පසුගියදා පැවති Lenovo විදෙස් සහකරුවන්ගේ හමුවේ දී අබාන්ස් විසින් විශිෂ්ඨ සම්මාන දෙකක් හිමිකර ගන්නා ලදී. මෙම විශිෂ්ඨ සම්මාන ද්විත්වය විශිෂ්ඨතම බෙදාහරින්නා - Retail Business සහ විශිෂ්ඨතම බෙදාහරින්නා -Tablets for the Year 2021 යන කාණ්ඩයන් දෙක සඳහා හිමි විය. මෙම උත්සවය 2021 සැප්තැම්බර් 02 වන දින දකුණු ආසියානු කළාපයේ ප‍්‍රමුඛ පෙළේ සහකරුවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුනු අතර එහි ආරාධිත කථිකයෙකු වශයෙන් අබාන්ස් ව්‍යාපාර සමූහයේ කළමණාකාර අධ්‍යක්‍ෂ බේමන් පෙස්ටොන්ජි මහතා සහභාගී විය.
මෙහිදී අදහස් දැක් වූ Lenovo India හි විදෙස් අංශයේ අලෙවි ප‍්‍රධානී නවීන් කෙජ්රිවාල් මහතා පවසා සිටියේ දිනෙන් දින වෙනස් වන ලෝකයේ සියලූ දෙනා වෙත ස්මාට් තාක්‍ෂණය හඳුන්වාදීමට ඔවුන් කටයුතු කරන බවයි. උපාංග සහ යටිතල පහසුකම් ඔස්සේ වැඩි දියුණු කළ නවීන තාක්‍ෂණය හඳුන්වාදෙමින් අවශ්‍ය විසඳුම්, සේවාවන් සහ මෘදුකාංග ඔස්සේ මිලියන ගණනක පාරිභෝගික පිරිසක් සවිබල ගැන්වීමට කටයුතු කරමින් සිටින බව ඔහු විසින් වැඩි දුරටත් පවසා සිටියි. අබාන්ස් සමාගම සමගින් ඇති කර ගෙන සිටින උපායමාර්ගික සහයෝගීතාව සියලූ දෙනා වෙත ස්මාට් තාක්‍ෂණය හඳුන්වාදීමට යන ගමනේ දී ඉතා වැදගත් බව ඔහු පවසා සිටියි. ශී‍්‍ර ලංකාවේ සිටින ප‍්‍රමුඛතම ව්‍යාපාරික සහකරුවා වශයෙන් අබාන්ස් සමාගමට වාණිජ්‍ය වෙළඳපොල තුල දේශීය පාරිභෝගිකයින් අතර Lenovo PC සහ Tablets වඩාත් ස්ථාවරව ලබා දීමට හැකි වී ඇතැයි යන්න ඔහුගේ විශ්වාසයයි.
ලොව පිළිගත් තාක්‍ෂණික සමාගමක් වන Lenovo රටවල් 170 කට අධික සංඛ්‍යාවක් පුරා ව්‍යාප්තව ඇත. ආර්ථික කටයුතු, අධ්‍යාපන කටයුතු මෙන්ම ජන ජීවිතයේ සියලූ කටයුතු වලට දැඩි ලෙස බලපෑම් එල්ල කළ කොඩිඞ්-19 වසංගත තත්වයත් සමග ව්‍යාකූලත්වයට පත් වූ එදිනෙදා ජන ජීවිතය සාමාන්‍ය තත්වයට පත් කර ගැනීම සඳහා උපකාරී වන තාක්‍ෂණික වැඩි දියුණු කිරීම් සිදු කිරීම Lenovo සමාගමේ මූලික අරමුණ බවට පත්ව ඇත. පුද්ගලික වශයෙන් මෙන්ම ආයතනික වශයෙන්ද ඒ සඳහා අවශ්‍ය විසඳුම් ලබා
දීමට ඔවුන් විසින් කටයුතු කර ඇත.
වසර 12 කට අධික කාලයක් ලොව අංක 1 පරිගණක නාමය වශයෙන් කටයුතු කරන Lenovo සමාගම නව්‍යතාවය, අධිෂ්ඨානය සහ දක්‍ෂතාවය අතින් කැපී පෙනෙන කි‍්‍රයාකාරීත්වයක් පෙන්නුම් කිරීමට සමත්ව සිටියි.
ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛතම වෙළඳ ව්‍යාපාරික නාමයක් වන අබාන්ස් සමාගම Lenovo නිෂ්පාදන සඳහා මුල්පෙළේ ආයතනික අලෙවි නියෝජිතයා වශයෙන් කටයුතු කරන අතර Lenovo නිෂ්පාදන සඳහා බලයලත් සේවා මධ්‍යස්ථාන කි‍්‍රයාත්මක කරවමින්ද සිටියි. අබාන්ස් සමාගම විසින් දශකයකට අධික කාලයක් Lenovo පරිගණක සහ උපාංග වල අලෙවිය සහ බෙදාහැරීම සිදු කරනු ලබයි. පරිගණක නිෂ්පාදන ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයින් ලෙස ශී‍්‍ර ලංකාව තුල කටයුතු කරන අබාන්ස් සමාගම අංක 1 ලැප්ටොප් සැපයුම්කරු වශයෙන්ද කටයුතු කරමින් සිටියි.
දිවයින පුරා පිහිටි අබාන්ස් ප‍්‍රදර්ශනාගාර වලින් මෙන්ම ඊමහ්ඉ්බිගජදප වෙබ් අඩවියෙන් Lenovo නිෂ්පාදන පෙළක් කැමති පරිදි තෝරා ගත හැක.
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
LENOVO විදෙස් සහකරුවන්ගේ හමුවේ දී විශිෂ්ඨතම බෙදාහරින්නාට හිමිවන සම්මාන දෙකක් අබාන්ස් විසින් හිමිකර ගනියි