යොහානිගේ ‘‘මැණිකේ මාගේ හිතේ‘‘ ගීතය යූ ටියුබ් ජාලය කළඹයි යොවුන් කළා ශිල්පිනියක් වන යොහානි ද සිල්වා ගයනා කරන ‘මැණිකේ මාගේ හිතේ’ ගීතය ‘යූටියුබ්’ සමාජ මාධ්‍ය ජලයේ පරිශිලකයන් කෝටි 5 කට අධික සංඛ්‍යාවක් අද (23) පස්වරුව වන විට නරඹා තිබේ. ‘මැණිකේ මාගේ හිතේ’ ගීතය 51,827,625 ක් නරඹා තිබීම කැපී පෙනුණි. 23 August 2021
බදියුදීන් බන්ධනාගාර වෛද්‍යවරයාට පාට් එකක් දාලා පාස්කු ඉරු දින ප්‍රහාර මලාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා බන්ධනාගාර රෝහලේ දී වෛද්‍යවරයකුට බැණ මරණීය තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය පරීක්ෂණයක් ආරම්භ කර ඇත. 22 August 2021
බලාපොරොත්තුවේ හුස්ම රැගෙන “ශක්ති’’ දිවයිනට ඔක්සිජන් ටොන් 100ක් රැගෙන ඉන්දියාවේ සිට ගමන් ඇරඹු ඉන්දියාවේ ශක්ති නෞකාව කොළඹ වරායට අද පස්වරුවේ පැමිණියේය. 22 August 2021
‘‘පාස්කු ප්‍රහාරයේ පෙනෙන දේට වඩා නොපෙනෙන පැත්තක් තියෙනවා‘‘ පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ මතුපිටින් පෙනෙන දේට වඩා නොපෙනෙන පැත්තක් ඇති බව පෙනෙන්නේ යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ අද (21) පැවසූහ. 21 August 2021
රට අරාජික තත්ත්වයට පත් කරන්න එපා කොවිඩ් වසංගතය පරාජය කිරීම සඳහා එක්ව වැඩ කරන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතමින් අද (20) ප්‍රකාශ කළේය. 20 August 2021
අද සිට දින 10 රට වහයි කෝවිඩ් -19 පාලනය කිරීමේ මූලික පියවරක් ලෙස අද සිට දින 10ක් රට වසා තැබිමට තීරණය කර ඇත. 20 August 2021
“අගුලු දැමුවොත් රට කබලෙන් ලිපට වැටෙනවා’’ මේ අවස්ථාවේ අගුලු දැමීමක් කළහොත් රට කබලෙන් ලිපට වැටෙනු ඇති බවත් අගුලුගෑම වෙනුවට සෞඛ්යාරක්ෂිත හැසිරීමකට හුරුවෙමින් රට පවත්වාගෙන යාම සුදුසුම ක්‍රමවේදය බවත් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කරමින් කියා සිටී 20 August 2021
ජනපති හෙට ජාතිය අමතයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට රාත්‍රියේ දී ජාතිය ඇමතීමට නියමිතව ඇත. 19 August 2021
අස්ගිරි - මල්වතු මහා නාහිමිවරු රට වහන්නැයි ඉල්ලති කෝවිඩ් - 19 වයිරසයට සීඝ්රයෙන් පැතිර යැම වැළැක්වීම සඳහා සතියකට රට වහන්නැයි අස්ගිරි - මල්වතු මහා නාහිමිවරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටිති. 19 August 2021
රට වහන්නැයි ආණ්ඩුවේ පක්ෂ නායකයෝ ඉල්ලති සීඝ්රයෙන් පැතිර යන කොරෝනා වයිසරය පාලනය සඳහා රටට අගුලු දමන්නැයි ආණ්ඩුවේ පක්ෂ නායකයන් දස දෙනකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ලිපියක් මගින් ඉල්ලීමක් කර ඇත. 19 August 2021
සෞඛ්‍ය නීති දැඩි වෙයි: එක ගෙදරකින් එළියට යා හැක්කේ එක්කෙනාටයි කොරෝනා පාලනය සඳහා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ(18) නිකුත් කෙරුණු අතර එම මාර්ගෝපදේශ වලට අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි එක් නිවෙසකින් පිටවිය හැක්කේ එක් පුද්ගලයකුට පමණක් බව සඳහන් වෙයි. 18 August 2021
‘‘රට වහන්නේ නෑ:දැඩි සංචරණ සීමා පනවනවා‘‘ රට වසා දැමීමක් නොකරන නමුත්, සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ( 17) රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත. 18 August 2021
අසාද් සාලි 31තෙක් රිමාන්ඩ් පාස්කු ඉරිදින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දොපර්තමේන්තුවේ රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටි ජාතික සමගි පෙරමුණේ නායක බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ලබන 31 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස කොළඹ ප්රාධාන මහේස්ත්‍රාත් බුද්ධීක ශ්‍රී රාගල මහතා අද නියෝග කළේය. 17 August 2021
‘ඩෙල්ටා‘විකෘති අවස්ථා තුනක් ශ්‍රී ලංකාවෙන් හමුවෙයි ශ්‍රී ලංකාවේ ව්‍යාප්තව ඇති ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදයේ නව විකෘති අවස්ථා තුනක් වෛද්‍ය පරීක්ෂකයන් විසින් හඳුනා ගනු ලැබ ඇතැයි ඖෂධ නිෂ්පාදන , සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදී අද (17) පැවැසීය. 17 August 2021
ගෝඨාභය-රනිල් විනාඩි 40ක සාකච්ඡාවක් ශ්‍රී ලංකාවේ උග්‍ර තත්ත්වයට පත්ව තිබෙන කොරෝනා වසංගතයට අදාලව ගත යුතු පියවර ගැන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද(17) පෙරවරුවේ පැවැත්විණි. 17 August 2021
අමාත්‍යවරු හතක් නව අමාත්‍යංශ හතක දිවරුම් දෙති කැබිනට් අමාත්‍යවරු හත් දෙනෙක් නව අමාත්‍යාංශවල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්හ. 16 August 2021
කැබිනට් ඇමැතිවරු හතරකට තව පැය කීපයකින් අමාත්‍යංශ මාරුවක් කැබිනට් ඇමැතිවරුන් හතර දෙනකුගේ විෂය පථයන් තව පැය කීපයකින් වෙනස් වීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග වාර්තා කරයි. 16 August 2021
ඇමෙරිකා මන්ත්‍රී දෙදෙනෙක් ශ්‍රී ලංකාවට සහන ඉල්ලති ශ්‍රී ලංකාවේ ජනතාවට අවශ්‍ය සහාය ලබාගැනීමට කඩිනම් පියවර ගන්නැයි ඉල්ලමින් ඇමෙරිකා එක්සත් ජනපද කොංග්‍රසයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයන් දෙදෙනකු වන ඩීනා ටයිටස් මහත්මිය සහ රාජා ක්‍රිෂ්ණමූර්ති මහතා ඇමෙරිකාවේ රාජ්‍ය ලේකම් ඇන්තනි ජේ. බ්ලින්කන්ට ලිපියක් යොමු කර ඇත. 15 August 2021
හෙට රාත්‍රී 10 සිට අලුයම 4 තෙක් ඇඳිරි නීතිය සමස්ත ශ්‍රී ලංකාවට හෙට (16) රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා නිරෝධායන ඇඳිරි නීතිය පැනවූ බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව අද නිවේදනය කළේය. 15 August 2021
’’වෛද්‍ය නිර්දේශ හරියට ලැබුණොත් රට වහන්න සූදානම්’’ රට ’’ලොක්ඩවුන්’’(වැසීම )කිරීම සඳහා වෛද්‍යවරුන් නිර්දේශ ලබාදෙන්නේ ඒ අනුව කටයුතු කිරීමට රජය සූදානම් බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. 15 August 2021
අමාත්‍යංශ හතරක් වෙනස් වන හැඩ කැබිනට් අමාත්‍යවරුන් හතර දෙනකුගේ පමණක් විෂය පථයන් වෙනස් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇතැයි වාර්තා වේ . 14 August 2021
පළාත් අතර දැඩි රැකවල් පළාත් අතර සංචරණ සීමා පණවා ඇති හෙයින් සංචාරණ සීමා උල්ලංඝනය කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසියට අමතරව ත්‍රිවිධ ත්‍රිවිධ හමුදාවේ විශාල පිරිසක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 14 August 2021
රට වහන්නේ නෑ. ජනපති යළි ප්‍රකාශ කරයි රට වසා දැමීමක් නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (13) දහවල් පැවැති කොරෝනා මර්දන කමිටු රැස්වීමේදී යළිත් වරක් ප්‍රකාශ කර ඇත. 13 August 2021
’’ලොක්ඩවුන්’’ බැරිනම් ’’ලොකප්’’ කරන්න ඉදිරි සති දෙක වඩාත් තීරණාත්මක හෙයින් රට’’ලොක්ඩවුන්’’(සම්පූර්ණයෙන්ම වැසීම) කළ නොහැකි නම් ’’ලොකප්’’ ( පුද්ගල සංචරණය පාලනය ) කරන්නැයි රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසයි. 12 August 2021
ලාෆ් ගෑස් මිල ඉහළට ලාෆ් සමාගමේ කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 363 කින් ඉහළ දැමීමට පාරිභෝගික කටයුතු අධිකාරිය අවසර දී තිබේ. 12 August 2021
කොවිඩ් දරුවන් නිවෙස්වල නිරෝධායනයට කොවිඩ් ආසාදනයවීමෙන් සුළු රෝග ලක්ෂණ පෙන්නුම් කරන වයස අවුරුදු 2 සහ 14 අතර දරුවන් නිවෙස්වල රඳවා ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදයක් අද (11) සිට ආරම්භ කළ බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවැසීය. 11 August 2021
නඩු විභාගය අවසන් වන තෙක් රිෂාඩ් රිමාන්ඩ් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් වූ සියලු වියදම් දරා ඇත්තේ සිනමන් ග්රෑන්ඞ් බෝම්බකරුගේ තඹ කර්මාන්ත ශාලාව අයත් ‘කොලෝසිියස් සමාගමේ” ආදායමෙන් බව විමර්ශනවලින් හෙළිවී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පි‍්‍රයන්ත ලියනගේ මහතා ඉදිරියේ අද කරුණු වාර්තා කළේය. 10 August 2021
සති හතරකට රට වහන්න: සෞඛ්‍ය අංශ ඉල්ලයි ශීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් වසංගතය පාලනය සඳහා අවම වශයෙන් සති හතරකටවත් රට වසා දමා නිරෝධායන ඇඳිරි නීතිය පනවන්නැයි සෞඛ්‍ය බලධාරීන් රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ . 09 August 2021
රනිල්ගේ චෝදනාවට යුද හමුදාපති පිළිතුරු දෙයි එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා තම එන්නත් මාත්‍රාව නාරාහේන්පිට යුද හමුදා මූලික රෝහලේ එන්නත්කරණ මධ්‍යස්ථානයෙන් ලබාගෙන කොවිඩ් එන්නත්කරණ ක්‍රියාවලිය සඳහා හමුදා සහය ලබා ගැනීම පිළිබඳව බරපතල විවේචනයක් සිදුකරනු ලබන බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 09 August 2021
කොවිඩ් රෝගීන්ට නිවෙස්වල ප්‍රතිකාර අද සිට ඇරඹේ සංකූලතා නොමැති කොවිඩ් ආසාදිතයින් නිවෙස්වල රඳවා ගෙන ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදය දිවයින පුරා අද (9) සිට ආරම්භ කෙරිණ. 09 August 2021
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026