සතොසේ සීනි මෙට්‍රික්ටොන් 37ක් හොරා කලා වෙන්නප්පුව කොස්ගස්හන්දිය සතොස ශාඛාවේ සීනි මෙට්‍රික්ටොන් 37 ක සොරකමක් සම්බන්ධයෙන් එම ශාඛාවේ කළමනාකාරිනිය අත්අඩංගුවට ගෙන ඇති බව සතොස උසස් නිලධාරියෙක් පැවැසීය. 08 August 2021
තත්ත්වය භයානකයි: ගෙවල්වලින් එළියට යන්න එපා කොවිඩ් වයිරසය වේගයෙන් පැතිර යන හෙයින් අත්‍යවශ්‍යම කරුණකට හැරෙන්නට වෙනත් කිසිදු කටයුත්තකට නිවෙස්වලින් බැහැර නොයන්නැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සියලු මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි. 07 August 2021
‘‘රට වහන්නේ නෑ’’ කෝවිඩ් ව්‍යාප්තිය හමුවේ රට වසා දැමීමක් නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කාර්යාලයේ අද (6) දහවල් පැවැති කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බළකා රැස්වීමේදී ප්‍රකාශ කර ඇත. 06 August 2021
ශ්‍රේෂ්ඨාධිකරණය ජනපති නියෝගයක් අත්හිටුවයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන යටතේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කරන ලද දැඩි අන්තවාදි මතවාදවලින් මුදා ගැනීමේ රෙගුලාසි ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශේෂ්ඨාධිකරණය ඊයේ (05) අතුරු නියෝගයක් නිකුත් කළේය. 05 August 2021
රාජ්‍ය සේවයට අලුත් චක්‍රලේඛයක් කොවිඩ් අවදානම සැලකිල්ලට ගෙන රාජ්‍ය සේවකයන් ආයතන ප්‍රධානියාගේ අභිමතය පරිදි මුර දෙකකට සේවයට කැඳවීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු සාකච්ඡාවකදී තීරණය කෙරුණු බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදී අද පැවැසීය. 05 August 2021
මෙහෙකාර දැරියගේ ගින්න ගැන නිවසේ ආරක්ෂක කැමරාවල නෑ හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ තිබු සී සී ටී කැමරා 16 ක් පරීක්ෂා කළ ද ඉෂාලිනි දැරිය ගිනි තබාගත් බව කියන දර්ශන හා ගින්න නිවු බව කියන දර්ශන එහි කිසිදු සී. සී ටී. වී. කැමරාවක සටහන් වී නොතිඹුණ බව පොලිසිය කියයි. 05 August 2021
පිළිස්සි මිය ගිය දැරියගේ අත්අකුරු ගැන වාර්තාවක් ඉල්ලයි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිළිස්සී මිය ගිය බව කියන ඉශාලිනි දැරිය එම නිවසේ නවාතැන් ගෙන සිටි කාමරයේ බිත්තියක ලියා තිබූ වැකියේ අත් අකුරු එම දැරියගේම දැයි පරීක්ෂාකර අධිකරණයට වාර්තාවක් ලබාදෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය රජයේ අත්අකුරු පරීක්ෂකවරයාට අද (04) නියෝග කළාය. 04 August 2021
පොහොර තහනම ලිහිල් වෙයි යූරියා ඇතුළු රසායනික පොහොර වර්ග කීපයක් එළඹෙන මහා කන්නයේ වගා කටයුතු සඳහා ආනයනයට යළි අවසර දෙමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ගැසට් නිවේදනයක් අද නිකුත් කරනු ලැබීය. 03 August 2021
‘‘ගුරු - විදුහල්පති වැටුප් විෂමතා මේ මොහොතේ ඉවත් කළ නොහැකි‘‘ ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා මේ මොහොතේ ඉවත් කළ නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ(02) රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත . 03 August 2021
පිළිස්සී මියගිය මෙහෙකාර දැරිය රැඳී සිටි කාමරයේ බිත්තියක සටහනක් හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී සිරුරට ගිනිගෙන පිළිස්සී මිය ගිය බව කියන දැරිය නවාතැන් ගෙන සිටි කාමරයේ බිත්තියක ලියා තිබූ ’’මගේ මරණයට හේතුව’’ යනුවෙන් සඳහන් වැකියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 03 August 2021
‘‘රිෂාඩ්ගේ නිල නිවස මට දුන්නත් මා එය පාවිච්චි කළේ නැ‘‘ වෙළෙඳ අමාත්‍යවරයාට හිමි දැනට විවාදයට ලක්ව තිබෙන කොළඹ නිල නිවස පාවිච්චි නොකළ බවත් එය සතොස සේකවයන්ට නවාතැන් ගැනීමට ලබාදී ඇති බවත් වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. 02 August 2021
ගුරු හා විදුහල්පති වැටුප් විෂමතා කැබිනට් මණ්ඩලයට අද ගුරු හා විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමට අදාළ කැබිනට් සංදේශය අද පස්වරුවේ පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී යළි සාකච්ඡාවට ගැනීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි . 02 August 2021
ඇමැති වීරසේකරගේ දෙපාර්තමේන්තු දෙකක් ජනපති යටතට මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා යටතේ පැවති දෙපාර්තමේන්තු දෙකක් ජනාධිපතිවරයා යටතට ගෙන ඇත. 01 August 2021
අනතුරක් කළැයි උමාරිය පොලිස් අත්අඩංගුවට ප්‍රසිද්ධ ගායිකාවක වු උමාරියා සිංහවංශ මහත්මිය පැදවූ මෝටර් රථය වැලිකඩ ගුවන් පාලම ආසන්නයේදී අද (31) සවස තිරෝද රථයක ගැටීමෙන් සිදු වූ සිදුවූ අනතුරක් හේතුවෙන් ඇය වැලිකඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි. 31 July 2021
රේගු නිලධාරීන් පිරිසක් රට ඉදිද්දීත් පඩි අරගෙන රේගු නිලධාරීන් පිරිසක් විදේශගතව සිටියදීද වැටුප් ලබාගෙන ඇතැයි අනාවරණය වූ බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝපා කමිටුව) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති එහි අලුත්ම වාර්තාවේ සඳහන් වේ. 31 July 2021
පළාත් අතර සංචරණ සීමා සඳුදා සිට ඉවතට? කොවිඩ් වසන්ගතය පැතිර යාම පාලන කිරීම සදහා මාස දෙකක කාලය සිට පනවා තිබු පළාත් අතර සංචරණ සීමා තහනම ලබන සදුදා සිට ඉවත් කිරීමේ සුදානමක් ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. 30 July 2021
හිටපු නියෝජ්‍ය ඇමති සරණ නඩු අටකින් නිදහස් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එම මණ්ඩලයට කුලී පදනම මත වාහන ලබාගෙන රජයට පාඩු කර දූෂණය නැමැති වරද සිදු කළැයි හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට ගොනුකර තිබූ අල්ලස් නඩු අටකින් ඒ මහතා නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද 30 නියෝග කළේය . 30 July 2021
ඇමති විමල් ස්වයං නිරෝධායනයේ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ආරක්ෂක අංශයේ සේවය කරන පොලිස් නිලධාරින් කිහිපදෙනෙක් කොවිඩ් 19 ආසාදිතයින් ලෙස හදුනා ගැනීම නිසා අමාත්‍ය විමල් වීරවංශ මහතා ද අද (29) සිට ස්වයං නිරෝධායනයට යොමුවී ඇත. 29 July 2021
ලොව ලොකුම මැණික වෙන්දේසියට සූදානම් රත්නපුර පැල්මඩුල්ලේ පෞද්ගලික පතලකින් හමුවූ ලොව ලොකුම මැණික එහි අයිතිකරුගේ කැමැත්ත මත විදේශ වෙන්දේසියේ විකිණීමට පියවර ගන්නා බව මැණික් හා මැණික් ආශ්රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ලංකාදීපයට පැවැසීය. 28 July 2021
ගුරු වැටුප් ගැටළුව ලබන සතියේ යළි සාකච්ඡාවට ගුරු හා විදුහල්පති වැටුප් විෂමතා ප්රශ්නය ලබන සතියේ පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී යළි සාකච්ඡා කර තීරණයකට එළඹෙන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ගුරු හා විදුහල්පති සංගම් නියෝජිතයන් සමඟ අද (27) පෙරවරුවේ පැවති සාකච්ඡාවේදී ප්‍රකාශ කළේය. 27 July 2021
ගුරු වැටුප් ගැටළුව ලබන අයවැයෙන් විසඳයි ගුරු -විදුහල්පති සේවාවල වැටුප් විෂමතා ඉවත් කිරීම මීළඟ අයවැයෙන් සලකා බැලීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත . 27 July 2021
පී.සී.ආර් කරද්දී රිදුනැයි හිමිනමක් හෙදියකට පිඟානකින් ගහලා පි.සි.ආර්.පරික්ෂණයකදි දැඩි වේදනාවක් ඇති වු බවට උරණ වු හිමිනමක් අදාල පරික්ෂණය සිදුකල හෙදියට එම ස්ථානයේ තිබු විදුරු පිගානකින් පහර කෑමට ලක් වූ හෙදියක බරපතල තුවාල ලබා රෝහල් කළ බවත් සිද්ධියට සම්බන්ධ හිමිනම අත් අඩංගුවට ගෙන ඇති බවත් ආණමඩුව පොලිසිය කියයි. 26 July 2021
කොරෝනා එන්නත්වලට මුදල් වැයවුණේ මෙහෙමයි කොරෝනා මර්දන එන්නත් මිලදී ගැනීමට රුපියල් කෝටි එක්දහස් පන්සිය හතළිස් හයක පමණ මුදලක් ශ්‍රී ලංකා රජය මේ දක්වා වැය කර ඇතැයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය. 26 July 2021
බුද්ධ ප්‍රතිමාවට සහ රණවිරු ස්මාරකයට හානි කරලා රක්වාන දෙමුවාත ස්ටෝරු කඩේ ප්‍රදේශයේ ඉදිකර තිබූ රණවිරු ස්මාරකය සහ ආසන්නයේ තිබූ කුඩා බුද්ධ ප්‍රතිමාව කඩා බිඳ දමා විනාශ කර ඇතැයි රක්වාන පොලීසිය පවසයි. 25 July 2021
ඇස්ට්‍රාසෙනිකා පළමු බලය බිඳිලාද? ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව ලබා දුන් පුද්ගලයන් ලක්ෂ පහමාරකට ආසන්න පිරිසකට පළමු මාත්‍රාවෙන් මාස තුනකට අධික කාලයක් ගතවනතුරු දෙවැනි මාත්‍රාව ලබා ගැනීමට නොහැකි වීම නිසා එම එන්නතෙන් ලැබෙන ප්‍රතිශක්තිකරණය පිළිබඳ පවතින බලය ඉවත්වී තිබේද යන්න ගැන සැක මතුව ඇති බව වාර්තාවේ. 24 July 2021
රාජ්‍ය ආයතනවල විදයම් සීමා කරයි රාජ්‍ය ආයතනවල වියදම් මාස 6 ක කාලයක් සඳහා දැඩි ලෙස සීමා කිරීමට රජය තීරණය කර ඇත. 24 July 2021
මන්ත්‍රී රිෂාඩ්ගේ බිරිය ඇතුළු තුනක් අත්අඩංගුවට බාලවයස්කාර දැරියක මෙහෙකාර වෘත්තියේ යෙදවීම හා කෘරත්වයට පත් කළැයි කියන මන්ත්‍රී රිෂ්ඩ් බදියුඩීන්ගේ බිරිය ඇතුළු 3ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පත් අජිත් රෝහණ මහතා පවසයි. 23 July 2021
අමාත්‍යංශ කැබ් එකෙන් දඩයමේ ගිය තුනක් මාට්ටු දේශීය වෙදකම් ප්‍රවර්ධන,ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශයට අයත් කැබ් රථයකින් ගිනි අවි හා තියුණු ආයුද රැගෙන තම්බෝව අභය භූමියේ දකුණු මායිමේ නරිඔය ආසන්නයේ දඩයමේ යමින් සිටි තිදෙනකු අද අලුයම අත්අඩංගුවට ගත් බව කරුවලගස්වැව වනජීවි කාර්යාලය කියයි. 22 July 2021
“මඟුල් පොකුරු ඇතිවීමේ අවදානමක්’’ මංගල උත්සව සඳහා ලබාදී ඇති අවසරය අවභාවිතා කරන තත්වයක් පෙනෙන්නට තිබෙන බවත් මෙලෙස වගකීම් විරහිතව කටයුතු කළහොත් ’’මගුල් පොකුරු’’ ඇතිවීමේ අවදානමක් මතුවිය හැකි බවත් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී,යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. 22 July 2021
වාහන ආනයනයේදී රජයට කෝටි 300 ක පාඩුවක් ස්මාර්ට් කැබ් රථ 3000ක් ආනයනයේදී රජයට රුපියල් කෝටි තුන්සියයකට වැඩි පාඩුවක් සිදුවී ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝපා කමිටුව) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවක සඳහන්වේ. 21 July 2021
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026