ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍රික්කවල විපතට පත් පවුල් 1100කට වියළි සලාක මල්ලක් බෙදා දීමට කටයුතු කරන ලදී. 2024 ජූලි 9 සහ 10 යන දිනවල සිදු කරන ලද මෙම වැඩසටහන ,මෙරට ජනතාව සමග සිටිමින් ව්‍යවසනයන්හී දී ප‍්‍රජාවන්ට සහය වීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි නොසැලෙන කැපවීම අවධාරනය කරයි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල, ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ආගමික ආයතන වල සහභාගීත්වයෙන් අවශ්‍යම පුද්ගලයන් වෙත මෙම වියලි සලාක ඇසුරුම් බෙදාදීමට කටයුතු කෙරුණි. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෙරට ප‍්‍රජාවගේ අභිවෘද්ධිය ඉලක්ක කරගත් ව්‍යාපෘතිවල නිරතුරුවම නිරත වන අතර, මෙම ප‍්‍රජා සත්කාරය ඔවුන්ගේ සමාජ වගකීම් සඳහා වූ කැපවීම විදහා දක්වයි.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමූහ ප‍්‍රධාන විධායක නිලධාරී චන්දන එල් අලූත්ගම මහතා පවසා සිටියේ, ”අපගේ ආයතනික සමාජ වගකීම් (CSR) මෙහෙවර ප‍්‍රධාන කරුණු තුනක් මත පදනම් වේ, එනම්; දරුවන්, සංස්කෘතිය සහ ප‍්‍රජාවයි. ප‍්‍රජාව යන කරුණ මත පදනම් කරගෙන මෙහෙයවන ලද මෙම ව්‍යාපෘතිය මගින් ඉස්මතු කරන්නේ, සමාජයේ වඩාත්ම අවදානමට ලක්විය හැකි කොටස් නඟා සිටුවීමට සහ සහාය දැක්වීමට අපගේ ඇති කැපවීමයි. ජාතියේ රක්‍ෂකයා ලෙස හා විශ්වාසනීය සහකරුවෙකු ලෙස අපගේ කාර්යභාරය යලි තහවුරු කරමින්, අපගේ ප‍්‍රජාවන්ට අවශ්‍ය වේලාවේදී අපි ඔවුන් වෙනුවෙන් පෙනී සිටිමු.”
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් අපගේ ප‍්‍රජාවන් ආරක්ෂා කිරීමට සහ සවිබල ගැන්වීමට වූ පොරොන්දුව ශක්තිමත් කරමින් ඒ සඳහා කාලෝචිත සහ ඵලදායී සහය සැපයීමේ මෙහෙවරෙහි නොසැලී සිටියි.
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි