IMG-LOGO

2025 අප්‍රේල් මස 11 වන සිකුරාදා


හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්ඩව 2 වැනි වරටත් රන් සම්මානයෙන් පිදුම් ලැබීය. 2048 වසර වන විට මෙරට ආර්ථිකය ගොඩ නැංවීම වෙනුවෙන් වන රජයේ දැක්මට සමගාමීව, ශ්‍රී ලංකාව අපනයනකරුවන් විසින් ඉටු කරනු ලබන කාර්යභාරය ප්‍රශංසනීය වන අතර, හලාල් ප්‍රතීතන කවුන්සිලය මෙරට අපනයන ආර්ථිකයේ වර්ධනය සඳහා සිදු කරනු ලබන සුවිශේෂී කාර්යභාරය වෙනුවෙන් මෙලෙස සම්මානයට පාත්‍ර විය.

ගෝලීය හලාල් ආහාර කර්මාන්තය, 2025 වන විට ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 1.67 දක්වා ළඟා වීමට අපේක්ෂා කරයි. 2022 වසරේ දී ශ්‍රී ලංකා හලාල් ප්‍රතීතන කවුන්සිලය ඇමරිකානු ඩොලර් බිලියන 1.7ක වටිනාකමකින් යුත් හලාල් සහතික ලත් නිෂ්පාදන අපනයනය කිරීමට සහයවි ඇත. ජාතික අපනයන ක්‍රමෝපායන් තවදුරටත් ඉදිරියට ගෙන යාම හරහා මෙරට අපනයනකරුවන්ට ගෝලීය හලාල් ආහාර කර්මාන්තය වෙත පිවිසීමට පහසුකම් ලබාදීම HAC අරමුනවේ.

2023 වසර පුරා මෙරට අපනයන ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළ හලාල් ප්‍රතීතන කවුන්සිලය, හලාල් සහතිකය සහිත නිෂ්පාදන ආශ්‍රිත ද්වීපාර්ශ්වික වෙළෙඳ පරමාර්ථ සාක්ෂාත් කර ගැනීම ඉලක්ක කර ගනිමින් මෑතකදී ශ්‍රී ලාංකික වෙළෙඳ නියෝජිත කණ්ඩායමක් සමඟ තායිලන්තයේ සංචාරයක නිරත විය. අපනයන මගින් මෙරටට ලැබෙන ඇමෙරිකානු ඩොලර් ආදායම ශක්තිමත් කිරීම සහ තායිලන්තය හා ශ්‍රී ලංකාව අතර සබඳතා වර්ධනය කර ගැනීම මෙම සංචාරය මගින් අරමුණු කෙරිණි.

මැලේසියාවේ පැවති 13 වන ජාත්‍යන්තර හලාල් සහතික කිරීමේ ආයතන සම්මුතිය 2023 සඳහා HAC සහභාගීත්වය.වමේ සිට දකුණට: අධ්‍යක්ෂ ඈන්ස් ජුනයිඩ් මහතා, කළමනාකාර අධ්‍යක්ෂ අලි ෆතරලි මහතා, අධ්‍යක්ෂ රිස්වි සහීඩ් මහතා, අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ආකිෆ් ඒ. වහබ් මහතා.

 

හලාල් ප්‍රතීතන කවුන්සිලය, 2023 සැප්තැම්බර් මාසයේ දී මැලේසියාවේ පැවති ගෝලීය හලාල් සමුළුවට සහභාගී වෙමින් අපනයන ක්ෂේත්‍රයට ඉතා වැදගත් රටවල් 47ක ප්‍රධාන පාර්ශ්වකරුවන් ඇතුළු බලධාරීන් සමඟ සබඳතා ගොඩ නංවා ගැනීමට සමත් විය. ISO 17065 සහ GSO 2055-2:2015 යන ප්‍රමිති සහතික ලබා ඇති හලාල් ප්‍රතීතන කවුන්සිලය, ගෝලීය ව්‍යාපාර සඳහා අත්‍යවශ්‍ය ආහාර සුරක්ෂිතතාව සහ ගුණාත්මක භාවය කෙරෙහි දැඩි අවධානය යොමු කරමින් ක්‍රියාත්මක වන අතර, පාරිභෝගිකයින්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු වන පරිදි සියලු ම නිෂ්පාදන අදියරයන් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් කැප වෙයි. ජාත්‍යන්තර හලාල් ප්‍රමිතීන් මත ශ්‍රී ලංකාවේ ආහාර පාන නිෂ්පාදන ක්ෂේත්‍රය තුළ ධාරිතාව ඉහළ නැංවීම කෙරෙහි සිය අවධානය යොමු කර ඇති හලාල් ප්‍රතීතන කවුන්සිලය, වර්තමානය වන විට ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ මෙන් ම මහා පරිමාණ සහ බහුජාතික ව්‍යවසායකයින් ආවරණය වන පරිදි 1000 කට පුද්ගලයින් අධික සංඛ්‍යාවක් බල ගැන්වීමට සහයෝගය ලබා දී ඇත.

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන, හලාල් සහතික ලත් ආහාර නිෂ්පාදන රුසියානු සමූහාණ්ඩුව, ඇමරිකා එක්සත් ජනපදය, ජර්මනිය, නෙදර්ලන්තය, ඉන්දියාව සහ එක්සත් රාජධානිය ඇතුළු මුස්ලිම් නොවන  රටවල් ගණනාවකට අපනයනය කෙරෙන අතර, එම නිෂ්පාදන සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර් සහ අසර්බයිජානය වැනි බහුතරයක් මුස්ලිම් ජනතාව ජීවත් වන රටවල ද ඉහළ ඉල්ලුමක් පවතින බව පැවසිය යුතු ම කරුණකි.

හලාල් ප්‍රතීතන කවුන්සිලයේ අධ්‍යක්‍ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ආකිෆ් ඒ. වහාබ් මහතා මේ පිළිබඳ ව අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, “ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකය නඟා සිටුවීම සඳහා අප ගන්නා උත්සාහය අගය කරමින් මෙම සුවිශේෂී සම්මානය පිරිනැමීම පිළිබඳ ව අපි නිහතමානී ව සතුටු වෙනවා. තායිලන්තය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය සහ සිංගප්පූරුව වැනි රටවල ක්‍රියාත්මක වන පරිදි හලාල් පිළිබඳ පැහැදිලි රාජ්‍ය ප්‍රතිපත්තියක් ස්ථාපිත කිරීම ඉතා වැදගත්. එමගින් තිරසාර මෙන් ම ලාභදායී ගෝලීය හලාල් වෙළෙඳපොළ තුළ ස්ථාවරත්වයට පත් වෙමින්, සුවිශේෂී ආර්ථික ප්‍රතිලාභ ලබා ගැනීමට ශ්‍රී ලාංකික අපනයනකරුවන්ට හැකි වේවි." යනුවෙනි.



අදහස් (1)

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

බද්රානි Wednesday, 06 March 2024 04:26 PM

පහුගිය කාලේ හලාල් ඇලජික් උන බලු රැළක් උඩු බුරමින් සිටියා නේද..? දැන් ඒ බලු රැල වඳ වෙලා වත්ද..? ඔබ තුමන්ලාට මාගේ ගෞරවනීය ආචාරය!!

:       2       6

ඔබේ අදහස් එවන්න

 

 
 

You may also like

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.
2025 අප්‍රේල් මස 10 83 0

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.


NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි
2025 අප්‍රේල් මස 09 433 0

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා


ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්
2025 අප්‍රේල් මස 04 923 0

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා


Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.
2025 මාර්තු මස 31 642 1

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය


ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්
2025 මාර්තු මස 21 1070 0

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.


ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි
2025 මාර්තු මස 07 823 2

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 83 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 433 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 923 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site