IMG-LOGO

2025 අප්‍රේල් මස 11 වන සිකුරාදා


ආබාධිත පුද්ගලයින් සමාජගත කිරීම සඳහා අපි වඩාත් ක්‍රියාකාරී විය යුතුයි

ආබාධිත තත්ත්වයන් හේතුවෙන් වෙනස්ව සැළකීම හා සබැඳි කථිකාවන් වෙනස් කිරීම තුළින් ඒ පිළිබඳව ඇති අපකීර්තිය වෙනස් කිරීම පිණිස Linea Aqua සමාගම හා එක්ව, ආබාධිත පුද්ගලයින්ට ඇති බාධා බිඳ දමා ඔවුන් වඩා හොඳින් සමාජගත කිරීමට, නිර්මාණාත්මක ඇඟලුම් සඳහා ලොව දැවැන්ත වෙනසක් ඇති කළ Twinery – Innovations by MAS සමාගම සුදානම් වෙයි.

"ආබාධිත පුද්ගලයින් සඳහා සාධාරණ නියෝජනයක් ඇති කිරීම පිණිස ඔවුන් සමාජගත කිරීම සඳහා අපි වඩාත් ක්‍රියාකාරී විය යුතුයි," යනුවෙන් Twinery – Innovations by MAS සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රනිල් විතාරණ මහතා ප්‍රකාශ කළේය. “වෙනස්කම් හුවා දක්වන පරිභාෂික වචන යෙදීම හේතුවෙන් ආබාධිත පුද්ගලයින් වඩා හොඳින් සමාජගත කරවීම දුෂ්කර කාර්‍යයක් වී තිබෙනවා. නිතර භාවිතා වන, දුබල, කොර, විශේෂිත, අංග විකල සහ වෙනත් එවන් පරිභාෂික වචන රාශියක් නුසුදුසු හා සීමාකාරී ‌වෙනවා. මෙම වැදගත් වෙනස්කම සඳහා ශ්‍රී ලංකාව නායකත්වය දිය යුතුයි. එය අපට කළ හැකියි."

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 9%කට ආසන්න ප්‍රමාණයක් කිසිදු හෝ ආබාධිත තත්ත්වයකට ලක්ව සිටී. ලොව පුරා තත්ත්වය ඊටත් වඩා වැඩි වේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) සංඛ්‍යාලේඛනවලට අනුව, ලෝක ජනගහනයෙන් 16%ක පමණ ප්‍රමාණයක්, නැතහොත් පුද්ගලයින් බිලියන 1.3ක ප්‍රමාණයක් අද සැලකිය යුතු ආබාධිත තත්ත්වයකට මුහුණදී සිටියි. ඉන් ශ්‍රම බලකායට එක්ව සිටින්නේ 29%ක් පමණි. කෙසේ වෙතත්, ස්විට්සර්ලන්තයේ ආබාධිත පුද්ගලයින් මිලියන 1.8ක් සිටින අතර, ඉන් 72%ක් ශ්‍රම බලකායට එක්ව සිටින බව Linea Aqua සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මුදිත ෆර්ඩිනන්ඩු මහතා කියා සිටියේය.

බෝ නොවන රෝගවල වර්ධනයක් හා මිනිසුන් වැඩි කලක් ජීවත්වීම ද හේතුවෙන් මෙම සංඛ්‍යාව ඉහළ යමින් තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ආබාධිත පුද්ගලයින් යනු විවිධාකාර කණ්ඩායමක් වන අතර, ස්ත්‍රී-පුරුෂ භාවය, ලිංගික අනන්‍යතාවය, ලිංගික ප්‍රවණතා, වයස, ආගම, ජාතිය, ජනවර්ගය හා ආර්ථික තත්ත්වය ඔවුන්ගේ ජීවිත අත්දැකීම් හා සෞඛ්‍යය අවශ්‍යතා වෙත බලපායි. ශරීරයේ අංගයක දුබලතාවයක් හෝ සම්පුර්ණ ක්‍රියා විරහිත වීමක් වැනි දෘශ්‍යමාන ආබාධයන්හි සිට, පුද්ගලයෙකුගේ ඥානනයට හෝ චිත්තවේගී තත්ත්වයට බලපාන අදෘශ්‍යමාන දුබලතාවයන් දක්වා විවිධාකාර ආබාධිත තත්ත්වයන් පවතී.

"ආබාධිත තත්ත්වයන් ඇති පුද්ගලයින්ට අද දෛනිකව ඇඳුම් ඇඳීම පවා ප්‍රශ්නයක් වී තිබෙනවා," යනුවෙන් විතාරණ මහතා වැඩිදුරටත් පැවසුවේය. "තමන්ව සීමා කරන, යටපත් කරන හා නින්දාවට පත් කරන හා, එක මාදිලියක් සැමට සරිලන බව තවමත් විශ්වාස කරන ඇඟලුම් ලේබල සහිතව ඔවුන් මෙතෙක් දිවි ගෙවා ඇත. අපි ඉන් ඔබ්බට ගොස් වඩා හොඳින් කළ යුතු වන්නේ, අපව අර්ථ දැක්වෙන්නේ අපගේ වචනවලින් නොව අපගේ ක්‍රියාවන්ගෙන් බව අප විශ්වාස කරන නිසායි. ‘Lable>’ සන්නාමය බිහිවුනේ මෙලෙසයි. මෙම ඇඟලුම් නිර්මාණය කොට තිබෙන්නේ පුද්ගලයින් සවිබලගැන්වීමටයි. යැපෙන්නන් ලෙස මෙතෙක් ජීවත් වූ ආබාධිත පුද්ගලයින්ට පහසුවෙන් ඇඳ ගෙන, නැවුම් අවස්ථා වෙත නිදහසේ පිවිසීමට හැකි වන ලෙසයි. සැමට හුරු පුරුදු විශ්වීය මෝස්තර වූවත්, ඒවාට අනුවර්තක හැකියාවන් යොදා, දෛනිකව අඳින ඇඳුම්වලට වැඩි පහසුවක් ලබා දී තිබේ.”

‘Lable>’ සන්නාමය එළිදැක්වීම පිණිස මෑතකදී පැවැත්වුණු උත්සවය ද, වෙනසක් විය. එහිදී, ආබාධිත පුද්ගලයින් විසින් කවි පන්ති ඉදිරිපත් කොට විද්වත් මණ්ඩලයක් විසින් වැදගත් කරුණු රාශියක් සාකච්ඡාවට ලක් කරන ලදී. ඒ අතර, අනුකම්පාව හා සහකම්පනය අතර වෙනස, ආබාධිත තත්ත්වයන් හමුවේ පවතින නින්දාව හා අපකීර්තිය, ආබාධිත තත්ත්වයක් සහිතව රැකියාවක නියැලීම, ආබාධිත තත්ත්වයන් හමුවේ ඇඟලුම් පිළිබඳ හැඟීම්, ආබාධිත තත්ත්වයන් පදනම් කොට ගත් උපකල්පන වෙනස් කොට සැලකීමට හේතු වන ආකාරය හා, ආබාධිත තත්ත්වයන් හමුවේ සන්නිවේදනය වැදගත් වීම ද විය. "අපේ අදහස වන්නේ ආබාධිත තත්ත්වයන් පිළිබඳ කථිකාවන් වෙනස් කොට, ආබාධිත තත්ත්වය හා විවිධත්වය බලගැන්වීම හරහා ඔවුන් වෙනුවෙන් සමානාත්මතාවය සහතික කිරීමයි," යනුවෙන් විතාරණ මහතා තව දුරටත් පැවසුවේය.

නිර්මාණය, මෝස්‌තර සැකසීම, මුලාශ්‍ර හඳුනා ගැනීම, භාණ්ඩ නිපදවීම, අලෙවිය, පාරිභෝගිකයින් පිළිබඳ පර්යේෂණ උපදේශකවරුන් හා වෛද්‍ය විශේෂඥවරුන්ගෙන් සමන්විත චින්තන නායකත්වය දරන විශේෂඥ කණ්ඩායමක් ‘Lable>’ සන්නාමය මෙහෙයවයි. භාණ්ඩවල සම නිර්මාණකත්වය හා පර්යේෂණ සඳහා MAS ආයතනයේ සේවයේ නියුතු ආබාධිත පුද්ගලයින් 450ක් සමග, ශ්‍රී ලංකා පැරාලිම්පික් ක්‍රීඩා කණ්ඩායම හා එක්සත් ජනපදයේ ආබාධිතයින්ගෙන් සමන්විත පාරිභෝගික කණ්ඩායමක් ද වේ.

MAS Holdings - එනම්, Twinery – Innovations by MAS සමාගමේ මව් සමාගම - දකුණු ආසියාවේ විශාලතම තාක්ෂණික ඇඟලුම් සමාගම වන අතර, ලොව පුරා ප්‍රධානතම සන්නාම ගණනාවකට ඇඟලුම් හා රෙදිපිළි කර්මාන්තය පිළිබඳව, සංකල්පයේ සිට විසඳුම් බෙදා හැරීම දක්වා නායකත්වය දරන සමාගමක් වේ. අවශ්‍ය අමු ද්‍රව්‍ය නිපදවීම සඳහා නිර්මාණාත්මක හා, සුළු හා මාධ්‍ය පරිමාණයේ සිට විශාල කම්හල් දක්වා සැපයුම් දාමයක් ඇති කිරීමට සමාගම විසින් දශක තුනක් මුළුල්ලේ තම හැකියාවන් වැඩි දියුණු කොට ඇත. එය එසේ කරන ලද්දේ, අවශ්‍ය දැනුම හා හැකියාවන් ලබා ගැනීම පිණිස එක් එක් අංගයන් සඳහා කර්මාන්තයේ ප්‍රමුඛයින් සමග හවුල්කාරිත්වයන් ඇති කර ගනිමිනි. 2022 දී, ලොව නිර්මාණකරුවන් සඳහා වඩාත්ම සුදුසු රැකියා ස්ථාන අතරින් 18 වන ස්ථානයට Twinery – Innovations by MAS සමාගම, Fast Company ආයතනය විසින් තෝරාගනු ලැබීය.

"අපගේ MAS සමාගම් පද්ධතිය හේතුවෙන් සියල්ල අන්තර්ගතවූත්, පහසුවෙන් ලබාගත හැකිවූත් අනුවර්තක ඇඟලුම් නිර්මාණය කිරීමට හැකි ‌වනවා. අපගේ මෙම සංකල්පයේ සිට වෙළඳපොළ දක්වා, අපගේ නිර්මාණය, බුද්ධිමය දේපල, පාරිභෝගික පරීක්ෂණය සහ අනුමත කිරීම, නිෂ්පාදන සේවා ඇතුළු තවත් දෑ හරහා ස්ථිර ආබාධයක් හෝ තාවකාලික දුබලතාවයක් සහිත සෑම කෙනෙකුගේම අවශ්‍යතා සපුරාලීමට ලොව පුරා ඇඟළුම් සන්නාමවලට හැකි වී තිබෙනවා. එතුළින්,ආබාධිත පුද්ගලයින්ට, පහසුවෙන් ඇඳ පැළඳගෙන හැකියාවන් රාශියක් කරා ගමන් කළ හැකියි," යනුවෙන් ෆර්ඩිනන්ඩු මහතා තව දුරටත් කියා සිටියේය.

 

Website - http://lablebymas.com/

Instagram Handle - lable.byMAS



අදහස් (3)

ආබාධිත පුද්ගලයින් සමාජගත කිරීම සඳහා අපි වඩාත් ක්‍රියාකාරී විය යුතුයි

N k ekanayake Wednesday, 31 May 2023 09:08 AM

ඔබලා කරන මේ කාර්යය පිළිබඳ ගොඩාක් සතුටු වෙනවා සමාජයේ කොන් වෙලා සිටින ආබාධිත පුද්ගලයින් විශාල පිරිසක් ඉන්නවා. ඒ අයට අත දෙනවා කියලා කියන්නේ ඔයාලට ආත්ම ගානක් පින් ලැබෙන උතුම් කාරියක් .මටත් ආබාධිත පුතෙක් සිටින නිසා මවක් විදියට ගොඩක් දැනෙනවා .මේ කාර්යය මගේ පුතාට අවුරුදු 19යි .පුලුවන්නම් ඔබලා ඔය කරන දේකට මගේ පුතත් සම්බන්ධ කරගන්නව නම් ලොකු පිනක් .දෙවිපිහිටයි හැමෝටම

:       0       12

D.M. Shantha Monday, 05 June 2023 02:13 PM

මට ගොඩක් සතුටුයි, මම ආබාධිත පුද්ගලයෙක්

:       0       3

G.waruni Sandeepani Perera Friday, 16 June 2023 09:44 AM

මගේ සහෝදරිය ඩවුන්සිද්‍රම් . මම ඇය සඳහා ආරක්ෂිත සම්පූර්ණ නිවසක් සොයමි. මම ඇයට ආදරෙයි. නමුත් මගේ ජීවිතය නිසා මට මෙතන බලාගන්න බැරි වුණා. කරුණාකර මට උදව් කරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

You may also like

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.
2025 අප්‍රේල් මස 10 83 0

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.


NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි
2025 අප්‍රේල් මස 09 433 0

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා


ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්
2025 අප්‍රේල් මස 04 923 0

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා


Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.
2025 මාර්තු මස 31 642 1

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය


ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්
2025 මාර්තු මස 21 1070 0

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.


ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි
2025 මාර්තු මස 07 823 2

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 83 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 433 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 923 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site