IMG-LOGO

2025 අප්‍රේල් මස 02 වන බදාදා


සියපත ෆිනෑන්ස් පීඑල්සී දෙනියාය ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 52 වැනි ශාඛාව දෙනියාය, පල්ලේගම පාරේ අංක 310/2 දරණ ස්ථානයේදී පසුගියදා විවෘත කෙරිණ. නව ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට කළමනාකාර අධ්‍යක්ෂ ආනන්ද සෙනෙවිරත්න, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රජිව් ද සිල්වා යන මහත්වරුන්ද, සියපත ෆිනෑන්ස් පීඑල්සී ජේෂ්ඨ කළමනාකාරීත්ව හා කාර්යමණ්ඩල සාමාජිකයන්, ප්‍රාදේශීය රාජ්‍ය ආයතන නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් මෙන්ම පෞද්ගලික ආයතන, මූල්‍ය ආයතන හා රක්ෂණ ආයතන නියෝජිතයන් රැසක් සහභාගී වූහ.

සියපත ෆිනෑන්ස් පීඑල්සී දෙනියාය ශාඛාවේ පළපුරුදු වෘත්තීයවේදී කාර්යමණ්ඩලය වෙතින් ලීසිං, කුලී සින්නක්කර සේවා, ෆැක්ටරින්, ව්‍යාපාර හා පුද්ගලික ණය, නිවාස ණය, රන් ණය, චක්‍රීය ණය, ස්ථාවර තැන්පතු, ඉතුරුම් ගිණුම්, ස්වයංක්‍රීය බිල්පත් ගෙවීමේ පහසුකම ඇතුළු මූල්‍ය සේවාවන් රැසක් දැන් ප්‍රදේශවාසී ජනතාවට ලබාගත හැකිය.

දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ පිහිටි දෙනියාය, තේ වගාව ප්‍රධාන කොටගත් කෘෂිකාර්මික පදනමක් සහිත ආර්ථික වශයෙන් ශ්‍රී ලංකාව ශක්තිමත් කරනු ලබන සුවිශේෂී නගරයකි. කුඩා තේ වතු හිමියන් සහ එළවළු, වී, ගම්මිරිස්, කුරුඳු සහ රබර් ඇතුළු විවිධ බෝග වගාවන්හි නිරත ගොවීන් පෙරටු කොටගත් ප්‍රදේශයේ ශ්‍රම බලකායෙන් 46% ක් කෘෂිකර්මාන්තයේ යෙදී සිටින අතර 29% ක් පෞද්ගලික අංශයේ සේවය කරනු ලබයි. දෙනියාය නගරයට යාබදව පිහිටි යුනෙස්කෝ ලෝක උරුමයක් වන සිංහරාජ වනාන්තරය ද පාරිසරික විචිත්‍රත්වය සොයා එන දෙස් විදෙස් සංචාරකයින් ආකර්ෂණය කරගනිමින් ප්‍රදේශවාසීන්ට අමතර ආදායම් මාර්ග නිර්මාණය කොට ඇත.

සියපත ෆිනෑන්ස් පීඑල්සී කළමනාකාර අධ්‍යක්ෂ ආනන්ද සෙනෙවිරත්න මහතා සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ලෙස දෙනියාය ශාඛාව විවෘත කළ අවස්ථාවේදී සිය අදහස් දක්වමින් දෙනියාය නගරය කේන්ද්‍ර කරගනිමින් දීප ව්‍යාප්ත සියපත ෆිනෑන්ස් පීඑල්සී ශාඛා ජාලයට අලුතෙන්ම එකතු වූ මෙම ශාඛාව හරහා කෘෂි කර්මාන්තයත් සංචාරක ව්‍යාපාරයත් මෙන්ම එකිනෙකට වෙනස් ව්‍යවසායක හා ව්‍යාපාර ක්ෂේත්‍ර ගණනාවක් නියෝජනය කරමින් අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන දිරිය මිනිසුන්ගේ වෙනස් වූත් සුවිශේෂී වූත් මූල්‍ය අවශ්‍යතා සඳහා කඩිනම් නම්‍යශීලී මූල්‍ය සේවා රැසක් හඳුන්වාදීම තමයි අපගේ ප්‍රධාන අරමුණ. දෙනියාය ප්‍රදේශවාසීන්ගේ ජීවන තත්ත්වය උසස්කොට ආර්ථිකමය සමෘද්ධිය කරා රැගෙන යාම උදෙසා මූල්‍යමය සහයෝගය ලබාදීමට අප කැපවෙනවා.” යැයි පැවසීය.

සියපත ෆිනෑන්ස් පීඑල්සී දියත් කළ සියපතෙන් මිහිකතට” සමාජ සත්කාර ව්‍යාපෘතිය යටතේ දෙනියාය නවතම ශාඛාව විවෘත කිරීමට සමගාමීව, සියපත ෆිනෑන්ස් පීඑල්සී කළමනාකාර අධ්‍යක්ෂවරයා ප්‍රමුඛ ජේෂ්ඨ කළමනාකාරීත්වයේ ප්‍රධානත්වයෙන් දෙනියාය නගරය ආශ්‍රිත පරිසර පද්ධතියේ සුරක්ෂිතතාවය උදෙසා රුක් රෝපණ වැඩසටහනක් දියත් කරන ලදී. තවද දෙනියාය, කිරිවැල්දොල කනිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසු දරුදැරියන්ගේ අධ්‍යාපන තත්ත්වය උසස් කරලීමෙහිලා ඩිජිටල් ඉගෙනුම් උපකාරයක් ලෙස පරිගණක හා තාක්ෂණික උපකරණ කට්ටල පරිත්‍යාගයක් ද එහිදී සිදුකෙරිණ.

2005 වසරේ ව්‍යාපාරික මෙහෙයුම් අරඹා විශිෂ්ට තත්ත්වයේ පාරිභෝගික කේන්ද්‍රීය මූල්‍ය විසඳුම් ලබාදීමෙහිලා ශ්‍රී ලාංකිකයන් අතර කීර්තියක් දිනාසිටින සියපත ෆිනෑන්ස් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) විසින් නියාමනය කරනු ලබන බලපත්‍රලාභී මූල්‍ය සමාගමකි. කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) ලැයිස්තුගත සමාගමක් ලෙස ස්ථාවරව සිටින සියපත ෆිනෑන්ස් පීඑල්සී ෆිච් ශ්‍රේණිගත කිරීම් අනුව BBB+ (lka) හිමිකරගත් ශක්තිමත් හා ස්ථාවර දේශීය මූල්‍ය සමාගමක් ලෙස සිය මූල්‍ය ස්ථාවරත්වය සනාථ කරයි. තවද K Seeds Investments (Pvt) Ltd විසින් 2024 ජූනි මස 30 වැනිදායින් අවසන් වූ මූල්‍ය කාර්තුව සම්බන්ධයෙන් මෙරට බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම් පිළිබඳ සිදුකළ පුළුල් මූල්‍ය විශ්ලේෂණය අනුව සියපත ෆිනෑන්ස් පීඑල්සී 02 වැනි කාණ්ඩයේ “ඉහළම කාර්යසාධනය වාර්තා කළ මූල්‍ය ආයතනය”(Best Performing Finance Company) ලෙස වාර්තාගතව ඇත.

සම්පත් බැංකු සමූහයට අයත් විශාලතම අනුබද්ධිත සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑල්සී 950 කට අධික මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ පළපුරුදු විශේෂඥ කාර්යය මණ්ඩලයක් සමග උතුරු හා නැගෙනහිර ඇතුළුව මුළු දිවයිනම ආවරණය වන ආකාරයෙන් 51 කට අධික දීප ව්‍යාප්ත ශක්තිමත් ශාඛා ජාලයක් හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ප්‍රමුඛව දිරියෙන් නැගීසිටින්නට වෙරදරන ශ්‍රී ලාංකිකයන් රැසක් සවිබල ගන්වා ඇත.

සේවායෝජක සන්නාමකරණය පිළිබඳ ඉන්දියානු ආයතනය වන Employer Branding Institute, මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ලෝක සමුළුව වන World HRD Congress සහ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ආසියානු විශිෂ්ඨයන් ඇගයීමේ ආයතනය වන Stars of the Industry Awards Group එකමුතුවෙන් ශ්‍රීලාංකීය ව්‍යාපාර ක්ෂේත්‍රයේ මානව සම්පත් සංවර්ධනයෙහි කැපීපෙනෙන ආයතන ඇගයීමෙහිලා සංවිධානය කරනු ලැබූ Sri Lanka Best Employer Brand Awards 2024 සම්මාන උළෙලේදී සියපත ෆිනෑන්ස් පීඑල්සී ශ්‍රී ලංකාවේ හොඳම සේවායෝජක සන්නාමය ලෙස “Best Employer Brand” ගෞරවයට පාත්‍ර විය. ලොව පුරා මානව සම්පත් කළමනාකරණ ක්ෂේත්‍රයේ වෘත්තිකයන් හා ජේෂ්ඨ නායකයන්ගේ කාර්ය සාධනය අගයමින් දිරිගන්වනු ලබන ස්වෙච්ඡා සංවිධානයක් වන World Federation of  HR Professionals විසින් මෙම ඇගයීම් සහතිකය පිරිනමා ඇත.

දෙනියාය, පල්ලේගම පාරේ අංක 310/2 දරණ ස්ථානයේ පිහිටි සියපත ෆිනෑන්ස් පීඑල්සී නවතම ශාඛාව වෙත පිවිස හෝ 041-7605625 දුරකතන අංකයෙන් හෝ www.siyapatha.lk වෙත පිවිස සියපත ෆිනෑන්ස් පීඑල්සී වෙතින් පිරිනමන මූල්‍ය සේවාවන් පිළිබඳ වැඩිදුර දැනුවත් විය හැකිය.

 



අදහස් (0)

සියපත ෆිනෑන්ස් පීඑල්සී දෙනියාය ශාඛාව දැන් විවෘතයි

ඔබේ අදහස් එවන්න

 

 
 

You may also like

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.
2025 මාර්තු මස 31 145 0

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය


ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්
2025 මාර්තු මස 21 735 0

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.


ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි
2025 මාර්තු මස 07 764 2

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍


ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?
2025 මාර්තු මස 04 1490 2

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්


ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් පිරිනමයි.
2025 පෙබරවාරි මස 27 364 1

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස


රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක් හඳුන්වා දෙනු ලබයි.
2025 පෙබරවාරි මස 19 570 0

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 145 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 735 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 764 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site