හාල් මිලට ඇමැති දෙපළක් හැප්පෙති රාජ්‍ය ඇමැතිවරුන් වන සිරිපාල ගම්ලත් සහ රොෂාන් රණසිංහ යන මහත්වරුන් අතර වී සහ සහල් මිල ගණන් සම්බන්ධයෙන් පෙරේදා උණුසුම් වචන හුවමාරුවක් ඇතිවිය. 12 September 2021
නව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සැකසීම අරඹයි රටට අවශ්‍ය කෙරෙන නව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සැකසීම අරඹා ඇතැයි අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය. ඔහු මෙසේ පැවසුවේ පාර්ලිමේන්තුවේදී පසුගිය 10 වැනිදා පැවති අධ්‍යාපන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදීය. 12 September 2021
තෙල් අර්බුදය විසඳන්න කෝටි 250ක ණයක් ගන්න යයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මුහුණ දී ඇති බරපතළ මූල්‍ය අර්බුදය පියවා ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් කෝටි 250ක ණය මුදලක් ජාත්‍යන්තර වෙළෙඳ පොළෙන් කඩිනමින් ලබා ගැනීමට බලශක්ති අමාත්‍යාංශය තීරණය කර ඇත. 11 September 2021
නිරෝධායන ඇඳිරි නීතිය තවත් සතියකින් දික් කරයි කොරෝනා පැතිරීම පාලනය කිරීම සඳහා රටපුරා පනවණු ලැබ ඇති නිරෝධායන ඇදිරි නීතිය තවත් සතියක කාලයකට දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා තීරණය කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය. 10 September 2021
හදිසි නොවන භාණ්ඩ ආනයනයේදී සියයට සීයක මුදල් තැන්පතුවක් කාණ්ඩ 11කට අයත් භාණ්ඩ 623ක් ආනයනය කිරීමේදී සියයට සියයට ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවක් වහාම ක්‍රියාත්මක වන පරිදි පැනවීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත. 09 September 2021
පොළොන්නරුවෙන් සහල් මෙට්‍රික් ටොන් 1000ක් රජයේ බාරයට පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මහා පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සහල් ගබඩා අද පරීක්ෂා කළ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ,විශ්‍රාමික මේජර් ජෙනරාල් නිවුන්හැල්ල මහතා ඇතුළු කණ්ඩායමක් එම ගබඩාවල තිබු මෙට්‍රික් ටොන් දහසකට ආසන්න සහල් තොගයක් රජයේ භාරයට ගත්තේය . 08 September 2021
වෛද්‍යවරුන් තිදෙනකු තාක්ෂණ කමිටුවෙන් ඉවත්වීම ගැන සුදර්ශණීගෙන් ප්‍රකාශයක් මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය සහ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ඇතුළු තිදෙනකු කොවිඩ් මර්දන තාක්ෂණ කමිටුවෙන් ඉවත් වුවත්ඔවුන් සෞඛ්‍ය ක්ෂේත්රයේ වෙනුවෙන් දායකත්වය දිගටම දක්වන බව ප්‍රාථමික සෞඛ්‍ය සහ කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය. 08 September 2021
සහල් මෝල් වටලන්නැයි ජනපතිගෙන් උපදෙස් රජය විසින් පනවනු ලැබූ පාලන මිලට සහල් අලෙවි නොකරන මහා පරිමාණ වී මෝල් හිමියන්ගේ සහල් ගබඩා හදිසි නීති රෙගුලාසි යටතේ අත්පත් කරගෙන පාලන මිලට වෙළඳපොළට නිකුත් කිරීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට උපදෙස් දී ඇත . 07 September 2021
වෛද්‍ය ආනන්ද විජේවික්‍රම කොවිඩ් සායනික කමිටුවෙන් ඉවත්වේ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා කොවිඩ් රෝග මර්දනය පිළිබඳ සායනික කමිටුවේ සාමාජිකත්වයෙන් ඉවත්වී ඇත. 07 September 2021
අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයීමට අදාළ හදිසි නීති රෙගුලාසි වැඩි ඡන්ද 81කින් සම්මත වෙයි හාල්, පිටි, සීනි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහජන ආරක්ෂක පනත යටතේ නිකුත් කළ හදිසි නීති රෙගුලාසි ඇතුළත් ගැසට් නිවේදනය පිළිබද යෝජනාව වැඩි ඡන්ද 81 කින් පාර්ලිමේන්තුවේදී අද (6) පස්වරුවේ සම්මත විය. 06 September 2021
ජිප්සිස් නායක සුනිල් පෙරේරා මිය යයි මෙරට කණ්ඩායම් සංගීත ක්ෂේත්රයේ ජ්‍යෙෂ්ඨයකු වූ, ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා මහතා අභාවප්‍රාප්ත විය. 06 September 2021
‘ඉදිරියේදී තවත් සැර කොරෝනා එන්න පුළුවන්’ ඉදිරියේදී මෙයට වඩා ප්‍රබල කොරෝනා වයිරස බෝම්බ බිහිවනු ඇතැයි වයිරසවේදය පිළිබඳ ප්‍රකට විද්‍යාඥයකුවන මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසයි. 05 September 2021
කැපිය හැකි වියදම් ගැන වාර්තාවක් ඉල්ලයි එක් එක් අමාත්‍යාංශවල කපා හැරිය හැකි වියදම් සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් මේ සතිය තුළ ලබාදෙන්නැයි මුදල් අමාත්‍යාංශය සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දී ඇත . 04 September 2021
තව සතියක් රට වහයි කොරෝනා පැතිරීම පාලනය කිරීම සඳහා දිවයින පුරා පනවණු ලැබ ඇති නිරෝධායන ඇඳිරි නීතිය තවත් සතියක කාලයකට දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා තීරණය කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය. 03 September 2021
පහන්තුඩාව සිද්ධියේ යුවළ අත්අඩංගුවට බලංගොඩ පහන්තුඩාව ඇල්ලේ ගලක් මතුපිට අඹු සැමියන් ලෙස හැසිරුණු කාන්තාව සහ පිරිමි පුද්ගලයා අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි 02 September 2021
බදියුදීන්ගේ සිරකුටියෙන් නවීන ජංගම දුරකතනයක් කොළඹ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා සන්තකයේ තබාගෙන සිටි නවීන වර්ගයේ ජංගම දුරකථනයක් අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර මූලස්ථානය සඳහන් කරයි. 02 September 2021
හොරෙන් ගබඩා කර තැබූ සීනි තොග රාජයේ බාරයට බස්නාහිර පළාතේ ගබඩා පහක සඟවා තිබී සොයා ගනු ලැබූ සීනි මෙට්‍රික් ටොන් 83,000 ක් පමණ රජයේ බාරයට ගත් බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් එම්.ඩී.එස් .පී නිවුන්හැල්ල මහතා ලංකාදීපයට පැවැසීය. 01 September 2021
ආණ්ඩුවේ යෝජනා ගුරු සංගම් ඉවත දමයි ගුරු - විදුහල්පති වැටුප් විෂමතා ගැටලුව විසඳීම සඳහා අමාත්‍ය මණ්ඩලය ඉදිරිපත් කර ඇති යෝජනාව පිළිගත හැකි විසඳුමක් නොවන බැවින් ඔන්ලයින් ගුරු වර්ජනය ඇතුළු වෘත්තීය ක්‍රියාමාර්ග අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව ගුරු විදුහල්පති ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසයි. 31 August 2021
මූල්‍ය අර්බුදය හමුවේ රජය වියදම් සීමා කරයි රජය මුහුණ දී සිටින බරපතළ මූල්‍ය අර්බුදය හමුවේ රජයේ වියදම් දැඩි ලෙස සීමා කිරීමට තීරණය කර ඇත. 30 August 2021
දිනේෂ් ප්‍රියන්තගෙන් ලෝක වාර්තාවක් ටෝකියෝ නුවරදී මේ දිනවල පැවැත්වෙන පැරලිම්පික් උළෙලේ එෆ් 46 කාණ්ඩයේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේදී නව ලෝක වාර්තාවක් පිහිටුවමින් රන් පදක්කම ශ්‍රී ලංකාවේ දිනේෂ් ප්‍රියන්ත අද (30 වැනිදා) සමත් විය. 30 August 2021
සීනි ටොන් 12000ක් දින 60ක් තිස්සේ වරායේ හිර වෙලා ආනයනය කරන ලද සීනි කන්ටේනර් 600 කට ආසන්න සංඛ්‍යාවක් මාස දෙකක පමණ කාලයක් තිස්සේ කොළඹ වරායේ සිරවී ඇති බව ආනයනකරුවෝ පවසති. 29 August 2021
කොළඹින් සුපිරි ඩෙල්ටාවක් ? අලුත් විකෘතිතා ඇතිවීමත් සමඟම ශ්‍රී ලංකාවේ ’’ සුපිරි ඩෙල්ටා’’ ප්‍රභේදයක් බිහි වන්නේ දැයි සැකයක් මතුවන හෙයින් ඒ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ඇරැඹූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යනාංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා මහතා පවසයි. 29 August 2021
එන්නත් සම්පූර්ණ කළ පසුත් කොරෝනා පැතිර යයි නම් ඊටත් පිළියම් එන්නත ලබාදී අවසන් කිරීමෙන් පසුවත් කොරෝනා පැතිරීම දිගටම සිදු වන්නේ නම් ඊළඟට ගත යුතු සෞඛ්‍යමය ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම සඳහා විශේෂඥ වෛද්‍ය කමිටු පත් කිරීමට සිදුවනු ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට ඊයේ දැනුම් දුන්නේය. 28 August 2021
රට වැසීම දීර්ඝ කළොත් ජීවිත 10,000ක් රැකගත හැකියි ලබන මස 18 වැනිදා දක්වා දැඩි සීමා පැනවීමෙන් 7,500ත් 10,000ත් අතර ජීවිත ප්‍රමාණයක් බේරාගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලයේ මූලිකත්වයෙන් පත් කර තිබෙන ස්වාධීන තාක්ෂණික විශේෂඥ කමිටුව සඳහන් කරයි. 27 August 2021
තව සතියක් රට වහයි කොවිඩ් පැතිරීම පාලනය කිරීම සඳහා රටපුරා පැනවුණු නිරෝධායන ඇඳිරි නීතිය තවත් සතියකින් දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇත. 27 August 2021
12 දැරියට එන්නත් දුන් දොස්තර පියාට සහ සේවිකාවට මාරුවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ කිසිදු අනුමැතියකින් තොරව වයස අවුරුදු දොළහක දැරියකට කොවිඩ් මර්දන එන්නත ලබා දෙන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පුත්තලම හලාවත කොක්කාවිල ප්‍රාථමික විදුහලේ එන්නත් මධ්‍යස්ථානය බාර වෛද්‍යවරයා සහ එහි පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක පුත්තලම මූලික රෝහලේ කොරෝනා ප්‍රතිකාර ඒකකයට වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කර යැවූ බව පුත්තලම ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය දිනූෂා ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය. 26 August 2021
ප්‍රධාන රෝහල් රැසක් කොරෝනා රෝගීන්ගෙන් පිරෙයි කොළඹ ජාතික රෝහල ඇතුළු දිවයිනේ ප්‍රධාන රෝහල් රැසක වාට්ටු, කොරෝනා රෝගීන්ගෙන් පිරී ගොස් ඇතැයි එම රෝහල් ආරංචි මාර්ග පවසයි. 26 August 2021
‘‘ගුරු-විදුහල්පති ගැටළුවට සාධාරණ විසඳුමක් දිය යුතුයි‘‘ ගුරු හා විදුහල්පති වැටුප් විෂමතාව සඳහා සාධාරණ විසදුමක් ලබාදීමට පියවර ගතයුතු යැයි ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ඇමති අනු කමිටුව සිය වාර්තාව මගින් රජයට නිර්දේශ කර ඇත . 25 August 2021
හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා අභාවප්‍රාප්ත වෙයි හිටපු අමාත්‍යවරයකු මෙන්ම ශ්‍රී ලංකා දේශපාලනයේ වඩාත් ආදෝලනාත්මක චරිතයක් වූ මංගල සමරවීර මහතා ‘කොවිඩ්’ ආසාදනය වීමෙන් අද (24) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය. 24 August 2021
රට වහන්නැයි ජනපතිට ලියුම් යැවූ ඇමැතිවරුන් විවේචනයට කොවිඩ් පාලනය කිරීම සඳහා රට වසා දමන්නැයි ඉල්ලා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10 ක නායකයන් ජනාධිපතිවරයාට යැවූ ලිපියට අත්සන් කළ ඇමතිවරුන් තිදෙනාගේ ක්‍රියා ක්‍රියාකලාපය ඊයේ (23) රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේ දී ද දැඩි විවේචනයට ලක්වී ඇත . 24 August 2021
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026