ගෙදර දොර හෝ කාර්යාලයේ බිම පිරිසිදු කිරීම මතක් කළ සැණින් කෙනෙක්ගේ මතකයට එන පළමු නාමය වන්නේ ලයිසෝල් (Lysol) පිරිසිදුකාරකයයි. පිරිසිදු කිරීමට සහ විෂබීජ නැසීම සම්බන්ධයෙන් ලයිසෝල් විශිෂ්ටත්වය ගැන කිසිම විවාදයක් නැහැ.
ඒත් ලයිසෝල්වල විශේෂත්වය එච්චරමද ?
පසුගියදා පැවත්වුණු 2023 SLIM Effie සම්මාන උළෙලේදී රන් සම්මානයක් දිනාගත්ත ලයිසෝල් සන්නාමයක් විදියට තමන්ට කොයි තරම් හොඳින් පාරිභෝගිකයින් හඳුනාගෙන ඔවුන්ගේ හදවත්වලට කොයිතරම් සමීප වෙන්න පුඵවන්ද කියලා ඔප්පු කළා.
ගෙදර බිම කියන්නේ නිකන්ම බිමක් නොවෙයි කියලා පෙන්නපු ලයිසෝල් වල සාර්ථක ගමන ගැන මෙතනින් කියවන්න.
කීර්තිමත් රෙකිට් බෙන්කිසර් (Reckitt Benckiser) සමාගමේ නිෂ්පාදනයක් සහ පිරිසිදුකාරකයක් වශයෙන් ශ්‍රී ලාංකිකයින් අතර ජනප්‍රියතම සන්නායමක් වන ලයිසෝල් (Lysol) පසුගියදා පැවත්වුණු SLIM Effie Awards 2023 සම්මාන උළෙලේදී රන් සම්මානයකින් පිදුම් ලැබීය. ප්‍රචාරණ සන්නිවේදනයේ දක්වා ඇති විශිෂ්ටත්වය වෙනුවෙන් ලයිසෝල් වෙත මෙම සම්මානය පිරිනමනු ලැබුණු අතර එම සම්මාන උළෙලේදී ප්‍රදානය කෙරුණු රන් සම්මාන පහෙන් එක් රන් සම්මානයක් ලයිසෝල් වෙත හිමි වීම සන්නාමයක් වශයෙන් ලයිසෝල් අත්පත් කරගෙන ඇති විශිෂ්ටත්වය තවදුරටත් සනාථ කරන්නකි. ‘ගෙබිම බිමක් පමණක් නොවන හින්දයි’ යන තේමාව යටතේ ලයිසෝල් විසින් 2023 වසරේදී දියත් කළ ප්‍රචාරණ ව්‍යාපෘතිය මෙලෙස SLIM Effie Awards සම්මාන උළෙලේදී ඇගයුමට පාත්‍ර වූ අතර එය හුදෙක්ම නිෂ්පාදනයක් ප්‍රවර්ධනය කිරීමෙන් ඔබ්බට ගොස් ප්‍රේක්ෂකයින් සමඟ ආත්මීය තලයක බැඳීමක් ගොඩ නඟාගත් ප්‍රචාරණ වෑයමක් වීම එම ඇගයීමට මූලික වශයෙන් හේතු විය.ගෙබිම බිමක් පමණක් නොවන හින්දයි’ ප්‍රචාරණ ව්‍යාපෘතිය ශ්‍රී ලාංකිකයින් ආර්ථිකමය වශයෙන් දුෂ්කර කාලසීමාවක් පසු කරමින් සිටි සමයක දියත් වුවද ඉතා සාර්ථක ප්‍රථිඵල ලබාදුන් ව්‍යාපෘතියක් විය.
වෙළඳපොළ තුළ ලයිසෝල් ලබා ඇති සාර්ථකත්වයට එකම හේතුව ලයිසෝල් නිෂ්පාදන වල ගුණාත්මක බව පමණක්ම නොවේ. සන්නාමයක් වශයෙන් පාරිභෝගිකයින්ව ඉතා හොඳින් අවබෝධ කරගෙන ඔවුන්ගේ හදවත්වලට දැනෙන ආකාරයට කථා කිරීමට හැකි වීම ලයිසෝල් සතු විශේෂ හැකියාවක්. මේ සම්මානය හරහා විශේෂයෙන්ම ඇගයීමට පාත්‍ර වන්නේ ලයිසෝල් සතු ඒ සුවිශේෂී හැකියාවයි”, යැයි මේ පිළිබඳව අදහස් දක්වමින් රෙකිට් බෙන්කිසර් සමාගමේ අලෙවි ප්‍රධානී ෂමින්ද පෙරේරා මහතා පැවසීය.
(Reckitt Benckiser) අලවි සහ සන්නාම කළමනාකරණ කණ්ඩායම
Effie සම්මාන යනු ජාත්‍යන්තර වශයෙන් අලෙවිකරණ ක්ෂේත්‍රය තුළ ඉතා ජනප්‍රිය සහ වැදගත්ම සම්මාන ප්‍රදානයක් ලෙසින් සැළකෙන්නකි. ඊට ප්‍රධාන වශයෙන් හේතු වන්නේ වෙළඳ ප්‍රචාරණ ව්‍යාපෘතිවල නිර්මාණශීලීත්වය මෙන්ම එම ව්‍යාපෘති අත්පත් කරගෙන ඇති ප්‍රථිඵල මත පදනම්ව Effie සම්මාන සඳහා ව්‍යාපෘති තෝරා ගැනීමයිග ලෝකය පුරා වෙළඳපොළ 125 කට වැඩි ප්‍රමාණයක් ආවරණය කරමින් Effie සම්මාන උළෙලවල් 55 කට අධික ප්‍රමාණයක් පැවෙත්වෙන අතර එම සියලුම සම්මාන උළෙලවලදී යොදා ගැනෙන සම්මාන සඳහා තෝරා ගැනීමේ ක්‍රමවේදය එකම දැඩි ක්‍රමවේදයක් වන නිසා ඕනෑම සම්මාන උළෙලකදී ලබන Effie සම්මානයක් සැබැවින්ම ජාත්‍යන්තර ජයග්‍රහණයකි. රෙකිට් බෙන්කිසර් සමාගමේ සනීපාරක්ෂක නිෂ්පාදන සඳහා සන්නාම කළමනාකාරිණිය වන තුෂිණි රණසිංහ මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවසුවේ මෙම විශේෂ ජයග්‍රහණය සමරන අතරම ඊට දායකත්වය ලබාදුන් අපේ සන්නිවේදන සහකරුවන් විශේෂයෙන්ම මතක් කළ යුතුයි, ඒ වගේම ඉතා දුෂ්කර ආර්ථික තත්ත්වයන් යටතේ පවා ලයිසෝල් සමඟ රැඳී සිටි හිතවත් පාරිභෝගිකයින්ටත් අපේ කෘතවේදීත්වය පළ කර සිටිනවා”.
‘ගෙබිම බිමක් පමණක් නොවන හින්දයි’ ප්‍රචාරණ Phoenix Ogilvy (Pvt) Ltd, Geometry Global (Pvt) Ltd සහ Dentsu Grant Group යන ප්‍රචාරණ ආයතනවල දායකත්වයෙන් දියත් වුණු ප්‍රචාරණ ව්‍යාපෘතියකි.
ලයිසෝල් ගැන කීර්තිමත් රෙකිට් බෙන්කිසර් (Reckitt Benckiser) සමාගමේ නිෂ්පාදනයක් වන ලයිසෝල්ල සියවසකට වැඩි කාලයක් තිස්සේ මිලියන ගණනක් පවුල් රෝග ඇති කරන විෂබීජ වලින් ආරක්ෂා කිරීමේ ගෝලීය ප්‍රමුඛයා වී ඇතග ලයිසෝල් ශ්‍රී ලංකාවේ වෙළඳපොළ තුළ අවිවාදිත ප්‍රමුඛස්ථානය උසුලයි. කීර්තිමත් රෙකිට් බෙන්කිසර් (Reckitt Benckiser) සමාගම යනු ශ්‍රී ලංකාව තුළ මෙන්ම ලෝකය පුරා අතිශය Air Wick, Dettol, Durex, Harpic, Mortein, Strepsils, Veet වැනි විශ්වාසදායක පාරිභෝගික සන්නාම ගණනාවක් නිෂ්පාදකයා වේ.
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
ගෙදර බිම බිමක් පමණක් නොවන බව පෙන්වා දුන් ලයිසෝල් වෙත Effie රන් සම්මානයක්