IMG-LOGO

2025 අප්‍රේල් මස 11 වන සිකුරාදා


ශ්‍රී ලාංකික සිසුන්ට 1+2 සුදුසුකම් සමග ජීව වෛද්ය විද්‍යා උපාධිය (ව්‍යාධිවේදය පිළිබඳ විශේෂ) දක්වා අධ්‍යාපනය හැදෑරීමට පහසුකම් සැලසීම සඳහා Amrak වෛද්ය විද්‍යා අධ්‍යාපන ආයතනය, සිඩ්නි තාක්ෂණ විශ්ව විද්‍යාලය සමගින් අත්වැල් බැඳගනී...

කොළඹ ඩර්ඩන්ස් රෝහලේ අධ්‍යාපනික අංශය වන Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, පසුගියදා ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම විශ්ව විද්‍යාලයක් වන සිඩ්නි තාක්ෂණ විශ්ව විද්‍යාලය සමග හවුල්කාරිත්ව ගිවිසුමකට එළඹුණි.

මෙම හවුල්කාරිත්ව ගිවිසුම පසුගිය බදාදා, ඩර්ඩන්ස් රෝහලේ දී නිල වශයෙන් එළිදක්වන ලදී. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නියෝජිතයින්, ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා, සිඩ්නි තාක්ෂණ විශ්ව විද්‍යාලයේ අධ්‍යයන සහ විධායක නිලධාරීන් ඇතුළු, වෛද්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍ර නියෝජනය කරමින් නියෝජිතයින් 50ක් පමණ මෙම අවස්ථාවට සහභාගී වූහ.

මෙම අවස්ථාවේදී, වෘත්තීයවේදීන්ගේ සහභාගීත්වයෙන් "සමාජය සහ මහජන සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා වෛද්‍ය විද්‍යාවේ ගෝලීය සහයෝගීතාවය" මැයෙන් සජීවී විවෘත සංවාදයක් පැවැත්වුණි. වෛද්‍ය විද්‍යාවේ නවෝත්පාදනයන් ගෝලීය වශයෙන් වර්ධනය වන ආකාරය, විශේෂයෙන්ම රෝග විනිශ්චය කිරීමෙහි වේගවත් දියුණුව, විද්‍යා හා සෞඛ්‍ය අංශයේ නව මානයන් සහ ගෝලීය වශයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇතිවිය යුතු ප්‍රගමනය යන අංශයන් පිළිබඳව මෙහිදී විද්වතුන් විසින් අදහස් දක්වන ලදී. මෙම විද්වත් කතිකාවේ ප්‍රධාන සටහනක් වූයේ, මෙම නවෝත්පාදනයන්ගෙන් බොහෝ දෙනෙකුට ප්‍රතිලාභ ලබාදීම සහතික කිරීම සඳහා ගෝලීය සහයෝගීතාවයක් අවශ්‍ය වන බවයි. ගුණාත්මකභාවයෙන් ඉහළම තත්වයකට පුහුණු කරන ලද ශ්‍රම බලකායක් ගෝලීය සෞඛ්‍ය සහ වෛද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගමනය සඳහා බලපාන ප්‍රධානතම සාධකයකි. වෛද්‍ය රසායනාගාර විද්‍යා ක්ෂේත්‍රයේ රැකියාවන්, ඉල්ලුම සහ කුසලතා පරතරයන් යන අංශවල වර්තමාන හා අනාගත ප්‍රවණතාවයන් පිළිබඳව මෙන්ම මෙහි ප්‍රගමනයට සහ ගැටලු නිරාකරණය සඳහා ශ්‍රී ලංකාව තුළ UTS - AMRAK හවුල්කාරිත්වය මගින් ලැබෙන දායකත්වය පිළිබඳව ද මණ්ඩලය සාකච්ඡා කරන ලදී. රෝග විනිශ්චය පිළිබඳ නවතම ක්‍රමවේදයන් සහ ඒ තුළින් සෞඛ්‍ය සේවාව තුළ ඇතිවන වෙනස, ජනගහන සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා මෙය උපයෝගී වන ආකාරය යනාදිය පිළිබඳව මණ්ඩලය විසින් යම් අවබෝධයක් ලබාදෙන ලදී.

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනයේ ජීව වෛද්‍ය විද්‍යාව පිළිබඳ උසස් ඩිප්ලෝමාවට ඇතුළත් වූ සිසුන්, සිඩ්නි තාක්ෂණ විශ්ව විද්‍යාලයෙහි ජීව වෛද්‍ය විද්‍යාව - ව්‍යාධිවේදය (Pathology) පිළිබඳ උපාධියට ඇතුළත් වීමට සුදුසුකම් ලබන අතර, ශ්‍රී ලාංකික සිසුන්ට ඕස්ට්‍රේලියාවේ වඩාත් දියුණු හා නවීන විශ්ව විද්‍යාලයකින් උපාධිය ලබාගැනීමට අවස්ථාව හිමිවේ. මූලික වශයෙන්, මෙය ආයතන දෙක අතර 1+2 වසරක වැඩසටහනක් වන අතර, එම වැඩසටහන ලබන සැප්තැම්බර් මාසයේදී ආරම්භ වේ.

UTS ලෙස හැඳින්වෙන සිඩ්නි තාක්ෂණ විශ්ව විද්‍යාලය, ලෝකයේ ප්‍රමුඛතම විශ්ව විද්‍යාලයක් වන අතර එය දැනට පවතින QS ශ්‍රේණිගත කිරීම්වල ලෝකයේ 137 වන ස්ථානයෙහි රැඳී සිටියි. UTS යනු විශ්ව විද්‍යාලවල, සුවිශේෂී ඕස්ට්‍රේලියානු තාක්ෂණ ජාලයෙන් එකකි. UTS මගින් විද්‍යාව, ඉංජිනේරු සහ තොරතුරු තාක්ෂණ, ව්‍යාපාර, ගෘහ නිර්මාණ ශිල්පය සහ ගොඩනැගිලි සැලසුම්, කලා හා සමාජ විද්‍යා මෙන්ම සෞඛ්‍ය සහ නීතිය යන ක්ෂේත්‍රවල පාඨමාලවන් ඉදිරිපත් කරයි. UTS මගින් 2019 දී පූර්ණ හිමිකාරිත්වය දරණ UTS විශ්ව විද්‍යාලයක් ද කොළඹ දී ස්ථාපිත කරන ලද අතර, මෙහි පදනම් පාඨමාලා සහ ඩිප්ලෝමා පාඨමාලාවලින් උපාධිධාරීන්ගේ පළමු කණ්ඩායම මෑතකදී විසිර යන ලදී.

“මෙම සම්බන්ධතාවය, UTS විද්‍යා පීඨය සහ AMRAK වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය අතර වසරක සහයෝගීතාවයේ ප්‍රතිඵලයක්. UTS ඉතා සැළකිල්ලෙන් යුතුව තමයි අපිත් සමග අත්වැල් බැඳගත්තේ.ඒ නිසා අපි, මෙහෙයවන්න පුළුවන් හොඳම වෛද්‍ය විද්‍යා පාඨමාලව තෝරගත්තු එක ඉතාම වැදගත් දෙයක්." UTS හි මහාචාර්ය විලා හස්ටන් පැවසීය. "AMRAK ආයතනයේ පාඨමාලාවෙ හි ගුණාත්මකභාවය සහ ඩර්ඩන්ස් රෝහලේ නවීන පහසුකම්, අපගේ ඉහළ පෙළේ පාඨමාලවන් සඳහා ඉතා හොඳින් ගැළපෙනවා."

"AMRAK ආයතනය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට ලැබීම ගැන අපි ඉතාමත් සතුටු වෙනවා වගේම, මූලික පාඨමාලවත් (pathway program) සිඩ්නි හි  UTS සඳහාත් සිසුන් ඇතුළත් කරගැනීමට අපි බලාපොරොත්තු වෙනවා." UTS හි ජාත්‍යන්තර ප්‍රධානී පීටර් මරේ පැවසීය. ශ්‍රී ලංකාවට UTS, විශේෂ සැළකිල්ලක් දක්වනවා වගේම UTS විශ්ව විද්‍යාලයක් කොළඹදී ස්ථාපිත කරලා තිබෙනවා. මෙම සහයෝගිතාවය, ශ්‍රී ලංකාව තුළ ප්‍රචලිත කිරීමේ මීළඟ අදියරවලින් එකකි.

UTS හි විද්‍යා පීඨය යනු පර්යේෂණ සහ ඉගැන්වීම් කේන්ද්‍ර කරගත් පීඨයක් වන අතර, එය ප්‍රායෝගික ඉගැන්වීම් සහ ගෝලීය ශ්‍රම බලකායේ ඉල්ලුම සපුරාලීමට සූදානම් නිපුණතා පූර්ණ උපාධිධාරීන් බිහිකිරීම සඳහා ප්‍රසිද්ධියක් උසුලයි. ජීව වෛද්‍ය විද්‍යාව, ජෛව තාක්‍ෂණය, පාරිසරික සහ සමුද්‍ර විද්‍යාව, රසායන විද්‍යාව, අධිකරණ වෛද්‍ය විද්‍යාව, භෞතික විද්‍යාව සහ ගණිතමය හා සංඛ්‍යාන විද්‍යාව යන විෂයයන් සඳහා ඉගැන්වීම සඳහා පූර්ණ ශක්‍යතාවය මෙම පීඨය සතු වේ. 3800 කට අධික සිසුන් පිරිසක් මෙම විද්‍යා පීඨයේ ඉගෙනුම ලබන අතර, 390 කට අධික අධ්‍යයන, පර්යේෂණ සහ වෘත්තීය කාර්ය මණ්ඩලයක් ද ඔවුන්ගේ සාර්ථකත්වය වෙනුවෙන් ඇපකැප වී සිටී. සියලුම පාඨමාලාවන් පර්යේෂණ විශේෂඥයින්, පර්යේෂණ මධ්‍යස්ථාන සහ ලොව ප්‍රමුඛ පර්යේෂණ ආයතන සමඟ ඒකාබද්ධ වී තිබේ. නවීන පහසුකම්වලින් සහ ප්‍රායෝගික ඉගෙනුම් පාඨමාලාවලින්, මෙම පීඨයේ විශිෂ්ටත්වය තහවුරු කරයි. ජීව වෛද්‍ය උපාධිය සඳහා, ජීව විද්‍යාවන් පිළිබඳ පාසල    අදාළ වගකීම් දරනු ඇත. මෙම පාඨමාලාව, ව්‍යාධි විද්‍යාව (pathology) හෝ ජීව වෛද්‍ය විද්‍යාව මෙන්ම සෞඛ්‍ය සහ වෛද්‍ය පර්යේෂණ විද්‍යා අවස්ථාවන් යන අංශ දෙකටම අවධානය යොමු කරමින් මෙහෙයවන, පීඨයේ ප්‍රමුඛතම පාඨමාලාවලින් එකකි. විද්‍යාලයේ මනා ඉගෙනුම් ක්‍රමවේදයට අමතරව, මෙම පාඨමාලාවේ   සිසුන් ජීව විද්‍යාව පිළිබඳ වෘත්තීමය පළපුරුද්දක් ලබාගැනීම සඳහා තරඟකාරී ප්‍රවේශයකට සුදුසුකම් ලබයි. මෙය ක්ෂේත්‍රයේ, සීමාවාසික වැඩසටහනක් වන අතර එහිදී සිසුන්ට මනා පුහුණුවක් ද සමගින් අත්දැකීම් ලබාදීම සඳහා රෝහල් සහ වෛද්‍ය රසායනාගාර වෙත යොමු කෙරේ. ශිෂ්‍යයන් පන්තිකාමරවල සිටින පර්යේෂණ විශේෂඥයින්ගෙන් සමග සෘජුවම ඉගෙනීම් කටයුතු සිදුකරයි. එහිදී ඔවුන් වේගවත්, වඩාත් නිවැරදි හෝ පුද්ගල බද්ධ රෝග විනිශ්චය ඇතුළුව නවතම පර්යේෂණ සංවර්ධන වැඩසටහන් සඳහා අවස්ථාවන් හිමිකර ගනී. සිසුන්ට සීමාවාසික පර්යේෂණ සඳහා සම්බන්ධ වීමට අවස්ථාව තිබෙන අතර, රසායනාගාරයේ සහ පන්තිකාමර වැඩමුළු මෙහෙයවන ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමඟ සෘජු සම්බන්ධතා ගොඩනගා ගනිමින් ප්‍රතිලාභ ලැබීමේ අවස්ථාවන් ද හිමිවේ. මෙම වැඩසටහන වැඩිදුර පර්යේෂණ හෝ පශ්චාත් උපාධි අධ්‍යයන සඳහා මනා පිටිවහළක් වන අතරම ජීව වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයේ රැකියාවල නිරත වීමට කැමති උපාධිධාරීන්ට ද වඩාත් යෝග්‍ය වනවා.

AMRAK වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ, රක්ෂිත තුඩාවේ මහතා UTS සමග ඉතා ඵලදායී සහයෝගිතාවයක් ගොඩනගා ගැනීමට  අපේක්ෂාවෙන් සිටිනවා.

"Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂවරයා වශයෙන්, අපගේ ජීව වෛද්‍ය විද්‍යා පාඨමාලාව සඳහා සිඩ්නි තාක්ෂණ විශ්ව විද්‍යාලය (UTS) සමග සාර්ථක සම්බන්ධතාවයක් ගොඩනගාගැනීමට හැකිවීම පිළිබඳව ප්‍රකාශ කිරීමට ලැබීම ගැන මම ඉතාමත් සතුටට පත්වෙනවා. Amrak ආයතනයේ ජීව වෛද්‍ය විද්‍යාව පිළිබඳ උසස් ඩිප්ලෝමාව හදාරන සිසුන් ඔවුන්ගේ පළමු වසරෙන් පසුව, ඕස්ට්‍රේලියාවේ UTS හි තම පාඨමාලව ඉදිරියට පවත්වාගෙන යාමට වරම් හිමිවනු ඇත. මෙම හවුල්කාරීත්වය, ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම තුළින් අපගේ සිසුන් අනාගත අභියෝග සඳහා ශක්තිමත්ව සූදානම් කරලීමේ අපගේ මෙහෙවරෙහි සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. මෙම සහයෝගීතාවය තුළින් ඉදිරි වසරවල දී, ජීව වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයේ අවශ්‍යතා සපුරාලීමට සමත්වන පරිපූර්ණ විෂය මාලාවක් පිරිනැමීම සඳහා ආයතන දෙකෙහිම සම්පත් ඉහළම තලයට ගෙනඒමට කටයුතු කරනවා. මෙම ඒකාබද්ධ වැඩසටහන මගින් සිසුන්ට ජීව වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයේ පුළුල් සංකල්ප රාශියක් පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබාගැනීමට හැකියාව ලැබෙනවා. මෙම ක්ෂේත්‍රයේ වෘත්තිකයන්ට තිබෙන ඉල්ලුම ශීඝ්‍රයෙන් වර්ධනය වන අතර, UTS සහයෝගීතාවය හරහා ජීව වෛද්‍ය විද්‍යාවේ දැවැන්ත ප්‍රගතියක් ලබාගත හැකි දක්ෂ පුද්ගලයින් සංවර්ධනය කරමින් ඔවුන්ව රැකියා වෙළඳපොල වෙත සැපයීම අපගේ අපේක්ෂාවයි. මෙම සහයෝගීතාවය අපගේ සිසුන්ට බෙහෙවින් ප්‍රයෝජනවත් වන අතරම, එය ඔවුන්ව වෘත්තීය ගමනේ සාර්ථකත්වය කරා යොමුකරනු ඇතැයි අපි දැඩිව විශ්වාස කරනවා."

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය සහ සිඩ්නි තාක්ෂණ විශ්ව විද්‍යාලය විසින් පිරිනමනු ලබන මෙම පාඨමාලාව පිළිබඳ වැඩිදුර විස්තර දැනගැනීම සඳහා අමතන්න. +94-762-912-715  නැතහොත්,  https://amrak.lk යන වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.



අදහස් (0)

ශ්‍රී ලාංකික සිසුන්ට 1+2 සුදුසුකම් සමග ජීව වෛද්ය විද්‍යා උපාධිය (ව්‍යාධිවේදය පිළිබඳ විශේෂ) දක්වා අධ්‍යාපනය හැදෑරීමට පහසුකම් සැලසීම සඳහා Amrak වෛද්ය විද්‍යා අධ්‍යාපන ආයතනය, සිඩ්නි තාක්ෂණ විශ්ව විද්‍යාලය සමගින් අත්වැල් බැඳගනී...

ඔබේ අදහස් එවන්න

 

 
 

You may also like

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.
2025 අප්‍රේල් මස 10 84 0

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.


NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි
2025 අප්‍රේල් මස 09 435 0

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා


ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්
2025 අප්‍රේල් මස 04 923 0

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා


Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.
2025 මාර්තු මස 31 642 1

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය


ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්
2025 මාර්තු මස 21 1070 0

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.


ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි
2025 මාර්තු මස 07 823 2

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 84 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 435 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 923 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site