ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි. espoke නිර්මාණ සැලසුම සහ Wi – Fi සම්බන්ධතාවය, Smart Things AI බලශක්ති මාදිලිය, Smart Things හෝම් කෙයාර්, ස්මාර්ට් ෆෝර්වර්ඩ් සමග පරිවර්තනය 5 in 1 Twin cooling Plus Tm ඇක්ටිව් ෆ්‍රෙශ් ෆිල්ටර්+ වැනි උසස් AI විශේෂාංග සමගින් මෙම නව පෙළගැස්ම ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ගේ වර්ධනය වන අවශ්‍යතා සපුරාලීම අරමුණු කරගෙන ඇත.
වානේ නිමාවකින් යුක්ත Samsung Bespoke AI දොර දෙකේ ශීතකරණ Elegant Inox සහ Refined Inox යන වර්ණ දෙකෙන් තෝරා ගත හැකිය.වැඩි ගබඩා ධාරිතාවත් භාවිතයේ පහසුවත් නම්‍යශීලී බවත් ලබාදෙන මෙම ශීතකරණ මාදිලිය ලංකාවේ මුදලින් රුපියල් 304,999ක ආරම්භක මිලකට මිලි ලීටර 396ක ධාරිතාවයකින් ලබා ගත හැකිය.
මේ පිලිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් Samsung ශ්‍රීලංකා හි කළමනාකරණ අධ්‍යක්ෂ SangHwa Song මහතා පවසා සිටියේ ශීතකරණ කාණ්ඩයේ ප්‍රමුඛයා වශයෙන් සිය අවධානය යොමු කර ඇත්තේ සිසිලන ක්‍රියාවලියට එහා ගිය අත්දැකීමක් වෙනුවෙන් බවයි.සිය උපකරණ ලබා ගැනීමේ පහසුකම මෙන්ම ඒවාගේ දර්ශනීය නිමාවත් එදිනෙදා ජීවිතය උසස් මට්ට්මකට ලඟා කරන බව ඔහු පැවසුවේය.තවද එම උපකරණ AI තාක්ෂණයෙන් යුතු බවත් Bespoke හි සැලසුම සහ එහි විශාල ධාරිතාව මගින් එය භාවිතා කරන්නන්ට කාර්යය සාධනයත්, බලක්ශක්ති කාර්‍යක්ෂමතාවත් අත්විඳිය හැකි බව ඔහු විසින් පවසන ලදි.
Smart Things AI බලශක්ති මාදිලිය
AI බලශක්ති මාදිලිය ශීතකරණයේ භවිතා රටාව විශ්ලේෂණය කිරීමෙන් විදුලිය භාවිතය ප්‍රශස්ත කරයි. එහි ප්‍රතිඵලයක් ලෙස විදුලි පරිභෝජනය 10% දක්වා අඩු කරයි.මෙම බුද්ධිමත් අංගය බලශක්ති කාර්‍යක්ෂමතාව වැඩි කරන බැවින් එය පරිසර හිතකාමී පවුල් සඳහා කදිම තේරීමකි.AI බලශක්ති මාදිලිය මගින් ගෘහ උපකරණයන්හි විදුලි පරිභෝජනය කාර්‍යක්ෂමව කළමනාකරණය කිරීමට ඉඩ සලසන බැවින් සැලකිය යුතු පිරිවැයක් ඉතිරි කරයි.මෙම විශේෂාංගය විදුලි භාවිතය අධීක්ෂණය සහ පාලනය කර ශීතකරණය ඇතුලු උපකරණ උපරිම කාර්යක්ෂමතාවයෙන් ක්‍රියාත්මක වන බව සහතික කරයි.
Smart Things Home Care
හෝම් කෙයාර් මගින් නැවත නැවත ඇතිවන ගැටලු හඳුනා ගැනීම සඳහා ශීතකරණයේ අතීත සහ වර්තමාන මෙහෙයුම් සංසන්දනය කරයි. එය ශීතකරණය ප්‍රශස්ත තත්වයෙන් පවත්වාගෙන යාම, උපරිම විදුලි කාර්යක්ෂමතාව සහතික කිරීම සහ උපකරණයේ ආයු කාලය දීර්ඝ කිරීම සඳහා ප්‍රායෝගික උපදෙස් සපයයි.
සුහුරු ආලොකය Smart Lighting මෘදු ආලෝකය Gentle Lighting
මද ආලෝකය ක්‍රමයෙන් ආලෝකය ක්‍රියාත්මක වන අතර මෘදු ආලෝකය Smart Things යෙදවුම හරහා දීප්තිය ගලපා ගනු ලබයි. රාත්‍රී ආලෝක මාදිලිය ස්වයංක්‍රීයව දවසේ කාලය පදනම්ව දීප්තිය සකසා ගනියි. එමගින් භාවිතා කරන්නන්ට පහසුව සලසයි.
Convertible 5 in 1
Convertible 5 in 1 විශේෂාංගය නවීන ශ්‍රී ලාංකික ගෘහයක සියලු ශීතකරණ ගබඩා අවශ්‍යතාවයන්ට සරිලන පරිදි පරිවර්තන ක්‍රම පහක් සමගින් අමතර නම්‍යශීලී බවක් ලබා දෙයි. එය වඩා හොඳ ශීතකරණ භාවිතාවක් සහතික කරමින් සිල්ලර බඩු සහ ඉතිරි ද්‍රව්‍ය සඳහා ප්‍රමාණවත් ඉඩක් ලබා දෙයි.
Twin Cooling PlusTm
මෙම විශේෂාංගය හරහා ඔබට දේශගුණයක නැවුම් බව ලබක් ලැබේ. Bespoke AI දොර දෙකේ ශීතකරණ මාලාව වාශිපීකරණ දෙකක් සහ පංකා භාවිතා කරමින් ශීතකරණය සහ අධිශීතකරණ කොටස් සිසිලනය වෙන් වෙන්ව කළමනාකරණය කරයි. මෙය 70% දක්වා තෙතමනය රඳවා තබා ගැනීම සහතික කරයි. එමෙන්ම සුවඳ මිශ්‍ර වීම වළක්වන අතර, දිගු කාලයක් සඳහා නැවුම් ප්‍රශස්ත බව රඳවා ගනියි.
Active Fresh Filter+ මගින් ශීතකරණය තුළ වාතය පිරිසිදුව සෞඛ්‍ය සම්පන්නව තබා ගන්නා අතර 99.99%ක් බැක්ටීරියා ඉවත් කිරීම මගින් ආහාර දූෂිත වීමේ අවදානම අඩු කරයි. එය ගන්ධයන් උදාසීන කරන අතර, සක්‍රීය කාබන් ෆිල්ටරය හරහා වාතය නිරන්තරයෙන් විෂබීජ හරණය කර දුර්ගන්ධය ඉවත් කරයි.
Power Cool සහ Power Freeze ක්‍රියාකාරකම් මගින් වේගවත් සිසිලනය සහ හිමායනය (Freezing) සිදු කරයි. ඉක්මණින් බීම වර්ග ශීත කිරීම හෝ කෙටි කාලයක් තුළ ආහාර ශීත කිරීම සක්‍රිය කරයි. ඉක්මණින් ශීත කිරීම හෝ අයිස් සෑදීම අවශ්‍ය වන අවස්ථා සඳහා මෙම අංගය ඉතා යෝග්‍ය වේ.
Digital Inverter compressor
ඩිජිටල් ඉන්වර්ටර් සම්පීඩකය මගින් ස්ථාවර සිසිලනය, විදුලි නාස්තිය අඩු කිරීම සහ බිඳවැටීම් සහ ගෙවීයාම අවම කරයි. වසර 20ක වගකීමක් සහිතව විශ්වාසනීය දිගු කාලීන භාවිතය සහතික කරයි.
නව Bespoke AI දොර දෙකේ ශීතකරණ මාලාව රු. 304,999ක ආරම්භක මිලක සිට සිංහගිරි, සිංගර් සහ දම්රෝ වෙතින් මිලදී ගත හැක.
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්
Sue Thursday, 13 February 2025 08:59 PM
අළුත් Singer පරිපාලනය ගැන නම් මගේ එතරම් පැහැදීමක් නැහැ.