IMG-LOGO

2025 අප්‍රේල් මස 02 වන බදාදා


සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ. නව ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට කළමනාකාර අධ්‍යක්ෂ ආනන්ද සෙනෙවිරත්න, ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී රජිව් ද සිල්වා යන මහත්වරුන්ද, අධ්‍යක්ෂ මණ්ඩලය වෙනුවෙන් ජනකන් සෙල්වරත්නම්, ශිරාන් පෙරේරා, ශ‍්‍රියානි රණතුංග යන මහත්ම මහත්මීන් ප‍්‍රමුඛ සියපත ෆිනෑන්ස් පීඑල්සී ජේෂ්ඨ කළමනාකාරීත්ව හා කාර්යමණ්ඩල සාමාජිකයන්, මතුගම ප‍්‍රාදේශීය ලේකම් මධූෂ සංකල්ප, මතුගම නගර සභාවේ ලේකම් නෙලූ නිශාන්ති ඉද්දගොඩ, මතුගම පොලිසියේ වැඩබලන මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂක රුවන් ඉන්දික, වෙළෙඳ සංගමයේ සභාපති චූලා ජයනෙත්ති යන මහත්ම මහත්මීන් ඇතුළුව රාජ්‍ය හා පෞද්ගලික මූල්‍ය ආයතන නියෝජිතයන් රැසක් සහභාගී වූහ.

කලූ‍තර දිස්ත‍්‍රික්කයේ මධ්‍යගතව පිහිටි මතුගම නගරය දිස්ත‍්‍රික්කයේ ප‍්‍රධානතම වෙළෙඳ හා පරිපාලනමය නගරයක් ලෙස කැපීපෙනෙන මෙහෙවරක් ඉටුකරනු ලබයි. සරුසාර රබර්, තේ, පොල් යනාදී සාම්ප‍්‍රදායික වැවිලි කර්මාන්ත හා වී ගොවිතැනත්, විවිධ භාණ්ඩ හා සේවා සම්පාදනය කරනු ලබන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ද රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතන රැුසක් මෙන්ම ව්‍යාපාරික ස්ථාන රැුසක් මතුගම නගරය කේන්ද්‍රකොටගෙන ස්ථාපිතව ඇත. මතුගම ආශ‍්‍රිතව නිර්මාණය වී ඇති මෙම මිශ‍්‍ර ආර්ථික පසුබිමට පාහියන්ගල, බක්කුල මහා සෑය වැනි ආගමික ස්ථානත්, මනරම් දිය ඇලි කිහිපයක් සමග සිංහරාජ වැසි වනාන්තරය මායිම් වූ ස්වභාව සෞන්දර්යයත් සමග ගොඩනැගෙමින් පවතින සංචාරක හා සත්කාරක සේවා අංශයේ පිබිදීමත් ජාතික  ආර්ථිකය සවිබල ගැන්වීමට හේතුවෙයි.

සියපත ෆිනෑන්ස් පීඑල්සී කළමනාකාර අධ්‍යක්ෂ ආනන්ද සෙනෙවිරත්න මහතා සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ලෙස මතුගම ශාඛාව විවෘත කළ අවස්ථාවේදී සිය අදහස් දක්වමින් ”මතුගම නගරය කේන්ද්‍ර කරගනිමින් සාම්ප‍්‍රදායික වැවිලි කර්මාන්තයත්, කෘෂි කර්මාන්තයත් මෙන්ම එකිනෙකට වෙනස් ව්‍යවසායක හා ව්‍යාපාර ක්ෂේත‍්‍ර ගණනාවක් නියෝජනය කරමින් අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන දිරිය මිනිසුන්ගේ වෙනස් වූත් සුවිශේෂී වූත් මූල්‍ය අවශ්‍යතා සඳහා කඩිනම් නම්‍යශීලී මූල්‍ය සේවා රැුසක් හඳුන්වාදීම තමයි අපගේ මෙම ශාඛාවේ ප‍්‍රධාන අරමුණ. දීප ව්‍යාප්ත සියපත ෆිනෑන්ස් පීඑල්සී ශාඛා ජාලයට අලූ‍තෙන්ම එකතු වූ මෙම මතුගම ශාඛාව සමග මතුගම ප‍්‍රදේශවාසීන්ගේ ජීවන තත්ත්වය උසස්කොට ආර්ථිකමය සාර්ථකත්වය කරා රැුගෙන යාම උදෙසා මූල්‍යමය සහයෝගය ලබාදීමට අප කැපවෙනවා.” යැයි පැවසීය.

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාවේ පළපුරුදු වෘත්තීයවේදී කාර්යමණ්ඩලය වෙතින් ලීසිං, කුලී සින්නක්කර සේවා, ෆැක්ටරින්, ව්‍යාපාර හා පුද්ගලික ණය, නිවාස ණය, රන් ණය, චක‍්‍රීය ණය, ස්ථාවර තැන්පතු, ස්වයංක‍්‍රීය බිල්පත් ගෙවීමේ පහසුකම ඇතුළු මූල්‍ය සේවාවන් රැුසක් දැන් ප‍්‍රදේශවාසී ජනතාවට ලබාගත හැකිය.

තිරසර හෙට දවසක් උදෙසා දීප ව්‍යාප්ත රුක්රෝපණ වැඩසටහනක් ලෙස සියපත ෆිනෑන්ස් පීඑල්සී 10, 000 කට අධික ශාඛ ප‍්‍රමාණයක් මෙරටට දායාද කිරීමෙහිලා දියත් කළ ”සියපතෙන් මිහිකතට” සමාජ සත්කාර ව්‍යාපෘතිය යටතේ මතුගම නවතම ශාඛාව විවෘත කිරීමට සමගාමීව, සියපත ෆිනෑන්ස් පීඑල්සී කළමනාකාර අධ්‍යක්ෂවරයා ප‍්‍රමුඛ ජේෂ්ඨ කළමනාකාරීත්වයේ ප‍්‍රධානත්වයෙන් අගලවත්ත කේන්ද්‍ර කරගනිමින් මතුගම නගරය ආශ‍්‍රිත පරිසර පද්ධතියේ සුරක්ෂිතතාවය උදෙසා රුක් රෝපණ වැඩසටහනක් දියත් කරන ලදී. තවද අගලවත්ත, යටියන කනිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසු දරුදැරියන්ගේ අධ්‍යාපන තත්ත්වය උසස් කරලීමෙහිලා ඩිජිටල් ඉගෙනුම් උපකාරයක් ලෙස පරිගණක හා තාක්ෂණික උපකරණ කට්ටල පරිත්‍යාගයක් ද එහිදී සිදුකෙරිණ. 

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑල්සී 2005 වසරේ අරඹා ගතවූ වසර 19 ක කාලය ඇතුලත නව්‍යකරණයෙන් පිරිපුන් මූල්‍ය සේවා සම්පාදනය කිරීමෙහිලා කීර්තියක් අත්කරගන්නට සමත්ව සිටියි. සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයක් හරහා පළපුරුදු විශේෂඥ කාර්යය මණ්ඩලයක් සමග විශ්වාසනීය හෘද්‍යාංගම පාරිභෝගික සේවාවක් සපයමින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්, කෘෂිකර්මාන්තයේ නියැලි ගොවීන්, වගාකරුවන් මෙන්ම කෘෂි ව්‍යවසායකයන්, ධීවර කර්මාන්තයේ නියැලී සිටින්නන් සහ කාන්තා ව්‍යවසායිකාවන් යනාදී වශයෙන් දිරියෙන් නැගීසිටින්නට වෙරදරන ශ‍්‍රී ලාංකිකයන් රැුසක් සවිබල ගන්වා ඇත.

034-7605625  දුරකතන අංකයෙන් හෝ මතුගම කලූ‍තර පාරේ අංක 41 දරණ ස්ථානයේ පිහිටි සියපත ෆිනෑන්ස් පීඑල්සී නවතම ශාඛාව වෙත පිවිස හෝ www.siyapatha.lk වෙත පිවිස සියපත ෆිනෑන්ස් පීඑල්සී වෙතින් පිරිනමන මූල්‍ය සේවාවන් පිළිබඳ වැඩිදුර දැනුවත් විය හැකිය.

මාධ්‍ය විමසීම්: චම්පිකා තල්ගොඩපිටිය -  කළමනාකාරිණී - සන්නාම හා සන්නිවේදන
0773 856 757

[email protected]

 



අදහස් (0)

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

ඔබේ අදහස් එවන්න

 

 
 

You may also like

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.
2025 මාර්තු මස 31 146 0

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය


ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්
2025 මාර්තු මස 21 735 0

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.


ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි
2025 මාර්තු මස 07 764 2

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍


ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?
2025 මාර්තු මස 04 1490 2

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්


ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් පිරිනමයි.
2025 පෙබරවාරි මස 27 364 1

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස


රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක් හඳුන්වා දෙනු ලබයි.
2025 පෙබරවාරි මස 19 570 0

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 146 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 735 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 764 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site