IMG-LOGO

2025 අප්‍රේල් මස 11 වන සිකුරාදා


ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව ලෙස රුපියල් බිලියන 10.4 ක් ප්රකාශයට පත් කරයි!

ඉතිහාසයේ ප්රථම වතාවට රක්ෂණ ක්ෂේත්රයේ බෝනස් දීමනාවක් රු. බිලියන 10ක්  ඉක්මවා යයි. 
2006 වසරේ සිට මේ දක්වා ජීවිත රක්ෂණ ඔප්පු හිමියන් වෙත රු. බිලියන 92.8 ක බෝනස් දීමනාවක් ප්රකාශයට පත් කර තිබේ. 
 
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රු බිලියන 10.4ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2022 වසර සඳහා  සිය ජීවිත රක්ෂණ ඔප්පු හිමියන් වෙනුවෙන් ප්රකාශ කර ඇති අතර  2006 වසරේ  සිට මෙි දක්වා රුපියල් බිලියන 92.8ක මුදලක් බෝනස් දීමනාව ලෙස ප්රකාශයට පත් කර තිබේ.
 
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් මෙරට මෙතෙක් ලබා දී  ඇති ඉහළම සහ විශාලතම ජීවිත රක්ෂණ බෝනස්  දීමනාව ප්රකාශයට පත් කිරීම තුළින් ශ්රී ලංකාවේ ප්රබලතම රක්ෂණ සපයන්නා ලෙස ඔප්පුහිමියන් තබා ඇති විශ්වාසය තහවුරු කර ඇත. අභියෝගාත්මක ආර්ථික  තත්ත්වයන් මධ්යයේ වුවද ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් සිය වත්කම් සම්භාරය රු. බිලියන 274 ක් සහ ජීවිත අරමුදල රු. බිලියන 156.7 ක් දක්වා ඉහළ නංවාගනිමින් සිය ස්ථානය තවදුරටත් ශක්තිමත් කර ගැනීමට සමත් වී තිබේ.
 
මෙමගින් ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් හි ක්රමවත් ආයෝජන කළමනාකරණ ක්රියා පටිපාටීන් මනාව   පිළිබිඹු  වන  අතර ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් එහි රක්ෂණ ඔප්පුහිමියන් ට ඉහල ප්රතිලාභ ලබා දීමට දක්වන කැපවීම තවදුරටත් අවධාරණය කරයි. එසේම ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් රක්ෂණ ආයතනයක තබිය යුතු දිගුකාලීන මුල්ය ස්ථාවරත්වය සඳහා A(lka) ෆිච් ශ්රේණිගත කිරීම එලෙසින්ම පවත්වා ගැනීමට සමත්ව තිබේ. තවද A(lka) ෆිච් ශ්රේණිගත කිරීම හිමිකරගෙන ඇති එකම ශ්රී ලාංකීය රක්ෂණ ආයතනය ශ්රී  ලංකා ඉන්ෂුවරන්ස් පමණයි.
 
පාරිභෝගික අවශ්යතාවයන් කේන්ද්ර කරගත් රක්ෂණ ආයතනයක් ලෙසින් නිරන්තරයෙන්  වෙනස්වන තත්ත්වයන්  සහ පාරිභෝගික අවශ්යතාවන්ට සරිලන පරිදි  ශ‍්රී ලංකා ඉන්ෂුවරන්ස්  සිය සේවා සහ රක්ෂණ සැලසුම් අඛණ්ඩව නව්යකරණය කරන අතර එමඟින් නවීන රක්ෂණ විසඳුම් ලබා දෙන සැලසුම්  හඳුන්වාදීම හරහා ප‍්රජාවන් ආරක්ෂා කිරීමට අඛණ්ඩව උත්සාහ කරයි. 'School Fee Protector' යනු එලෙස හඳුන්වා දුන් නව්ය රක්ෂණ සැලසුමකි. මෙම සැලසුමේ විශේෂත්වය වන්නේ දෙමාපියන්ගේ අනපේක්ෂිත වියෝවකදී හෝ සදාකාලික පූර්ණ ආබාධිත වූ අවස්ථාවකදී, ඉදිරියට ගෙවීමට ඇති සියලූම පාසල් ගාස්තු ගෙවීමෙන්, පෞද්ගලික හෝ ජාත්යන්තර පාසල්වල දරුවන්ට අඛණ්ඩ අධ්යාපනයක් සහතික කිරීමයි. නව සැලසුම් හඳුන්වා දීමට අමතරව පාරිභෝගිකයින්ට විවිධ  ප්රතිලාභ ලබාදීමට ද ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් නිරන්තරයෙන්ම කටයුතු කරයි. එහි ප්රතිඵලයක් ලෙස 2022 වසරේදී ජිවිත රක්ෂණ ඔප්පු හිමියන් වෙනුවෙන් 'Life Loyalty Rewards' ක්රම වේදයක් හඳුන්වා දුන් අතර ඒ තුලින් ප්රතිලාභ රැසක් පාරිභෝගිකයින්ට භුක්ති විඳීමට හැකි විය. එසේම පසුගිය වසරේ ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් මසකට රු. මිලියන 960 කට ආසන්න ජීවිත රක්ෂණ හිමිකම් ගෙවීම තුලින්  පිළිබිඹු වන්නේ තම ඔප්පුහිමියන්ට ලබා දුන් පොරොන්දුව ඉටුකිරීමට නිරතුරුවම කැපවී සිටින ආයතනයක් ලෙසයි.  
 
On the left - Ronald C. Perera, P.C., Chairman, Sri Lanka Insurance - Chandana L. Aluthgama, Chief Executive Officer, Sri Lanka Insurance
 
ආරමිභයේ සිට ජීවිත රක්ෂණයක් ලබාගැනීමෙි වැදගත්කම ශ්රී ලාංකීය ජනතාවට අවබෝධ කරදීම සිය අරමුණු අතර ප්රමුඛ ස්ථානයක ලා සලකන ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් මෙි වන විටද ශ්රී ලංකාවෙි සෑම ප්රදේශයකටම ජීවිත රක්ෂණයේ පණිවිඩය රැගෙන යන මෙහෙවරේ පෙරගමන්කරු ලෙස ක්රියා කරයි.
ශ්රී ලංකා රක්ෂණ ක්ෂේත්රයේ පරිවර්තනයක් අත්විඳීමට නම් තාක්ෂණය සහ ඩිජිටල් ක්රමවේද අනුගමන කිරීම අත්යවශ්ය කාරණයක් බව මෙරට පුරෝගාමී රක්ෂණ සමාගමක ලෙස ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් හි විශ්වාසයයි. නව තාක්ෂණික සහ ඩිජිටල් ක්රම වේද තුලින් විවිධ සේවා හඳුන්වා දීම තුලින් පාරිභෝගික පහසුව සලසන අතර  විශිෂ්ඨ සේවා අත්දැකීමක් පාරිභෝගිකයින්ට  ලබා දීමට නිරතුරුවම කටයුතු කරයි. පසුගිය වසරේ සිට සියලුම බෝනස්  සහතික පත් ඩිජිටල් ක්රම වේද ඔස්සේ ඔප්පු හිමියන්ට ලබාදීමට කටයුතු කිරීම ඊට කදිම නිදසුනකි. එසේම වර්තමාන අවශ්යතාවයන්ට අනුකුල වෙමින් ඔන්ලියින් (Online) ගෙවීම් පහසුකම් සැලසීම, පොළී රහිත පහසු ගෙවීම් ක්රම හඳුන්වා දීම සහ ඔන්ලයින් හරහා ජිවිත රක්ෂණ යෝජනාපත්ර භාරදීම ක්රියාත්මක කිරීම මේ අතර වේ.
 
පසුගියදා ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ඉහළම ජනාදරයට පත් රක්ෂණ සන්නාමය (Most Loved Insurance Brand) ලෙස අඛණ්ඩව 6 වන වරටත් බ්රෑන්ඩ් ෆිනෑන්ස් (Brand Finance) වෙතින් පිදුම් ලැබුවේය. මෙම සම්මානය ලැබීමට මුලික හේතුව නම් මෙරට ජනතාව වෙත අඛණ්ඩව ලබා දී ඇති  දායකත්වය, වෙළෙඳපොළ තුළ ශක්තිමත් ලෙස වර්ධනය වීම සහ රටේ ජනතාවගේ අවශ්යතාවයන්ට  සංවේදී වෙමින් ඒ සඳහා විසඳුම් ලබා දීමට නිරතුරුවම කැප වීමයි. 
 
එසේම බ්රෑන්ඩ් ෆිනෑන්ස් (Brand Finance) මගින් ලැයිස්තුගත කරන  ශ්රී ලංකාවේ වඩාත් වටිනාම සන්නාම (Most Valuable Brands) 100 අතරටද ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ජීවිත සන්නාමය ඇතුලත් වී ඇති අතර ශ්රී ලංකා රක්ෂණ ක්ෂේත්රයේ ජිවිත රක්ෂණ අංශයෙන් අනුශුරතාවය ලබා ගැනීමට සමත් වී තිබේ. ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ජීවිත සන්නාමයේ අගය රු. බිලියන 2.7ක් වන අතර පසුගිය වර්ෂයට වඩා ශ්රේණිගත කිරීම් වලින් ස්ථාන දෙකක් ඉදිරියට පැමිණ 34 වන ස්ථානය ලබා ගෙන ඇත. ශ්රේණි වර්ධනය හේතුවෙන් බ්රෑන්ඩ් ෆිනෑන්ස් (Brand Finance) ප්රකාශයට පත් කරන  'Movers and Shakers - The Most Valuable Consumer Brands' ලැයිස්තුවට ද සුදුසුකම් ලැබීමට සමත් විය. 
 
පාරිභෝගිකයා කේන්ද්රකරගත් රක්ෂණ ආයතනයක් ලෙසින් නව රක්ෂණ සැලසුමි හා සේවාවන් පාරිභෝ්ගිකයාට ඉදිරිපත් කරමින් සිය මෙහෙයුමි ක්රියාවලියේ ඵලදායීතාව වැඩිකරගැනීම සඳහා  ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් තවදුරටත් කැපවන අතරම 190 ක් වන සිය ශාඛා ජාලය තවදුරටත් පුළුල්  කරමින්  සහ 8000 කට අධික රක්ෂණ උපදේශකවරුන්  සමගින්  විශිෂ්ඨ පාරිභෝගික සේවාවක් සැපයීමට සූදානමින් සිටී.
 

 



අදහස් (0)

ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව ලෙස රුපියල් බිලියන 10.4 ක් ප්රකාශයට පත් කරයි!

ඔබේ අදහස් එවන්න

 

 
 

You may also like

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.
2025 අප්‍රේල් මස 10 83 0

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.


NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි
2025 අප්‍රේල් මස 09 433 0

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා


ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්
2025 අප්‍රේල් මස 04 923 0

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා


Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.
2025 මාර්තු මස 31 642 1

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය


ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්
2025 මාර්තු මස 21 1070 0

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.


ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි
2025 මාර්තු මස 07 823 2

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 83 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 433 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 923 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site