස්ට් එකෙන් මෙවර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ ශාලා වෙන් කිරීම් ,  සංවිධායකයන් වන පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ ප්‍රචාරක මූලෝපායන් හා අමුතු නවකතා රැල්ලක් ගැන කියල තිබුණා.

පෝස්ට් එකක් දානකොට මුලින්ම බලන්න ඕනි දැම්මෙ කවුද කියල කියල. එහෙම පෝස්ට් එකක් දැමීමේ යටි අරමුණ මොකක්ද ? කියල බුද්ධිමත්ව හිතා බැලුවොත් තේරුම් ගන්න අමාරු නෑ.

මුලින්ම කියන්න ඕනි ජනක ඉණිමංකඩ කියන්නෙ පොත් ප්‍රකාශකයන්ගෙ සංගමයෙන් ඉවත් කරපු කෙනෙක්. ඔහු පසුගිය වතාවේ ස්ටෝල් ප්‍රශ්නයක් හින්දා පොත් ප්‍රදර්ශනයට ආවේ නෑ. 

ජනක කියන්නෙ බොරුකාරයෙක්. 2024 පොත් ප්‍රදර්ශනයට අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ආවාම , පෙරළගෙන දිව්වා , ආරක්ෂකයො මිනිස්සු අයින් කරා කියලා බොරු පෝස්ට් එකක් දාල හොඳටම පච වුන අයෙක්. ඒ වගෙ අය දාන පෝස්ට්හි අන්තර්ගතය පිළිගන්න කලින් දෙපාරක් හිතන්න ඕනි. 

මෙවර පොත් ප්‍රදර්ශනයට ගියාම , ප්‍රකාශකයන්ගෙ සංගමයේ ඉහළ නිලධාරියෙක් කිව්වා සංගමේ දැන් ප්‍රශ්න අඩුයි. ඇත්තෙම නෑ වගෙ කියල. මම එහෙම වෙන්න හේතුව ඇහුවම කිව්වෙ සංගමේ හිටපු කේලම් කියන , කොටවන එක්කෙනා අයින් කරා කියල.

ජනක ඉණිමංකඩ ඔය පෝස්ට් එක දැම්මෙ පොත් ප්‍රකාශකයන්ගේ සංගමයට හීන් සැරේ පහරක් ගහන්න සහ සමස්ත පාඨක , ප්‍රකාශක ක්ෂේත්‍රයම අවදානමට ලක් කරන්න. 

ජනකට පෙනිල තිබුණෙ ගොඩනැගිලි දෙකක් නවීකරණය වීමක් විතරයි. අපි බොහෝ වෙලාවට පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විවේචනය කරනවා. හැබැයි විවේචන මැද්දෙ සාධනීය දේවල් අගය නොකරනවනම් අපි අමු කුහකයො වෙනවා.

මෙවර පොත් ස්ටෝල් සම්බන්ධයෙන් සෑහෙන වෙනසක් වෙලා තිබ්බා. කවදාවත් ස්ටෝල් එකක් නොලැබුණ ප්‍රකාශකයන්ට ස්ටෝල් ලැබිලා තිබුණා. ඒ වගෙම වෙනදා ස්ටෝල් එකක් තිබුණ අයට දෙකක් ලැබිලා තිබුණා. දෙක තිබුණ අයට තුන , හතර ලැබිලා තිබුණා.

පසුගිය වර දැඩි තදබදයක් තිබ්බ , නිසි වාතාශ්‍රය නොමැතිකම නිසා දාඩිය පෙරාගෙන හිටපු K හෝල් එක මෙවර AC කරල තිබුණා. පසුගිය අවුරුද්දෙ මේ හෝල් එකේදී සමහර අය ක්ලාන්ත දාල තිබුණා.

ලබන වසරේ සියලු කුටි AC කරන බව සංගමේ නිලධාරීන් කිව්වා.

ඒ කරපු වෙනස්කම් නිසා ප්‍රකාශක ආයතනවලටත් පාඨකයන්ටත් අනවශ්‍ය තෙරපීම් හා අවහිරවීම් අවම වුණා. මේවා නොදැකපු ගොඩනැගිලි දෙකක් නවීකරණය වීමක් විතරක් දැකීම අමු කුහකකමක්. මේ වෙනස කිව්වොත් ප්‍රකාශක සංගමයට ස්තුති කරන්න වෙන නිසා නොදැක්ක වගේ වෙන හෑලි ලියනවා.

ඒ වගෙම ස්ටෝල්වල හිටපු ප්‍රකාශකයන් කිව්වා ඉස්සර ස්ටෝල් එක ලැබුනෙ කලින් දවසෙ. එ නිසා ස්ටෝල් ඩිසයින් & ඇරේන්ජ් කරගන්න සෑහෙන අමාරු වුණා. හැබැයි මෙවර දින කීපයකට කලින් ලබාදී තිබුන නිසා අනවශ්‍ය හදිසියකින් , ආතතියකින් තොරව ස්ටෝල් සකස් කරගන්න පුලුවන් වුණා කියල කිව්වා. මේවා ප්‍රකාශකයන්ගෙ පැත්තෙන් සාධනීය මැදිහත්වීම්..

ජනකගෙ පෝස්ට් එකේ මෙහෙම තිබ්බා.

" ඒ සුවිශාල මධ්‍යම පන්තියේ 'වන්දනා චාරිකා' මනසට අත්‍යවශ්‍යම කාරණය සංවිධායකයින් හොඳින් තේරුම්ගෙන ආහාර අලෙවිසල් ප්‍රමාණය දෙතුන් ගුණයකින් වැඩිකර තිබෙනවාට අමතරව ඒවායෙහි විවිධත්වය ගැනද සැලකිලිමත් වී තිබුණි."

මේ කුහකත්වය ශ්‍රාස්ත්‍රීය ක්‍රමයට පිට කිරීමක්. පොත් ගන්න එන මධ්‍යම පන්තිය ජනකට අනුව " වන්දනා චාරිකාවක් " එන්නෙ. මේ කරන්නෙ බෙදීමක්. පොත් ගන්න එන අයත් පන්ති අනුව බෙදනවා. බෙදනවා විතරක් නෙවෙයි ඔවුන් " වන්දනා චාරිකයන් " බවට පත් කරනවා. පොත් ලියන , කියවන , ප්‍රකාශ කරන කෙනෙක්ගෙ කැතම කැත හිත තමයි මේ එළියට පනින්නෙ.

පොත් ගන්න එන්නෙ ඉහල ධනවතාද , මධ්‍යම පන්තිකයද , දුප්පතාද කියල අදාළ නෑ. රැල්ලට පොත් ගන්නවද කියන කතාවත් අදාළ නෑ. මේකට මොනම හරි මනුස්සයෙක් එන එකම අගය කල යුතු කාරණයක්. ඒ එන හැමෝටම රෙස්පෙක්ට් කරන්න ඕනි.

ඒ පෝස්ට් එක ශෙයාර් කරපු අය ආයෙත් කියවල බලන්න. සමහරවිට ඔය බෙදලා අවමානයට පත් කරල තිබෙන්නෙ ඔබ වෙන්න පුලුවන්. ඔබ ශෙයාර් කරල තියෙන්නෙ ඔබවම අවමානයට පත් කරපු පෝස්ට් එකක් වෙන්න පුලුවන්.

ආහාර අළෙවි සැල් ප්‍රමාණය දෙතුන් ගුණයකින් වැඩි කර ඇති බව ප්‍රකාශ කිරීම පට්ටපල් බොරුවක්. පොත් ප්‍රදර්ශනයට එන ජනතාව වසරින් වසර වැඩිවෙනවා. ඊට සාපේක්ෂව වැසිකිලි කැසිකිළි , ජානීය ජලය හා ආහාර අලෙවි සැල් ප්‍රමාණාත්මකව වැඩිවෙන්න ඕනි. යම් ප්‍රමාණයක් වැඩිවෙලා තියෙන්න ඇති. ඒ වගෙම මෙවර ආහාර අලෙවි සැල් එකම ප්‍රදේශයකට ගෙනත්  තිබ්බා. අඩුපාඩුවක් හොයාගන්න තිබ්බ හදිසියට ජනක ආහාර අලෙවි සැල් වැඩිවෙලා කියල දකින්න ඇත්තෙ ඒක..

ජනක , මෙන්න මෙහෙමත් කියල තිබ්බා.

" සුවිශේෂම කරුණ වූයේ Hall J, K ශාලාවන් සුවිශාලවද (H ශාලාවට ගියේ නැත) ආක්‍රමණය කර තිබූ 'අමුතු නවකථා රැල්ලයි."

" වයස 15 ට වැඩි 30 දක්වා වූ තරුණ කණ්ඩායම ඉලක්ක කර ප්‍රේමය, සමරිසිකත්වය හා මනෝ උපදේශනයද, ආගමික භක්තියේ ප්‍රබන්ධය තුළ වූ ප්‍රචණ්ඩ හා රෞද්‍ර බව අධිනිශ්චය කළ 'කාලි' වැනි තේමා මතුපිටින් පෙනෙන නවකථා විශ්වාස කළ නොහැකි තරම් ප්‍රමාණයක් එළි දැක තිබුණි."

ජනක නොදන්න දෙයක් තියෙනවා. ප්‍රේමය කොහොමත් සෙට් වෙන්නෙ 15- 30 වගෙ අයට තමයි. අපිට දැන් සෙට් වෙන්නෙ නෑ. ඉතින් උන්ට සෙට් වෙන පොත් තියෙන්න ඕනි. සමරිසිකත්වය කියල කියන්නෙ සමලිංගිකත්වය කියල මම අනුමාන කරනවා.   BL හෝ GL පොත් තිබුනා. හැබැයි මේ සැරේ කිසිම පොතක් කලින් වතාවල්වල වගේ ඕවර් හයිප් වුනේ නැ. කැමති අය ඒවා ගනී. අකමැති අය ඒවා දිහාවත් නොබල ඉදී.

ඒ වගෙම ජනක කියනවා "ආගමික භක්තිය මුසු වූ ප්‍රචණ්ඩ හා රෞද්‍ර කාලි වැනි තේමා මතුපිටින් පෙනෙන නවකථා තිබුණා " කියල. එයා ඒක තීරණය කරන්නෙ මතුපිටින්. ඒ කියන්නෙ පොතේ කවරය බලල. ජනක, ඔයා පව්.පොතක් විනිශ්චය කරන්න ඕනි අන්තර්ගතයෙන් මිසක් මතුපිටින් නෙවෙයි. ඔයාට වැරදුණු තැන ඔන්න ඔතන. ඔයා , ඔයාගෙ පොත් හැර අනිත් ඒවා විනිශ්චය කරන්නෙ කවරෙනුයි , ලිව්වෙ කවුද කියල බලලයි. ඔයා මිනිස්සු මනින්නෙත් ඔහොමයි.

සුළු පිරිසක් හැර බහුතරයක් මිනිස්සු ඔයාව මතුපිටින් විනිශ්චය කිරීම ගැන සතුටු වෙන්න. මොකද අභ්‍යන්තර පරීක්ෂාවක් කලොත් මිනිස්සුන්ට ග්‍රාම්‍ය , කුහකත්වයෙන් , මමත්වයෙන් පූර්ණ මිනිහෙක්  හම්බවෙනවා ස්ථීරයි.

ජනක කාණ්ඩ කල පොත් මුද්‍රණ වාර 10 - 12 ඉක්මවා යෑම , පිටපත් 10000 විකිණීම වැනි කතා ජනක ඉනිමංකඩගේ හිතලු මිසක් සත්‍ය නෙවෙයි. ලිංගිකත්වය ඔලුප්පල , ලිංගිකත්වයෙන් එහා කාමුකත්වයට ගිය පොත් ඕන තරම් මීට කලින් තිබුනා. චින්තන ධර්මදාසගෙ පොත් උදාහරණ. ඒවා විවේචනය නොකර මේ පොත්වල පිට කවරෙ බලල බොරු කියනවා.

ජනක ඉනිමංකඩ මෙන්න මෙහෙමත් කියනවා.

" සම්භාව්‍ය පොත් පමණක් විකිණූ මිත්‍ර ප්‍රකාශකයෙකුගේ අළෙවි කුටියේ ඉදිරියෙන්ම ඉහත කී වර්ගයේ පොත් වර්ග පහක් තිබෙනු දුටු මම ඒ ගැන විමසීමි."

' ඔහුගේ පිළිතුර විය."

මේකත් බොරුවක්. ප්‍රකාශකයෙක් ඕක වෙන කාට කිව්වත් ජනකට කියන්නෙ නෑ. මොකද ප්‍රකාශකයො දන්නවා එහෙම කතාවක් කිව්වොත් කෙන්ද කන්දක් වෙනවා කියල.

ඔය '" මෙව්වා නොවිකුණා ස්ටෝල් ෆී එකවත් හොයා ගන්න බෑ" කියන කතාවෙන් ඔහු ප්‍රකාශකයන්ට ව්‍යංග ප්‍රහාරයක් එල්ල කරනවා. ඉන් එකක් උබලගෙ පොත් විකිනෙන්නෙ නෑ කියල සමච්චල් කරනවා. ඒ වගෙ සල්ලිවලට ඕනි දෙයක් ඔයාල කරනවා කියල කියන්න මේ හදන්නෙ. ඒ නිසා මේ ප්‍රකාශය පිටුපස තියෙන්නෙ ප්‍රකාශකයන්ගේ ආත්ම ගරුත්වය කෙලෙසීමක්. 

ජනක කියන පොත්වල අලෙවිය , ප්‍රකාශනය , ප්‍රචාරණය සංවිධානාත්මක කටයුත්තක් කීම බිල්ලො මවාපෑමක්. Sex ගැන තියෙන පොත් අලෙවිය එවැනි සංවිධානාත්මක දෙයක් නෙවෙයි. Google එකේ Sex සර්ච් කරල අංක එක වුන ජාතිය අපි. ඉතින් එවැනි අයගෙන් පොතට ඉල්ලුම වැඩියි.

ඕක සංවිධානාත්මක කරනවනම් මේ ඩිජිටල් යුගයේ කඩදාසි පොත් ඕනි නෑ. හැමෝටම ජංගම දුරකථන , ටැබ් තියෙනවා. 

ආගමික බලවේග , රූපවාහිනී නාලිකා , ඡන්ද පදනම වෙනස්වීම වගේ කතා ඔක්කොම පදනමක් නැති අතාර්කික උපකල්පන. පොත් කියවීමයි දේශපාලන අනුරාගයයි දෙකක්. පොත්වලින් මිනිස්සුන්ගේ දේශපාලන මතය වෙනස් කිරීම ඉතාම අඩුවෙන් සිද්ධ වෙන්නෙ..

මටනම් මේ පොත් ප්‍රදර්ශනය ගැන තියෙන්නෙ සතුටක්. තරුණ ලේඛක, ලේඛිකාවන්ගෙ පොත් වැඩි වැඩියෙන් ස්ටෝල්වල තිබ්බා. ලාංකීය සාහිත්‍යයේ අනාගතය තීරණය කරන මේ අංකුර ලේඛක ලේඛිකාවන් ආරක්ෂා කරගන්න ඕනි. ඔවුන් අගය කරන්න ඕනි. මටනම් ඇත්තටම මාර සතුටුයි මේ තරුණ ආක්‍රමණය ගැන.

ශ්‍රාස්ත්‍රීය කුහකත්වයෙන් වැසුණු ජනක ඉනිමංකඩගේ පෝස්ටුවේ සැබෑ අරමුණු මෙන්න මෙහෙමයි.

1) පොත් ප්‍රදර්ශනය අසාර්ථකයි. ඒකට එන්නෙ වන්දනාකරුවන්. කිසිම නියාමනයක් නෑ. ඒකට වග කියන්න ඕනි පොත් ප්‍රකාශකයන්ගේ සංගමය.

2) තරුණ පිරිස් ඉලක්ක කරගත්ත තරුණ මනස විකෘති කරන පොත් ප්‍රදර්ශනයේ විකිණනවා. මේ පණිවිඩය දෙමව්පියන්ට ලැබුනම දරුවො එවන්නෙ නෑ. වැඩිහිටියො එන්නෙත් නෑ. බුක්ෆෙයා එන සෙනඟ අඩු කිරීම තමයි අරමුණ. සෙනඟ අඩුවුනාමත් එයා කතාවක් කියනවා.

3) ප්‍රකාශකයන්ගේ ආත්ම ගරුත්වය නැති කර බේද කිරීම.

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය කියන්නෙ ලංකාවේ තිබෙන වැඩිම පිරිසක් , වැඩිම මුදලක් සංසරණය වන ඉවෙන්ට් එක. ඒක මේ තරම් සාර්ථකව කරන්න ආණ්ඩුවකටත් බෑ. එහි අඩුපාඩු තිබෙනවා. නමුත් අපි ඔවුන් විවේචනය කරන්න ඕනි සාධනීය අගය කිරීම් මැද. නැත්නම් අපිත් කුහකයෝ වෙනවා.

ජනක ඉනිමංකඩ හිමිකාරිත්වය දරණ විදර්ශන ප්‍රකාශන ගුණාත්මකභාවයෙන් , නිමාවෙන් ඉහලයි. හැබැයි ඒකෙන් අදහස්  වෙන්නෙ නෑ ඒ පොත් විතරක් හොදයි කියල. තවත් හොඳ පොත් ඕන තරම් තිබෙනවා. පරිවර්තන සාහිත්‍යයේ විදර්ශන ඇත්තටම වෙනසක් කලා. එහෙම කරපු එකම කෙනත් ජනක නෙවෙයි. වෙනසක් කරා කියලා ජනක ලාංකීය ග්‍රන්ථ සාහිත්‍යයේ තනි අයිතිකාරයා වෙන්නෙ නෑ. එසේවීමට උත්සහ කිරීමෙන්  වෙන්නෙ අවලංගු කාසි බවට පත්වීමක්.