දේශයේ රක්ෂකයා වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් :ීඛෂක්* මෙරට විශාලතම රාජ්‍ය හිමිකාරිත්වය සතු රක්ෂණ ආයතනය වන අතරල හැකියාවෙන් පිරිපුන් දක්ෂ කාර්යමණ්ඩලය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි ප‍්‍රධානතම සහ වටිනාතම සම්පත වන අතර ඔවුන් ආයතනයේ අභිමානයද වේ.
2600 ක් පමණ වූ අභ්‍යන්තර කාර්ය මණඩලයකින් සහ 8000 ට වැඩි අලෙවි බලකායකින් සමන්විත ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස්, පොදු ආයතනික ආචාරධර්ම පද්ධතියක් මත ගොඩනැගුනු ආයතනික සංස්කෘතියක් තුල ක‍්‍රියාත්මක වේග අන්‍යෝන්‍ය විශ්වාසය සහ ගරුත්වය, එකමුතු බව, වෘත්තීමය කැපවීම, නිවැරදි ආචාරධර්ම සහ අවංක බව සහ නොනවතින විශිෂ්ටත්වය ීඛෂක් හි මුලික ආචාරධර්ම පද්ධතිය වේ. මෙම ආචාරධර්ම ආයතනයේ ඉහලම කළමණාකාරිත්වයෙන් ආරම්භ වී සෑම සේවක ස්ථරයක් කරා දිවෙන අතර එකී ආචාරධර්ම කාර්යමණ්ඩලයේ සෑම සියලු දෙනාම තම එදිනෙදා කටයුතු වලදී නිරතුරුව අනුගමනය කරයි. විශේෂයෙන්ම මේ සඳහා ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමණාකාරිත්වය විසින් නිරන්තරයෙන් ආදර්ශමත්ව කටයුතු කරමින්් ආයතනයේ සෙසු සේවකයින් ද ඒ සඳහා දායක කරගනු ලබයි.
මෙම ආචාරධර්ම ආයතනයේ යහ පැවැත්මට පාදක වන අතර මානව සම්පත් කළමනාකරණයේදී මූලිකව පදනම් කර ගනු ලබයිග මේ තුලින් ධනාත්මක සහ අනාගත දැක්මක් සහිත සංස්කෘතියක් ඇති සේවා ස්ථානයක් බිහිවන අතරම එහි ප‍්‍රතිඵලයක් ලෙස කාර්යමණ්ඩලය දිගුකාලීන සේවක තෘප්තියක් සහිත වැඩ පරිසරයක් නිර්මාණය වීමට ඉවහල් වේ. ආයතනය තුල විවිධත්වය, විශ්වාසය සහ සමානාත්මතාවය පවත්වා ගැනීම තුලින් සෑම සේවකයෙකුටම සමානව සැලකීමටත් සෑම ව්‍යාපාර කටයුතු වලදී ඔවුන්ගේ පූර්ණ දායකත්වය ලබා ගැනීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි මානව සම්පත් ප‍්‍රතිපත්ති රාමුව කටයුතු කරයි. විවෘත සංවාදයන් තුලින් යහපත් සේව්‍ය හා සේවක සම්බන්ධතාවයන් ඇතිකරගැනීම මෙන්ම විනිවිදභාවය වර්ධනය වන අතර ආයතනයේ මූලික තීරණ බොහොමයක් සේව්‍ය-සේවක එකගත්වයෙන් ගනු ලබයි.
ආයතනයක ප‍්‍රධානියෙකු තම කාර්යමණ්ඩලයේ අවශ්‍යතාවයන් කෙරෙහි සංවේදීවීම ඉතාමත් වැදගත් ගුණාංගයකි. මේ නිසා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි කළමණාකාරිත්වය සැම විටම තම කාර්යමණ්ඩලය ද්වී- පාර්ශ්වික සන්නිවේදනයක් කෙරෙහි දිරිගන්වයි. එම සාකච්ඡුා වලින් මතුවන ගැටලු වලට විසඳුම් ලබාදීමට ආයතනය නිරතුරුවම ඇප කැප වී සිටි. ඣඪෂෘ -19 වසංගත කාලය තුලදී නිවසේ සිට රාජකාරී කිරීමටද, දුරස්ථව රාජකාරී කිරීම සඳහා ද අවස්ථාව ලබා දුන් අතර එම පහසුකම් අදටත් අවශ්‍යතාවයන් අනුව අදාල කළමණාකාරිත්වයේ එකගතාවය මත ලබාදීමට ආයතනය කටයුතු කරයි. එලෙසම ආයතනය ව්‍යාපාර ඉලක්ක කරා රැුගෙන යාමට ආයතනයේ සේවක මඩුල්ලට නව අදහස්/යෝජනා ඉදිරිපත් කිරීමටද කළමනාකරණ අවස්ථා උදා කරදී තිබේ.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කාර්යමණ්ඩලයේ සියලූම දෙනා සේවා ස්ථානයෙහිිහිංසනයන් පිටුදැකීමේ‘ ප‍්‍රතිපත්තියක් අනුගමනය කරයි. සේවක තරාතිරම් නොබලා ක‍්‍රියාත්මක වන මෙම ප‍්‍රතිපත්ති අවශ්‍ය ඕනෑම අවස්ථාවක වරදකරුවන් වෙනුවෙන් උපරිම විනයාණුකූල පියවර ගැනීමට කටයුතු කරයි.
රාජ්‍ය ආයතනයක් වශයෙන් ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මානව සම්පත් කළමනාකරණයේ යහපත් ක‍්‍රියාවන්ට අමතරව තම සේවක මණ්ඩලයට ප‍්‍රතිලාභ මාලාවක් ලබාදීමට කටයුතු කර ඇත. රක්ෂණ ක්ෂේත‍්‍රයේ පිළිගත් ප‍්‍රමිතීන්ට සමගාමිව ඉහල වැටුප් සහ වේතන ලබාදීමටද, ඉහල සෞඛ්‍ය ප‍්‍රතිලාභ ලබාදීමටද එනම් අසාධ්‍ය රෝගාබාධ සඳහා වන්දි ගෙවීම පමණක් නොව, ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් තම කාර්යමණ්ඩලයේ ජයග‍්‍රහණ ඇගයීමට ලක් කිරීමටද නිරතුරුව සිදුකරයි
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි ප‍්‍රධාන විධායක නිලධාරි චන්දන එල්. අලූත්ගම මහතා තම අදහස් දක්වමින් පැවසුවේ සේවා ස්ථානයක ධනාත්මක ආකල්ප තිබීම ආයතනයක කාර්යක්ෂමතාවය සහ අනාගත දැක්මක් සහිත සංස්කෘතියකට හේතු වන බවයි. ඒ තුලින් ආයතනයට සම්බන්ධ සියලූම පාර්ශවකරුවන් අතර ආයතනයේ සන්නාමය හා අනන්‍යතාවය පිළිබඳව ස්ථිර විශ්වාසයක් ඇතිවේ. එබැවින් ආයතනයක් ලෙස විශේෂ අවධානයක් යොමුකරමින් ආයතනයේ යහපත් සේවා සංස්කෘතියක් බිහිකිරීමට ආයතනයේ ආචාරධර්ම සියලූම සේවක ප‍්‍රජාව අතර පිලිපැදීමට අවශ්‍ය පියවරයන් ක‍්‍රියාත්මක කර ඇති අතර සේව්‍ය සහ සේවකයන් අතර නිරතුරුවම විවෘත සංවාදය තිබීම, විවිධත්වය, අන්තර්ග‍්‍රහණය සහ සමානාත්මතාවය තුලින් සේවක මණ්ඩලයට එක හා සමානව සැලකීම නියත වශයෙන් සිදුවිය යුතු බවට අප විශ්වාස කරන අතර ඒ සඳහා වගවීමට බැඳි සිටිමු. එසේම ආයතනයේ පරිවර්තනීය සංස්කෘතියක් ගොඩනැගීම සඳහා ද අපි නිරතුරුවම අපගේ සේවක මණ්ඩලය දිරිගැන්වීමට කටයුතු කරන්නෙමු‘.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි නියෝජ්‍ය ප‍්‍රධාන අධිකාරී - මානව සම්පත් සහ සේවක සබඳතා රෝහිත අමරපාල මහතා පැවසුවේ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දශක 6 කට වැඩි පරිණත සේවා ස්ථානයකි. එවැනි ආයතනයක් නව්‍යකරණය තුලින් ඉදිරියට ගෙන යාම අභියෝගයකිි. එනමුත් ආයතනයේ කළමනාකාරීත්වයේ දැක්ම තුලින් සහ ඔවුන්ගේ ආදර්ශයන්් තුලින් මෙම නව්‍යකරණය ආයතනය තුලට ගෙන ඒමට හැකි වීම අප ලද ජයග‍්‍රහණයකි. එසේම ආයතනයක ආචාරධර්ම පොදුවේ සියලූම සේවක මණ්ඩලය පිළිපැදීම තුලින් සේවකයින් අතර එකමුතුභාවයත් සහසම්බන්ධතාවයත් වැඩිදියුණු වීමට රුකුලක් වේ’.
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් - ආයතනික වටිනාකම් කේන්ද්‍ර කරගත් අනාගතයට පිය නගන සේවා ස්ථානයක්.